අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Godzilla Minus One (2023) Sinhala Subtitles | ගොඩ්සිලා මයිනස් වන්… [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 37 votes.
Please wait...

Godzilla Minus One (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තමා මේ උපසිරැසයක් රැගෙන එන්නෙ. ඒකත් මේ වසරේ නිකුත් වෙච්ච බ්ලොක්බස්ටර් චිත්‍රපටයක්. පෞද්ගලිකවම ගත්තොත්, මේක තමයි මම මේ වසරේදී නරඹපු දැවැන්තම සිනමා කෘතිය. එහෙනම් අපි දැන් කතාවට පැත්තට හැරෙමුකො.

මේ වෙද්දී හැමෝම දන්නවා ඇතිනේ ගොඩ්සිලා ගැන. ඒ හින්දා මම වැඩිය ඒ ගැන කතා කරන්න යන්නෙ නැහැ. අපි මේ වෙද්දී බලාගෙන යන්නෙ වගේම සාමාන්‍ය මට්ටමක ෆෑන් බේස් එකක් ඉන්නෙ Legendary ආයතන මගින් නිකුත් කරන Monsterverse එකටයි. ඉතින් මේ Franchise එහෙහි මීළඟ චිත්‍රපටය වන Godzilla Vs Kong The New Empire ලබන වර්ෂයේදී අපිට දැකගන්න පුළුවන් වෙනවා. ඉතිං මේ වෙද්දී නිකුත් වෙන Monsterverse හි චිත්‍රපට අද වනවිටත් නරඹපු නැති කෙනෙක් ඉන්නවා නම්, මේ පහළින් සඳහන් කරන චිත්‍රපට කිහිපය බලාගෙන එන්න පුළුවන්.

1.Godzilla (2014)

2.Kong Skull Island (2017)

3.Godzilla King Of Monsters (2019)

4.Godzilla Vs Kong (2021)

5.Monarch Legacy Of Monsters (2023) – TV SHOW

ඉතින් ඔන්න ඔය පිළිවෙලට තමයි මේක යන්නෙ. මීට අමතරව ඔබට Godzilla (1998) දී නිකුත් වෙච්ච චිත්‍රපටය සහ Skull Island කියන ඇනිමේෂන් කතාමාලාව නරඹන්න පුළුවන්. හැබැයි දැනට Legendary සමඟ යන Monsterverse එකට මේවා එතරම් අදාළ වෙන්නෙ නැහැ. ඔන්න ඔහොම තමයි මේක කන්ටිනිව් වෙන්නෙ. 

ඒවගේම තමයි මෙහෙදී වෙනත් පැතිකඩකුත් තියෙනවා. ඒ කියන්නෙ ගොඩ්සිලා කියන චරිතයට සම්පුර්ණ අයිතිය හිමිව තියෙන්නෙ Toho කියන සමාගමට. සරලවම කිව්වොත් මෙය ජපානයට අයිති භාණ්ඩයක්. ඉතින් ඇමෙරිකාව කරන්නෙ විකාශන අයිතිය අරගෙන එයාලට හරියන විදියට ගොඩ්සිලාව නිර්මාණය කරන එක විතරයි. මෙය අනෙකුත් චරිත වලටත් අදාළ වෙනවා. ඉතින් මේ වෙද්දී මං හිතන්නෙ නැහැ ජපානය මගින් නිර්මාණය කරපු මෙම ගොඩ්සිලා චිත්‍රපට බලල ඇති කියලා. එහෙනම් උඩ කළා වගේම ඒ ටිකත් මෙතනින් සඳහන් කරන්නම්.

1.Godzilla (1954)
2.Godzilla Raids Again (1955) 
3.King Kong vs. Godzilla Produced ( 1962)
4.Mothra vs. Godzilla (1964) 
5.Ghidorah, the Three-Headed Monster (1964)
6.Invasion of Astro-Monster (1965)
7.1966 Ebirah, Horror of the Deep (1966)
8.Son of Godzilla (1967)
9.Destroy All Monsters (1968)
10.All Monsters Attack (1969)
11.Godzilla vs. Hedorah (1971)
12.Godzilla vs. Gigan (1972)
13.Godzilla vs. Megalon (1973)
14.Godzilla vs. Mechagodzilla (1974)
15.Terror of Mechagodzilla (1975)
16.The Return of Godzilla (1984)
17.Godzilla vs. Biollante (1989)
18.Godzilla vs. King Ghidorah (1991)
19.Godzilla vs. Mothra (1992)
20.Godzilla vs. Mechagodzilla II (1993)
21.Godzilla vs. SpaceGodzilla (1994)
22.Godzilla vs. Destoroyah(1995)
23.Godzilla 2000: Millennium (1999)
24.Godzilla vs. Megaguirus (2000)
25.Godzilla, Mothra and King Ghidorah: Giant 26.Monsters All-Out Attack (2001)
27.Godzilla Against Mechagodzilla (2002)
28.Godzilla: Tokyo S.O.S. (2003)
29.Godzilla: Final Wars (2004)
30.Always: Sunset on Third Streeet 2 (2007)

31.Shin Godzilla (2016)
32.Godzilla: Planet of the Monsters (2017)
33.Godzilla: City on the Edge of Battle (2018)
34.Godzilla: The Planet Eater (2018)
35.Godzilla Minus One (2023)

ඔන්න ඔය විදියට තමයි ඒ ජපාන චිත්‍රපට ටික එන්නේ. එහෙනම් ඉතින් කැමති කට්ට්යක් ඉන්නවා නම් මේ ටික නරඹන්න පුළුවන්, එහෙම නැති වුණත් කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ මේක බලද්දී හැබැයි. හරි එහෙනම්, අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

වර්ෂ 1945 කමිකසි නියමුවෙක් වන සරලවම කිව්වොත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයෙක් වන ෂිකිෂිමා තමන්ගෙ හිතේ තියෙන මරණ බයට තමන්ගෙ රාජකාරිය පැහැර හැරලා ඕඩො දුපතට පිට වෙලා යනවා. හැබැයි ඔහු ඒ ගිය දවසෙම වගේ ඇති විශාල මීට පෙර දැක නොතිබූ මුහුදු සත්වයෙක් ඇවිත් පහර දෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න ගොඩ්සිලා. ඉතින් මෙහෙදිත් ෂිකිශිමා කිසිවක් නොකර තමන්ගෙ රාජකාරිය පැහැර හරිනවා. ඊට පස්සේ මෙම සිදුවීමෙන් පසුව ඔහුගේ ගම බලා යද්දී තමන්ගෙ කියන සියලුම දේවල් නැති වී හමාරයි. අම්මා තාත්තා ගෙවල් මේ සියළු දෙයක්ම. ඉතිං නැවත අවුරුදු ගණනාවකට පස්සෙ ගොඩ්සිලා නැවත පැමිණෙනවා හැබැයි මේ වෙද්දි ෂිකිශිමාට වගකීමක් තියෙනවා ඒ තමා පවුල මොන දෙයක් හරි කරලා රැකගන්න එක. ඉතිං ඔහුට එය කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? බලලම දැනගන්නකො එහෙනම්, මෙය මාස්ටර්පීස් එකක් වෙනවා නොඅවුමානයි.

 

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD CAM පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

11 thoughts on “Godzilla Minus One (2023) Sinhala Subtitles | ගොඩ්සිලා මයිනස් වන්… [සිංහල උපසිරසි]

  • where i can download film

    Reply
  • me wage cam copy walata sub denna epa bn. 2.3GB patta aparade. baiscope eken chater quality ewata sub danne nathi nisai download kale. dan e quality eka nathi wela baiscope eke

    Reply
    • සබ් එක දීලා තියෙන්නේ කැම් කොපියට කියලා සදහන් කරලා තියෙනවනේ. කැම් කොපි වලට සබ් දීලා තියෙන්නේ හොද කොපි එනකන් ඉවසගෙන ඉන්න බැරි අයට බලන්න. ඉතින් දීලා තියෙන කොපිය මොකක්ද කියලා ඔයාට කියවලා තේරුම් ගන්න බැරිනම් අපිට ඒකට කරන්න දෙයක් නෑ.

      Reply
  • ගොඩක්ම ස්තූතියි රුක්ෂාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • elama.. meka tv series ekata conection ekak nedda,.?

    Reply
  • …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    original ආවොත් අප්ඩේට් එකක් ඕනා…

    Reply
  • thanks bro 🙂

    Reply
  • සබ් එකට තැන්ක්ස….napoleon 2023 එකට සබ් දෙන්නෙ නැද්ද බ්‍රො..original copy ඇවිදින් දැන් ගොඩක් කල්නෙ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *