Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]
[box]
මේ වෙනකොට නම් අයන් මෑන් කියන්නෙ කවුද, කොහොම චරිතයක්ද මොනා කරන කෙනෙක්ද කියලා නොදන්න කෙනෙක් ඉන්න බැහැනෙ. අවුරුදු 11 වගේ කාලයක් මාවල් විශ්වයේ චිත්‍රපට 23 එක්ක ගත කරපු අපි අයන් මෑන් නොදැන ඉන්නෙ කොහොමද නේද. එහෙම වුනත් කට්ටියට මතක් වෙන්නත් එක්ක මම පොඩි විස්තර ටිකක් කියන්නම්.
මාවල් ආයතනය කියන්නෙ 1996 කාලයෙ නැත්තට නැතිවෙලා බංකොලොත්වෙලා ගිය ආයතනයක්. කොහොමහරි මෙයාලා දගලලා දගලලා 2008 දි සෑහෙන උත්සහයකින් පස්සෙ මාවල් සිනාමා විශ්වයක් ගොඩනගන්න හිතාගෙන Iron Man ෆිල්ම් එක රිලීස් කරනවා ලොකු අවධානමක් අරගෙන. ඇත්තටම මේ ෆිල්ම් එක 2008 දි අසාර්ථක උනානම් එහෙම අද වෙනකොට අපිට MCU කියලා දෙයක් ගැන අහන්නවත් නැති වෙනවා. ඇගේ මවිල් කෙලින් වෙන ඉන්ටො එක්කින් පටන්ගෙන ඊලඟට මේ විශ්වයෙ මොකක්ද වෙන්න යන්නෙ කියන කුතුහලය අපිට විදගන්න අවස්ථාවක් නැතිවෙන්න තිබුනා මේක අසාර්ථක වුනානම්. ඒ වගේ ලොකු අවධානමක් අරන් තමයි මාවල් ලොක්කො ටික අයන් මෑන් ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කරන්නෙ.
ඔයාලා දන්නවා මාවල්ලගෙ කඩා වැටීමත් එක්ක මෙයාලගෙ සුපර්හීරෝ චරිත වෙන ආයතන වලට විකිණුවා. X-Men, Fantastic Four ටීම් වල සේරම වගේ චරිත වල අයිතිය Fox ආයතනයටත්, Spider-Man ගෙ අයිතිය Sony ආයතනයටත් තමා තිබුනෙ. ස්පයිඩිව නම් තාමත් අයිති සෝනිලට තමා. ඒ වගේම තමා Iron Man අයිති වෙලා තිබුනෙ New Line Cinema ආයතනයට. ඒ කියන්නෙ මාවල්ලට අයන් මෑන් යොදාගෙන ෆිල්ම් එකක් හදන්න අයිතියක් තිබුනෙ නැහැ. අයන් මෑන්ගෙ අයිතිය මෙයාලට නෙවෙයි මුලින්ම තිබුනෙ, අයන් මෑන් අයිතිය Universal ගෙන් Fox ටත් එතනින් පස්සෙ තමා New Line Cinema ආයතයටත් අයන් මෑන් අයිතිය ලැබෙන්නෙ. මේ චරිත යොදාගෙන චිත්‍රපට හදන්න උවමනාව තිබ්බත් ඒවා හරිගියෙ නැහැ මේ අයිතීන් පිළිබඳ ප්‍රශ්න නිසා. ඒ නිසා මාවල් ආයතය තීරණය කරනවා තමන්ගෙම චිත්‍රපට නිෂ්පාදනය පටන් ගන්න. හැබැයි මේකට සල්ලි තියෙන්න එපැයි නේද. එතනදි තමා ඊලග අවධානම් තීරණය ගන්නෙ. මාවල්ලා Merrill Lynch ආයතනයෙන් ඩොලර් මිලියන 525 ක ණයක් අරගන්නවා, මේ මුදල් යොදවනවා මාවල් විශ්වයෙ ප්‍රධාන චරිත 10 කගෙ අයිතිය නැවත ලබාගන්න. Ant-Man, Black Panther, Doctor Strange, Captain America වගේම Avengers කණ්ඩායමේ අයිතිද ඇතුලුව. ඒ කියන්නෙ මුල ඉදන්ම සුපිරි සැලැස්මක් ඇතුවයි ගේමට බැහැලා තියෙන්නෙ හිතාගන්න පුළුවන්නෙ චරිත ටික දිහා බැලුවාම. මේ ගණුදෙනුවට පස්සෙ මාවල්ලා අයන් මෑන්ගෙ අයිතියත් New Line සමාගමෙන් අරගන්නවා.
ඊට පස්සෙ මෙයාලා තීරණය කරනවා මාවල් ස්ටූඩියෝ එකේ පළවෙනි ෆිල්ම් එක විදිහට Iron Man චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න. ඇත්තටම ලොකු අවධානමක් එක්ක තමයි මේක කරන්නෙ, මොකද දැනටම මෙයාලා ලොකු ණයක් අරන් තියෙන්නෙ. ඒකෙන් ගොඩ එන්න නම් අයන් මෑන් සාර්ථක වෙන්නම ඕන. ඇමරිකානු ඩොලර් මිලියන 140 වගේ විශාල පිරිවැයක් යොදලා නිෂ්පාදනය කරන අයන් මෑන් චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිනියන 585.3 වගේ ඉහල ආදායමක් සමග මාවල් ආයතනයට විශාල විශ්වයක් තනන්නට දොරගුලු විවර කරලා දෙනවා. බංකොලොත් වෙලා හිටපු මාවල් සමාගම අයන් මෑන් චිත්‍රපටයෙන් ගත් පන්නරයත් සමග අදවෙනකොට බිලියන ගානක් වටින ෆ්රැන්චයිස් එකක හිමිකරුවො වෙලා ඉවරයි.
චිත්‍රපටියෙ අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන්නෙ Jon Favreau, ඒ වගේම නිෂ්පාදනය Avi Arad සහා Kevin Feige දෙන්නා අතින් සිද්දවෙනවා, අයන් මෑන් චරිතයට පනපොවන්නෙ Robert Downey Jr. විසින්. රොබට්ගෙ සාර්ථකත්වය පටන් ගන්නෙත් මෙතනින් කිව්වොත් හරියටම හරි. IMDb දර්ශකයෙ 7.9/10 අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ 94% අගකුත් ලබාගන්න මේ වෙනකොට හැකිවෙලා තියනවා. එහෙනම් ඉතිං බලපු ෆිල්ම් එක්කට මේ විස්තර ප්‍රමාණවත් ආයෙ ෆිල්ම් එකේ වෙන දේවල් ගැන කියන්න අවශ්‍යතාවක් නැහැනෙ. එහෙනම් මම යනවා.
“Sometimes you got to run before you can walk”
– Tony Stark
#Hail Marvel!
සටහන – ලහිරු ප්‍රසාද්
[/box]
ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි The Expandables කරේ. ඊට පස්සෙ අපේ විකිය සහෝ තමයි නිතරම මාව උනන්දු කරවල මේ සබ් එකත් ඔයාලට ලැබෙන තත්වෙට ආවෙ. ඒව මේවගෙන් කතාව ගැන කියන්න අමතක වෙනවා තව ටිකෙන්.
IMDb දර්ශකයේ 7.9 රේට් අගයක් හිමෙවී තිබෙන Iorn Man 2008 චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Jon Favreau… අපේ සුපිරි වීරයා ඒ කියන්නේ ටෝනි ස්ට්‍රක් ගැන කියනවනම්, Sherlock Holmes (2009), Sherlock Holmes: A Game of Shadows (2011), Due Date (2010) වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදුන් Robert Downey Jr. ඒ වගේම Terrence Howard කොලොනෙල් ගේ චරිතයෙන්ද Gwyneth Paltrow පෙපර් පොට්ස් ගේ චරිතයෙන්ද Jeff Bridges ඔබඩයි ස්ටේන් ගේ චරිතයෙන්ද දායකත්වය ලබාදෙනවා.
ටෝනි ස්ට්රබක් කියන්නෙ පියාගේ උරුමයෙන් පොහොසත්ව ඉපදුන නාස්තිකාර පුතෙක්. කිසිම වගකීමක් නැති සෙල්ලක් කාරයෙක්, හොවාඩ් ස්ට්රේක් ගේ පුතා. හොවාඩ් ස්ට්‍රක් කියන්නෙ කවුද කියල දන්නවා ඇති Captain America බලපු කට්ටිය. ටෝනි පිස්ස උනාට වැඩ්ඩෙකුගේ පුතෙක්. ඉතින් ඒ හින්දම ටෝනි කියන්නෙත් තාක්ෂණය අතින් සුපිරිම පොරක්. තමන්ගේම ආයතනයේ කෙනෙකුගේ කුමන්ත්‍රණයක් හින්ද ත්‍රස්තවාදීන්ට කොටුවෙනවා. ඉතින් අපේ ටෝනි ඊට පස්සෙ මොකද කරන්නෙ, iorn man කොහොමද හැදෙන්නේ කියල බාගෙනම බලන්න.
තව දේවල් ටිකක් කියනවනම් MARVAL කට්ටියගේ Avengers ගැන මුල්ම ඉඟිය ලැබෙන්නෙ මේ චිත්‍රපටය අවසානයේ. Iorn man 2, Thor, Captain America වගේ Avengers චිත්‍රපටයට සම්බන්ද චිත්‍රපට එකින් එකට සම්බන්ද බව හොඳින් බැලුවොත් පෙනේවි.
අවසානයේ මතක් කරන්න ඕනේ මෙහි 2 වන කොටසටත් ලගදීම සිංහල උපසිරස දෙන බව…
කලින් පලවූ ලිපිය.
ඕන් අද මම ගේන්නෙ ටිකක් පරණ වුනත් මරුම මරු, පට්ට පතුරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැක්සා බයිස්කෝප් එකක්. මේක මගේ ප්‍රියතම චිත්‍රපටි අතර ඉහළින්ම වැජබෙන නිර්මාණයක්.
මේ චිත්‍රපටිය ගැන අටුවා ටීකා, අතීත කතා, අනාගත කතා ඔක්කොම කියන්න ගියොත් මට වෙනම වෙබ් අඩවියක් ආරම්ඹ කරන්න වේවි. 🙂 ඒ නිසා ඉතාමත් ම කුඩා සාරංශයක් දෙන්නම්. කතාව කෙටියෙන් මෙහෙමයි.
ලොව නවීනම යුධ අවි නිපදවන ඉතාමත්ම විශාල සමාගමක් වන Stark Industries හි ප්‍රධාන මොල කාරයා වන්නේ Tony Stark. ඔහුගේ නවතම නිර්මාණය වන Jericho නම් විනාශකාරී මිසයිල පද්ධතිය හඳුන්වා දීමට මොහු ඇෆ්ගනිස්ථානයට යනවා. එහිදී සිදුවන අනපේක්ෂිත සිදුවීමක් නිසා ඉතාමත් සෙල්ලක්කාර ජීවිතයක් ගත කල මේ කෝටිපතියාගේ අරමුණු, අළුත් දිශාවකට හැරෙනවා.
ඒක මොකක්ද කියල බලන්න බාමුකෝ.. මේ කතාව බොහෝ දෙනෙක් නරඹලා ඇති. ඒත් මමනම් මේක ළඟදීත් ආයෙ පාරක් බැලුවා. ඒකට හේතු වුනේ ඊළඟ වසරේ (2010) නිකුත් වීමට නියමිත Iron Man 2 හි පෙරදසුන් නරඹන්න ලැබුන නිසා. චිත්‍රපටිය බලල ඉවර වෙලා ඒක මෙතනින් බලන්න. අනිවාර්යයෙන්ම ආයෙත් චිත්‍රපටිය බලාවි. මම විභාගෙකුත් අත ලඟ තියාගෙනයි මේක ලඟදී බැලුවේ. මාත් එක්ක මූණු පොතෙන් එකතු වෙලා ඉන්න කට්ටියනම් මට මේ දවස් වල වැලදිලා තියෙන උණ ද කින්න ඇති. 😉
Marvel චිත්‍ර කතා පදනම් කරගෙන බිහිවුණ මේ කතාව වගේම, අනෙක් එවන් චිත්‍රපටි වල මම ලොකු රසිකයෙක්. මාවල් චිත්‍රපටි හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. ඒවා ගැනත්, Marvel Universe එක ගැනත් විස්තර කට්ටියට කියමින් මම අනික් බයිස්කෝප් උත් අරන් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය REMASTERED Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 61311 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට සහ ශෂික මනෝජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
බොහොම ස්තුතියි උපසිරසියට ❤️
Thanks sub ekata
නම දාද්දි පොඩියට දාපල්ලකෝ අලි පතට දාන්නෙ උබලා ෆිල්ම් එක හැදුවා වගේනෙ හැසිරෙන්නේ
උපසිරැසි වල 720p එක විතරනේ තියෙන්නේ 1080p එක දෙන්නකෝ
Thanks
Subtitle speed yanawa
Eka player eken hadaganna puluwan habai. Kamathi nam ehema subtitle eke time adjust karagena balanna.
Subtitle kalin play wenawane
subtitle kalin yanava
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️
Thanks for the subtitles. Keep up the good work.
thank you
Thnak You saho
Edge of extinction 2020 mobie eke sub eka dennakoo
පොඩි කාලේ ඉඳන්ම ආසම ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි Remastered කොපිය අප්ඩේට් කළාට. බාගෙන බලන්නම්.
෴෴ජය වේවා…!෴෴
K
බොහොම ස්තුතියි නියම වැඩක්
❤
Sub ekata tnx bro
Thanks..
Thanks ………………good luck ……………..
Thanks bro
Thanks
එලම
Sub eka hondatama karala thiyenawa. Kisima adu paaduwak ne. Keep it up. Good luck
Tnx mcho welldone
Thanks for your valuable service…Thanks for subtitles….වැඩේ හොදටම නියමෙට කරල තියනව…..
patta
tnx dude
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
thanks saho..
Sub eka hondatama karala thiyenawa. Kisima adu paaduwak ne. Keep it up. Good luck
Elama bro
තැන්කුයි වේවා
thnxxxxxx
oyalagen fim ekath download karaganna berida
Ela ela
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
සෙට් එකම මුල ඉඳන් බලන්න යන්නේ…
ඔබට ජය!
thanks bro
thanks bro
supiriyi
maru. thawa Iron Cartoon Show ekatath sab eka denna
maru
thank mata maka kalin balanna bari uana
kohomada saho meka bagatha karaganne mata therenne na. ena site eke register wenda onida? [email protected]
toreent banna dannawada
Thanx bro
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
macho iron man 2 danne kawadda?
ස්තුතියි
මේක බලලා තිබ්බේ එත් sub දීපු නිසා ආයෙම බලනවා. thanks wewa……:)
බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….
Elakiri wadak karanne….digatama karagena yanna…gd lck mchn….
mama balapu hoda super hero film ekak thankz sub walata
දෙවනි එකත් ඉක්මණට ම දෙන්න සහෝ. අපි බලන් ඉන්නවා. ස්තුතියි.
බොහොම ස්තූතියි ශෂික සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකටත් දෙන එක වටිනවා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
උපසිරසි වලට ස්තුතියි.මම බලල තියෙනවා හොද ෆිල්ම් එකක්.කෝකටත් ගමු
thanks
මං මේක බලල නෑ බොලව්.1 & 2 බලන්න හිතාගෙන හිටියට බැරි උනානෙ.පිං හොඳේ ශිකාමා.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
meka mama athiwenakan baluwa…
awesome movie
Thanks…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ela machan.niyami sub ekata.
එල ෆිල්ම් එකක්…. මමත් බලල තියෙනවා…. එත් ආයෙත් සිංහල සබ් එක්කම බලනවා. සබ් වලට ශෂික සහෝට ස්තුති… ජය…. ඉක්මනටම අනිත් ඒවත් සබ් එක්කම අරන් එන්න…. 😀
මේක මම බැලුවා.සබ් වලට ස්තූතියි.සයිට් එකේ ගිය හැම එකටම සිංහල සබ් නැවත දෙනවානම් ඒක හොද දෙයක්.
thnx
මේක 2008 ආපු පට්ටම බයිස්කෝප් එකක් ජයවේවා සහෝ…..
niyamaine thawa thawa
Thank u very much Shashika. Digatama karagena yanna. ijts apith puluwan support 1k denawa sudanam.
patta thxxxxx saho
මම මේක බැලුවා නේ….. මතක හැටියට මේක බයිස්කෝප් එකෙන්ම අරන් තමා බැලුවේ….. ඒත් කෝ මගේ කමෙන්ට් එක හොයා ගන්න නෑ නේ…… 🙁
දැන් ඉතින් ආයෙත් බලන්න හිතෙනවා සිංහල සබ් එක තියෙන නිසා…… 😀
එකත් බැලුවා..දෙකත් බැලුවා.. බොහොම ස්තුතියි..!!
macho mekatath … Taken 2 …… sub dennakooooo …
balapu akak… but thanks…
ජය වේවා සහෝ දෙවන නිර්මාණයට සුභ පැතුම්!!!!
maxxxxa macho sira podrak mama asama films 2 kak 3 th anwalune
පට්ට්ට පට්ටට් තුති 🙂
බලපු මැක්සා කතාවක් ආයේ සබ් එක්කම බලන්න ඕනේ 2 වෙනි එකටත් සබ් දෙන්න ජය
වැඩේ පට්ට දිගටම කරගෙන යමු
එල කිරි හොදේ පට්ට ෆිල්ම් එකක්
Thanks
සුභ පතනවා දිගටම මේ වැඩේ කරගෙන යන්න..
Thanks lot gr8
නියමම ෆිල්ම් එකක් බැලුව ආයේ සබ් එක්කම බලන්න ඕනේ ….
පට්ට ෆිල්ම් එක ජය වේවා
meka tama me loke bihi una hodama film eka
එල එල,
Maxxama film aka aye sub akakama balannabone
Supiri macho…..all the best……
Maxxxa anith akatah subs denna
thanx…
kalin baluwath
dan aye sinhalenma balanna gannawa
thx saho
carry on.. 🙂
ana aiye sub dannako man asama kathvaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
මාර ෆිල්ම් එක. හරිම ගති.
sinhala subtitle ekkada
ම්ලො රහක් නෑ……………………බලපු එකක්
pATTA
AVATAR danne nadda?
meka baluwa.. kamak na. thanks..
EALA EALA……
මම මේකෙ කැමරා කොපියක් බැලුවා ආපු දවස් වලම.. 😉
Thank’s a lot my Friend..
Meka Nam Bewe… Dethun Serayak Ma Beluwa.
Meke Part 2 Enakam Innawa…
එළකිරි film එකක් තමා..!! බලලා නැත්නම් අනිවා බලන්න… maxxxxxaa. ඔකෙ 2 එනකම් මම බලාගෙන ඉන්නෙ…!!
maxxa film wekak…. thanx
නියම ෆිල්ම් එකක් ආ.. මම මේක ආපු කාලේ කොච්චර උනන්දුවෙන් උන්නද කියනවනම් කැමරා කොපියකින්ම බලා ගත්තේ පළවෙනි පාර. ඊලඟට තමයි හොඳ කොපියක් එනකම් ඉඳලා මගේ චිත්‍රපට එකතුවට එකතු කර ගත්තේ. 🙂
බලපු නැති අය බලන්න. 🙂
අද ප්‍රතිචාර හොදටම අඩුයිනේ.. මම හිතුවා කට්ටිය සෑහෙන්න කැමති වේවි කියල. කමක් නැහැ, කට්ටියටම බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට. 🙂
Film Eka Maru. Sub Ekata Thanks. Iron Man Armored Adventures Cartoon Series Ekata Sub Eka Ikmanatama Denawada
maxxama film ekak..hamooma aniwa balanna..
මම නම් ඇති වෙන්න බලලා තියනවා. ආයිත් බලන්න තරම් වේලාවක් නෑ. හැබැයි මේක හොදයි ඉයන්න පුළුවන් කථාවක්.. ඒක නිසා බලපු නැති අය බාගෙනම බලන්න…
🙂 ජය වේව…!!! බයිස්කෝප් සිංහලෙන්…!!! 🙂
මමත් මේක බලලා නෑ. ඒ නිසා බාන්න දැම්මා.
Avatar දාන්නෙ කවද්ද? ඉක්මනටම දාන්න.
මම නම් බලලා නැ අද බලන්න ඔනි ස්තුතියි මිතුර
මම මේක බැලුවා එත් දැන් මේක මන්ගාව නෑ එකනිසා බාන්න
දැම්මා
aiyo mekath baluwo…….
මම නම් මේක බැලුවා අයිත් නම් බලන්නේ නැහැ… මොකද බාපුවා තියෙනවා බලන්න…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴………………………………..Good………………….Luck…………