අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllBox-office HitsComicsDC ComicsFeatured ArticlesGolden Globes සම්මානයට නිර්දේශිතMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Joker (2019) Sinhala Subtitles | කවටයෙකු නොවූ කවටයා! [සිංහල උපසිරැසි සමඟ] *450

Rating: 8.2/10. From 429 votes.
Please wait...

අවවාදයයි! දැඩි ලෙස මනස අවුල් වියවුල් වෙන සුළුයි, නැරඹීමෙන් වළකින්න.

ඉතින් අද දවස මගේ උපසිරසි ජීවිතයේ විශේෂ දවසක්, මන්ද යත් අද මම 450වැනි උපසිරැසිය මගින් තවත් කඩයිමක් පසු කරන නිසා. ඉතින් වෙනදා වගේම මාගේ කඩයිම් පසු වූ ආකාරය සදහන් කළොත්

  • 01වන උපසිරැසිය 2015.04.19
  • 50වන උපසිරැසිය 2015.10.23
  • 100වන උපසිරැසිය 2016.03.10
  • 150වන උපසිරැසිය 2016.09.13
  • 200වන උපසිරැසිය 2017.02.23
  • 250වන උපසිරැසිය 2017.09.11
  • 300වන උපසිරැසිය 2018.04.23
  • 350වන උපසිරැසිය 2018.11.11
  • 400වන උපසිරැසිය 2019.07.10 යන දිනයන්හිදී සනිටුහන් වෙනවා.

ඉතින් හැමදාමත් වගේ මේ මොහොතෙත් බයිස්කෝප් අඩවියෙන් සමස්ත ඇඩ්මින් මඩුල්ල, බයිස්කෝප් උපසිරසිකරුවන් ගෘපයෙන් දැන හදුනාගත් පිරිස මෙන්ම වැඩක් වෙන තැන ගෘපයේ සිටින සියලු දෙනාවම මතක් කර සිටිනවා. නම් වශයෙන් කියන්න ගියොත් ඉතින් වෙනම ලිස්ට් එකක් දාන්න එපැයි. ඒ වගේම මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කරමින් වසරකට පෙර සිටම මා හට මෙය ලබාදීමට කටයුතු කළ අපේ හසන්ත අයියට විශේෂ ස්තුතිය පිරි නමන්න ඕන. ඉතින් ඒ වගේම තමා හැමදාමත් වගේ අපේ වටිනාම සම්පත, ඒ කියන්නෙ ප්‍රේක්‍ෂක බයිස්කෝප් රසික රසිකාවියන්වත් සාදරයෙන් මතක් කර සිටිනවා. මොකද ඔබේ වටිනා අදහසකින් ලද ආත්ම තෘප්තියේ පන්නරය නොවන්නට මෙවන් දිගු ගමනක් කිසිසේත්ම පැමිණෙන්නට නොලැබෙන බව මා දන්නවා.

ඉතින් ඇතැම් අවස්ථාවල විවිධ ගල්මුල් ප්‍රහාර එහෙමත් එල්ල නොවුනාම නොවේ, නමුත් ඒ සෑම අවස්ථාවකම නොසැලී එදා පටන් බයිස්කෝප් අඩවිය සමගින්, සමස්ත උපසිරසිකරුවන් සමගින් සිටිමින් අප සැමට ශක්තියක් වූ ඒ අල්පයක් තරම් වන පිරිසට විශේෂ ස්තුතිය. ඉතින් හැමදාමත් කියනවා වගේ ඔබේ වටිනා අදහස හැරෙන්නට අප හට මෙයින් ලැබෙනා ලාභයක් නොමැත. එහෙනම් මගේ කයිවාරුව මෙතනින් නවත්තගන්නම්. මොකද කියවන්න දිග ලිපියක් තියෙනවා.

ඔබ DC Comic රසිකයෙක්නම් කිසිදු සැකයක් නෑ ඔබ දන්නවා ජෝකර් ගැන. මන්ද එදා මෙදාතුර DC විශ්වයේ මෙන්ම ගෝතම් නගරයේ නයිට්වරයාට සිටින ප්‍රබලතම සතුරා, දුෂ්ඨයා ජෝකර් බවට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් මේ 2019 වර්ෂයේ කොමික් ලොව තුළ පැතිර ගිය JOKER භීතිකාව ගැන විමසන්නට මත්තෙන් ජෝකර් ගැන දැනුවත් වෙමු!

JOKER නම් චරිතය ප්‍රථමයෙන් DC COMIC තුළ නිර්මාණය වන්නෙ වර්ෂ 1940 අප්‍රියෙල් 25 දින Batman #1 කලාපය සමගින්. JOKER චරිතයේ නිර්මාතෘවරුන් වන්නෙ BILL FINGER සහ JERRY ROBINSON යන දෙපළයි.

JOKER යන චරිතය එදා පටන් ජනප්‍රියත්වය අතින් කිසිදු අඩුවක් නොමැතිව කාගෙත් සිත්සතන් තුළ රෝපණය වූ බැට්මෑන්ගේ පරම සතුරා ලෙස හදුන්වන්නට පුළුවන්. JOKER හට ප්‍රභවයන් කීපයක් දක්නට ලැබෙන අතර නිසි අනන්‍යතාවයක් දක්නට ලැබෙන්නෙත් නෑ. පළමු කලාපය තුළ JOKER යනු JACK NAPIER යන නාමයෙන් හදුන්වා තිබෙනවා. එසේම JOKERගෙ වෙනත් අනන්‍යතාවයන් ලෙස Red Hood One, Eric Border, Gelos, The Pale Man, Clown Prince of Crime, Detective Joker, Laughing Man හදුන්වන්නට පුළුවන්. අපරාධ පිළිබද සුපිරි මොළයක්, එමෙන්ම JOKER VENOM හෙවත් සතුටු ගෑස් එක මෙන්ම දරාගැනීමේ ශක්තිය, ගැජට් නිපදවීමේ හැකියාව ආත්මාරක්‍ෂක සටන් කලාවන් ප්‍රගුණ කළ අයෙක් ලෙස JOKER සැලකෙනවා.

කෙසේ වෙතත් JOKER චරිතය සදහා දක්නට ඇති ORIGIN STORY පිළිබදව පවසනවානම්,

“THE MAN BEHIND THE RED HOOD,” BATMAN VOL. 1 #168 (1951)

JOKER පළමු එළිදැක්වීමෙන් වසර 11කට පසුව බැට්මැන් විසින් කලකට පෙර මුණගැසුණු RED HOOD නම් අපරාධකාරයෙක් ගැන අපරාධ විද්‍යා පන්තියක සදහන් කරලා තියෙනවා. නමුත් ඔහුව ACE CHEMICAL වැටලීමකදි අතුරුදන්ව ඇති බව පවසා තිබෙනවා. එයින් පැහැදිලි වී තිබෙනවා JOKER සැබවින්ම කවුරුන්ද යන්න, ඒ ඔහු විසින්ම ඒ බව පැවසීමෙන්:

ඔහු විද්‍යාගාර සේවකයෙක්, ඒ ඔහු ඩොලර් 1,000,000ක් සොරකම් කර විශ්‍රාම යාමට තීරණය කරන තෙක් දිනක් ඔහු මුදල් සොරකම් කරගෙන රසායනික අපද්‍රවය ටැංකියකට බැහැලා ඔක්සිජන් බටයක ආධාරයෙන් බේරී ගොස් තිබෙනවා. නමුත් එහි බලපෑම නිසා ඔහුගේ හම සුදුමැලි වී, කොණ්ඩය කොළ පැහැ ගැන්වී තොල් රතු පැහැ ගැන්වී තිබෙනවා.

BATMAN: THE KILLING JOKE (1988)

මෙහි සදහන් වන්නෙ joker ප්‍රහසන ශිල්පියෙක් වීම සදහා ACE CHEMICALහි සේවය කරමින් සිට එයින් ඉවත්ව ගිය පුද්ගලයෙකු බවයි. මෙහි සදහන් වෙන ආකාරයට ජෝකර් සොරකමක් කිරීමට කණ්ඩායමකට උදව් කර ඇති එහිදී ඔහු බැට්මෑන්ගේ බේරීම සදහා අසල ඇති ජලාශයකට පැන තිබෙනවා, නමුත් එම ජලාශයට මිශ්‍රව තිබු රසායනික අමුද්‍රව්‍ය හේතුවෙන් ඔහුව විකටයෙකුගේ ස්වරූපයට වෙනස්ව තිබෙනවා. එසේම ඒ හා සමගම ඔහුට ඔහුගේ පරණ ජීවිතය අමතක වී ගිහින්.

“LOVERS AND MADMEN,” BATMAN CONFIDENTIAL #7-12 (2007-2008)

මේ කතාවට අනුව ජැක් කියලා බර්ලන්ටි අපරාධ පවුලට වැඩ කළ, ඒ කියන්නෙ හොර මැරකම් කළ හාදයෙක් ඉදලා තියෙනවා. ඉතින් වෙනදා වයේම බැට්මෑන්ගේ මැදිහත් වීමක් නිසා මේ පුද්ගලයාව රසායනික ද්‍රව්‍යවලට අහුවෙලා තියෙනවා. හැබැයි ඒක වෙන්නෙ බැට්මෑන්ගේ අතින්නම් නෙවෙයි ඔහු වැඩ කළ මැර කල්ලියේ අතින් කියලයි සදහන් වෙලා තියෙන්නෙ. ඊට පස්සේ තමයි අදාළ පුද්ගලයා JOKER බවට පරිවර්තනය වෙන්නෙ.

ඉතින් මෙන්න මේ ආකාරයට JOKER චරිතයට විවිධාකාර වූ origin story මෙන්ම වෙනස් වෙනස් ආකාරයේ චරිත ස්වභාවයන් දකින්නට ලැබෙනවා. ඒ බව එදා මෙදාතුර බිහි වූ බැට්මෑන් සිනමාපටවල සිටි ජෝකර් චරිත තුළින් මනාවට දැකගන්න පුළුවන්.

2019 වර්ෂයේ JOKER සදහාම වෙන් වූ සිනමාපටයක් නිපදවෙන්නෙ TODD PHILLIPSගේ අධ්‍යක්‍ෂණයෙන්. ටොඩ් පිලිප්ස් කියන්නෙ THE HANGOVERWAR DOGS, A STAR IS BORN චිත්‍රපටවලින් ඔබ කවුරුත් දන්නා කියනා අධ්‍යක්ෂකවරයෙක්. IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයකුත්, කුණු තක්කාලි දර්ශකයේ 69%ක අගයකුත් ලබාගැනීමට සමත් වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, එනම් JOKERගෙ චරිතයට පණ පොවෙන්නෙ Joaquin Phoenix රංගධරයා විසින්. ඔහු මීට පෙර සිනමාපට රැසක රගපා ඇති මුත් මෙය ඔහුගේ ජිවිතයේ අග්‍රගන්‍ය සන්ධිස්ථානයක් වනවාට කිසිදු සැකයක් නෑ. එසේම චරිතය රගදැක්විම අතින් ඔහු JOKER චරිතයට උපරිම සාධාරණයක් කර ඇති බව නොරහසක්.

ඉතින් මේ වන විට JOKER සිනමාපටය ආදායම් අතින් අති සාර්ථකත්වයට පත්ව තිබෙන්නේ  ඩොලර් මිලියන  $984,691,507 ලබාගනිමින්. ඉතින් බිලියනය පසු කර යාමට තව පොඩි ගාණයි. එසේම 2019 වර්ෂයේ වැඩිම ආදායම් ලද සිනමාපට අතර 7වැන්න බවට පත්වෙමින්ද එතෙක් මෙතෙක් බිහි වූ R-rated සිනමාපට අතර පළමු ස්ථානයට පත් වන්නටද හැකියාව ලැබී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වයනම් ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය වූ JOKER සිනමාපටය එනම් $ මිලියන 62.5ක් වැනි අඩු මුදලකින් නිපදවුණු මෙම සිනමාපටය වැඩිම ලාභයක් ලද COMIC සිනමාපටය බවටද පත් වෙනවා.

JOKER සිනමාපටය නිකුත් වීමට පෙර සිටම විවිධ සම්මාන උදෙසා පවා නිර්දේශ වීමට සමත් වෙනවා. VANICE සිනමා උළෙලේදි හොදම චිත්‍රපටය උදෙසා GOLDEN LION සම්මානය දිනාගන්නට සමත් වෙනවා. ඊට අමතරව තවත් සම්මාන රැසකට නිර්දේශ වී හමාරයි.

එසේම JOKER සිනමාපටය තිරගත වීමේදී විවිධ ගැටළු මතු වී තිබෙනවා. මන්ද යත් ජෝකර් චිත්‍රපටිය තුළින් වැපිරූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන්. ඒවානම්

  • සිනමාපටය විකාශය වීමේදී සිනමාශාලා අසළට වෙනම පොලිස් ආරක්‍ෂාව යෙදවීම
  • සිනමාපටය නැරඹීමට පැමිණෙන අයගේ තත්වය ගැන අවධානය සදහා රහස් පොලිස් නිළධාරින් සිනමා ශාලා අභ්‍යන්තරයේ යෙදවීම
  • එසේම කුඩා ළමුන්ට නැරඹීමට වාරණ පැනවීම
  • The Dark Knight සිනමාපටය අතරතුර AURORA සිනමාශාලාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය අයගේ ඥාතින් විසින් JOKER සිනමාපටයට විරෝධය දැක්වීම
  • ඒ හේතුවෙන් AURORA සිනමාශාලාවේ JOKER තිරගත නොකිරීම

වැනි විවිධ කරුණු කාරනා මතුව තිබෙනවා.

අපේ කතාවේ ප්‍රධාන චරිතය ඒ කියන්නෙ ජෝකර් එහෙමත් නැත්නම් ආතර් ෆ්ලෙක් කියන්නෙ සමාජයේ කොන් වීමට ලක් වෙච්ච ඒ නිසාම මානසික රෝගයකට පවා ගොදුරු වෙච්ච අසරණයෙක්. යන යන තැන තැලෙන යකඩයක් මෙන් දුක් විදින්නට, අනෙකාගේ විහිළුවට සමච්චලයට ලක් වෙන්නට ආතර්ට සිද්ධ වෙනවා. ඉතින් තැලෙන යකඩෙ මුවහත් වෙන්නාක් මෙන් ඒ නිසාම ඔහුගෙ සිතෙහි තිබු ඒ ක්‍රෝධය පිට වෙන්නෙ තමන්ට සමච්චල් කළ තරුණයින් තිදෙනෙකු ඝාතනය කර දැමීමෙන්. ඉතින් මේ සිද්ධිය ආතර්ගෙ ජීවිතයේ විතරක් නෙවෙයි සමස්ත ගෝතම් නගරයෙ විශාල පෙරළියක් ඇති කරන්නට සමත් වෙනවා. ඉතින් ආතර්ගෙ මේ කතාව ඇතුලෙ අපිට කුඩා බෘෘස්වත් දැකගන්නට ලැබෙනවා. ඉතින් සමාජ අසාධාරණයන්ට ලක්වන පුද්ගලයෙකු ලෙස විටෙක ආතර් ගැන අනුකම්පාවත් විටෙක භීතියත් මනාව ඉස්මතු කරන්නට සමත් වෙනවා. එහෙමනම් බලමු ජෝකර් නිර්මාණය වූ ආකාරය ගැන දිවෙන තවත් එක් කතාවක්.

එහෙනම් පැය දෙකකට ආසන්න කාලයක් දිවෙන ගෝතම් නගරයෙ පෙරළියක් සනිටුහන් කළ ඒ විකටයාගෙ කතාව නරඹන්නයැයි සැමට ආරාධනා කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

ප.ලිමෙහි භාෂා භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි කරුණු හේතුවෙන් වයස් කාණ්ඩය 15න් ඉහළ අයට පමණක් නැරඹීමට නිර්දේශිත වී ඇත.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC-HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 80418 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

273 thoughts on “Joker (2019) Sinhala Subtitles | කවටයෙකු නොවූ කවටයා! [සිංහල උපසිරැසි සමඟ] *450

  • tharusha abishek

    mata 17i .aulak nane bro.gamene.kollone.sub ekatai,film ekatai dekatama biscopedownload.com ekatai biscopelk.com ekati thanks hode.

    Reply
  • Mage vayasa 17i. Aulak nane

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ✌️✌️

    Reply
  • Ravinatha

    Thank you very much!

    Reply
  • Thanks bro for sub..good job..keep it up..

    Reply
  • Bharatha101

    maru aiye sub eka all the best

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    බයිස්කෝප් අඩවියට ගොඩ වදින අය වගේම සහෝදර උපසිරසිකරුන් හැමෝම වගේ නම කිව්ව ගමන් දන්න පොරක් තමා නිලුපුල් කියන්නෙ. වෙබ් අඩවිය වෙනුවෙන් සෑහෙන්න කැපවීමක් කරමින් ගුණාත්මකව උපසිරසි ලබාදෙන බයිස්කෝප් අඩවිය සතු සම්පතක් කිව්වොත් වැරැද්දක් නැහැ ඕන්..
    එහෙනම් 450* ට උණුසුම් සුබපැතුම් එක්කරනවා මචන්, කමෙන්ටුවක් දන්න ටිකක් නෙවෙයි ගොඩක්ම පමාවුණා. සමාවෙන්නොන ඒකට. ඉතින් කරන කියන හැම වැඩක්ම සාර්ථකව කරගන්න අතරතුරේ ඉක්මනින්ම 500ත් ගහන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා…!!

    Reply
  • Kohomada download karanne

    Reply
  • Pathum Winchester

    Download Count එක 50000 පනින්න ලඟයි

    Reply
  • ස්තුතියි..අයියෙ කිසිම ලාබයක් බලාපොරොත්තු නොවි කට්ටියම කරන සේවයට බොහොම පින්.

    Reply
  • -චානක ඉඳුනිල්-

    congrats for the 450th subtitle,
    best wishes for the future…!

    Reply
  • Iresha Perera

    Thank You Keep it up and Good luck for your 450 subtitle

    Reply
  • Thanks brooo sub ekata………….

    Reply
  • mahesh27502

    patta sahoo thzzz…

    Reply
  • Supun Preemal

    උණුසුම් සුභ පැතුම් .. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • shanuka prabath

    good luck bro! thanks of sub

    Reply
    • shanuka prabath

      sorry thanks for sub!

      Reply
  • Madhawa_Rajapaksha

    450 weni sub ekata suba pathum. Great work. Please continue.

    A dawas wala tv eke giyapu hercules legendary journey tv series ekata sub denna puluwannam godak watinawa.

    Thanks.

    Reply
  • 450 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්.ඒ වගේම සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    Reply
  • සුපිරි movie එකක් තමයි .thank you.subtitles සුපිරියටම කරල තියනවා

    Reply
  • Film eka ganna link ekak denna brothers

    Reply
  • කලින් සුබ පැතුවා කියලා හිතන් හිටියේ. බලද්දි නෑ කියාම්⁣කෝ.
    මූ කඩඉම් පාස් කරන විදිහට කොහෙ මතක තියා ගන්නද? 😛
    එහෙනම් මේ කඩඉමටත් සීතල සුබ පැතුම් කිව්වා…
    පෞද්ගලික ජීවිතෙත් යහපත් කටයුතු සාර්ථක වේවා!
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

    Reply
  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Malaka prasad

    Thanq brother sub ekata. Suba pathum machn…❤

    Reply
  • ස්තුතියි සහෝ!

    Reply
    • dasun_madusahn

      Film eke link ekak nadda torant eken ganna puluwan.tiyenwanm ewann

      Reply
  • Gimhan123456

    baiscope site eke pavethma sandaha nan ayurin sahaya dakvu ha dakvana siyalau denata mage hada piri pranamaya puda kara sitimai apata sub dena siyaluma sahodara sahodariyanta ithamathma sthuthi mama kavadahari davasaka hollywood film director kenek venava mage ee hhenayata maga peedenne oyala karana me sevaya nissa mamath al exam eka ivara vela sub danava baiscope ekata sada jaya

    Reply
  • 450 වෙනි උපසිරැසි ගැන්වීමට සුබපැතුම් අයියා
    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

    Reply
  • Kasunabayasekara

    450 ta suba pethum

    Reply
  • Kasunabayasekara

    Thanks bro…

    Reply
  • Machanla mata films download karana widiya kiyapallako kauruhari phone ekata ganna one

    Reply
    • Kasunabayasekara

      Bittorrent app eka daganna. Ita passe yts.ag web site ekata gihin torrent file eka download karala eka bittorent app eken open karala download karaganna⁶

      Reply
  • Imeshsandamal

    Thanks saho❤️

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • KavinduChamith

    Thanks brother

    Reply
  • Sajithlakshan

    thanks …………………

    Reply
  • Saranga J. Liyanagama

    ගොඩක් ස්තූතියි වගේම සුභපැතුම් 450වන උපසිරසියට…
    ජය..

    Reply
  • chinthaka_priyadrshana

    Thank u bro. Jayen Jayama wewa

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    450 weni sub ekata suba pathum, bro. Onna idala idala ada tamaa down kalee. Hugak aya kiyana widihatanam patta film ekak. Balalama danagamu. Bohoma sthuuthiy sub ekata. Keep it up, bro!

    Reply
  • sasindunipun

    2019 Balapu Hodama Movie Eka….Thanks Guys

    Reply
  • meke aulak nane ai balana epa kianne sahoooo…..

    Reply
  • RavindraRishantha

    ඔබේ උත්සාහය අගය කරමින් බා ගන්නවා ස්තුතියි

    Reply
    • Thanks mcn.good doctor 1ta sub puluwanm denkoo

      Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • tnx sahoo sabata goodluck

    Reply
  • Dasun Hasantha

    elm sahoo thnx bs!!!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho

    Reply
  • Thnks mchn Aphu blnw br eka

    Reply
  • McMillanStyles

    ස්තුතියි

    Reply
  • thank you bro sub eka update karata

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි…

    Reply
  • chanuka_rox

    Thanks me joker movies eke subtitles eka denavata

    Reply
  • hathwalame dalooo .ane machan thanx bro.meka danakam balagenama hitiye 🙂

    Reply
  • bohoma sthuthi sahoo degatama karagena yamu jaya …

    Reply
  • Lasa_Sadaru

    Thanks brother….

    Reply
  • lasitha_sampath

    thanks you bro.. sub ekata blu-ray walata sub enkammai hitiye blnna.

    Reply
  • Pathum Winchester

    Bluray එනකම් පිස්සුවෙන් වගෙ හිටියේ. Thanks sub එකට ආහ්හ්❤

    Reply
  • Ranula Kariyawasam

    Bluray Update Eka Dannako

    Reply
  • Vihanga Piyumal

    බොහොම ස්තූතියි සිංහල උපසිරසියට!
    ජය වේවා සහෝ

    Reply
  • isuruklemant

    Bluray awilla.Update karanna

    Reply
  • උපැසිරැසියට ස්තුතියි෴෴

    Reply
  • darshana56

    Niymai film eka
    Thanks,,,,

    Reply
  • Web එකට update කරන්ඩෝ

    Reply
  • තත්පර 6.5ක් resync කලාට පස්සෙ Webrip copy එකටත් හරියටම set වුනා සබ් එක. දැන් මේ Webrip එක බලන ගමන් තමයි comment එක දාන්නෙ.සබ් එක සුපිරියටම කරල තියෙනවා ආයෙ කියන්න දෙයක් නෑ. බොහොම ස්තූතියි සහෝ

    Reply
    • bandihettige

      khmd ehema resync krnne pls kiyala dennako?

      Reply
      • Vihanga Piyumal

        ඔයා KM player නම් භාවිත කරන්නේ යතුරු පුවරුවේ “[” සහ “]” යතුරු මගින් Subtitle එක Resync කරන්න පුළුවන්.
        VLC Player නම් “G” සහ “H” යන යතුරු භාවිත කරලා Subtitle එක Resync කරගන්න.

        Reply
  • SD Rashminda

    ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එකෙන් ජෝකර් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?? උදව් කරන්න පුලුවන්ද

    Reply
  • tanuka jayawardana

    marval kakki babalata dc villene kenek ekkawath happenna da mahaththayo jayawewa joker

    Reply
  • Tharun_Umesh

    The irishman(2019)
    movie eke sub eka dennako

    Reply
  • RuwanLakshan93

    450 වෙනි උපසිරසට සුභපැතුම්, බොහෝම ස්තූතියි ජයවේවා…..!

    Reply
  • ප්‍රමාදයට සමාවෙන්න ඉල්ලන ගමන්ම මාත් ඔන්න සුබපතන්න එකතු වෙනවා. 450 ට හෘද්‍යාංගම සුබ පැතුම් එක් කරන ගමන්ම හැකි ඉක්මනින්ම ඊලඟ කඩඉමත් පහුකරන්න ලැබේවායි පතනවා මධුකප්‍රිය සහෝ. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • santhusha319

    thanks sahooo……. 450 ta subapathum!!!!!

    Reply
  • MudithaDissanayaka

    THANKS BROOO

    Reply
  • Thankz very much ayye sub ekata….Meka enkn hugk kal idn bln hitiye…Api DC Comic tama….

    Reply
  • Thankz very much ayye sub ekata….Meka enkn hugk kal idn bln hitiye…Api DC pisso tama….

    Reply
  • demons king

    Thanks brothers for this service because we all can not anu language this subtitle is very useful for watching films or any other one

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • pinsara chandika

    tnx bro….

    Reply
  • kalana sb 4587

    thanks for the sub.

    Reply
  • hdcreation

    පිං සිද්ධ වේවා……

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • chanaka_priyakelum

    Ft ela ජයවේවා bro

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt. Meka enkn bln hitiye

    Reply
  • lahirudilran

    Congratulations Bro !

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .මධුකප්‍රිය සහෝ

    Reply
  • manulchandul

    Thanks sabata………………………
    450 sub ektga jayawewa!!!!!!!!!!!

    Reply
  • Abeesha123

    torrent link ekath danna barida download karanna

    Reply
  • dhanuteshi

    tnx bro..keep it up.

    Reply
  • Lakshitha DAyarathna

    එලම බැජී9

    Reply
  • ස්තූතියි සහෝදරයා

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • gihandissanayake

    torrent link eka nadda ka lagawath. plzzzz

    Reply
  • උපසිරැසියට බොහේම ස්තුතියි සහෝදරයා…..

    ජයවේවා !!!!!

    Reply
  • Well done bro.. keep it up..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    450 වැනි උපසිරසියට සුභ පැතුම්

    Reply
  • sanjaya6029

    good luck bro…..

    Reply
  • ලහිරු ප්‍රසාද්

    450 වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා නිලෝ.
    සයිට් එකේ දෙවනියට වැඩිම උපසිරැසි ගානක් කරපු කෙනා මයෙ හිතේ, ඒ වගේම සීරීස් තොගයක්ම ඇදන් ආව පොරක්නෙ. උබේ නම් ෆිල්ම් වලට වඩා සීරිස් තමා මං බලලා තියෙන්නෙ, එහෙනම් ඉතිං
    ඉස්සරහට තව තවත් උපසිරැසි කරන්න අවශ්‍ය කාල වෙලාව වැඩි වැඩියෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
    ජය!

    Reply
  • ranga11112

    maduka 450 ta subapathum… digatama sub denna..bs

    Reply
  • Rasitha Pradeep

    450 වැනි කඩඉමට හදවතින්ම සුබපැතුම් සහෝ….
    450ක් කියන්නෙ ඉතිං ලේසිපහසු දෙයක් නෙමෙයි….
    500 වෙනි කඩඉමත් ඉක්මණින්ම පහුකරන්න ශක්තිය, කාලවේලව වැඩි වැඩියෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා….

    Reply
  • pattama thanks kolanneeeeeee.umbala nisa film ekak therenna balanawa

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට…
    ජය වේවා.!

    Reply
  • Thanks & Congratz Bro…

    Reply
  • Pramukmili

    Thanxx & congratulations bro……………

    Reply
  • Kaviru madushan

    450 සබ් එකට සුභ පතනවා සහෝ…දිගටම කරගෙන යමු…

    Reply
  • Mahesh Rajapaksha

    Thanks…..

    Reply
  • meke film eka downlord kargnn thenak nedda

    Reply
  • 450 Suba Pathum, Sub Ekta Thnq! <3

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි .

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • thanks bro keep it…………………………….

    Reply
  • kasunranasinghe

    thank u so much brother

    Reply
  • බොහෝම ස්තූතියි!!!!
    ඔබට ජයෙන් ජයම වේවා….
    “I just hope my death makes more cents than my life.”

    Reply
  • GAmE KoLLA

    බොහෝම ඉස්තූතියි බන්,
    බලන් ඉදපු පිලුමකට අමාරුවෙන් උපසිරසිය අරගෙන ආවට.
    මධූකර් පෙරේරා ඔබේ හාරසීය පනස්වෙනි වෙනි උපසිරසියට මගෙන් උණුසුම් සුභ පැතුම්.!!!

    Reply
  • GAmE KoLLA

    බොහෝම ඉස්තූතියි බන්,
    බලන් ඉදපු පිලුමකට අමාරුවෙන් උපසිරසිය අරගෙන ආවට.
    මධූකර් පෙරේරා ඔබේ හාරසීය වෙනි උපසිරසියට මගෙන් උණුසුම් සුභ පැතුම්.!!!

    Reply
  • Elm filumak. Niyamai thanks

    Reply
  • vajira surendra

    එනකන්ම හිටියේ .. thank bro.. bluray එනකන් ඉන්න බැරියෝ.. මේක බලනවා..

    Reply
  • suba pathum bro
    thnx sub ekata

    Reply
  • Rivindu dilochana

    450 ta unusum subapathum.sub ekata thanks

    Reply
  • Rumesh dhanushka

    Thanks brother ️

    Reply
  • damith_janaranjana

    Congratulations bro

    Reply
  • සහන් කෞෂල්‍යය

    Thanks bro

    Reply
  • All the best maduka Bro..see u soon on 500 sub………..

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    450 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    බයිස්කෝප් එකේ ඉන්න සුපිරිම සබ් කරන කෙනෙක්…
    දිගටම සබ් ගේමු..
    500ත් ගහමු ඉක්මනටම….
    ෆිල්ම් එකත් සුපිරියක්…Bluray ආවහමම බලනව ඉවසන් ඉදල….

    Reply
  • praneeth01

    Best wishes for your 450 Sub. Keep it up.

    Reply
  • සනිඳු ලක්ඛිත

    450 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ…සෑහෙන්න දිග ගමනක්. ඒ වගේම මගේ නම් ආසම උපසිරසකරුවෙක්. මොකද කිව්වොත් උපසිරසයක කවදාවත් අඩුපාඩුවක් දැකලා නෑ.ඒ වගේම කලට වෙලාවට් උපසිරස දෙන්නත් දක්ශයෙක්. එකම ඉල්ලීම තමා මෙතැනින් නොනැවතී ඉදිරියටත් උපසිරස කරන්න කියන එකයි. ඒ වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…ෆිල්ම් එක ගැනනම් කතා කරන්නේ නෑ සහෝ. මේක බලලා දවස් දෙකක් විතර තෝන්දු මාන්දු වෙලා හිටියේ. යාලුවෝ,ගෙදර අය එක්ක එහෙම කතා බහ කරලා තමා ආයේ යතාතත්වෙට ආවේ. BR එකක් ආවාම සබ් එකත් එක්ක ආයේ එක පාරක් බලනවා..
    ජය වේවා..බුදුසරණයි..!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    සුභ පැතුම් සහෝදරයා
    ගුණාත්මක උපසිරැසි ලබාදෙන තවත් වැඩ්ඩෙක් තමයි
    මමත් සබ් කරද්දි ගොඩක් දේවල් ඔයාගේ උපසිරැසි බලලා ඉගෙනගන්නවා
    450* වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා !!!
    උපසිරැසියට ගොඩක් ස්තූතියි, ජයවේවා !!!!

    Reply
  • දහරා මුතු අමා

    450ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
    ඒ වගේම දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.

    Reply
  • Gathsara Umesh

    450ට හදවතින්ම සුබපැතුම් අයියේ..500ත් ඔය විදිහටම කරමු අයියේ..
    උපසිරැසියට..බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

    Reply
  • pitcher bro

    නියමයි බ්‍රෝ එල.සබ් එකත් පට්ට

    Reply
  • joker ෆිල්ම් එකේ හොද කොපි එකක් තියෙනව ද ඩවුන්ලොඩ් කර ගන්න?
    450 කඩඉම වේනුවේන් සුබ පැතුම්!!

    Reply
  • Madushanka

    Thanks bro. BR enakam idalama balanawa

    Reply
  • Udara Damith Dissanayaka

    maath pissek wath weyida danne nee

    Reply
  • සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ.. ඉදිරියටත් සබ දාන්න කියලා සුබපතනවා.. එනකල් බලාන් හිටියේ මේක… ජයි හෝ බයිස්කෝප්

    Reply
  • geeganagamage

    450 සුබ පැතුම් මේක එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

    Reply
  • YasasPerera

    thank you bro.. me wage supiri film ekak oya wage sub karana eke wagema comic katha gena hodata danna kenek karapu eka godak watinawa

    Reply
  • Ra randika

    thanks bro…wish you all the best
    rambo 05 film ekatath sub dennako..gdk aya balan innawa sub enkm..thnaks again…

    Reply
  • amilagihan12

    congrats.. thanks machan

    Reply
  • තැන්කු සබ් එකට

    Reply
  • bgayanfernando

    niyamai bro… danma Br eka ena ekak na neda

    Reply
  • Shehan putha

    සුභ පැතුම් සහෝ 450* ….500ත් කරමු ඉක්මනින් ම.
    ජය වෙිවා !

    Reply
  • darshana100

    unusum suba patum sahodaraya budusaranai jaya wewa

    Reply
  • 50 වෙනි සිංහල උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභ පැතුම් සහෝ!
    දිගටම සිංහල උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

    Reply
    • nalin83dhanus

      මගෙන් 450 වන උපසිරැසියට සුබ පැතුම්

      Reply
  • dsdkavishka

    Congratulations bro , thenks for the sub

    Reply
    • 450 වැනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් සහෝ..! ඉදිරියටත් වැඩි වැඩියෙන් උපසිරැසි ලබාදෙන්න ශක්තිය ධෙර්‍යය ලැබේවා.

      Reply
  • Sudeepapwijesekara

    450 වෙනි උපසිරැසියට සුභ පැතුම්❤❤❤

    Reply
  • janinduj44

    මේක එනකන් බලන් හිටියෙ මම.thanx sub ekataia film ekatai dekatama

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම 450 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!

    Reply
  • Kantha_DLA

    450 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • gihan perera

      ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ 450ට උණුසුම් සුභ පැතුම් සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

      Reply
  • Anjana ariyasingha

    ammo enakan balan hitye………………… thanks for sub

    Reply
  • Pasindu16022

    Thanks aiye. Congratz……..

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    මුලින්ම 450* උපසිරසියට උණුසුම් සුභ පැතුම් අයියේ…400 ගහලා මාස තුනක් යන්න කලින් 450ත් ගැහුවා එහෙනම්. කියන්න දෙයක් නෑ සයිට් එකේ ඉන්න වේගවත්ම උපසිරසි කරුවන් අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි. අනික ටීවී සීර්සී විශාල ප්‍රමානයකට දායකත්වය සපයල තියෙනවා. සයිට් එකේ දෙවැනියට වැඩිම උපසිරැසි හිමිකරු වශයෙන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අයියගේ සබ් වල ගුණාත්මක බව ගැන කියන්න දෙයක් නෑ ඉතින්, එහෙනම් ඔය ගැම්මටම 500ත් ගහලා දාමු. ජෝකර් එනකල් බලාන හිටපු ෆිල්ම් එකක්, සබ් එකට බොහොම ස්තූතියි අයියේ. එහෙනම් ඉදිරි සියළු කටයුතු සර්වප්‍රාකාරෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ජය වේවා…!!!

    Reply
  • arawindasunimal

    ස්තුතියි උපසිරසියට (මධුකප්‍රිය පෙරේරා) 450 වෙනි උපසිරසියට සුභ පතනවා – ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

    Reply
  • Ayesh Prashan

    Thank You blu-ray ekakma balano subha pathum

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    450 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

    Reply
  • උණුසුම් සුභපැතුම් මධුකප්‍රිය අයියේ. 450 කඩයිමට.අපහාස චෝදනා මැද මඩේම හැදිලා මඩේම උඩට ඇවිල්ලා මඩේ නොගැවී තියෙන නෙලුම් මලක් වගේ මේ ආපු ගමන 1000 කඩයිමෙන්වත් නවත්තන්න එපා කියලායි. මහේ අදහස.ඉස්සරහට ත් නේ වගේ ගුණාත්ව සබ් ගේන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජය..

    Reply
  • Praneeth priyadarshana

    Tks bokka congrtzzz

    Reply
  • බොහොම ස්තූතියි අයියේ..
    ඒ වගේම කඩයිමටත් සුභ පතනවා..
    450 ගැහුවෙ සුපිරිම ෆිලුමකින්..
    පෞද්ගලිකව කියනවනම් බයිස්කෝප් එකේ ගුණාත්මක අතින් ඉහළම සබ් හදන්නෙ ඔයා අයියෙ..
    Anyway ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම් , සීරීස් වලට උපසිරැසි ගේන්න..
    ජයවේවා..! තෙරුවන් සරණයි..

    Reply
  • සුබපැතුම් මධුකප්‍රිය අයියේ…බයිස්කෝප් එකේ ලෙජනඩ් එකක් කිව්වොත් මම හරි…කතා මාලා ෆිල්ම්ස් ඩිජිටල් පට ආපු ගමන් හෝ ඊටපස්සේ දවසේ හරි අනිවාර්යයෙන්ම දෙන බව දන්නවා…ආරංචිය ලැබුණා අයියා සබ් එක කරන්නේ කියල..ෆිල්ම් එක බාලා හිටියේ සබයි ලිපියයි එනකම් හිටියේ…එල දෙකම හොදට තියෙනවා…සුබ පැතුම් 450*ට 500ත් ගහමු ඔහොම්ම.

    Reply
  • සුභ පැතුම් මිත්‍රයා…
    වැඩ්ඩෙක් තමා ඉතින්.
    ඒ වගේම එලම කොල්ලෙක්..
    දශකයේ බිහිවූ සුපිරිම චිත්‍රපටය එක්කලයි ඇවිල්ල තියෙන්නෙ.
    ඊලඟ කඩයිමෙන් හමුවෙමු.
    ආදරෙයි.. ජයෙන් ජය!!✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *