කොහොමද යාළුවනේ..කතකලි බැලුවද? මේ දවස්වල එක දිගට ෆිලුම් නිකුත් කරනවා. ඉතින් බයිස්කෝප් එකේ දකුණු ඉන්දියානු උපසිරැසිකරුවෝ බොහොම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඔයාලට උණු උණුවෙම උපසිරැසි ලබා දෙන්න. ඔන්න මාත් ඇරන් එනවා තවත් අළුත්ම ලස්සන ෆිලුමක්. අපි කවුරුත් දන්න විජ්ය් සේදුපතිගේ. මේ මම කරන විජය් සේදුපතිගේ හයවෙ…

කොහොමද යාළුවනේ..කතකලි බැලුවද? මේ දවස්වල එක දිගට ෆිලුම් නිකුත් කරනවා. ඉතින් බයිස්කෝප් එකේ දකුණු ඉන්දියානු උපසිරැසිකරුවෝ බොහොම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඔයාලට උණු උණුවෙම උපසිරැසි ලබා දෙන්න. ඔන්න මාත් ඇරන් එනවා තවත් අළුත්ම ලස්සන ෆිලුමක්. අපි කවුරුත් දන්න විජ්ය් සේදුපතිගේ. මේ මම කරන විජය් සේදුපතිගේ හයවෙනි උපසිරැසිය.
විජය් සේදුපති, මෑත කාලයේ ඉතාමත් සාර්ථක වුණු නළුවෙක්. පිට පිටම එයාගේ ෆිලුම් ජනප්‍රිය වුණා. පොඩ්ඩක් මතක් කළොත් නානුම් රවුඩි තාන් එකෙන් පටන් ගත්ත රැළ්ල, සේදුපති, කාදලුම් කඩන්දු පෝගුම්, ඉරෙයිවි, ධර්මදුරෙයි සහ මම අවසානයට උපසිරැසි දුන්න රෙක්ක දක්වාම සේදුපතිට ලැබුණ ප්‍රතිචාර අති විශාලයි. දැන් ඔහුට අන්වර්ථ නාමයකුත් පටැඳිලා “මක්කල්-සෙල්වන් ” කියලා. අද මම රැගෙන එන ආන්ඩවන් කට්ටලෙයි (දෙයියන්ගේ අණ) චිත්‍රපටය නිකුත් වුණේ රෙක්ක චිත්‍රපටියට හරියටම සති දෙකකට කලින්. ඒ සති දෙක ඇතුළත මෙම චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වුණ නිසා…මෙපමණ ඉක්මණින් රෙක්ක චිත්‍රපටිය තිරගත වීම එම චිත්‍රපටි දෙකටම බලපෑවා කියලා තමයි විචාරකයින්ගේ මතය. නමුත් ශ්‍රේණිගත කිරීම් අනුව නම් ආන්ඩවන් කට්ටලෙයි චිත්‍රපටය ඉතාමත් ඉදිරියෙන් සිටිනවා. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව එයට 8.4 ක අගයක් ලැබිලා තියනවා. චිත්‍රපටයේ කතාව චුට්ටක් කියන්නම්.
කතාව
අපි කවුද හිතන්නේ ජීවිතේ අපි අහම්බයෙන් තෝරාගන්න දේවල් කෙතරම් දුරට අප ජීවිත වලට බලපායිද කියලා. සේදුපතිටත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. එයා අහඹු ලෙස කළ තේරීමක් නිසා ප්‍රශ්ණ කෝටියකට මැදිවුණු කතාවක් තමයි මේ කතාව. සේදුපති නොහොත් ගාන්ධිගේ අහඹු තේරීම මොකද්ද දන්නවද?“කාර්මේඝකුළලි”. එයා මේ තේරීම කොයි මොහොතේ කුමක් අරභයා කළාද කියන දේ චිත්‍රපටිය බලන ඔයාලට දැනගන්න පුළුවන්. කාර්මේඝකුළලි ගාන්ධිගේ කටට ආපු අහඹු නමක් වුණාට, ඒ වෙනවිටත් කාර්මේඝකුළලි කියලා සැබෑම කෙල්ලක් ඉන්න බව දන්නේ චිත්‍රපටිය බලන අපි විතරයි. ඉතින් ඒ සුළු වරද නිසා ඔහුට නොසිතූ විරූ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. එක් බොරුවක් කීවොත් එය වහන්න තවත් බොරු දහසක් කියන්න සිදුවන බව අපි අසා තිබෙනවා. සේදුපතිත් එයාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන්නේ ඒ විදියට. අවසානේ මේ ප්‍රශ්ණ වලින් ඔහු ගැළවුණේ කොහොමද කියන දේ තමයි චිත්‍රපටියේ කතාව. සේදුපති රඟපාන චිත්‍රපටිවල තියන විශේෂයක් තමයි, මීළඟට සිදුවන දේ අපට සිතාගැනීමට නොහැකි වීම. මේ චිත්‍රපටයත් ඒ වගේ තමයි. ඉතින් මෙහි අවසානය කොයි වගේද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
විචාරය
ලස්සන සිංදු කීපයකුයි සටන් කීපයකුයි කලවම් කරලා හොඳ ඉෆෙක්ට්ස් දාලා චිත්‍රපටියක් ගැහුවාම ඒක සාර්ථකයි කියලා කියන සමාජයක් අද තියෙන්නේ. නමුත් මේ චිත්‍රපටයේ හැටියටනම් ඒ කිසිවක් නොමැතිව චිත්‍රපටයක් සාර්ථක කරගන්න පුළුවන් බව අධ්‍යක්ෂක මණිකන්ඩන් මනාව ඔප්පු කරලා තියනවා. ඒ නිසාම තරමක් මන්දගාමී වගේ පෙණුනත්, සිනමා ශාලාවේ සිටි රසිකයින් සිනහමුසු මුහුණින් අවසානය තෙක් රසවින්ඳ සිනමා පටයක් වුණා. එයට ප්‍රධානම හේතුව විජය් සේදුපති ඇතුළු සියළුම දෙනාගේ තාත්වික රංගනය. විජය් සේදුපති ගැන මං මොකුත් කියන්නෑ මොකද ඔහු ගැන ඔයාල හොඳින් දන්න නිසා. නමුත් චිත්‍රපටය බලපු ඕනැම කෙනෙක් කතා කරපු චරිත දෙකක් තිබුණා. ඒ තමයි ශ්‍රී ලාංකිකයා සහ පරීක්ෂණ නිළධාරියා. අතිෂයෝක්තියක් නෙවෙයි, සැබෑවටම ඒ චරිත දෙක ප්‍රේක්ෂකයින්ව පුදුම කළා. මාත් පුදුම වුණා. ඔවුන් දෙදෙනාම අප මින් පෙර දැකලා නෑ. කාර්මේඝකුළලි නොහොත් රිතිකා සිංග්. ඉරුදි සුට්ට්‍රැ චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තැබූ කරාතේ ක්‍රීඩිකාව. මෙවරත් ඇයට ඔබිනම චරිතයක් ලැබිලා තියනවා. ඒ වගේම නීතීඥවරයා සහ ඔහුගේ සහායිකාව (විනෝදිනී), ප්‍රධාන විනිසුරුවරිය, තැරැවුකරු (සිංගම්පුලි), මාස්ටර් (නසර්) මේ සියළු දෙනාම හොඳින් රඟපෑවා. දෙවැනි ප්‍රධාන-නළුවා වන යෝගී බාබුද අගය කළ යුතුයි. තරමක් සාමාන්‍ය නළුවෙක් වුවත් මෙහි ඔහු ඉදිරිපත් කළ ඒ හාස්‍යයට සිනමාශාලාවේ සිටි සියළු දෙනා සාක්ෂි දරනවා. චිත්‍රපටයේ කෙටි කාලයකට ඔහු අතුරුදන් වීම මෙම චිත්‍රපටයෙහි අඩුපුඩාවක් ලෙස විචාරකයින් පෙන්වා තිබුණා. K-ගේ පසුබිම් සංගීතය මෙම චිත්‍රපටයට ලොකු බලයක් වුණා. චිත්‍රපටය බලන අපටත් නොදැනීම එකිනෙකාගේ හැඟීම් අපට දනවන්නට තරම් සංගීතය මනා පිටිවහලක් වුණා. චිත්‍රපටිය බලද්දි තේරෙයි.
සාරාංශය
සාරාංශ වශයෙන් කිව්වොත් ලොකුවට හැරවුම් ගැටුම් නැති චිත්‍රපටයක්. ටිකක් මන්දගාමීයි. මසාලා චිත්‍රපටි බලන අයට නම් සාමාන්‍ය එකක් වෙයි. නමුත් වෙනස් රසයන් හොයන අයට හොඳ අත්දැකීමක් වෙයි. සීරියස් නැති සිනහව කැමති අයට ඉතාමත් සුදුසුයි. ඉතින් යාළුවනේ, මං උපසරැසිය දැමූ නිසා ඔයාලව යොමු කරවනවා නොවෙයි. චිත්‍රපට පිළිබඳව විවිධාකාර මූලාශ්‍ර ඔස්සේ කරුණු සොයා බලා, මගේ අත්දැකීමත් මුසුකර තමයි මා ලිපි සකසන්නේ. මේ ලිපිය සැකසීමට මා වෙන්කළ කාලය පැය හයක්. අඩුපාඩු තිබෙයි නම් ෆිලුම බලලා කමෙන්ට් කරන්න. ඉතින් තවත් උපසිරැසියකින් හමුවන තුරු..ඔබට ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.la – Aandavan Kattalai (2016)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,787 downloadsDownload Aandavan-Kattalai-2016.Baiscopelk.com_.rar74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
35 comments
SaDuN DaNuShKa
Indrajith Udaya Kumāra
එළ එළ සඳුන් අයියා..
බොහොම ස්තුතියි ඒ වගෙම සතුටුයි :-)හසන්ත
ආසිරි දැනුවත්වද මේ කමෙන්ට් එක දැම්මේ?
SaDuN DaNuShKa
ආසිරි දැනුවත් කරන්න බැරි වුනා,
මේ දවල් වල ඔෆ් ලයින් ආසිරි.
vikum
supper sho..thanks for sub..lipiyat super ekatama liyala tiyanawa..digatama sub denna...
Adithya Gimhana
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
~~~ ජය වේවා ~~~Krishan NiShalya
lipiyanam ela
tamil digatama genawa neh
digatama karamau
good luck...!
☺☺☺☺☺☺kavindu
thanks saho sub eakata. me danushge aluth film eake (KODI) sub eakath ikmanatama dennako
Indrajith Udaya Kumāra
අනිවා..බයිස්කෝප් එක ඒ වෙනුවෙන් බැඳී සිටිනවා
Lakmal Wanniarachi
පට්ට චත්‍රපටය මෙච්චර ඉක්මන්ටම සබ් දුන්නට ගොඩක්ම ස්තූතියි............
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Indrajith Udaya Kumāra
තවත් සුපිරි ෆිලුමක් මේ වන විටත් පටන් ඇරන් තියෙන්නේ..ළඟදීම දෙනවා.
Kulanjana Maduranga
niayamai…tamil nm aniwa balanawa.thawa tamil film denn.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amila
Thanks Bro
Niyamai....... Obata JayaMahesh
Sub ekata thanx aaaaaaaa
Ruwan
Superb Macn.......... Well done and thanks.
ayesh
thank you
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Rasun Hirantha
මේ කතාවෙ එක තැනක කියනව ශ්‍රී ලංකාවෙ දෙමළ අය කියන්නෙ කවදාවත් කව්රුවත් පාව දෙන අය නෙවි කියලා .තව තැනක් ගම්‍ය කරල තියෙනව ශ්‍රී ලංකාවේ සිංහල අය කියන්නෙ හේතුවක් නැතුව මිනිස්සුන්ට වට කරගෙන පහර දෙන මිනිස්සුන්ට අපහස කරන කොට්ටාසයක් ලෙස .කොහොම නමුත් මෙය ඉතා හොඳ නිර්මාණයක් .ඔබ කරනා සේවයට ස්තුතිය් ...........
Indrajith Udaya Kumāra
ඔවු නේද..මටත් ඒකට ටිකක් අවුල වගේ
ඒත් වැඩිය හිතන්නැතුව උපසිරැසිය කළා.
Charith Mendis
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
~~~ ජය වේවා ~~~Nipuna Udayanga
නියමයි සහෝ....නියමයි...!!!
බොහොම ස්තුතියි සබ් එකට.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!mune
bohonmma isthurthii sahodarayaaaaaa..jayawewa..'
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
ලුසිෆර් මොනින්ස්ටාර්
සබට ස්තූතියි මචන්. ධනුෂ්ගෙ අලුත් ෆිලුම Kodi(2016) ටත් සබ් එක දීපන්කො..
එළ වැඩක්
ජය!!!!Rukshan
බොහොම ස්තුතියි සහෝ Fatta sub eka . Move on bro Elama jayen jaya.............
Menu
Thank you
malith
Ela ela
LakshanD
ස්තූතියි බ්රද ❤️
DPiyumantha
Thank you
Su
Thanks saho sub ekat.. :)
nicedulith
Thanks for sub
සාරංග ජේ. ලියනගම
Thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ලිපියත් කියෙව්වා
කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නේම නෑ,
නියමයි මල්ලී,
දිගු ගමනකට ආසිරි.