ඕන්න කාලෙක ඉඳලා හිතේ තියාගෙන හිටපු හීනයක් හැබෑවුනා. චිත්‍රපටියකට සබ් එකක් කරන්න කියලා කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා. ඉතින් ඔන්න හා හා පුරා කියලා ඉස්සෙල්ලම බොහොම ලස්සන චිත්‍රපටියකින්ම වැඩේ පටන් ගත්තා. පළවෙනි සබ් එක නිසා මන් ගැනත් විස්තර ටිකක් කියලා ඉන්නම්කෝ. මම දුලාජ්. මම ඉන්නේ යාපනේ කැම්පස් එකේ. පර…

ඕන්න කාලෙක ඉඳලා හිතේ තියාගෙන හිටපු හීනයක් හැබෑවුනා. චිත්‍රපටියකට සබ් එකක් කරන්න කියලා කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා. ඉතින් ඔන්න හා හා පුරා කියලා ඉස්සෙල්ලම බොහොම ලස්සන චිත්‍රපටියකින්ම වැඩේ පටන් ගත්තා.
පළවෙනි සබ් එක නිසා මන් ගැනත් විස්තර ටිකක් කියලා ඉන්නම්කෝ. මම දුලාජ්. මම ඉන්නේ යාපනේ කැම්පස් එකේ. පරිගණක විද්‍යා විෂයෙන් විශේෂ උපාධිය හදාරන ගමන් අවසන් වසරේ තමයි දැන් ඉන්නේ. සබ් එකක් කරන්න ආසාවක් තිබ්බා ලොකුවටම. යාපනේ කැම්පස් ඇවිල්ලත් අවුරුදු 3ක්ම ගියා. ඉතින් දෙමළත් කොහොමහරි පුරුදුවුනා. ඒකෙන් වැඩක් ගන්නත් එපැයිනේ.. ඒකටයි, බයිස්කෝප් කණ්ඩායමත් එක්ක එකතුවෙන්නයිත් කියලා තමයි ඉතින් මේක කලේ. ඇත්තටම කියනවා නම් මේකේ ටයිම් ලයින් නම් ගත්තේ ඉංග්‍රීසි සබ් එකෙන්. හැබැයි සබ් එක නම් අසා ලිවීමක්. මගේ යාළුවොත් සපෝට් එකක් දුන්නා. බයිස්කෝප් වෙබ් අඩවියෙන් කවුරු අතරෙත් ප්‍රසිද්ධ වුන ඉන්ද්‍රජිත් උදයකුමාර කියන මගේ යාළුවා(රූමා) සබ් කරනවා දැකලා තමයි මටත් මේ ආසාව ආවේ. ඉතින් මේ සබ් එක ගේන්න උදයත් ලොකු සහයෝගයක් දුන්නා. ඕන්න ඔකයි ඉතින් මගේ කතාව.
එස් ජේ සූර්යා, විජෙයි සේදුපති, බොබී සිම්හා මේ නළුවො ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ. මෙයාලා රඟපාපු චිත්‍රපටි ඉන්දියවේ කෙසේ වෙතත් අපිත් ඇති තරම් බලලා ඇතිනේ. ඒත් මෙයාලා මොන චරිතේ රඟපෑවත් අපිට කවදාවත් මෙයාලව එපා වෙලා නෑනේ නේද? ඒ මොකද මෙයාලා ඒ කරම් දක්ෂ චරිතාංග නළුවො. ඉතින් මේ තුන්දෙනාම එකට රඟපානකොට? ඒක ඉතින් මෙහෙම මම කියලා නෙවෙයි, ඔයාලා බලලම ගන්න ඕනේ අත්දැකීමක්. ඉතින් ඒ අත්දැකීම අරගෙනම බලන්නකෝ.
දැන් බලමුකෝ චිත්‍රපටිය දිහා.. කතාව මෙහෙමයි, අරුල් කියන්නේ පාරම්පරික කලා පරපුරකින් පැවතගෙන එන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. ජෙගන් කියන්නේ අරුල්ගේ මල්ලි. මයිකල් කියන්නේ මේ දෙන්නගේ දුරින් නෑ වෙන සහෝදරයෙක්. හැබැයි මේ තුන්දෙනා ඉන්නේ නම් එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ වගේ. ඒ තරම් එකතුයි. අරුල් තමයි ප්‍රධාන චරිතෙ. මෙහෙම ඉන්නකොට අරුල් බීමට ඇබ්බැහි වෙනවා. හේතුව තමයි එයාගේ චිත්‍රපටිය නිශ්පාදනය කරපු එකා ඒක හොරකම් කරපු එක. ඉතින් මේ නිසා ගෙදර ප්‍රශ්නත් වෙනවා. අරුල් සමාජෙත් එක්කත් ප්‍රශ්න දාගන්නවා. මේ දේවලුත් එක්කම එයාලට එනවා ලොකු ආර්ථික ප්‍රශ්නයක්. ඉතින් මේ නිසා මෙයාලා තුන් දෙනා, එයාලගේම තාත්තා හදපු දේවතාවියන්ගේ පිළිම හොරකම් කරලා පිටරටට විකුණනවා.
ඕන්න ඔහොමයි කතාව පටන්ගන්නේ. ඔය අතරේ ඉතින් තව ලස්සන ලස්සන දේවලුත් වෙනවා. ඒව ඉතින් ඔයාලම බලන්නකෝ. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නේ? මෙයාලට දේව සාපය වදීවිද? අරුල්ට එයාගේ චිත්‍රපටිය ලැබෙයිද? මේ සහෝදරයො තුන්දෙනාට මොනව වෙයිද? මෙයාලගේ පවුල් ජීවිත වලට මොනවා වෙයිද? හ්මම්.. ඒවා දැනගන්න නම් ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා. අපේ ජීවිත වලින් පැය දෙකක් විතර වියදම් කරලා මේ චිත්‍රපටිය බැලුවට පාඩු නෑ කියලා මන් ඔයාලට වගකීමෙන්ම කියනවා. ඒ නිසා මේක බලන්නකෝ.. බලලා මටත් විස්තරේ කියන්නකෝ.
එහෙනම්, හැමෝටම ජය ශ්‍රී. ආයෙත් සබ් එකකින් හමුවෙමුකෝ. ආහා.. තව දෙයක් තියෙනවා, මේ සබ් එක කරන්න මට උදව් කරපු හැමෝටමයි, බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටමයි, බයිස්කෝප් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටමයි මම මෙහෙම කියන්නම්.. තෑන්ක් යූ වේවා..
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Web පිටපත් සඳහා වලංගු වේ.
3,941 downloadsDownload Iraivi.2016.Baiscopelk.com_.rar59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාජ් බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දුලාජ් බණ්ඩාර
Subtitles
39 comments
Vidusanka
Direct Link
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
…ඩිරෙක්ට් ලින්ක්…
Iraivi (2016) - Tamil - WebRip - X264 - 1CD [Team Jaffa] (700 MB)
https://clicknupload.link/rkmvcky0svss
ishan
bohoma isthuthei saho sub ekata!!!jayen jayama wewa dhuloo!!!!!!!!!!!!
Dulaj_Bandara
එළ එළ.. බොහෙම ස්තූතියි
Dulaj_Bandara
පොඩ්ඩක් වැරදුනා.. සමාවෙන්න. බොහොම ස්තූතියි කියන්නයි ඕනේ වුනේ.
Indrajith Udaya Kumara
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා දුලාජ්..
බොහොම කාර්යබහුල කාලසටහනක් මැද්දේ ඉඳන් මෙම උපසිරැසිය ලබාදීමට කටයුතු කළා..
තව තවත් උපසිරැසි කිරීමට කාලය සහ ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
දුලාජ් කියන්නේ දමිළ භාෂාව හොඳින් දන්නා කෙනෙක්..
ඉතින් ඔහු බයිස්කෝප් කණ්ඩායමට එකතුවුණ එක ගැන හුඟක් සතුටුයි.. ඔහුගේ පළවෙනි උපසිරැසියට හැමෝම සුබ පතලා දිරිගන්වන්න කියලා මා ආරාධනා කරනවා..
මගේ සුබ පැතුම් !!!Bhagya
Thanx for the sub!!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි සහෝ
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්
මේ වසරේ ආපු තවත් එක් අනර්ඝ ෆිලුමක්
කාර්තික් සුබ්බුරාජ් නැවතත් සුපිරි අධ්‍යක්ෂකවරයෙක් කියලා ඔප්පු කරපු ෆිලුමක්
නොබලපූ අය අනිවා බලන්න
හොඳ කතාවක්
හොඳ අවසානයක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!Shanaka Chathuranga
බොහෝම ස්තූතියි..මේකෙ ඔර්ජිනල් කොපියක හෑෂ් ටැග් එකක් දානවද?
buddhika
thanx sub ekata..jaya wewa..
thilina
Thank you sir
chathura
niyamae broo....
loku jaya
aiyooooooo link ekak dendakoo plez...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Indrajith Udaya Kumara
ටොරන්ට් ලින්ක් ෂෙයා කරන්න විදියක් නෑ මචන් ඒ නිසා ඩිරෙක්ට් බාගන්න ඕන නම් ටැමිල්-ගන් ඩොට් කොම් එකට යන්න නැත්තම් ෆිලුමේ නම ගහලා අගට ටොරන්ට් කියලා ගහලා ගූගල් සරච් කරලා බලන්න...
අනුර
සබටබොගොම ස්තූතියි සහොදරයා.ජයවේවා..
THEJAN
torrent link එකක් හරි Hash tag එකක් දාන්න්ඩෝ ඉක්මනින්
isuru
meke torent 1ka hoya ganna bariyo danna kenek hash 1ka dannako
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DULAJ saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa..........
thawa tamil film idiriyatath denn...
Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ.
දිගටම වැඩේ කරමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Dish
tnx for sub saho.... (Miruthan ekatath sub dannako)
Menu
Thank you!
Dulaj_Bandara
විෂ් කරපු හැමෝටම ස්තූතීයි. බලන්න මේ ලින්ක් එකෙන් බාගන්න පුළුවන්ද කියලා
http://tamilrockers.to/index.php/topic/40458-iraivi-2016hdr…Chathuka Tharanga Paranagama
thnx link ekata bro
devinda
ty bro fatta.
isuru
suppaa
Bhashitha Dilshan
jaya wewa broo
Dinusha
Krishna Gadi Veera Prema Gaadha ekata sub dennako...patta movie 1...
indika
බොහෝම ස්තුතියි.. !!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manjula
මචං මම slt 512 mb ලයින් එක යූස් කරන කෙනෙක් නිසා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වලට යන්නේ නෑ. මොකද දවස් එකාහමාරක් විතර මැෂින් එක ඔන් එකේ තියන්න බෑනේ
ඉතින් දැන් උඹලා හැෂ් ටැග් දෙන්නේ නැති නිසා අපිම හොයනවා ලින්ක් උඹලගේ සබ් එකට ගැලපෙන
ඔන්න ගූගල් සර්ච් කරනවා
එතකොට උඩට එනවා බල්ලෙක්වත් කාලෙකින් ගියෙ නැති සයිට්
ඔන් යනවා බලු ගානට වැටිලා එවාට
උන්ගේ අම්මගේ ඩවුන්ලොඩ් බටන් (ටොරන්ට්) ක්ලික් කරාම එක්කෝ අලි බබා බලන්න යවනවා
නැත්නම් උන්ගේ ප්‍රිමියම් එකවුන්ට් එකක් ගන්නලු
නැත්නම් එතැනටම ආයේ රිඩිරෙක්ට් වෙනවා
ඉතින් ඒ වාහෙලා ඔක්කොගේම මැරිච්ච උන් මතක් කර කර අපි යනවා තවත් සයිට් එකකට
අම්මාපල්ලා එකත් එහෙමයි කියපන්කෝමචං සිරියස්ලි පට්ට ෆේමස් නැති ෆිල්ම් එකක උඹලගේ සබ් එකට මැච් වෙන ෆිල්ම් එක තොරනවට වඩා ලේසියි බන් අවකලනය ගානක් මුල ඉදන් හදන්න ඉගෙන ගන්න එක
ප්ලීස් පුලුවන්නම් මීඩියාෆයර් වගේ සර්වර් එකකට පුංචිම පුංචි නොට් පෑඩ් එකක හැෂ්ටැග් එක දාලා එක අප්ලෝඩ් කරලා අපිට දියන් එකේ ලින්ක් එක.
එතකොට උඹලා ටොරන්ට් එකේ ලින්ක් එකක් සයිට් එකේ දාලාත් නෑ
අපි උඹලගේ නහයවල් දව දව ටොරන්ට් හොයන්න යන්නෙත් නෑ
බොරු ටොරන්ට් පෙන්න පෙන්න අපිව කඩේ යවන සක්කිලි සයිට් කාරයින්ගේ සාක්කු පුරවන්නෙත් නෑප්ලීස් මචංලා....................
Ishara Ruchiranga
Thankz bro
aruna
meke download link 1 pennan naaaaa.....subtitle link 1nam pennanawa....
Lakshan Randika
Thanks kolla............. elama. "Autonagar Surya" Telugu movie ekatath sinhala sub diyanko bn,ekath patta,Naga Chaithanya inne eke.patta filum mchn.
nidi
Dulaj, film eka bagena beluwa. lassani, hondai. subs tikath hondai, nethiwa ithin apita tamil therena ekakya? ayemath thanks!
tharaka madushanka herath
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
malith
Ela ela
Pasanlahiru
Aiyage wadakda.? Patta eka
LakshanD
සබ් එකට පිං. සුබ ❤️
Advertisement

Thanks sub ekata