Watch Trailer

The Omen (2006) with Sinhala Subtitles | මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල උපසිරැසි සමඟ]

අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ. කොටිම්ම කිව්වොත් මේක සිරාම අද්භූත ගනයේ චිත්‍රපටයක්. 2006 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේක මගේ දස…

The Omen (2006)

අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ. කොටිම්ම කිව්වොත් මේක සිරාම අද්භූත ගනයේ චිත්‍රපටයක්. 2006 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේක මගේ දසවන උපසිරැසි නිර්මාණය. කරපු ඒවට ලැබුනු ප්‍රතිචාර ගැන හරිම සතුටුයි. තවත් හොඳ නිර්මාණ ඔයාලට අරන් එන්න තමයි හිතන් ඉන්නේ.

රොබට් කියන්නේ ඇමරිකානු දේශපාලනයේ ඉහල තනතුරක් දරන්නෙක්. එයාගේ බිරිඳට දරුවෙක් ලැබෙනවා. ඒ ඩේමියන්. ඒත් ඒ දරුවා පිලිබඳව ලොකු රහසක් රොබට් ඔහුගේ බිරිඳ ගෙන් වසන් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 5ක් ගතවෙනවා. එතන ඉඳන් තමයි අවුල පටන් ගන්නේ. ඩේමියන් “ආගන්තුකයි” කියලා අම්මාට තේරෙණවා. ඒත් එයාගේ සිතුවිලි ආදරණීය සැමියා රොබට්ට හෙලිකරන්න එයා කැමති වෙන්නේ නෑ. කොහොම හරි රොබට් තේරුම් ගන්නවා ඔහු වසර පහකට පෙර විශාල වරදක් සිදුකර ඇති බව. කවුද මේ ඩේමියන්..? ඔහු මේ ලෝකෙට ආවේ මොකටද? අවාසනාවන්ත සිදුවීම් පෙලක් සමග රොබට්ට සිද්ද වෙනවා මේ වරද නිවැරදි කරන්න කටයුතු කරන්න. මේ ගැන දන්න අය තවත් ඉන්නවා. ඉතින් රෝමයේ පැරණි නගර තුලට පිවිසෙමින්.. අනාගත වෘක්ත කරුවන්ගේ අනාවැකි ඔස්සේ. ඔවුන් ගවේශනය අරඹනවා. අවසානය කෙබඳු වේවිද? කතාවේ විස්තර වැඩිය කියන්නේ නෑ. කුතුහලය තියාගෙන බලන්න.

මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ ක්‍රිස්තියානි ආගමික පසුබිමක. බයිබලයේ අනාවැකි සහ වර්ථමාන ලෝකයේ සිදුවීම් සුපිරියටම ගලපලා අරන් කතාව ගොඩ නගලා තියෙන්නේ. ඉතින් අනිවා මේක බලන්න. එක පාරට උඩ යන දර්ශණ කිහිපයක්ම මේකේ තියනවා. උපරිම ෆීල් එකක් ගන්න නම් රෑට බලන්න ඕනේ. දැන් අපේ කට්ටියත් හැලොවීන් පාටි දානවනේ, ඉතින් මෙන්න මං ගානේ හැලොවීන් තිලිණයක්. මේකට torrent සීඩ් නම් අඩුවක් නෑ. එහෙනම් තව එකකින් හමුවෙමු. ජය!

The Omen (2006) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Omen.2006.BRRip.XviD.AC3-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,763 downloadsDownload The.Omen_.2006.Baiscopelk.com_.rar26 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,763 downloadsDownload Subtitles26 KB

22 comments

  1. mithun

    මම මෙ චිත්‍රපට සිංහල උපසිරැසි නැතිව 2පාරක් නරබල තියෙනව සුපිරිම සුපිරි horror ස්ටොරි එකක්. මම මෙක සර්ච් දෙනකොට සයිඩ් එක උපසිරැසි තිබුනෙ නෑ තවම,තියෙ මෙකෙ සිංගල් dvdඑක මම ලග ඔයට බොහොම ස්තුතියි සහො උපසිරැසි ගැන්නුවට මෙ වගෙ තව සුපිරි එව කොච්චර ඇතිද. මෙක ඇගෙ රොම කෙලින් වෙනව ලාස් හරියෙ . 666කියන්නෙ බයිබලයේ සදහන් වන,විදියට සාතන්ගෙ ලකුනක් ලොකෙ අන්තිම කාලය එද්දී නොයෙක් නොයෙක් ලකුනු පහල වෙනව,කියල බයිබලයේ සදහන් වෙනව
    දෙවියන් වහන්සේගේ ඉම ලන් වෙනකොට අලුත උපන් දරුවන්ගෙ පවා මෙ 666ලකුන සදහම් වෙනවලු, සාතන්ගෙ ලකුනක් ලෙස තම මෙය සදහන් වන්නෙ මෙ චිත්‍රපටය එ සම්බන්ධයෙන් නිර්මාණය උන බායානක චිත්‍රපට . ක්‍රිස්තියානි අය න්ම් දන්නව එක .
    ෆිල්ම් එක ලස්සනට නිර්මාණය කරල පෙන්වල දිල තියෙනව ස්තුතියි උපසිරැසි වලට ඔබට ජය

    1. Web-බුවා

      ඒකේ පොඩි bio hazad ලකුණේ අභාෂයකුත් තියේ වගේ පේන්නේ මට විතරද? :D අර x men days of future past එකේ විස විදින එකාගේ අතේ තියෙන්නෙත් මීට ටිකක් සමාන එකක්. :)

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Web-බුවා

    ස්තූති වේවා bro!
    සුභ හැලෝවීන් රාත්‍රියක් වේවා! :P දැන් වෙලාව මැදියම් රාත්‍රී 12.00 පසු වී විනාඩී 04යි. එළියේ මහ මූසල පාළු හුලංගකුත් එක්ක ලාවට වහිනවා. තව සැරින් සැරේ උලමෙකුත් කෑ ගහනවා. දැන් මං මේක බලන්නයි හදන්නේ. :o
    ඔබට සතුටුයි ද දැන්! :D

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. Rajitha

    Thanks machan......jayawewa.....!

  7. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  8. අසිත

    ealam saho thanks

  9. Sajith Anthony

    මේකට සබ් එක දුන්න එකට ගොඩාක්ම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  10. Nipuna Udayanga

    නියමයි සහෝ....නියමයි...!!!
    බොහොම ස්තුතියි සබ් එකට.

  11. buddika

    supiri

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ඉෂාර

    බොහොම ස්තූතියි comment කරපු downlode කරපු හැම දෙනාටම. බය වෙන්න ඇති කියල හිතනවා. :)

  14. kumaraya

    bohoma sthuthi sub ekata. meke potha puluwannam balanna. film ekata wada supiri..

  15. ashan alnkanath

    Thanks for sub...............................................................

  16. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  17. tharindu gunarathna

    1976 omen sub plz

  18. Anonymous

    thanks

  19. Lakshan

    Kohomada download karanne

  20. Swarna

    Download karanna bane

  21. ලක්ෂිත දිමුත්

    සුපිරියක් තමා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.