ආයුබෝවන් බයිස්කෝප් සයිට් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. ඔන්න ඉතින් මමත් අද ඉඳල බයිස්කෝප් ටීම් එකට එකතු වෙනවා. මාසෙකට ෆිල්ම් 10ක් 15ක් ඩවුන්ලෝඩ් කෙරුවත් කොමෙන්ට් නම් කරල නෑ. මුලින්ම ඉතින් සබ් කරණ හැමෝගෙන්ම ඒ ගැන සමාව ඉල්ලනවා. මොකද නිකම්ම බලල ඩිලීට් කරල දැම්මට, වැඩේට බැස්සාම තමා ඒකෙ අමාරුව තේරෙන්නෙ. අම…
ආයුබෝවන් බයිස්කෝප් සයිට් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. ඔන්න ඉතින් මමත් අද ඉඳල බයිස්කෝප් ටීම් එකට එකතු වෙනවා. මාසෙකට ෆිල්ම් 10ක් 15ක් ඩවුන්ලෝඩ් කෙරුවත් කොමෙන්ට් නම් කරල නෑ. මුලින්ම ඉතින් සබ් කරණ හැමෝගෙන්ම ඒ ගැන සමාව ඉල්ලනවා. මොකද නිකම්ම බලල ඩිලීට් කරල දැම්මට, වැඩේට බැස්සාම තමා ඒකෙ අමාරුව තේරෙන්නෙ. අම්මෝ පළවෙනි ෆිල්ම් එකෙන්ම ඒකනම් හොඳටම දැනුණා. ලයින් 2300ක්. ඇත්තටම මම මේක අවුරුද්දකට දෙකකට කලින් බලපු ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. 2010 මාර්තු තමයි තිරගත වෙලා තියෙන්නෙ.ළඟදි මේකෙ සිංදුවක් ඇහෙනකොට තමයි මතක් උණේ බයිස්කෝප් එකේ මේ ෆිල්ම් එක තිබුණෙ නෑ නේද කියල. ඒ පාර ඉතින් මේල්ලුවක් එහෙම දාල වැඩේට බැස්සා. කවුරුත් කැමතියිනෙ ඉතින් ආදර කතා බලන්න නේද? ඇත්තටම මම මේතේකට බලපු සුපිරිම රොමෑන්ස් දමිළ ෆිල්ම් එක. මේක කියල කියන්න පුළුවන්. රොමෑන්ස් පැත්ත පැත්තකින් තිබ්බොත්, සාම්ප්‍රදායික සිනමාවෙ සුරංගනාලෝකයෙන් පහළට ඇවිත් අපි එදිනෙදා ජීවත් වන සමාජය තුළ ජීවත් වන චරිත තමා මේකෙ කතාවට පාදක කරගෙන තියෙන්නෙ.
මිනිස්සු දුප්පත් කම ජයගන්න කරණ උත්සාහය ,ඒ දුප්පත් කමින් ප්‍රයෝජන ගන්න ධනපතියො, අතේ පිච්චිය නැතත් සල්ලිවලට ආදරේ පාවල දෙන්නෙ නැති අඟ හිඟ කමින් හෙම්බත්වෙලා ඉන්න දුප්පත් ආදරවන්තයො දෙන්නෙක්. ඇත්තටම ලව් ස්ටෝරි වලට කැමති අයට ඇසට කඳුළු නංවන සිත්තමක් මේක. IMDB රේටින් එකත් 8.2 ක්.නරක නෑ නේද?
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්,ඈත දුෂ්කර ගමක ජීවත් වෙන හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන නිදහසේ ඉන්න කොල්ලෙක්, පියාගෙ අභාවයෙන් පස්සෙ දිළිඳුකමේ අඩියටම වැටෙනවා. ඊට පස්සෙ පාසල් ගමනත් නතර කරල හැමෝම කරනව වාගෙ රස්සාවක් හොයන එක තමා කරන්නෙ. ඔය අතරතුරේදි නඟරයේ ලොකු රෙදිපිළි අලෙවි සැලකට සේවකයින් හොයාගෙන ගමට පිරිසක් පැමිණෙනවා. මෙයාටත් ඒකෙන් රැකියාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද පියා නැති, පවුලෙ තව බාල සහෝදරියන් ඉන්න කොල්ලන්ට තමයි රැකියා ලබා දීමේදි පළමු තැන ලැබෙන්නෙ. ඒ මොකද කියල ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරෙයි. පස්සෙ මෙයා නඟරයට එනවා. රැකියා ස්ථානයට ආවට පස්සෙ තමයි ඒකෙ තියන කටුක බව දැනෙන්නෙ. ඒත් දුප්පත් කම නිසා ඒ සියලු දේවල් ඉවසගෙන අමාරුවෙන් රැකියාව කරනවා. ඔය අතරතුරේදි එතනම සේවය කරණ ලස්සන කටකාර කෙල්ලෙකුට මෙයාගෙ හිත යනවා. එතන ඉඳන් තමයි ෆිල්ම් එකේ ලස්සනනම හරිය පටන් ගන්නෙ. ජීවත් වෙන්න තියන එකම රැකියාව ආදරයක් නිසා මෙයාට අහිමි වෙයිද? එහෙම වෙලත් කකුල් දෙකම නැති කෙල්ලෙක් එහෙම බඳින්න උණොත්!
ඔයාලටත් තමන්ගෙ කෙල්ලට හරි කොල්ලට හරි මේ වාගෙ ආදරේ කරන්න පුළුවන්ද කියල ෆිල්ම් එක බලලම හිතල බලන්න. බ්ලුරේ රිප් එකක් හින්දයි, සියලුම ගීත සඳහාත් සබ් දාල තියන නිසයි සිත්තම හොඳින් රස විඳින්න පුළුවන්. එහෙනම් යාළුවො හැමෝටම සුබ දවසක්. ඉදිරියේදි තවත් ලස්සන සිනමා සිත්තමකින් හමුවෙමු. ජය වේවා..!
CEACB8BE566FC73ECF84A282FF25058F7C8B2167 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,354 downloadsDownload Angadi.Theru_.2010.baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DineshH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනේෂ් හේවාරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනේෂ් හේවාරත්න
Subtitles
65 comments
jayani
praneeth
onna mamath ada idala baiskop eke comment danawa....
dinesh
:D
pcvenom
thank u lassana story ekak
buwaneka
thanks saho
dinesh
තැන්කූ ඔක්කොටම
viraj malinga
Angadi theru film eke sub time ekata ynne na ne mchn
Sisira Hegoda
Thanks.
Ayesh
ලව් ස්ටෝරි නම් ඉතින් මැක්සා තමයි.. සබට ස්තුතියි.. පලවෙනි සබ් එකට සුභ පැතුම්..
dinesh
ස්ටෝරිය පට්ට,බලලම ඉන්නකො.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
dinesh
:D
“චූටී මල්ලි”
හොදා හොදා සහෝ
ආමාරුව තේරුනු නිසා
ඉස්සරහට කමෙන්ට් එකක් එහෙමත් දාන්න
සබ්ස් වලට අනික් අයගෙ නෙ
එල එල
තව සබ්ස් කරමු
සබට තුති
ඔබට ජය.......dinesh
අනිවා චූටියො ආයෙනම් බෑවොත් දානවමයි.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
පලවෙනි සබ් එකට සුභ පැතුම්..
:P
උපසිරැසියට තුති……. :)dinesh
එලස්
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි...
ලව් ස්ටෝරි...
මේ දවස්වල මමත් බලන්නෙ ඒව තමයි...
ඇයිද මන්දා...
ජය වේවා...!!!dinesh
ඇයි...?වයසෙ වැරැද්ද තමා.
tharaka
obage palamu sub ekata suba pethum.thawath hodata karanna lebewa.
dinesh
thanks..
dinesh
thanks.
shan
ලව් ස්ටෝරි නම් ඉතින් මැක්සා............ela......ela.....
dilu
Love story aulak na...sthuthi oyage sub ekata gindara wadak ela.....sci-fi film ehekata ilanga para sub kaloth...mn danawa comment 50k sthuthi karalama :D ♤♡♢♧
dinesh
ඊලඟට තායි ෆිල්ම් එකකට දාන්න හිටියෙ.ඒත් ඔයා කියන හින්දම csi-fi එකකට ට්‍රයි එකක් දෙන්නම්.:D
නලින්
ස්තුතියි දිනේෂ් සහෝ !
බලන්න වටින ලව් කථාවක් වගේ !
ජය වේවා!
dinesh
ජය වේවා කිව්වා..
Netha
1.1GB ne...Balama balamu ko...tnx macho
dinesh
වැඩියි වාගෙද?හැබැයි බෑවට පාඩු නෑ.
sudeera
එල කොල්ලො මම මෙකට සබ් දෙන්න හිතන් හිටියේ එත් වෙලාව අඩුයි මට මරුමු බයිස්කොප් එකක් තොරන් තියෙන්නේ ආය කතා දෙකක් නැ සුපිරිම එකක් සාදරයෙන් පිලි ගන්නව සහො ඔයාව ටිම් එකට
dinesh
ආයෙ..මටත් මේක සුපිරි.ඒකමයි මෙච්චර වැඩ අස්සෙ සබ් දන්න හිතුනෙ.
Tharindu Perera
elazzz ahhh........
patta kathavak vageee...
danma banava bn mekaa...
thanks macahn sub ekatahh....
palamu vadeta jayaa macahnn.dinesh
thanks malli..
jhothishalanka
පොටෝ එකේ හැටියට මේ “අකේලේ හම්“ බ්ලොග් එක ලියපු දිනේෂ් නේද?දිනේෂ්ට මොකද වුනේ කියල බැලුව මේ ඉන්නේ...ෆිල්ම් එකත් බාන්න ඕන බොහොම ස්තූතියි
dinesh
මෙන්න ජෝතිෂ..!!දැන් බ්ලොග් ලියන්න වෙලා නෑ සහෝ.ෆිල්ම් එක බොක්කට වැදුන නිසයි සබ දන්න හිතුනෙත්.තෑන්ක්ස් කොමෙන්ට් කලාට.
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.lasssana storyak wge.subata thanks DINESH saho.onna mmth gatta.digatama sub demu.jayen jaya…………
dinesh
thanks a lot your appreciation.
ප්‍රදිප්
සුපිරි ආ….. නියමයි, නියමයි, බෝහෝම ස්තුතියි සහෝ බෝහෝම ස්තුතියි.
පුළුවන් විදිහට දිගටම සබ් කරමු.
ජය………………………………………………………………………dinesh
:D
chandana
මට තේරෙන්නේ නෑ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා. මම කාලෙකට ඉස්සර මෙ ෆිල්ම් එක ශක්ති tv එකේ බලලා තියෙනවා. හැබැයි භාගයයි දන්නවද ඒකේ අන්තිම හරියෙදි මට ඇඩුනා මම මේ ෆිල්ම් එක ආයෙත් බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ ඩවුන්ලෝඩ් කරන්නත් ෆිල්ම් එකේ නම දන්නෙත් නෑ නේ ඉතිං ඒක හොයල දුන්න ඔබට එකට දහස් වාරයක්ම ස්තූතියි
dinesh
එහෙනම් දැන් ඔන්න හම්බ උනානෙ.රිප් එකත් සුපිරි.බාල බලමු.
GLOBAL
Thanks Dinesh Saho ....
Jaya Wewa ....sam
මට මේක මගේ පෞද්ගලික ජීවිතයට හුඟක් සමීප චිත්‍රපටයක්.. මම කලින් වැඩ කරපු තැනක හිටියා ටැමිල් ගර්ල්ස්ලා දෙන්නෙක්... ඒ දෙන්නා මට කිව්වේ අන්ගාඩි තේරු පයිය කියලා.. මට මුලින් මේක කුණුහරුපයක් වගේ... මම ඒකට හේතුව ඇහුවම CD 1ක් දීලා බලන්න කිව්වා බලද්දී මේ ෆිල්ම් 1.. ඇරපු අතක් නැහැ... මේ ෆිල්ම් එකේ ඉන්න කොල්ලා මම වගේමයි... අරකේ තේරුම අන්ගාඩි තේරු කොල්ලා කියන එකයි... මම එදා ඉඳන් මේ ෆිල්ම් එකට හුඟක් බද්ධ වුනා....
dinesh
හ්ම්...බලපුවාම මේ ෆිලුමට නෑදෑකම් කියන අය කොච්චර ඉන්නවද නේද?ඒ වාගෙම මේ වාගෙ සේවා ස්ථාන ලංකාවෙත් ඇති.
එහෙනම් "ලින්ගු" තෑන්කූ කොමෙන්ටුවට. :D
sam
තව දෙයක් මේ දාල තියෙන පින්තූරයේ දකුණු පස තියෙන පින්තූරය ඒ ෆිල්ම් එකේ එකක් නෙවෙයි...
dinesh
you are correct.
dilan
thanks
dinesh
:D
රොයිලි
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කොප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
dinesh
මෙන්න රොයිලි සහෝ!!!.බොහොම තුති කොමෙන්ට් එකට.
udaya
පළවෙනි සබට සුබ පැතුම්. පටිට අාදර කතාවක්. මං මේක ශක්ති tv කිප සැරයක්ම බැලුවා ඒත් සම්පුර්නෙන් බලන්නනම් උනේ නෑ කවදාවත්. බාගත කරන්න නම දන්නෙත්නෑනේ. අවසානෙ තමයි දුක ඉතින්. කොහොම උනත් හොදම අාදර කතාවක්. සබට තුති සහෝ. තව මේ වගේ ඒවා ඔීන.
dinesh
මටත් මේ ෆිලුම අහම්බෙන් හම්බ උනේ.නිකන් කැම් රිප් එකක් බැලුවේ.කිසිම සබ් එකක් තිබුනෙ නෑ.ඒත් අද වෙනකනුත් හිතට වැදිල තියනවා.
wimaxgonagolla
eka nam aththa bro mageth ehemai mamath ahamben dvd ekaka hibila beluwe den aurudu 5 kata kalin thama hithe adila thibuna ada thama nama hoya gaththe ahamben fb post ekakin
Menu
ගොඩාක් ස්තූතියි! මට හිතෙන ගොඩක් දේවල් ලියන්න තේරෙන්නේ නෑ. හිතට වැදුණු movie එකක්. මගේ ජීවිත කතාව නම් නෙවෙයි. ඒත් ගොඩක් දැනුනා. අනේ මන්දා ඒ ඇයි කියලා...
පළවෙනි සබ් එකට සුබ පැතුම්!PS : "එහෙම වෙලත් කකුල් දෙකම නැති කෙල්ලෙක් එහෙම බඳින්න උණොත්!"
ඔයා එහෙම ලියලා තිබුන නිසා මං film එක බලන හැම වෙලාවේම ඒක මතක් වුනා.. අනිත් දවසේ එ් වගේ දේවල් ලියන්න එපා. film එකේ කුතුහලය අඩුවෙලා රසය නැති වෙනවා. :)dinesh
තෑන්ක්ස් ඇවිත් ගියාට.අපිට මෙහෙම උනොත්!!කාගෙ පිහිටද නේද?
indika gururge
හිතට වැදුන ලස්සන ෆිල්ම් 1 ක් .... මට කියන්න වචන නෑ .. අන්තිමේට බලන 1 නවත්තන්න හිතුණා .. මේ වගේ ෆිල්ම් දාපන් සහෝ ... උබට පිං
dinesh
:D
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
dinesh
thanks
Nilan
ලයින් 2300ක් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.බොහොම ස්තූතියි සහෝ සබ් එකට
dinesh
ඒකනෙ...ස්තුතියි ඇවිත් ගියාට.
indika
youtube full movie
********mcn puluwan tharam aduma size link diyalla 350MB wage thanx for sub
Thisal
sedds nathoo
P.K
Thanx for the sub saho...Best of luck...
Muditha Sandeepa
මම බැවා. එල එල
mithun
බොහොම තුති යලුවෙ... මම මෙ ෆිල්ම් එක කලින් බලල තියෙ. Bt මට ෆිලුමෙ name එක අමතක වෙල තිබුන . අයෙ පරක් බලන්න අසාවට නෙම් එක සර්ච් කරා මර හැපි සයිඩ් එකෙ මුවි එක තියෙනව .මෙකෙ ලස්සන song එකකුත් තියෙනව. ෆට්ට story එක ගිත වලටත් උපසිරැසි ගන්වල තියෙනව බොහොම තුති සහොට
Advertisement

Thank youuuuuu :)