Watch Trailer

The Closet (2020) Sinhala Subtitles | අද්භූත අල්මාරියේ අභිරහස [සිංහල උපසිරැසි සමග]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, ඔන්න එහෙනම් Avrodh කතාමාලවට පස්සේ මේ පාර සුපිරි කොරියන් ෆිලුමක් අරන් ආවා. කොරියන් කිව්වම සමහර අය මූණ ඇඹුල් කර ගනියි විශේෂයෙන්ම අපේ කොල්ලො බනින්න ගනියි “අපෝ අර ගෑණුද පිරිමිද කියලා හොයාගන්න බැරි රැවුල නැති ගොබිලො ඉන්න ෆිලුමක් වෙන්න ඇති කියලා”. බය වෙන්න එපා මේක එහෙම නෙම…

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, ඔන්න එහෙනම් Avrodh කතාමාලවට පස්සේ මේ පාර සුපිරි කොරියන් ෆිලුමක් අරන් ආවා. කොරියන් කිව්වම සමහර අය මූණ ඇඹුල් කර ගනියි විශේෂයෙන්ම අපේ කොල්ලො බනින්න ගනියි “අපෝ අර ගෑණුද පිරිමිද කියලා හොයාගන්න බැරි රැවුල නැති ගොබිලො ඉන්න ෆිලුමක් වෙන්න ඇති කියලා”. බය වෙන්න එපා මේක එහෙම නෙමෙයි කියලා මම 100%ක් වග කියනවා.  ගොඩක් අය නොදන්නවා උනාට දකුණු කොරියානු සිනමාව පුළුල් පරාසයක විහිදිලා ගිය අතිවිශිෂ්ට සිනමාපට බිහිවන රටක්. අර මම කලින් කිව්ව විදියට දකුණු කොරියාව හංවඩු ගැහිලා තියෙන්නේ අපේ රටේ තියෙන රූපවාහීණී නාලීකාවල වැරද්දෙන් තමයි. කොරියානු සිනමාවේ රස කොහොමද කියලා No Mercy (2010) I Saw the Devil (2010) Old Boy (2003) The Chaser (2008) Memories of the Murder (2003) වගේ ෆිල්ම් බලලා තියෙන අයනම් හොඳට ඒ ගැන දන්නවා. ආදරය , ත්‍රාසය, කුතුහලය සහ ක්‍රියාදාම චිත්‍රපට වගේම හොල්මන් චිත්‍රපට නිෂ්පාදනයටත් කොරියානුවෝ සමත්තු කියලා මේ ෆිලුමෙන් ඔප්පු කරලා තියෙනවා. පම්පෝරි ගැහුවා ඇති එහෙනම් දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

සාන් – වොන් කියන්නේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මෙයා ඉතා දක්ෂ නිසා තමන්ගේ පවුලටත් වඩා රැකියාවට තමයි ආදරයකලේ. කොටින්ම තමන්ගේ 11 හැවිදිරි පුංචි දුවගේ උපන්දින උත්සව, පාසලේ උත්සව මේ සේරම මගහැරගෙන තමයි සාන් රැකියාව කරන්නේ. දවසක් අවසානාවන්ත විදියට සාන්ගේ පුංචි පවුල රිය අනතුරකට මුහුණ දෙනවා . ඒ අනතුරෙන් සාන්ව සහ පුංචි දුව තනි කරලා සාන්ගේ බිරිඳ මියයනවා. මේ අනතුරින් පස්සේ සාන් ලොකු මානසික පීඩනයකට ලක් වෙනවා වගේම ඔහුගේ දුවත් අසනීප වෙනවා. සාන්ගේ වෛද්‍යවරයා කියන්නේ නගරයේ ජීවීතය අත ඇරලා ඈතට ගිහින් නැවුම් වාතය තියෙන තැනක ජීවත් වෙන එකෙන් දෙන්නටම හොඳක් වෙයි කියලා. ඒ නිසා සාන් වොන් පිටිසර ගමකින් අළුත් ගෙදරක් අරගෙන තමන්ගේ දුවත් එක්ක පදිංචියට එනවා. දවසක් හදිසියේම සාන්ගේ දුව අතුරුදහන් වෙන්නේ ඔහුගේ ජීවිතය ආපහු කණපිට පෙරලවලා. ගේ ඇතුලෙම හිටිය මේ දරුවට මොකද උනේ කියලා හොයා ගන්න පොලීසියට බැරි වෙනවා වගේම ඇතැම් අය දුවගේ අතුරුදහන් වීමට සාන්ට චෝදනා කරනවා. මේ අතුරුදහන් වීමේන් මාසයකුත් පහු උනාට පස්සේ සාන්ගේ ගෙදරට අමුත්තෙක් එනවා, එයා කියන විදියට මේ වගේම කිසි හෝඩුවාවක් නැතුව අවුරුදු ගාණක ඉඳන් මුළු රට පුරාම මේ විදියට ළමයි අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අතුරුදහන් උන හැම දරුවගෙම තියෙන පොදු ලක්ෂනය තමයි එයාලා අතුරුදහන් වෙන්න කලින් කාමරේ තියෙන අල්මාරියත් එක්ක තනියම කතාකර කර ඉදලා තියෙන එක. ළමයින්ගේ අතුරුදහන් වීමත් එක්ක අල්මාරියට ත්යෙන සම්බන්ධය මොකක්ද ? මේ අභිරහස කොහොම විසඳයිද ? ඔයාලත් මේක බලලම ඒ ගැන දැන ගන්නකෝ එහෙනම්. තනියම ඉන්න වෙලාවට අල්මාරි අරින්නනම් යන්න එපා ඕන්.

2020 පෙබරවාරි 05 ප්‍රදර්ශනය ඇරැඹූ මෙම සිත්තමට Horror චිත්‍රපටවලට සාමාන්‍යයෙන් නොලැබෙන 5.7 ක ඉහල IMDb අගයක් ලැබිලා තියෙනවා. Horror\Mystry යන කාණ්ඩ වලට වර්ගකරන ලද මේ ච්ත්‍රපටය Kwanag-bin Kim අධ්‍යක්ෂනය කරලා තියෙනවා. මෙහි එක් ප්‍රධාන චරිතයක් නිරූපනය කරන්නේ දකුණු කොරියානු සිනමාවේ ජනප්‍රිය නළුවෙක් සහ සිනමා නිෂ්පාදකයෙකු වන Ha Jung – woo නම් නළුවයි. ඔහු Assasination (2015) The Handmaiden (2016) සහ Along with the Gods චිත්‍රපට මාලාවෙත් රංගනය යෙදුනා. මෙහි අනෙක් ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ ප්‍රසිද්ධ නළුවෙක් සහ ගායකයෙක් වන Kim Nam – gil  විසින්. ඒ වගේම කියන්න ඕන මේකේ දැනට HD Rip එකත් තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඒක ඉතාම හොඳ මට්ටමේ තියෙනවා. හොඳ කොපියක් ආපු ගමන් යාවත්කාලීන කරලා දෙන්නම්. එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලලා ගුණ දොස් කොමෙන්ට් කරන්න. මේ ෆිලුම කරන්න අවසර දුන්න හසන්ත අයියට ස්තූති කරන ගමන්ම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙමු. ජය වේවා!

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

5,672 downloadsDownload The-Closet-2020.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

5,672 downloadsDownload Subtitles29 KB

21 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Prabodha

    Sthuthi obata..

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Kavindu12345desilva

    bohoma sthuthiyi
    issrahath 2020 release vena films valta sub denna kiyla illanawa
    sub ekta tnx

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Anonymous

    Supiri filumak sahoo...jaya wewa..

  8. isuru srinath sjs

    නියමයි... බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. wasantha pushpakumara

    superb

  11. Shihan

    Tnx brooo

  12. MAALNATH

    Thanks ...........good luck .........

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Malith Samarawickrama

    Thanks yuran malli sub ekata

  15. Anonymous

    Thank You

  16. Pradeep

    BR එකට sub එක හදන්නකෝ

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Dewadithya

    Thanks for sub!

  20. Shaggy

    Thank you very much

  21. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.