Watch Trailer

Warning: Do Not Play (2019) AKA Amjeon Sinhala Subtitles | අවවාදයයි: මේ චිත්‍රපටිය බලන්න එපා! [සිංහල උපසිරසි]

මි ජුන් කියන්නේ චිත්‍රපට තිර රචකයෙක් සහ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ මීළග චිත්‍රපටයට විදියට සත්‍ය සිදූවීම් ඇසුරින් නිපදවන හොල්මන් චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න ඇයට උවමනා වෙනවා. ඒ සදහා සුදුසු කතාවක් සොයද්දි ඇයට ආරංචි වෙනවා මීට අවුරුදු 10කට පෙර ඈත ප්‍රදේශයක පාසලක සිසුවෙක් තම පාසල් ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කල…

මි ජුන් කියන්නේ චිත්‍රපට තිර රචකයෙක් සහ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ මීළග චිත්‍රපටයට විදියට සත්‍ය සිදූවීම් ඇසුරින් නිපදවන හොල්මන් චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න ඇයට උවමනා වෙනවා. ඒ සදහා සුදුසු කතාවක් සොයද්දි ඇයට ආරංචි වෙනවා මීට අවුරුදු 10කට පෙර ඈත ප්‍රදේශයක පාසලක සිසුවෙක් තම පාසල් ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කල අමුතුම ආකාරයේ චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටියේ නම තමයි “අවවාදයයි”. එයට තේමාව වෙලා තියෙන්නේ කලකට පෙර සිනමාශාලවක ඇති වු ගින්නකින් මරණයට පත් නිළියකගේ අවතාරය සම්බන්ධ සිදුවීම්ය. මෙහි තවත් විශේශත්වයක් තමයි එය ප්‍රදර්ශනය කර පළමු දවසෙම සිනමාශාලාවේ සිටි බොහෝ දෙනා චිත්‍රපටය අවසන් වීමටත් කලින් පැන ගිහින් වගේම එක අයෙකුට හෘදයාබාධයක් ඇතිවී මියගොස් තිබෙනවා. මේ පිළිබද ඒ පාසල් ශිෂ්‍යයාගෙන ප්‍රශ්න කල අවස්ථාවේ ඔහු පවසලා තියෙන්නේ, මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ තමන් විසින් නොව හොල්මනක් විසින් බවයි. ඉතිං මී ජුන් මේ පරණ චිත්‍රපටය හොයාගන්න උත්සහ කරත් ඒක ලේසි වෙන්නේ නෑ. ඇයට ඒ චිත්‍රපටියේ පොඩි කොටසක් තමයි හම්බෙන්නෙ, එයා ඒක අන්තර්ජාලයට දාලා සම්පූර්ණ චිතරපටය හොයාගන්න හැමෝගෙනම උදව් ඉල්ලනවා. දවසක් මි ජුන්ට කෙනෙක් කෝල් කරලා කියනවා අන්තර්ජාලයට දාපු කොටස වහාම මකලා දාන්න නැත්තම් මහා විනාශයක් සිද්ධ වෙයි කියලා, මි ජුන්ට ඒ කෝල් කරපු කෙනා තමයි අවුරුදු 10කට කලින් මේ “අවවාදයයි” චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. ඉතිං මී ජුන්ට සම්පූර්ණ චිතරපටය හොයාගන්න පුළුවන් වෙයිද ? හොල්මනක් කොහොමද චිතරපටයක් අධ්‍යක්ෂනය කරන්නේ ? මි ජුන් තමන්ගේ චිත්‍රපටය කොහොම නිශ්පාදනය කරයිද ? ඒවට උත්තර දැන ගන්න මේ ෆිලුම බාගෙන බලලා ඉන්නකෝ.

කොහොමද බයිස්කෝප්වාසීනි, තවත් කොරියානු චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ, 5.1 ක IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Horror\Mystery යන කාණ්ඩ වලට තමයි මේ චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Kim Jin Won විසින්. ප්‍රධාන චරිතය වන “ මි ජුන් ” ලෙස Seo Ye-ji රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව Jin Seon Kyu, Kim Bo- Ra , Cha Yub, Ji Hoon Ho යන නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා. වැඩි විස්තර මුකුත් කියන්නේ නෑ, හොල්මන් ෆිල්ම්වලට කැමති අය අනිවාර්යයෙන් බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ වගේම ගුණ\දොස්\ඉල්ලීම් කොමෙන්ටුවක් විදියට දාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා.. ඒ වගේම මට මේ මේ ෆිලුම උපසිරැසි ගන්වන්න අවසර දුන්න සිසිල ප්‍රසාද් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් ආපහු ඉක්මනටම හමුවෙමු. මම දනුවා .

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,254 downloadsDownload Warning-Do-Not-Play-2019.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

5,254 downloadsDownload Subtitles22 KB

21 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. nirosha

    බලන්න එපා කියපුව බලෙන් බලන්න ගිහින් අනන්තවත් කෙලවෙලා තියෙන එකේ මේක බලන්න එපා කියන එකේ මේක බලන්නැතිව යනවා.

  3. Kavindu12345desilva

    thanks bro me wage hoda korean films valta digatama sub denna

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. දිගටම සබ් දෙන්න පුලුවන් විදියට.. ජය!!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ චිත්‍රපට කිහිපයටත් උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

    The Crow: Wicked Prayer - 2005

    The Tag Along 2 - 2017
    The Tag Along: Devil Fish - 2018

    බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබාදුන්නු The Silence of the Lambs - 1991 චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ ඉතිරි චිත්‍රපට කිහිපය

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  8. indika75

    thanks..

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. chamara

    suppaaa

  11. chamara

    horror ewa karanna.. godak ewa tiyenawa sub nathuwa

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. MAALNATH

    Thanks ...........good luck ........

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. ishan

    sub ekata thanx machn

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. jello

    thanks for subtitle..Good luck

  18. tv malli

    sub ekata tnx bn

  19. Anonymous

    thanx bro

  20. Dewadithya

    Thanks for sub!

  21. Shaggy

    Thank you very much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.