I See You….! Avatar: The Way of Water (2022) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම, ගොඩ දෙනෙක් බලාගෙන හිටිය උපසිරසියක් අරගෙන ආව. කලින් උපසිරැසිය කරගෙන තිබුනත් මේ ටිකේ කාර්‍යබහුලත්වය නිසා වෙබ් පිටපත ආවම ඒකට අප්ඩේට් කරගෙන සහ අඩුපාඩු බලාගැනීමේ කටයුතු කරගන්න වුනේ නැහැ. එතැනදී තම රංග උදව්වට ආවේ. එහෙනම්…
![]()
I See You….!
Avatar: The Way of Water (2022) Sinhala Subtitlesකොහොමද හැම කෙනෙක්ටම, ගොඩ දෙනෙක් බලාගෙන හිටිය උපසිරසියක් අරගෙන ආව. කලින් උපසිරැසිය කරගෙන තිබුනත් මේ ටිකේ කාර්‍යබහුලත්වය නිසා වෙබ් පිටපත ආවම ඒකට අප්ඩේට් කරගෙන සහ අඩුපාඩු බලාගැනීමේ කටයුතු කරගන්න වුනේ නැහැ. එතැනදී තම රංග උදව්වට ආවේ. එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එකේ විස්තරය දිහාවට යොමුවෙමු. Avatar: The Way of Water (2022) Sinhala Subtitles
මේකේ මිට පෙර උපසිරැසිය වන Avatar 2009 රොයිලි අයියා අරගෙන ආවත් එයාට උපසිරසි කරන්න කාලය නොමැතිකම නිසා තමයි මම අරගෙන ආවේ. මෙහි මුල් සිනමාපටයට උපසිරැසි රැගෙන ඒමේ ස්තුතිය ඔහුට හිමිවෙන්න ඕනා. Avatar: The Way of Water (2022) Sinhala Subtitles
මුල් සිනමාපටය ලොව පුරා වගේම ලංකාවෙත් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. අදටත් බයිස්කෝප් වෙබ් අඩවියේ වැඩිම ප්‍රතිචාර ලැබුණු උපසිරසි අතර අවුරුදු ගානක් තිස්සේ මුල් තැන අරගෙන හිටියෙ ඇවටර් සිනමාපටය. එදා ඉඳලම වෙබ් අඩවියට පිවිසුණු ඔයාල දකින්න ඇති ඒ බව. ඇවටර් කියන වචනය කැමරන් අරගෙන තියෙන්නේ ඉන්දියාවෙන්, ඇවටර් කියන්නේ අවතාරය කියන වචනයට එන සංස්කෘත වචනයෙන්. ඒ වචනයෙන් පැහැදිලි වෙනවනේ මනුෂ්‍ය සහ නා’වි ශරීර සහ ආත්මය අතර සම්බන්ධය ගැන. ජේම්ස් කැමරන් ඒ අනුසාරයෙන් තමයි එක සිරුරකින් තවත් සිරුරකට ආත්මය මාරු කරපු, එහෙම නැත්නම් අවතාරය පිහිටවපු ශරීර තමයි ඇවටලා කියල. එහෙනම් අපි ෆිල්ම් එක ගැන විස්තර වලට යොමුවෙමු.Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitlesහැමෝම දන්න විධියට මුල් සිනමාපටයේ වගේම දෙවැන්නත් අධ්‍යක්ෂණය කරන්නේ ඒ වගේම කතාව නිර්මාණය කරන්නේ සිනමා ලෝකයේ විස්මිත නිමැවුම්කරුවෙකු වන ජේම්ස් කැමරන් විසින්, අර්ධ විද්‍යාඥයෙක්- අර්ධ සිනමාකරුවෙක් විධියට තමයි ඔහුව ලෝකයා විසින් හඳුන්වන්නේ. මොකද එයා සිනමාපටයක් කරන්න කලින් නොසෑහෙන ප්‍රායෝගික සහ විද්‍යාත්මක ගවේෂණයන් තමන් විසින්ම කරලා බලන නිසා. ඉතිං මේකේ මුල් සිනමපයට එන්නේ 2009 වසරේ, හැබැයි එහි දෙවැන්න වෙන The Way of Water එන්නේ අවුරුදු 13කට පස්සෙ. ඇත්තටම මේක නිකුත් වෙන්න තීරණය කරලා තිබ්බෙ 2015දී, ඊට පස්සෙ 2016 දෙසැම්බර් දක්වා කල් දැම්මා, ඊට පස්සෙ 2017 උනා ඊටත් පස්සෙ 2018දී නිකුත් කරනවා කිව්වා, ඊට පස්සෙ ආයේ 2019 නිකුත් කරනවා කිව්වා ආයේ 2020 වසරේදී නිකුත් කරනවා කිව්වා, ඔන්න යාන්තම් අන්තිමේදී කෙලින්ම 2022 දෙසැම්බර් නිකුත් කරනවා කියල ස්ථිර කරලා ඒ කියපු දවසටම නිකුත් කළා කොහොමින්හරි. 🙂
ඒ වගේම මේක හොලිවුඩ් සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දරල නිපදවපු සිනමාපට අතරින් එකක්. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350-400 අතර ප්‍රමාණයක් වැය කරල තියනව. වැඩිම වියදමක් දරල නිර්මාණය කරපු හොලිවුඩ් මූවි ක්ලබ් එකේ සාමාජික මුවිස් ටික සඳහන් කලොත් එහෙම,Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Pirates of the Caribbean: At World’s End (2007)
Pirates of the Caribbean: On Stranger Tides (2011)
Avengers: Age of Ultron (2015)
Justice League (2017)
Avengers: Infinity War (2018)
Avengers: Endgame (2019)
ඔන්න ඔය ෆිල්ම් ටික තමයි ඩොලර් මිලියන 350-400 අතර වියදමක් දරල නිර්මාණය කරපු මුවි ලිස්ට් එකේ තියෙන්නේ. මේකත් ඇතුළුව ඉදිරියට එන්න නියමිත මේකේ ඉදිරි සිනමාපට පෙළ වෙනුවෙන් මේකේ වියදම දළ වශයෙන් ඩොලර් බිලියන 1කට එහා වියදමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව කියලත් කියනව. මේ සිනමාපටයට අපි මේකේ මුල් සිනමාපටයෙන් දැකපු නැති අයත් එකතු වෙනව. ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නෙ Kate Winslet, Cliff Curtis, Edie Falco සහ Jemaine Clement පිරිස. මෙදා සැරේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් එකතු වෙන්නේ James Horner වෙනුවට Simon Franglen විසින්. James Horner තමයි ඇවටර් 2009 සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වුනේ. ඔහු 2015 වසරේ මියයනවා. ඒ නිසා මේ වතාවේ කැමරන්ගේ තේරීම වෙන්න Simon Franglen. මේ දෙන්නම කැමරන් එක්ක මිට කලින් වැඩ කරලා තියෙන අය. ඒ වගේම සංගීතයෙන් කිසිම අඩුවක් මෙවරත් දැනෙන්නේ නැහැ අපිට. ඇත්තටම කැමරන්ගේ ඇවටර් සිනමාපටය ගොඩක් විශේෂ වෙන්නේ මේකේ තියෙන විශුවල් නිසා. අනූව දශකයේදී කැමරන්ගේ ඔලුවේ තිබුණු සංකල්ප තිරයක් මතට අරගන්න 2009 වෙනකම් ඉන්න උනෙත් ඒ සඳහා භාවිතා කරපු තාක්ෂණය දියුණු මට්ටමට පැමිනෙනකම් බලන් ඉන්න වෙලා තිබ්බ නිසා. මෙවරත් එහෙමයි. Avatar: The Way of Water (2022) Sinhala Subtitles
ඇවටර් 2 සහ 3 සිනමාපට ද්විතවයම එකට රූගත කළා කියල කියන්නේ. තවත් තැන්වල කියවෙනවා තෙවැනි සිනමාපටය රූගත කරලා තියෙන කාලය පැය නවයකට අසන්න ප්‍රමාණයක් බව. ඒ කියන්නේ කපන පහත්තයගේ කතුරට කැපිල කෙටිලා නැති ධාවන කාලය. ඒ වගේම තව තැනක කියවෙනවා සිනමාපට පහේම කතාව ඊට අදාළ රංගන ශිල්පින් විසින් කියවල ඉවරයි කියලත්. කොහොම නමුත් මේ සිනමාපටය නවීන තාක්ෂණය ඉහලින්ම භාවිතා කරපු එකක්, කොටින්ම මේ සිනමාපටය වෙනුවෙන් සෝනි ආයතනය කැමරන්ගේ විශේෂ ඉල්ලීමට කැමරාවක් නිර්මාණය කරලා තියෙනව. ඒ කැමරාවේ නම VENICE කියල තමා හඳුන්වන්නේ. ඒ සම්භන්ධව imdb වෙබ් අඩවියේ තිබුණු තොරතුරක් තමයි මම මේ ඔයාලට කියන්නේ. මම ඇත්තටම කැමරා සම්බන්ධව දන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකකින් මේ සම්බන්ධව අපිට විස්තර කරන්න. 🙂 Avatar: The Way of Water (2022) Sinhala Subtitles
ඒ විතරක් නෙමෙයි මේ සිනමාපටයේ රංගනයෙන් එකතු වෙලා ඉන්න නළු නිළියොත් ජේම්ස් කැමරන් තරමටම හරි හරියට මේ සිනමාපටය සඳහා මහන්සි වෙලා තියනවා. විශේෂයෙන්ම මේ සඳහා අලුතෙන් එකතු වෙලා ඉන්න කේට් වින්ස්ලෙට් විසින් ගිනස් වාර්තාවකුත් තියල තියෙනවා, ඒ විනාඩි 8+ කාලයක් දිය යට එක දිගට රැඳී සිටිමින්. එයා ඒ බිඳලා තියෙන්නේ ටොම් කෘස් විසින් මිෂන් ඉම්පොසිබල් Rogue Nation (2015) සිනමාපටයේ රුගතකිරිමකදී තියල තිබුණු වාර්තාවක්. විශේෂයෙන්ම කැමරන්ට ඕන වෙලා තියෙනව මේ ගොඩක් දේවල් ප්‍රායෝගිකවම කරන්න. සිනමාපටය බලනකොට ඔයාලට තේරෙයි කැමරන් තමන්ගේ අරමුණ මොන තරම් අපුරුවට සාක්ෂාත් කරගෙන තියෙනවද කියල. Avatar: The Way of Water (2022) Sinhala Subtitles
ඒ වගේම කැමරන්ට ඕන වෙලා තියෙනව Edward Norton‘ව තමන්ගේ ඇවටර් සිනමාපටයට එකතු කරගන්න. හැබැයි තමන්ට රඟපාන්න තියෙන්නේ මනුෂ්‍යය චරිතයක් බව දැනගත්තම එඩ්වඩ් විසින් කැමරන්ගේ ඇරයුම ප්‍රතික්ෂේප කරල තියෙනව. එඩ්වඩ්ට ඕන වෙලා තියෙන්නේ නා’වි චරිතයක් රඟපාන්න. ඒ වගේම පීටර් ජැක්සන් විසින් ලෝඩ් ඔෆ් ද රිංග්ස් නිකුත් කරපු ආකාරයට ඇවටර් සිනමාපට පෙළ නිකුත් කරලා අවසානයක් සනිටුහන් කරන්න තමන් බලන් ඉන්නව කියලත් කැමරන් කියල තියෙනව. හැබැයි ඉතිං මේ සිනමාපටයේ ආදායම් අතින් සාර්ථක වීම මත ඒ දේවල් තීරණය වෙනවා කියල කලින්ම කැමරන් කිව්වා. Avatar: The Way of Water (2022) Sinhala Subtitles
ඒක ගැන නම් ඇත්තටම කැමරන්ට මහා ලොකු බයක් වෙන්න දෙයක් නැහැ, මේ වෙනකොටත් ආදායාම ඇමරිකානු ඩොලර් බිලියන 2+ වෙනවා. ඒ වගේම imdb වෙබ් අඩවියේ මනාප පළකිරීම් 321,000+ අතරින් 7.8ක් වගේ ඉහළතම අගයකුත්, මේ උපසිරැසිය ඔබට ලබාදෙන දවස වෙනකොට RT වෙබ් අඩවියේ 76%ක විචාරක අගයකුත් 92%ක ප්‍රේක්ෂක විචාරක අගයකුත් ලබාගන්න මේ සිනමාපටය සමත් වෙලා තියෙනව. කොහොම නමුත් කැමරන් එක දිගට ඇවටර් සිනමාපට පෙළ නිකුත් කරනව කිව්වට ඇවටර් 3 සිනමාපටය අපිට දකින්න ලැබෙන්නේ 2024 වසරේ දෙසැම්බර් 20 විධියටයි දැනට සඳහන් වෙන්නේ. 😛 Avatar: The Way of Water (2022) Sinhala Subtitles
ආබාධිත මැරීන් භටයෙක් වෙලා හිටිය ජේක් සුලිවන් අන්තිමේදී පැනඩෝරාවෙ ස්ථිර වැසියෙක් වෙච්ච විධිය ඔයාලට මතක ඇතිනේ ? ඒ සිනමාපටය තවමත් නරඹලා නැත්නම් අනිවාර්යෙන්ම මේක බලන්න කලින් ඒක බලලා ඉන්න. නැත්නම් කතාව තේරෙන්නේ නැහැ. කැමරන් කියන්නේ නම් මේක එයා නිර්මාණය කරනකොට සෑහෙන්න උනන්දු වුනේ ආදරය සහ පවුලක බැඳීම් ඉස්මතු කෙරෙන අන්දමේ කතාවක් නිර්මාණය කරන්න කියල. කොහොම වුණත් ඉතිං අද මම මේ සිනමාපටයේ කතාව ගැන වචනයක්වත් කියන්නේ නැහැ. කිසිම විස්තරයක් නැතුව ඔයාලව පැන්ඩෝරාවෙ අතරමං කරවන්නයි මට ඕනා. Avatar: The Way of Water (2022) Sinhala Subtitles
ඇත්තටම මේක සිනමාශාලාවකින් ත්‍රිමාණව දකින්නම ඕන ලෝකයක්. ඒ බව මේක සිනමාශාලාවකින් නරඹපු හැමෝම සාක්ෂි දරාවි. එහෙමනම් තවත් උපසිරසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජය!Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Director : James Cameron
Writing Credits : James Cameron, Rick Jaffa, Amanda Silver
Music by : Simon Franglen
Cinematography by : Russell Carpenter
Running time : 192 min
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත් සඳහා ලබා දී ඇත
59,082 downloadsDownload Avatar.The_.Way_.of_.Water_.2022-BR.zip123 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “රංග ප්‍රසන්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Subtitles
- #2022
- #Box Office Hits
- #CCH Pounder
- #Dileep Rao
- #Editor's Pick
- #Giovanni Ribisi
- #Joel David Moore
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sam Worthington
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen Lang
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #Zoe Saldana
- #උපසිරැසි
- #රංග ප්‍රසන්න
- #ශාන් විමුක්ති [විමා]
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
56 comments
Shamal Manojan
Ishan
Thank you
Shamal Manojan
හුරේ! මමයි එක.
Anonymous
Kohomada film eka download karanne
විමා
https://baiscopedownloads.co/
ඕකට ගිහින් සර්ච් කරන්න
Naveen Mbr
බොහොම ස්තූතියි අයියේ!
Udara
උපසිරැසියට බොහොම ස්තුතියි සහො.
Carnival row එකේ ඉතුරු ටිකට උපසිරැසි දෙන්නේ නැද්ද?Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Udara Damith
ඩිස්ට
Anonymous
Thanks for sub
Anonymous
මට මේකේ පලවෙනි ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කෙටියෙන් දන්න කෙනක් කියන්නකෝ,බැලුවට දැන් මතක නෑ?
සබ් එකට තැන්ක්ස් විමා සහෝ, ඔයා කරපු නිසා රහටම ඇති සබ් එකHishan
ආයෙත් බලපං ඉතිං මුල් movie එක...
Anonymous
thenx
ආසිරි ප්‍රියන්ත (හේවා)
මරු මරු. ආයෙ පාරක් බලමු ඒනම්...
සබට තෑන්ක්ස් ඈ ඩබලටම.Udara Damith
elaaa
Chaminda
Thanks Bro sub 1ta ❤️❤️❤️❤️❤️
Kelum Premadara
තවමත් කොළඹ CCC එකේ යනවා... ගිහින් බලන්න... ගන්නම ඕන අත්දැකීමක්...
Nuwan
Thanks sub ekata❤️ denkan hitiye
Anonymous
Thanks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුති.
BR එක ලඟදි එයිද දන්නෑThanusha
Teligrame eken ganna
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharindu Wanasinghe
ඇත්තටම ඇවටර් පළමු සළරුවෙන් තමයි SRT සිංහල උපසිරසියක් එක්ක පළමු වරට චිත්‍රපටයක් නැරඹුවේ..ඒක අලුත් අත්දැකීමක් උනා...ඒක පස් වතාවකට වැඩිය බලලා තියනවා..ඇවටර්2 සිනමා ශාලාවකින් බලන්න ආසාවෙන් හිටියත් ඒක මගහැරුනා..ඇවටර් පළමු සඋපසිරසිය ලබා දුන්න රොයිලි සොයුරාත් දෙවන සළරුවේ රස නොමරා ඒ විදියටම ලබා දුන්න ශාන් සොයුරාටත් බොහෝම ස්තූතියි...ජය..
Anonymous
Bohoma Sthuthy shodaraya! !!
Asanka Nadeeshan
Thaks Saho... All the best
Manu
Godak Sthuthi..Jaya wewa!
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි. සබ් වැටෙනකල් හිටියේ ආයෙ පාරක් බලන්න. ජයවේවා!
shihan
Thank you brother
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි විමා සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!viraj
thanks.......
Pavith Wijesooriya
ස්තූතියි අයියේ සබට. හෝල් එකෙත් බැලුවා. දැන් ආයෙත් සබ දාලා බලනවා. සුපිරී ආ...
Kushan
Sub akta thanks
Tharuka
Thanks bro sub ekata
lakshan
thanks .....................
Anonymous
Meka download karaganeee kohomada movie eka torrent Web eka dannaaa
Buddhika Lakmal (laKMal)
දෙන්නටම බොහෝම ස්තූතියි මචංලා......
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥chinthaka.max4
thankx machan
Dhananjaya Gamage
සුපිරි
M Saidish Alhilal
Thank you bro for the subtitle. You are the best man. Keep it up bro. Waiting for more sub"s from you! Specially I need to Biscode team also. Good luck brothers. Great work and highly appreciate your team works. Thank you again. I got lots of subs from this web. Thank you again and again.
sujith sanjeewa
super
ishan
thnks brothers
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Wapasela
Thank malli, so much
Sahan Gayantha
thanks a lot saho sub ekata
M. Jay
උබලා ඔක්කොටම සුභම සුභ අවුද්දක් වේවා.. ජයෙන් ජයම වේවා.. ආදරෙයි
Madushanka
Thanks bro
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි!!!❤
Kushan
Thanx for the sub
Anonymous
Thank you for subtitles
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sisira
thanks
Waruni
Can I have the link via email
විමා
අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකෙන් අරගන්න.
Malith samarawickrama
Thanks so much oyala dennatama sub eka dunnata
Malshan Waidyarathna
බොහොම ස්තුතියි...
ජයෙන් ජයම වේවා....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Avatar: The Way of Water (2022) Sinhala Subtitle | පුතෙක් වෙනුවට පුතෙක්! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/1_orig-16.jpg)
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ