Watch Trailer

Black Water: Abyss (2020) Sinhala Subtitles | භූගත ගුහාවේ කිඹුලෙක් ! [සිංහල උපසිරැසි]

Deep Blue Sea 3 චිත්‍රපටයෙන් පස්සෙ ඔයාලව හම්බෙන්න පොරොන්දු වුනේ George of the Jungle චිත්‍රපටයෙන් වුනත් කලින් වෙන් කරගෙන තිබුන මේ Black Water Abyss (2020) චිත්‍රපටයේ හොඳ කොපි නිකුත් වුන නිසා ඔන්න අනිත් ඔක්කොම පැත්තක දාලා මේක අරගෙන ආවා. කට්ටියට මතක ඇති 2007 වසරේ නිකුත් වුන Black Water කියන කිඹුලෙක්ග…

Deep Blue Sea 3 චිත්‍රපටයෙන් පස්සෙ ඔයාලව හම්බෙන්න පොරොන්දු වුනේ George of the Jungle චිත්‍රපටයෙන් වුනත් කලින් වෙන් කරගෙන තිබුන මේ Black Water Abyss (2020) චිත්‍රපටයේ හොඳ කොපි නිකුත් වුන නිසා ඔන්න අනිත් ඔක්කොම පැත්තක දාලා මේක අරගෙන ආවා. කට්ටියට මතක ඇති 2007 වසරේ නිකුත් වුන Black Water කියන කිඹුලෙක්ගෙන් බේරෙන්න උත්සාහ දරන පිරිසක් වටා ගෙතුන චිත්‍රපටය. මේ චිත්‍රපටය ඒකෙ Sequel එකක්. අධ්‍යක්ෂණයත් මේකේ මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂකයා Andrew Traucki විසින්මයි. මෙයාම තමයි අර මෝර චිත්‍රපටය The Reef (2010) අධ්‍යක්ෂණය කළෙත්. නළු නිළි පිරිස විදිහට The Meg (2018), Chips (2017) වැනි චිත්‍රපට වල රඟපෑ Jessica McNamee, ඒ වගේම The Tomorrow People ටීවී සීරීස් එකේ හිටපු Luke Mitchell ව‌ගේම Amali Golden, Benjamin Hoetjes, Anthony J. Sharpe වැනි අය දායක වෙලා තියෙනවා. මේ වෙද්දි මේකට ලැබිලා තියෙන IMDB අගය නම් 4.6 ක්. ඇත්තම කියනවා නම් මම සබ් කරපු Crawl (2019) තරම් සුපිරියක් නොවුනත් ෆිල්ම් එකේ කියන්න තරම් වරදකුත් නෑ. සර්වයිවල් ෆිල්ම් වලට ආස අයට නම් ගොඩක්ම සෙට් වෙයි.

කතාව ගැන චුට්ටක් කියනවා නම් එරික් – ජෙන් සහ වික්ටර් – යොලැන්ඩා කියන්නෙ කසාද බැඳපු යුවළ දෙකක්. මේ හතර දෙනා වෙනසකටත් එක්ක කියලා සංචාරක මඟ පෙන්වන්නෙක් වෙන එරික්‌‌ගෙ යාළුවා කෑෂ් එක්ක යනවා මෙච්චර කාලයක් ගවේෂණය නොකරපු භූගත ගුහාවක් ගවේෂණය කරන්න. කුණාටුවක් එන බවට සලකුණු තිබ්බත් මෙයාලා ඒක ගණන් නොගෙනයි ගුහාව ඇතුළට යන්නේ. ඉතින් ඔන්න ඔතනින් පස්සෙ තමා එයාලට ප්‍රශ්න වලට මූණ දෙන්නෙ වෙන්නේ. මෙයාලගෙ ජීවිතවල ලොකු රහසක් මේ ගුහාව ඇතුලෙදි හෙළි වෙනවා වගේම, ගුහාව ඇතුළේ කිඹුලෙකුත් එක්ක කොටු වෙන මෙයාල‌ගෙන් කී දෙනෙකුට ජීවිත බේරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලටම බලන්න ඉඩ දීලා‌ George of the Jungle එකෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඒ වගේම ඔක්තෝබර් 16 වෙනිදා මේකෙ බ්ලූරේ පිටපත් නිකුත් වීමට නියමිතයි. නිකුත් වුනාම අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray  පිටපත් සඳහා අදාළ වේ.

8,518 downloadsDownload Black-Water-Abyss-2020-BluRay.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

8,518 downloadsDownload Subtitles59 KB

27 comments

  1. Praneeth

    Thanks sahooo

  2. uvindu induwara

    සහෝ an american pikle වලටයි dethstrock වලටයි sub කරනවද

  3. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Request......

    Alligator - 1980
    Alligator 2 - 1991
    Crocodile - 2000
    Blood Surf - 2000
    Croc - 2007
    SuperCroc - 2007
    The Hatching - 2016

    1. Sohan Jayasooriya

      ට්‍රයි එකක් දෙන්නම් සහෝ

  4. thushararox

    ජෝර්ජ් ඔෆ් ද ජංගල් වෙන සයිට් එකක දීල තියෙන නිසා anchorman (2004) එකට සබ් දන්නකො

    1. Sohan Jayasooriya

      භාර අරන් තියෙන එක කොහොමත් දෙන්න වෙනව සහෝ.. ඔයා කිව්ව ෆිල්ම් එකත් දෙන්න අනිවා ට්‍රයි එකක් දෙන්නම්

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  6. Amalka

    තැන්ක්ස් මචෝ සබ් එකට

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Anonymous

    web walata sub kalata kamk nha bluray awama update karanna.godak films walata site eke update wenne nha blu ray sub

    1. Sohan Jayasooriya

      අප්ඩේට් වෙලා නැති ෆිල්ම් මොනාද සහෝ?

    2. Wijitha A

      Update wela natte meka thama....BR awilla godak kal.

  9. Amalka

    තැන්ක්ස් මචන් සබ් එකට

  10. indika75

    thanks..

  11. Nelson

    Good work friend, Thanks for the sub

  12. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය!!

  13. Pasindu Madumal

    සබට තුති සොහාන් අයියේ..! ✌️❤️

  14. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි සොහාන් මල්ලි
    එනකන් බලන් හිටිය එකක් !!!

  15. Shaggy

    Thank you very much

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Malith Samarawickrama

    Thanks machan sub ekata.

  18. Shihan

    Tnx broo

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. Supun Kaushalya

    මචං පුළුවන් නම් Midsommar 2019 ෆිල්ම් එකේ සබ director's cut එකට අප්ඩේට් කරහං ඒක විනාඩි 170ක් තියනවා

  21. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  22. Dewadithya

    Thanks for sub!

  23. mindika

    Thanks!!!