කොහොමද ඉතින්. මම අද ආවේ සුපිරි ඉංග්‍රීසි කොමඩියක සිංහල උපසිරසියත් අරගෙනයි. ඉතින් මේ පල්හෑල්ල කියවන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් Sub එක බාලා කමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ. හරි, එහෙනම් අපි Sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක මගේ දෙවෙනි ෆිලුම. පුරුදු විදිහටම මේ ෆිලුමටත් Sub දෙන්න පරක්ක…
කොහොමද ඉතින්. මම අද ආවේ සුපිරි ඉංග්‍රීසි කොමඩියක සිංහල උපසිරසියත් අරගෙනයි. ඉතින් මේ පල්හෑල්ල කියවන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් Sub එක බාලා කමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ. හරි, එහෙනම් අපි Sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක මගේ දෙවෙනි ෆිලුම. පුරුදු විදිහටම මේ ෆිලුමටත් Sub දෙන්න පරක්කු වුනා.🙄 පරක්කුවේ තරම කිව්වොත් ෆිලුම මට කරන්න බාර දීලා දැන් මාසෙකටත් වැඩියි. ඉස්කෝලේ වාර විභාගෙයි, ශිෂ්‍යභට කඳවුරකට සහභාගී වීමට සිදු වීමයි තමයි මේ වගේ ශෝඛජනක තත්වයක් උදා වුනේ. ඒත් ඒකෙන් එක හොඳ දෙයක් වුනා. දඩිබිඩි ගාලා Sub එක නොකර, ටිකක් වෙලා අරගෙන Sub එක උපරිම හොඳට කරන්න පුළුවන් වුනා. මේ ෆිලුම හොයාගෙන මට වෙන් කලෙත්, මුල ඉඳලම මගේ පස්සෙන් හිටියෙත්, අවවාද අනුශාසනා එහෙම දුන්නෙත් තිසර නියෝ අයියා. ඉතින් කරන්න වැඩ කෝටියක් තිබ්බත් (මම එහෙම හිතනවා😋) මම වෙනුවෙනුත් කාලය වැය කරලා Sub එකේ ගුණාත්මකභාවය වැඩි කිරීමට උදව් කිරීම සම්බන්ධයෙන් මගේ කෘතඥපූර්වක ස්තූතිය තිසර නියෝ අයියට හිමි වෙනවා. කොටින්ම කිව්වොත් මම ඊළඟට සබ් කරන්න ඉන්න ෆිලුමත් මට හොයලා දුන්නේ තිසර අයියාම තමයි. තව මගේ Sub එකට සප් එක දීපු සෙට් එකක් ඉන්නවා අමතක නොකරම බැරි. ඒ අම්මා, තාත්තා, මාමා ඇතුළු මගේ පවුලේ කස්ටිය. මට පාඩම් කරන වෙලාවට අමතරව මේ දේවල් වලටත් ඉඩක් දීම පිළිබඳව මම මාර විදිහට සතුටු වෙනවා. (එහෙම කිව්වට මම දවසම කරන්නේ Lap එක ගාවට වෙලා ඉන්න එක තමයි) බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ලටත් මට මේ අවස්තාව ලබාදීම ගැන ස්තුති කරනවා. ඇයි මට ඉන්න සුභ පතන්නෝ Set එක? මගේ පලවෙනි සබ් එකට සුභ පතපු, කමෙන්ට් කරපු අය නිසා වුනු දිරිමත් කිරීම තමයි දෙවෙනි ෆිලුමකටත් Sub කරන්න හේතු වුනේ. අපි ෆිලුමේ පසුබිම පොඩ්ඩක් බලමු.
ඇමරිකානු නිලි Beanie Feldstein සහ ඇමරිකානු නිලි Kaitlyn Dever ප්‍රධාන චරිත ලෙස රඟන “Booksmart” සිනමා නිර්මාණය IMDB අගය 7.2 ලෙසත් Rotten Tomatoes අගය 97%ක් ලෙසත් Google Users අගය 83% ලෙසත් සටහන් කිරීමට සමත් වෙලා තියෙනවා. Comedy ගණයට අයිති වෙන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුප්‍රකට නිලි Olivia wilde විසින්. මතක නෑ? අර Tron Legacy, Cowboys & Aliens, Rush, The Girl Next Door චිත්‍රපටවල රඟපෑවේ? ආන්න එයා තමයි. මුළු ෆිලුමම රූගත කරලා තියෙන්නේ එක්සත් ජනපදය පැත්තේ. ෆිලුම Release වෙලා තිබුනේ 2019 මැයි 24 වෙනිදා ඇමරිකාවේ. පැයකුත් මිනිත්තු 42 කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ගෝතම් සම්මාන උළෙලේ සම්මාන දෙකකට හිමිකම් කියන බවයි සඳහන් වෙන්නේ. Star Wars: The Last Jedi(2017) චිත්‍රපටයේ ලුතිනන් කොනික්ස් ලෙස රංගනයෙන් දායක වන Billie Lourd වත් මේ චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. ඒවගේම ෆිලුමට නිෂ්පාදන දායකත්වය සැපයෙන්නේ Missing Link (2019) සහ Detoit (2017) නිෂ්පාදනය කල Annapurna Pictures වෙතින්. ඉතින් මේ ෆිලුමෙත් වෙනදේ ගැන ලොකුවට විස්තර කරන්න යන්නේ නෑ.
මේකේ ප්‍රධාන චරිත දෙක ඒමියි මොලීයි පට්ට බොක්කවල් දෙකක්. ඒ කියන්නේ අඹ යාළුවො. මෙයාලගේ වයස අවුරුදු විස්සයි, ඒ කියන්නේ High School එකේ අන්තිම අවුරුද්ද ගෙවන්නේ මේ කාලේ. ඉතින් ෆිලුමේ මේ යාළුවො දෙන්නව දෙපැත්තට කරන්න කිසිම කෙනෙක්ට බෑ. මේ දෙන්නගෙන් මොලී ඩේවිඩ්සන් කියන චරිතේ පොඩ්ඩක් ආත්මාර්ථකාමී, කැපී පෙනෙන්න දඟලන කෙනෙක්. ඒමි ඩග්ලස් කියන චරිතේ කිසි ප්‍රායෝගික දැනුමක් නැති, ලාමක චරිතයක්. මේ දෙන්නා අතරේ කිසිම ගැටළුවක් උපාධි ප්‍රධානෝත්සවයට කලින් දවස වෙනකම්ම ඇති වෙලා තිබුනේ නෑ. මේ දෙන්නා ආතල් ගන්න එක පැත්තකින් තියලා පොත පතේ වැඩ විතරක් කරන්න යොමු වුන දෙන්නෙක්. කොච්චරද කිව්වොත් මෙච්චර කාලෙකට කිසිම පාර්ටියකටවත් ගිහින් නෑ. වෙලාවකට මෙයාලා ප්‍රින්සිපල්ටත් වඩා උවමනාවෙන් ඉස්කෝලේ ගැන හිතනවා. මේක ප්‍රින්සිපල්ටත් වාතයක් වෙලා තිබුනේ. මෙච්චර මහන්සි වුනත් මොලීට දැනගන්න ලැබෙනවා මෙච්චරකල් ඉගෙනගන්න එක ගැන, ඉස්කෝලේ ගැන නොහිතපු, දන්න කියන හැම ආතල් එකක්ම ගත්ත, හැමදාම පාටි තිබ්බ අයටත් එයාලා යන විශ්ව විද්‍යාලවලටම යන්න වරම් ලැබිලා කියලා. ඉතින් මේකට එයාට නහුතෙට නගිනවා. මොකද එයාලා විතරයි පොත පතේ වැඩ විතරක් කරලා තියෙන්නේ. ඉතින් මෙයාලා තීරණය කරනවා අවුරුදු හතරක් තිස්සේ ගන්න බැරි වුනු ෆන් එක එක රැයක් තුල ගන්න. මේ ෆන් එක කෙලවර වෙන්නේ ඒමි ඩග්ලස් හිර කූඩුවටත් ගිහින්. 🤣 ඒ ඇයි කියලා මම කියන එක හරි නෑනේ. ඒක ඔයාලම හොයාගන්න.
උපාධි ප්‍රධානෝත්සවයට පස්සේ ගිම්හාන නිවාඩුව ගත කරන්න ඒමි අප්‍රිකාවට යන්න තීරණය කරනවා. එයා යන්නේ ඇයි කියලත් ඔයාලා ෆිලුම බලලම හොයාගන්න. සතුට, දුක, තරහව, සෙනෙහස හැම දෙයක්ම කැටි කරලා හදලා තියෙන මේ චිත්‍රපටය ඇත්තටම සුපිරි ෆිලුමක්. ෆිලුම දිවෙන කාලය පුරාම ඔයාගේ මූණ සිනාවකින් වැසෙන්නේ නිරායාසයෙන්මයි.ඉතින් ඕකයි ෆිලුමේ තත්වේ. කොමඩියක් නිසා පොඩ්ඩක් දෙබස් වැඩියි. ඒ නිසා මට වැඩිපුර මහන්සි වෙන්න උනා. ඉතින් මම හිතෙනවා ඔයාලා ඒ මහන්සියට වටිනාකමක් විදිහට යමින් ගමන් Sub එකේ හොඳ නරක කියලා කමෙන්ටුවක් ගහන් යයි කියලා. මොකද ඒකෙන් මගේ අඩුපාඩු හදාගන්නත්, මානසික තෘප්තියක් ලබන්නත් පුළුවන් වෙයි. ඒක මගේ ඉදිරි උපසිරසි වලට ලොකු ශක්තියක් වේවි.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,991 downloadsDownload Booksmart.2019.zip77 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු ප්‍රභාෂ (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිඳු ප්‍රභාෂ (පසියා)
Subtitles
69 comments
bimsra
phenomenal_pasiya
oyaatah thanks bro!
කවිශල් රසින්ත (කවී)
Baiscope පවුලට අලුතින් එකතු වුනා වගේම ඉස්සරහට ලොකු ගමනක් යමු. සුපුරුදු පරිදි Sub එකට බොහොම ස්තූති වේවා.එහෙනම් ජය වේවා...!!✌️
phenomenal_pasiya
අනිවා අයියේ. ඔයාටත් බොහොම ස්තුතියි. ජය වේවා...!!
gihan perera
නියමයි මචෝ මල්ලියේ....පට්ට කොමඩියක්....ස්තුතියි මහන්සි වෙලා උපසිරැසි දුන්නට මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
phenomenal_pasiya
බොහොම ස්තුතියි දිරිමත් කිරීමට... ඔයාටත් දෙවි පිහිටයි...ජය!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
phenomenal_pasiya
ඔයාටත් බොහොම ස්තුතියි සහෝ...!
Deshani
thank you :)
phenomenal_pasiya
Thank you too!
PramothC
Thanks mcn
phenomenal_pasiya
oyaatath thanks mcn
chandima_herath
thanks yalu sub ekata
phenomenal_pasiya
oyaatath thanks yalu!
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
phenomenal_pasiya
Thank You Too Bro!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
phenomenal_pasiya
ඔයාටත් තෑන්ක්ස්!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
phenomenal_pasiya
ඔයාටත් බොහොම ස්තුතියි
Thisara karunanayaka
නියමයි සබ් එක එල බ්‍රෝ
නියම ෆිලුමක් තෑන්ක්ස්phenomenal_pasiya
ඔයාටත් බොහොම ස්තුතියි!
Suranjan
Thanks jayawewa......,!
phenomenal_pasiya
thank you too, jayawewa!
Isharrox
Thanks sub akata
phenomenal_pasiya
Thank you too
තිසර නියෝ
උපසිරසියට තුති මලේ .. ජයවේවා
phenomenal_pasiya
ඔයාටත් බොහොම ස්තුතියි අයියේ, ජයවේවා!
vsisuru
elama sahoo
phenomenal_pasiya
ස්තුතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!phenomenal_pasiya
ඔබටත් ස්තුතියි. තෙරුවන් සරණයි
indika75
thanks..
supun1234
thanks malliiya.....
Chalindu sankalpa
Thanks bro
arawindasunimal
thanks sub ekata jayawewa
Dewadithya
Thanks for Sub!
danushkadmax
nice
Shehan Pramuditha
Thanks bro
dsdkavishka
Thenks bro
nishajaya
thanks bro! well done..
Kathum_Niranga
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම පලමු උපසිරසට සුභපැතුම්..දිගටම උපසිරස ලබා දෙමු. බුදුසරණයි..ජය වේවා..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
MAALnath
Thanks .......................good ............luck ....................
Prabhasoft
Thanks Bro... Jayawewa...
ranga11112
niyamai male
Madhu@7
එල! පුළුවන් නම් Code 8 (2019) movie එකට සබ් දෙන්න. ඒක සුපිරියක්. ඇරෝ එකේ ඔලිවර් ඩයල් එකත් ඉන්නවා
phenomenal_pasiya
එලම! උපරිමය කරන්න බලන්නම්. බොහොම ස්තුතියි!
Stranger
thanks
Thisal Prabod
Thanks .Code 8 ekatath sub eka denna puluwanda
phenomenal_pasiya
අනිවාරෙන්ම!
superadmin
Code 8 එකටත් සබ් එක දෙන්න
phenomenal_pasiya
උපරිම උත්සහයක් දෙන්නම් සහෝ!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පසිඳු සහෝ.
ජයෙන් ජයම වේවා!HIRANLASITHA
Thanks bro, ela...
jagath55
Thanks
lakshansmt
ade uba 5 da? :)
AsithaDilruwan
ela saho thanks
SangeethRox
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachinweerrasinghe
Sub eka maruwata thibba
Pramukmili
Thanx bro............
nipun49
Thank mchn
mindika
Thanks !!!!
Malith
thanks buddy ..
Chami
Thanks......
Sahan Gayantha
thanks a lot pasindu saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thnx bro sub ekata