Zee 5 ඒකේ සැප්තැම්බර් 10 වෙනිදා දමිළ, තෙළිඟු යන භාෂා දෙකින්ම නිකුත් වුණ මේ චිත්‍රපටිය අද වෙනකොට (2021 ඔක්තෝබර් 2) IMDb අගය 6.6/10 විදිහටත්, ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතය 94%ක් විදිහටත් ලබාගෙන තියෙනවා. කාර්තික් යෝගී කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය සහ කතාව යන මේ දෙකම කරලා තියෙනවා. “මේක 2027 අවුරුද්ද. හද…

Zee 5 ඒකේ සැප්තැම්බර් 10 වෙනිදා දමිළ, තෙළිඟු යන භාෂා දෙකින්ම නිකුත් වුණ මේ චිත්‍රපටිය අද වෙනකොට (2021 ඔක්තෝබර් 2) IMDb අගය 6.6/10 විදිහටත්, ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතය 94%ක් විදිහටත් ලබාගෙන තියෙනවා. කාර්තික් යෝගී කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය සහ කතාව යන මේ දෙකම කරලා තියෙනවා.
“මේක 2027 අවුරුද්ද. හදිසියෙම නරගරයෙම විදුලිය බිඳ වැටීමක් වුණා. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය නඩත්තු සේවකයෙක් වුණ මනී මේ විදුලි බිඳවැටීම ගැන සෝදිසි කරන්න මානසික රෝහලකට යනවා. මනී ඒ ගැන සෝදිසි කරගෙන සංඥා එන දිහාවට යද්දි, සංඥා එන්නෙ කැඩිච්ච කාර් එකක් පැත්තෙන්. කාර් එකේ ඩිකියේ ‘ඩිකිලෝනා’ කියලා ගහලත් තියෙනවා. කාර් එකේ ඩිකිය ඇතුලෙ කෙනෙක් ඉන්නව දැකල මනී ඩිකිය අරිනවා. ඩිකිය ඇතුලෙ උමඟක්. මනී උමඟෙන් ගිහින් කාමරයකට ඇතුල් වෙනවා. ගිහින් බලද්දි ඒ කාමරය ඇතුලෙ කෝට් ඇඳගත්ත මිනිස්සු ටිකක් ඉන්නවා. මේ කාමරේ මැද්දෙ විශාල දොරක් තියෙන යන්ත්‍රයක්. මේ විද්‍යාඥයින් පිරිසක්. එයාලා කාල යන්ත්‍රයක් ගැන පරීක්ෂණයක් කරමින් ඉන්නෙ. තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන මේ යන්ත්‍රය මනී නිසාම ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතනට ප්‍රබල කෙනෙක් සම්ප්‍රාප්ත වෙනවා. කාල තරණය කරන්න පුළුවන් තැනට මේ ප්‍රබලයා යන්ත්‍රය නිර්මාණය කරනවා. කාලය ආපස්සට යන්න පුළුවන් කියලා හිතද්දි මනීට අවුරුදු ගාණක් හිතට වද දෙන ප්‍රශ්නයක් තමයි එයාගේ කසාදේ. මනී හිතනවා කොහොම හරි 2020ට ගිහින් එයාගේ කසාදය නවත්වන්න ඕනේ කියලා. මනී කොහොම හරි මේ ප්‍රබලයගෙ උදව්වුවෙන් කාලය ආපස්සට ගියාද කියලයි මේකේ ඉතිරි කතාව. බලාගෙන! කතා අහද්දි පරිස්සමින්. කතා අහන්න ගියහම කියන්නෙ කවුද? ඉන්න තැන මොකක්ද කියලත් දන්නෙ නැහැ. ඩිකිලෝනා(ආපස්සට) ගිහින් බලන්නකෝ!”
ඩිකිලෝනා? දෙමළ චිත්‍රපටි රසිකයෙක් නම්, විශේෂයෙන්ම හාස්‍යජනක කොටස් බලනවා නම් මේ වචනය අලුත් නැහැ. Gentlemen (1993) චිත්‍රපටියේ ගෞණ්ඩමණි, සෙන්දිල් දෙන්නගෙ හාස්‍ය ජවනිකාවකයි මේ නම එන්නෙ. කතාවෙ සුගන්ධි(සුභාශ්‍රී) කියන නගෙරෙන් ආව කෙල්ලෙක් අලුතෙන් එක එක විදිහෙ සෙල්ලම් හොයාගෙන බබ්ලුත්(සෙන්දිල්) එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවා. දවසක් මේ දෙන්නා සෙල්ලම් කරද්දි මනී(ගෞණ්ඩමණි) මෙතනට ඇවිත් අහනවා මේ අය කරන සෙල්ලම මොකක්ද කියලා. බබ්ලු කියන විදිහට දෙන්නෙක් දුරින් පිටුපාලා හිටගෙන, කොන්ද නමාගෙන ‘ඩිකිලෝනා’ කියාගෙන පස්සෙන් පස්සට එන්න ඕනේ. කොහොම හරි හැමදාම වගේ මනී, බබ්ලු පස්සෙන් පස්සට එද්දි පස්සට විසි වෙන්න පයින් පාරක් ගහනවා.
මේ හාස්‍ය ජවනිකාව නිසා “ඩිකිලෝනා” කියන වචනය බිහි වුණා. මේක චිත්‍රපටියෙ තැනකදිත් පෙන්වලා තියෙනවා. චිත්‍රපටියට ඩිකිලෝනා කියලා නම දැම්මේ “ආපස්සට” යන නිසා කියලා අධ්‍යක්ෂකවරයා කියලා තියෙනවා.
2019දි මෙහෙම කාල යන්ත්‍රයක් ගැන චිත්‍රපටියක් එනවා කියලා ප්‍රචාරණය කලා. ක්‍රිකට් වලින් විශ්‍රාම ගත්ත හර්බජාන් සිං පවා රඟපානවා කියලා තිබුණා. 2020දි නිකුත් කරන්න තිබුණත් “කොරෝනාවා” නිසා දිනයක් නැතුවම කල් ගිහින් තිබුණා.
අවුරුද්දකටත් වඩා කල් ගිහින් මේ චිත්‍රපටය කොහොම හරි එලියට ආවා. ඒත් සන්තානම්ගේ තවත් එන්න තියන චිත්‍රපටි ගණනාවක් තවමත් ප්‍රමාද වෙමින් තියෙනවා. කොහොමින් හරි චිත්‍රපටිය Zee 5 එකේ ඔන්ලයින් නිකුත් වුණා. මේ චිත්‍රපටය ගැන කතා කරද්දි මේ චිත්‍රපටියේ ප්‍රචාරණය වඩාත් ප්‍රසිද්ධ වෙන්න ප්‍රධාන කාරණාවක් තමයි “Per Vachchalum” කියන සින්දුව. Michael Madan Kama Rajan (1990) චිත්‍රපටියේ “Per Vachchalum” සින්දුව ඉලයරාජාගෙ ජනප්‍රිය සින්දුවක්. මැලේසියා වාසුදේවන්, එස්. ජානකී මේ සින්දුව ගායනා කරනවා. එදා ඉඳන්ම මේ සින්දුවට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි. ඉලයරාජාගෙ පුතා යුවන් ශංකර් රාජා මේ සින්දුව චිත්‍රපටියට ලස්සනට රීමික්ස් එකක් කරලා තියෙනවා. සින්දුව පරණයි කියලා නොහිතෙන තරමට. ඉලයරාජා පහුගිය දවසක වීඩියෝ එකක් දාලා තිබුණා මේ සින්දුව ගැන. මේ සින්දුව ලිව්වෙ ප්‍රබල ගී පද රචකයෙක් වුණ ‘කවිඥනර් වාලි’! Sillunu Oru Kadhal (2006), Kadhalan (1994), Gajini (2005), Goa (2010), Maryan (2013) වගේ ආදරණීය තේමා වගේම හැම තේමාවකටම වාලි ගීත රචනා කරලා තියෙනවා. හොඳම චිත්‍රපටි කියලා කෙටි ලැයිස්තුවක් හදාගන්න බැරි තරමට. වාලි මේ “පේර් වච්චාලුම්” සින්දුවේ තාලය අල්ලලා තියෙන්නෙ තිරිකුරල් වල “තුප්පාය තුප්පාකි තූවුම්” කුරල් තාලයට කියලා ඉලයරාජා කිව්වා.
යුවන් මීට කලිනුත් ඉලයරාජාගෙ සින්දු, පසුබිම් වාදන රීමික්ස් කරලා තියෙනවා. Apoorva Sagodharargal (1989) චිත්‍රපටියේ අප්පුගෙ දුක්බර පසුබිම් වාදනය Chennai 600028 (2016) චිත්‍රපටියේ “Gopi’s Bat Theme” විදිහට රීමික්ස් කලා. යුවන් වගේ ප්‍රමුඛ පෙළේ සංගීත අධ්‍යක්ෂක වරයෙක් සන්තානම්ගේ චිත්‍රපටියකට සංගීතය සපයන මුල්ම අවස්ථාව මේක.
සන්තානම් එක්ක මේ චිත්‍රපටියේ හාස්‍ය නළුවන් බොහෝ ගණනක් එකතු වෙනවා. තමිල්නාඩුවට දැන් අත්‍යාවශ්‍යම විකටයා යෝගි බාබූ, මොට්ට රාජේන්ද්‍රන්, මුනිෂ්කාන්ත්, චිත්‍රා වගේම ජ්‍යෙෂ්ඨ නළුවන් වුණු ආනන්දරාජ්, නිගාළල් රවී යන අයත් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං.
සන්තානම් කර්මාණ්තේ අල්ලගෙන ඉඳලා, එක පාරටම නළුවෙක් වෙන්න හිත වෙනස් වෙලා විකට චරිත රඟපාන එක නතර කරාට පස්සෙ ඊලඟට හිටිය සූරිට වැඩි දෙයක් කරගන්න බැරි වුණා කියලා Dagaalty (2020) චිත්‍රපටියේ ලිපියෙන් මම කිව්වා. මේ අතරේ නැඟිලා ආව විකට නළුවෙක් තමයි යෝගි බාබු. වැඩි කාලයක් නොගිහින්ම යෝගි බාබු ඉතාමත් ජනප්‍රිය වුණා. ප්‍රධාන චරිත රඟපාන තරමට බාබූ ඉස්සරහට ආවත් සහය චරිත රඟපාන එක නතර කරේ නැහැ. සන්තානම්ගේ ඩගාල්ටි චිත්‍රපටියේ පවා නිහතමානීව රඟපාලා තිබුණා. තමන්ගේ තරඟ කරුවන්ගේ චිත්‍රපටි වල සහය චරිත රඟපාන එක සාමාන්‍යයෙන් සිද්ද නොවෙන දෙයක්. මේ චිත්‍රපටියේ බාබුගේ චරිතය බොහොම හාස්‍යජනක චරිතයක්. බාබුගෙ කොටස් තව ටිකක් දිගු කලා නම් කියලා හිතෙන තරමටම. බාබුට මේ වගේ චරිත හම්බවෙන්නෙත් අහම්බෙන්.
ඊලඟට අමතක කරන්න බැරිම චරිතයක් තමයි ‘ලොල්ලු සභා’ මාරන්. මේ චිත්‍රපටියේ මාරන්ගේ ජනප්‍රිය වුණ දෙබස් යූ ටියුබ් ෂෝර්ට්ස් වල, හෑෂ් ටැග්වල නිතරම දකින්න පුළුවන්. මේ චිත්‍රපටියෙදි සන්තානම්, මාරන්ට කැපිලා පෙනෙන්න හොඳ අවස්ථාවක් කරලා දීලා සැඟවිලා යන්න තිබුණ දක්ෂ නළුවෙක් මතු කරගන්න අවස්ථාවක් උදා කරලා දුන්නා.
හර්බජාන් සිං දෙමළ චිත්‍රපටි වල රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා කියලා ආරංචියක් මාධ්‍යවල තිබුණා. ඒ අතරේ මිටිය ඔළුවෙ වැදිලා තුවාල වුණු නේසමනීට යාඥා කරන්නත් (#Pray for Nesamani) හර්බජාන් සිං එකතු වුණා. මේ නේසමනී කියන්නේ ඉන්දියාවම කණපිට ගහපු මීම් එකක්. Contractor Aka Nesamani කියන මාතෘකාවෙන් නේසමනීගේ හාස්‍යජනක වීඩියෝ කොටසට අදාල සිංහල උපසිරැසි තරිඳු සහෝදරයා බයිස්කෝප් එකට දාලා තියෙනවා.
ප්‍රධාන නිළි අනගා “පේර් වච්චාලුම්” සින්දුවට ඉදිරිපත් කරපු නැටුම සමාජ මාධ්‍ය වල හුඟාක් පැතිරිලා තිබුණා. මලයාලම් නිළියක් වුණ අනගා Natpe Thunai (2019) චිත්‍රපටියෙන් දමිළ සිනමාවට ඇතුලත් වෙනවා.
සන්තානම් Manmadhan (2004), Sachein (2005), වගේ චිත්‍රපටි වල සුළු චරිතවලින් පටන් අරන් Boss Engira Bhaskaran (2010), Oru Kal Oru Kannadi (2012), Theeya Velai Seiyyanum Kumaru (2013), Nanbenda (2015) වගේ චිත්‍රපටි වල ප්‍රධාන නළු චරිතය කපාගෙන මතුවෙන සහය චරිත ඉදිරිපත් කලා. තමන්ටම කර්මාණතයක් හදාගත්ත නිසා නළුවට මාරුවෙන්න කාලේ හරි කියලා 2016 ඉඳන් තනිවම ගමනට බැස්සා. Dhilluku Dhuddu (2016) තරමක ආදායමක් ලැබුණත්, අනෙක් චිත්‍රපටි ඒ තරම් සාර්ථක වුණේ නැහැ. සන්තානම්ගේ මෑත කාලයේ විහිළු වලට කිතිකවාගෙන හිනාවෙන්න ඕනේ කියලයි රිවීවර්ස්ලා කියන්නේ.
කොහොම වුණත් සන්තානම් කාටහරි ඇද කරලා නැත්නම් අපහාස කරලා, කට කැඩිච්ච කතාවක් කියලා තමයි විහිළු කරන්නෙ. ඒවා ගොඩක් වෙලාවට කවුරහරි ඉලක්ක කරගෙන කියනවා වෙන්නත් පුළුවන්. එහෙම විහිළු කතාවක් කියලා දෙබසක්ම මාරු කරන්න වුණ සිද්දියක් ගැන මම Dagaalty චිත්‍රපටියේ ලිපියේ විස්තර කරලා තියෙනවා. මේ චිත්‍රපටියෙත් සන්තානම් කියපු සමහර දෙබස් වලට සමාජ මාධ්‍ය වලින් විවේචන එල්ල වුණා කියලා තියෙනවා. ඉස්සර චිත්‍රපටි තරම් ම නැති වුණත් සන්තානම්ගේ ‘ටයිමින් කොමඩි’ කාලෙකට පස්සෙ මේ චිත්‍රපටියෙන් දකින්න පුළුවන්. සමහර අය මේ චිත්‍රපටියේ සන්තානම් රඟපානවටත් කැමති නැහැ.
චිත්‍රපටයට සන්තානම් හුඟක්ම ඇඟ අඩු කරලා තියෙනවා. සන්තානම් චිත්‍රපටි වල රඟපාන්න ඇඟ අඩුකරගන්න, ඇඟ හදාගන්න ගොඩක් වෙහෙසිලා තියෙනවා. මුල් කාලයේ සන්තානම් ආර්යාගෙන් ඇඟ හදාගන්න උපදෙසක් අහලා තියෙනවා. ආර්යා සන්තානම්ට තැනකට එන්න කියලා තියෙනවා විශේෂ තේ එකක් බොන්න කියලා. සන්තානම් ගෙදර ඉඳන් බයිසිකලයත් පැදගෙන ආර්යා කියපු තැනට ඇවිත් තියෙනවා. ආවට පස්සෙ කියලා තියෙනවා තේ එකේ විශේෂයක් නැහැ, ව්‍යායාම කරන්න කිව්ව නම්, ඔහොම බයිසිකලයක් පැදගෙන මෙච්චර දුරක් එන්නෙ නැහැ නේද කියලා.
ද්විත්ව චරිත, ත්‍රිත්ව චරිත චිත්‍රපටවල සංස්කරණය කරද්දි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මේ චිත්‍රපටයේ සන්තානම් තුන් දෙනෙක් විදිහට පෙනී හිටියත් කිසිම තැනක අවුලක් නොකර තුන් දෙනා එකම රාමුවෙ වෙන වෙනම පෙන්වලා තිබුණා. සංස්කාරක හොඳ සංස්කරණ හැකියාවන් යොදවලා තියෙනවා මේ චිත්‍රපටයට.
මේ කතාවේ සමහර කොටස් සිද්ද වෙන්නෙ 2020දි. මේ කතාවේ තවත් කොටස් ඉස්සරහට තියෙනවා කියලා තමයි කියන්නෙ. චිත්‍රපටයේ ඩිලීට් කරපු කොටස් කීපයක්ම යූ ටියුබ් එකේ දාලා තියෙනවා. මාරන් කියන විදිහට මානසික රෝහලේ තවත් කොටස් දීර්ඝව තිබිලා තියෙනවා. මේ චිත්‍රපටය සමහරවිට 2029 වෙනකල් කතාවක් ඇති කියලත් අනුමාන කරනවා. මොකද ට්‍රේලර් එකේ ටයිටල් එක පහළින් 2020 ඉඳන් 2029 වෙනකල් සඳහන් වෙලා තියෙනවා.
ඉතින්, 2020දිත් චිත්‍රපටි එනකල් කියලා බලාගෙන ඉද්දි, ඊට ඉස්සෙල්ලා කොරෝනා ඇවිත් ඔක්කොම විනාස කරලා දැම්මා. කොහොම හරි අවුරුද්දක් විතර යනකල් චිත්‍රපටි ගැන සද්දයක් නැති වුණා. Master (2021) ඇරෙන්න තියෙටර් එකේ සාර්ථක වුණු චිත්‍රපටියක් නැති තරම්.
වැඩත් එක්ක චිත්‍රපටි ගැන අමතක වෙලාම ගියා. සබ් එකක් වත් ගහන්න බැරි වුණ අස්සෙ ‘ඩිකිලෝනා” චිත්‍රපටියත් ඇවිල්ලා. මේ තරම් හොඳ චිත්‍රපටියකට ඇයි තාම සබ් එක දාලා නැත්තෙ කියල පුදුම වුණා. කොහොමින් හරි මේ සබ් එක ගහන්න මම භාරගත්තා. සිංහලට පරිවර්තනය කරනවට වඩා වෙලාවක් ගියා ලිපිය ලියන්න. පැය 7ක් 8ක් විතර.
හැමෝටම බුදු සරණයි! දෙවියන්ගේ පිහිටයි!
“මාව පිස්සෙක් කියලා හිතන් ඉන්නවා නේද?”
“මේ ලිපිය හරිම වැදගත්!”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,987 downloadsDownload Dikkiloona-2021.zip97 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
40 comments
Anonymous
Naveen Mbr
ස්තූතියි! මට නම් වෙන එකක් නැහැ. බයිස්කෝප් එකේ කවුරු හරි ලඟදිම සබ් එක කරල දේවි.
Rahal
ලිපිය නම් ලෙසටම ලියලා
තෑන්ක්ස් මචන්Naveen Mbr
ගොඩක් ස්තූතියි! ගොඩක් සතටුයි
Kushan
Sub akta thanks
Naveen Mbr
ස්තූතියි!
Anonymous
Elazzzz
Naveen Mbr
ස්තූතියි!
Anonymous
film eka ganna link ekakuth danna puluwanda???
Naveen Mbr
ළඟදිම Baiscopedownloads එකෙන් ගන්න පුළුවන් වෙයි. Tamilyogi එකෙන් තමයි මම බා ගත්තෙ.
Naveen Mbr
ස්තූතියි!
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා ..!!
indika 75
thanks..
Anonymous
meeka HDrip walata hariyanne nadda?
Anonymous
meka HDrip walata hariyanne nadda?
Naveen Mbr
Hdrip තාම ආවෙ නැහැ මම හිතන්නෙ. HQ කොපි තමයි තිබුණේ.
Anonymous
Hama Film ekakama sub ikmanata dennawa .eth telugu,tamil movies wala sub ai parakku wela denne?
Anonymous
eka attha issara sub eka parakku unath sub aniwaryen denawa.dan ehema na.baiscope eke sub hoda nisai ehema kiyanne.
Anonymous
eka aththa dan anith hama ekema dammata passe godak dawas gihin sub eka denne
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Naveen Mbr
ඔබටත් එසේම වේවා! ස්තූතියි!
oshada
after we fell movie ekath onee
Rajitha
උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
kasun
baiscope eka mama godak movie subtitle download karapu thanak eth dan godak late welane sub enne ai e? dan ott walata dana nisa ikmanata denna puluwanne. anith ewa ada apu movie eke sub eka heta denawa. waradiyata therum gannepa meka hadaganna kiwwe mokada baiscope eka thama mama movie sub ekak ganna mulinma ena thana dan dan wena ewata yanna wela
Naveen Mbr
ඒක නම් හරියටම කියන්න දන්නෙ නැහැ සහෝදරයා. මමත් පහුගිය දවස් ටිකේ විභාග වැඩ නිසා කාර්‍යබහුල වෙලා හිටියේ. මේ අවුරුද්දෙ දෙවැනි සබ් එක තමයි මේක. සාධාරණීකරණය කරනවා නෙවෙයි ඒ අයත් මේ දවස් වල කාර්‍යබහුල වෙලා ඇති කියලා හිතනවා. ඔයාගේ අදහස් වලට ස්තූතියි!
Anonymous
Thanks machi
Anonymous
තැන්කු වේවා
Naveen Mbr
ස්තූතියි!
Udaya Fdo
Thank you
Naveen Mbr
ස්තූතියි!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Naveen Mbr
ස්තූතියි!
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Naveen Mbr
ස්තූතියි!
Buddhika Lakmal
සබ් එකටයි ලිපියටයි දෙකටම තෑන්ක්ස් මචං.. ලිපියනං පට්ට....
♥♥☻☻☺☺♥♥Naveen Mbr
ගොඩක් ස්තූතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun
thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub ekata thanks! LIFT (2021)
Friendship (2021) Tamil film walatath sub denna