අද මම අරගෙන ආවේ ඉතාමත් ලස්සන, සිනහා සාගරයේ ගිලුන, හැඟීම්බර කතාවක්. චිත්‍රපටය ගැන කියනවා නම් මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 8.1 ක අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP 250 ලයිස්තුවේ 200 වැනි ස්ථානය දිනාගත්ත සිනමාපටයක්. ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය, හොඳම නළුවා සහ හොඳම තිර රච…

අද මම අරගෙන ආවේ ඉතාමත් ලස්සන, සිනහා සාගරයේ ගිලුන, හැඟීම්බර කතාවක්.
චිත්‍රපටය ගැන කියනවා නම් මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 8.1 ක අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP 250 ලයිස්තුවේ 200 වැනි ස්ථානය දිනාගත්ත සිනමාපටයක්. ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය, හොඳම නළුවා සහ හොඳම තිර රචනය වෙනුවෙන් ඔස්කා සම්මානයට නිර්දේශ වී ඒ අතරින් හොඳම තිර රචනය වෙනුවෙන් වූ සම්මානය දිනාගෙන තියෙනව.
Dead Poets Society සිනමාපටය Peter Weir විසින් (1989) දී අධ්‍යක්ෂණය කරන ලද ප්‍රබල චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා Robin Williams රංගනයෙන් දායක වෙනවා. අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ එයා ගැන, Night at the Museum 2006, Night at the Museum 2009, Night at the Museum 2014, Jumanji 1995, Good Will Hunting (1997), What Dreams May Come (1998) වගේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට රැසකට දායක වෙලා තියෙනවා.
Dead Poets Society කතාව පැත්තට හැරුනොත් විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස රොබින් විලියම්ස් විසින් රංගනය විශිෂ්ට ලෙස නිරූපණය කරන අතර, ඔහු තම සිසුන් ස්වාධීනව හිතන්න සහ කවියක අර්ථය වැළඳ ගන්න ළමයින්ව පොළඹවනවා. මේ දේවල් වලින් පස්සේ ළමයි එයාලගේ ජීවිතේ විඳිනවා. (ඇත්තටම පාසල් කාලේ කොතරම් සුන්දරද කියල ඔයාට මේ චිත්‍රපටයෙන් නැවතත් මතක් කරල දෙනවා නොඅනුමානයි). ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දි අවසානයේ මේ යහළුවෝ ටිකට ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඔයාලම බලන්නකෝ කොතරම් හිතට වදින මොහොතක්ද ඒ කියලා.
මේ මගේ මුල්ම උපසිරැසි කරණය. අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!
෴ඔහු ඔවුන්ගේ හුස්ම විය. ඔහු ඔවුන්ගේ ජීවිත සුවිශේෂ කළේය.෴
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,895 downloadsDownload Dead.Poets_.Society.1989.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
18 comments
KKaushan
යුරාන් ධනුක (දනුවා)
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
දිගටම වැඩේ කරගෙන යමුRukshan
බුදු අම්මෝ, මේක නම් පුදුමයක්.
මේ ෆිල්ම් එකට අවුරුදු 14ක් 15ක් යනකම්
සිංහල සබ් එකක් තිබුනෙ නෑ කියන එක ලෝක පුදුමයක්.
තමන්ගෙ මුල්ම සබ් එකෙන් මොන වගේ රසවින්දනයක්
තියෙන කෙනෙක්ද කියල හිතාගන්න පුලුවන් ❤️පලවෙනි වැඩේට සුබපැතුම් සහෝදරයා.
අපිට දිගටම සබ් දෙන්න, අපි හැමදාම ඔයාලව දිරිමත් කරනවා.
ජය වේවා!
විමා
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා සහෝ.
පලවෙනි වැඩේට සුභපැතුම්.
පලවෙනි වැඩේ විධියට මේ වගේ ෆිල්ම් එකක් අරගෙන ආව එක මාර විධියට වටිනවා.
දිගටම සබ් කරමු!Nerun
ඔයාටත් තැන්කියු <3
Anonymous
marenna kalin hamoma blnn one film ekk <333
Deex
isthuthi wantha wenawa me wage baiscoplk ekata miss una sub thibun nathi golden movie walata sub deema.me wage thawa su nathi golden movies walata sub denna kiyala illanawa.
Naveen Vidusha
thanks sagoo
Bimsara Yashan(ඔලිව)
පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ. ඒකත් අරගෙන ඇවිත් තියෙන්නෙ දැනට සිනමා ශ්‍රේස්ත්‍රයේ බිහිවෙච්ච වටිනාම චිත්‍රපටයක්. දිගටම මේ වගේ ෆිල්ම් වලට උපසිරැසි ගේන්න. ජයවේවා!
Buddhika Lakmal (laKMal)
පළවෙනි සබට සුබ පැතුම් සහෝ.. පළවෙනි සබ දීල තියෙන්නෙම ගින්දර ෆිල්ම් එහෙකට...
ඉස්සරහටත් මේ වගේ මගඇරිච්ච ෆිල්ම්වලට වෙලාවක් ලැබෙන වෙලාවකට සබක් ගේමු....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සුචිත් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!sandun
මේක සුපිරියක්
Nerun
මේක නම් වටිනවා ඇ
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Viraj
Thanks
Anonymous
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dead Poets Society (1989) Sinhala Subtitles | වචන සහ අදහස් මුළු ලෝකයක් වෙනස් කරයි.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Dead-poets-society-1989.jpg)
සෑහෙන කල් ඉදන් සබ් දෙනකන් බලන් හිටපු ෆිල්ම් එකක් ❤️ සිංහල සබ් නැති නිසා නිකන් බැලුවා දැන් ආයේ සබ් එක්ක බලනවා ❤️