ඔන්න යාළුවනේ ඩර්ටි හැරී චිත්‍රපට එකතුව මම ඉවර කළා. චිත්‍රපට 5 ම සබ් කරල ඉවරයි. මේක අවසාන එක. DEAD POOL කියල තමයි නම දීල තියෙන්නෙ. කතාව මෙහෙමයි, පීටර් ස්වාන් ( ලියම් නීසන්) කියන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. ජොනී (ජිම් කැරී) කියන්නෙ චිත්‍රපටයෙ නළුව. චිත්‍රපටය අතරෙදි ජොනී මිය යනව. ඒකට හේතුව මත් කුඩු…

ඔන්න යාළුවනේ ඩර්ටි හැරී චිත්‍රපට එකතුව මම ඉවර කළා. චිත්‍රපට 5 ම සබ් කරල ඉවරයි. මේක අවසාන එක. DEAD POOL කියල තමයි නම දීල තියෙන්නෙ.
කතාව මෙහෙමයි, පීටර් ස්වාන් ( ලියම් නීසන්) කියන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. ජොනී (ජිම් කැරී) කියන්නෙ චිත්‍රපටයෙ නළුව. චිත්‍රපටය අතරෙදි ජොනී මිය යනව. ඒකට හේතුව මත් කුඩු කියල හිතුවත් ඒක මිනීමැරුමක්. ජොනීගෙ මත් කුඩු වලට කෙනෙක් වස කලවම් කරල. ඒ කවුද කියල තමයි හොයන්නෙ.
පීටර්ට තියෙනව ගේම් එකක් ඩෙඩ් පූල් කියල. ඒකෙන් කරන්නෙ නගරෙ ඉන්න ප්‍රසිද්ධ අය මැරෙන දවස ගැන අනාවැකි කියන එක. පීටර් ගෙ ලිස්ට් එකේ ජොනීත් ඉන්නව. ඒ විතරක් නෙවේ අපේ කතා නායකය හැරීත් මේ ලිස්ට් එකට දාල. ජොනී විතරක් නෙවේ තව කීප දෙනෙක් මැරෙනව. ඒ ඔක්කොම පීටර් ගෙ ලිස්ට් එකේ කට්ටිය. මේ ඔක්කොම පීටර්ගෙන් පලිගන්න හතුරෙක් කරන වැඩ. කතාව කොහොමද යන්නෙ කියල දැනගන්න ඔයාල චිත්‍රපටය බලන්නම ඕන.
මම ක්ලින්ට් ඊස්ට්වුඩ් ගැන තොරතුරු ටිකක් කියන්නම්.
ක්ලින්ටන් ඊස්ට්වුඩ් ජූනියර් ඉපදෙන්නෙ 1930 මැයි 31. පියා සංක්‍රමණික ලෝහ වැඩකරුවෙක්, නම ක්ලින්ටන් ඊස්ට්වුඩ්. අම්ම IBM එකේ සේවිකාවක් නම මාග්‍රට් රූත් ත්. එක සහෝදරියක් ඉන්නව 1934 ඉපදුන ජෙනී කියල පියාගෙ රැකියාව නිසා තැනින් තැනට ගිහින් අවසානෙදි කැලිෆෝනියා වල නවතිනව. 1951 ක්ලින්ට් සිඇටල් විශ්ව විද්‍යාලයට එකතු වෙනව. වැඩිකල් නොගිහින් හමුදාවට එකතුවෙනව පිහිනුම් උපදේශකයෙක් විදියට.
60 දශකයේදි සිනමාව එකතු වෙන මොහු විශාල චිත්‍රපට ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙනව.ඔහු ඉහළම ජනප්‍රියත්වයක් ලබාගන්නෙ සර්ජිඕ ලියෝන් ගෙ ඩොලර් චිත්‍රපට ත්‍රිත්වය හා ඩර්ටි හැරී එකතුවෙන්. (1992) අන්ෆොගිවන් හා (2004) මිලියන් ඩොලර් බේබි යන චිත්‍රපට වලට හොඳම අධ්‍යක්ෂක, හොඳම නිෂ්පාදක, යන ඇකඩමි සම්මාන ලැබෙනව විතරක් නෙමේ හොඳම නළුවා විදියට නාම යෝජනා වෙනව. ඔහුගෙ හොඳම වාණිජ සාර්ථකත්වය පෙන්වන්නෙ (1978) එවරි විච් වේ බට් ලූස් කියන ක්‍රියාදාම, ප්‍රහසන චිත්‍රපටය. ඊස්ට්වුඩ් චිත්‍රපට අතර ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තබන්නෙ ඇමෙරිකන් ස්නයිපර්( 2014) කියන ක්‍රියාදාම චිත්‍රපටය.
ඩිරෙක්ටර්ස් ගිල්ඩ් ඔෆ් ඇමෙරිකන් අවෝර්ඩ්, ගෝල්ඩන් ග්ලෝබ් අවෝර්ඩ්, පීපල්ස් චොයිස් අවෝර්ඩ් යන සම්මාන වලින් මොහු වරින් වර පිදුම් ලබනව. ඒ විතරක් නොවෙයි ඔහු වසරින් වසර විවිධ ඇගයීම් වලට පාත්‍ර වෙන සම්මානනීය පුද්ගලයෙක්. තවත් විස්තර දැනගන්න විකිපීඩියා එක කාල් ගාන්න. අවස්ථාව දුන්නට පොතේ ගුරාල හැමෝටම ස්තුතිවන්ත වෙනව.
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ ඇති චිත්‍රපට අතරින්, මේ චිත්‍රපටය (Dirty Harry 1988 The Dead Pool) පමණක් බාගත කරගන්න.
Dirty Harry (1971)
Magnum Force (1973)
The Enforcer (1976)
Sudden Impact (1983)
The Dead Pool (1988)
F759F3189A010058981EAF1CBBCC7D5D97977BC9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
406 downloadsDownload 201508130852baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
22 comments
සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!isuru neranjan
tnx
Jaliya with alone
ela
ඔබ විසින් උපසිරසි කළ චිත්‍රපට සියල්ල නැරඹුවා. ගොඩක් ස්තුතියි!
හැකිනම් මේ අංකයට කෝල් එකක් දෙන්න. 0718222697.TheUSG
Thanks ummaaaaaaaaaaa
achi
ස්තූති සහෝ!!!
ජය!!!Kulanjana Maduranga
niayamai…thanks BUDDHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Buddhika
කොමෙන්ට් කල සියලු දෙනාට බොහොම ස්ත්තියි.
ඊලඟට මොකක්ද බලන්නෙ?...........
මොකද කියන්නෙ 2012 ච්ම්පන්සී ඩොකියුමන්ට්‍රිය හොඳද.upasirasi karana ayathanayakata oba sewaya kireemata kamathinam 0718222697 amathanna.
Buddhika
මේ අවස්තාව මට විතරද?
oba upasirasi karana ruchikathwaya saha vegaya matha mama me yojanaawa kale. parana ewaata upasirasi karanna thiyenne.
prabhath
thanks oya uda dala thiyena anith film walatath sub dennako puluwannam
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
“චූටී මල්ලි”
ela oya hoda ekak select karagena
sub denna bro eelagata
tnxkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
satස්තුතියි! නුවන් සහෝ!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka
සබට තුති සහෝ
Ravidu Ishan
සබ්එකට tnx mchn ✌️✌️ ජය!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න බෑවා මම 1 නේ !!!@@@@@