ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි නාට්‍යමය චිත්‍රපටයක්. නිකම්ම නාට්‍යමය චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ නාට්‍යමය චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Black Swan, American Psycho, Black Mirror: Bandersnatch, Fight Club, Get Out වගේ මේ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි නාට්‍යමය චිත්‍රපටයක්. නිකම්ම නාට්‍යමය චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ නාට්‍යමය චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Black Swan, American Psycho, Black Mirror: Bandersnatch, Fight Club, Get Out වගේ මේකත් “Psychological thriller” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් මනෝවිද්‍යාත්මක පැතිකඩ අලලා නිර්මාණය වුන ත්‍රාසජනක චිත්‍රපටයක් නමුත් අර කලින් කිව්වා වගේ මේක තනිකරම ඒ අනු කාණ්ඩය විතරක් නෙමෙයි නියෝජනය කරන්නේ මේක සම්පුර්ණයෙන්ම වගෙ “Drama” චිත්‍රපටයක් විදිහටත් හදුන්වන්න පුලුවන්.
මුලින්ම කියන්න ඕන ඔයාලා බලාපොරොත්තු වෙන්නෙ 20′ කාලයෙදී නිකුත් වුන හොදම නිර්මාණ හා සමාන ඒවා නම් මේක ඒ තරම් සුදුසු නැති වෙන්න පුලුවන්. ඒත් පැය 02 කුත් මිනිත්තු 3ක් පුරාවටම කුතුහලය හා ත්‍රාසය පිරුණු සුපිරි නාට්‍යමය චිත්‍රපටයක් නම් ඔයාලා ඉන්නෙ හරිම තැන වෙන්න පුලුවන්. මෙහි අධ්‍යක්ෂණය Olivia Wilde යටතේ. ඇය තමයි මින් පෙර Booksmart චිත්‍රපටය නිර්මාණය වුනෙ. චිත්‍රපටයේ දකින මුහුණු වෙන්නේ Florence Pugh, Harry Styles, Gemma Chan, Chris Pine වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා Olivia Wilde එහෙමත් සම්බන්ධ වෙලා තියෙනවා.
ඒවගේම කියන්න ඕන වෝනර් බ්‍රදර්ස් ආයතනය ඩිස්කවරි ආයතනය මිලදී ගත්තට පස්සේ සිද්දවුන අයහපත් දේක ප්‍රතිඵලයක් විදිහට මේ වසරේ අගෝස්තු මාසය වෙද්දී දැනගන්න ලැබෙනවා වෝනර් බ්‍රදර්ස් ආයතනයට මේ වසර වෙනුවෙන් තවත් චිත්‍රපට තුනක් වෙනුවෙන් පමණක් චිත්‍රපට නිකුත් කිරීමට මෙන්ම ප්‍රචාරණ කටයුතු කිරීමට ප්‍රමාණවත් මුදල් තියෙන්නෙ කියලා. ඒ තමයි ‘Don’t Worry Darling‘, ‘Black Adam‘, ‘House Party‘ චිත්‍රපට ත්‍රිත්වය. අද අරගෙන ආව චිත්‍රපටය කියන්නෙ ස්ටුඩියෝවේ ප්‍රධානින් ලොකු බලාපොරොත්තුවකින් හිටිය එකක්. ලොකුවට ආදායම් වාර්තා වලට හිමිකම් කියන්න බැරි වුනත් මේ චිත්‍රපටයේ පිරිවැය මෙන් දෙගුණයක්, ඒ කිව්වේ ඇ.ඩො.මි. 83.4ක මුදලක් පමණක් ඉපයීමට මේ චිත්‍රපටය මේ වෙද්දී සමත් වෙලා තියෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, ජැක් හා ඇලිස් කියන්නෙ කැලිෆෝනියාවේ වික්ටර් නම් කම්පැනි ටවුන් එකේ ජීවත් වෙන ජෝඩුවක්. කතාවට අයිති කාල සීමාව ගැන හරියටම සදහන් වෙන්නෙ නැහැ. නමුත් මේක 1950-60 කාලයට සමාන තේමාවක් තමයි අදින පළදින විදිහ, විශේෂයෙන්ම වාහන වලින් දැකගන්න ලැබෙන්නෙ. මේ දෙන්නට අමතරව මේ අසල්වැසි කොටසේ තවත් හුග දෙනෙක් ඉන්නවා. මේ හැමෝම සැමියන් හා බිරින්දෑවරු. පිරිමි අය හැමදේම උදේට වික්ටරි ප්‍රොජෙක්ට් කියන රහසිගත මෙහෙයුමක වැඩ කරන්න යද්දී, ගැහැණු අයට පැවරෙන්නෙ ගෙදර වෙලාවට කෑම බීම හදන්න, ගෙදර පිරිසිදුවට තියාගන්න වගේම තමන්ගෙ සැමියන්ව හොදින් බලාගන්න එක. හැබැයි මේ අයට අඩුම තරමේ තමන්ගෙ සැමියන් කරන රස්සාව මොකක්ද කියලවත් දැනගන්න අවසර නැහැ. ඒ කිව්වේ මේ අය කොයි තරම් එකට ආදරෙන් කාලේ ගත කලත් එයාලවත් සීමා වෙලා තියෙන්නෙ.
ඉතිං ඔය සීමාව වරක් ‘මාග්‍රට්’ කියලා ගෑණු කෙනෙක් බිදිනවා. නිකන් නෙවෙයි එයාගෙ පුතා එක්ක. මේ නිසාම මාග්‍රට්ගෙ ලමයව අතුරුදහන් කරලා, එයා මේ ජන සමුහයට තර්ජනයක් වේවි කියලා හිතාගෙන එයා ගැන නිතරම විමසිල්ලෙන් ඉන්න පටන් ගන්නවා. මේ සීමා බිදිල්ල එතනින් නවතින්නෙ නැහැ. ඇලිස් කරන්නෙත් ඒ දේමයි. එයාටත් මාග්‍රට්ට වගෙ අමුතු හීන, අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. මේ ජන සමූහයටත් ඉන්නවා දොස්තර කෙනෙක්. එයත් පිරිමි කෙනෙක් නිසා ඇත්තම නොකියා කරන්නෙ බොරු රෝග විනිෂ්‍යයක් කරන එක. ඒත් ටිකෙන් ටික රහස් හෙළි වෙද්දී නිතරම වෙන්නෙ නොවිසඳූනු ප්‍රශ්න තව තවත් එකතු වෙන එක.
මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් කෝකටත් කියලා පුර්ව ප්‍රචාරක පටය බලලම කැමති එකක් ද කියලා තීරණය කරන්නකො. හැබැයි චිත්‍රපටයෙ කතාව ඉවර වෙන්නෙ නොවිසදුනු ප්‍රශ්න ගොඩක් එක්කමයි. දෙවැන්නක් ආවොත් ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙයි. නාවොත් නම් කරන්න දෙයක් නෑ.
සම්පුර්ණ උපසිරැසියම කරගන්න බැරිව ඉද්දි බෑ නොකියා මේක මෙච්චර ඉක්මණට ගොඩදාගන්න උදව් කරපු බිම්සරට ස්තුති කරන ගමන් මම අදට සමුගන්නවා. සුභ සතිඅන්තයක් හැමෝටම.!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
9,983 downloadsDownload Dont-Worry-Darling-2022-Blu-Ray.zip7.7 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට සහ “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2022
- #Asif Ali
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Chris Pine
- #Douglas Smith
- #Florence Pugh
- #Gemma Chan
- #Harry Styles
- #Kate Berlant
- #KiKi Layne
- #Must Watch
- #Nick Kroll
- #Offbeat
- #Olivia Wilde
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sydney Chandler
- #Timothy Simons
- #You Decide
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ස්
27 comments
Anonymous
Kushan
Sub akta thanks
Anonymous
බොහොම ස්තුතියි දෙදෙනාටම
දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් දෙන්නshevon perera
walking dead eka denna kiyalath illanwa,me sub ekata thnx
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
The greatest beer run ever sinhala subtitles please upload
Anonymous
Patta
නල්ලා
බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
අර ගුනෙරු එකේ දෙකයි පනහේ සබ් වගේ නැතුවAnonymous
Thanks jayawewa....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Naveen
උපසිරසියට තුති
Anonymous
ස්තුතියි දෙදෙනාටම
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Udara Damith
elaaaaaaaaa
Anonymous
all quiet on the western front 2022 ඔනේ world war 1 එකේ සුපිරියක් තමා
Roy
Thanks Bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Enola Holmes 2, the greatest beer run ever subtitles plz
Chan
Thank you
Chan
Subtitle kalu patin dala hinda.aduru than waladi sub pen na me.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා..෴Anonymous
Thank you
Viraj
Thanks
VinushaR
Sub ekata thanks....!
mayantha
sub thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Don’t Worry Darling (2022) Sinhala Subtitles | ‘ආදරය වෙනුවෙන්, නව ලෝකයක් කරා’ [සිංහල උපසිරසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Dont-Worry-Darling-2022-1.1.jpg)
තැන්ක්ස් බන්
මේකනම් බලන්න ආසාවෙන් හිටපු ෆිලුමක්