Watch Trailer

Barbarian (2022) Sinhala Subtitle | අත්භූත නිවස! [සිංහල උපසිරැසි] 18+

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්.…

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්. ඒ වගේම මේ ෆිල්ම් එකට නිෂ්පාදනයෙන් දායක වෙනවා It (2017) / The Ring (2005) / The Boy (2016) / The Grudge (2004) / Shutter (2008) වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කරපු Roy Lee සහ J.D. Lifshitz, Raphael Margules, Arnon Milchan වැනි ජනප්‍රිය නිෂ්පාදකවරුන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Zach Cregger විසින්. තවද මෙය ඩොලර් මිලියන 04 පිරිවැයක් යොදා නිර්මාණය කරන අතර ඩොලර් මිලියන 42.3 ආදායමක් උපයා ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා.

මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 09 වෙනිදා. චිත්‍රපටය බෙදාහැරෙන්නේ 20th Century Studios හරහා. මේකෙ අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ ඔක්තෝබර් 25 වෙනිදා, ඔන්න හැකි ඉක්මන්ට උපසිරසත් ගෙනාවා කාර්ය බහුල සතියක් වුණත්. කෙසේ හෝ මේ වෙනකොට IMDb දර්ශකේ ප්‍රේක්ශක මනාප 28,000 වැඩි ප්‍රමානයකින් 7.4 ඉහල අගයක් ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා ඒ වගේම කුණු තක්කාලිත් 92% ගන්න හැකි වෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටයෙ තරම ගැන.

මෙහි කතාව ගැන මතක් කළොත්, ටෙස් නම් කාන්තාවක් ඩිට්‍රෝයිට් නගරෙට එනවා ජොබ් ඉන්ටවිව් එකකට. ඇය තතර වෙන්න තීරණේ කරන්නේ පාලුවට ගිය ප්‍රදේශයක තියෙන කුලී නිවෙසක. ඒත් හොඳම වැඩේ වෙන්නෙ මෙයා ගෙදරට ගියාම ඒ ගෙදර තව කෙනෙක් ඉන්නවා, ඔහු නමින් කීත්. ඔහුත් ඒ ගෙදරම කුලියට අරන් තිබිල තියෙන්නේ. පෙනෙන විදිහට සමාගම් දෙකකින් මෙයාලට එකම ගෙදර විකුණලා තියෙනවා. කෙසේ හෝ දෙන්නම අසරණ වූ මොහොතෙ කීත් ටෙස්ට ඇතුලට එන්න ආරාධනා කරනවා. ඉතින් ටෙස් නොදැනුවත්ම සහ පිටත හොඳටම වහින නිසා තියෙන අසරණකමට මේ භයානක නිවෙසට ඇතුලු වෙනවා. ටෙස්ට ආපු වෙලේ ඉදන් මේ නිවස ගැන සැක හිතෙනවා, කීත් ගැනත්. ඔහොම ඉන්න කොටයි ටෙස්ට මේ නිවසෙ තිබිල රහස් උමගක් හමුවෙන්නේ. ඒ උමග ඇතුලෙ වදකාගාරයක් තියෙනවා ඇයට දකින්න ලැබෙනවා. ඒ වගේම තවත් අත්භූත සිද්දීන් රැසකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුද මේ කීත් කියන්නේ? මොකක්ද මේ ගෙදර? මොකක්ද මේ රහස් උමග? මොකක්ද ඒක ඇතුලෙ වෙන්නෙ?

ඔන්න මීට මාස හතරකට උඩදී ආපු මේකෙ ට්‍රේලර් එකෙන් කියවුණු කතාව සහ ඒක බලපු අයට ඇතිවුන ප්‍රශ්න ටිකයි මං ඔය උඩ කිව්වේ. ඒත් මතක තියාගන්න ට්‍රේලර් එකෙන් චිත්‍රපටයේ හොඳම ටික පෙන්නුවේ නෑ. සරලවම කිව්වොත් චිත්‍රපටයෙ කතාව ගැන මොනම දෙයක්වත් ට්‍රේලර් එකෙන් කියවුණ්නෑ. තවද මේක එකම තැනකට විතරක් කොටුවුණ චිත්‍රපටයකුත් නෙවේ. මේක වෙනස්ම කතාවක්, වෙනස්ම කන්සෙප්ට් එකක්. මේක බලන හැමෝටම ඇස් උඩ දාගෙන, ඉවරවෙනකල්ම ත්‍රාසයෙන් බලන්න පුළුවන් සුපිරි කුතුහලයක් තියෙන කතාවක් තමා මේකෙ අන්තර්ගත වෙන්නේ. භය උපද්දවන දර්ශන දාල, මිනීමැරුම් (වැඩිය නෑ) පෙන්නුවත් මේකෙන් පෙන්නන්නේ හරිම ලස්සන වගේම සුන්දර කතාවක් කියන්න පුළුවන්, එක විදිහකින්. ඒ කොහොමද කියලා ඔයාල බලලාම දැනගන්න. එහෙනම් මං මෙතනින් නතර වෙනවා තව උපසිරැසියකින් හමුවෙනකල්. ජයවේවා!

 

 

 

Due to copyright issues,
We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,248 downloadsDownload Barbarian-2022.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,248 downloadsDownload Subtitles31 KB

28 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  4. මිනුල

    කාලෙකින් හොද හොරර් ෆිල්ම් එකක් බැලුවේ නෑ,බලමුකෝ මේක එහෙනම්
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  5. Kushan

    Sub akta thanks

  6. Naveen

    උපසිරසියට තුති

  7. Anonymous

    Thanks sub ekata

  8. නල්ලා

    බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
    අර ගුනෙරු එකේ දෙකයි පනහේ සබ් වගේ නැතුව

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. Anonymous

    Thanks for sub

  12. සාරංග J ලියනගම

    Thanks

  13. Anonymous

    බොහොම ස්තුතියි ඔලිව සහෝ
    දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් දෙන්න

  14. damith

    thanks bro. jaya wewa..!!!

  15. Anonymous

    Patta

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  17. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  18. Anonymous

    all quiet on the western front 2022 ඔනේ world war 1 එකේ සුපිරියක් තමා

  19. viraj

    thanks........

  20. Ranil Rajapakshe

    මේල්ලු රහක් නෑ බන්...

    සබට තෑම්ස්

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. lakshan

    thanks ............................

  23. Suranjan

    Thanks....jayawewa.....!

  24. Malith samarawickrama

    Thanks saho sub ekata

  25. Anonymous

    සුපිරී සගෝ.තෑන්ක්ස්❤

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Dewadithya

    Thanks for Sub!

  28. Nishan

    උපසිරැසියට ස්තුතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.