Watch Trailer

The Lost Room (2006) [E01] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

වසරකට අධික නිහැඬියාවකට පසුව මම ආයෙත් ඔබට සුප්‍රකට කෙටි ටෙලිවෘතාන්තයකට උපසිරැසි ලබාදෙන්න අදහස් කළා. The Lost Room (2006) එහෙම නැත්නම් ‘අතුරුදන් වූ කාමරය’ කියන්නේ IMdb දර්ශකයේ 8.3/10 ක අගයක් ලබාගත් විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කෙටි ටෙලිවෘතාන්තයක්. කාල-අවකාශ තරණය සම්බන්ධව සිදුවීම් කිහිපයක් මුල් කරගෙන න…

 

වසරකට අධික නිහැඬියාවකට පසුව මම ආයෙත් ඔබට සුප්‍රකට කෙටි ටෙලිවෘතාන්තයකට උපසිරැසි ලබාදෙන්න අදහස් කළා. The Lost Room (2006) එහෙම නැත්නම් ‘අතුරුදන් වූ කාමරය’ කියන්නේ IMdb දර්ශකයේ 8.3/10 ක අගයක් ලබාගත් විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කෙටි ටෙලිවෘතාන්තයක්. කාල-අවකාශ තරණය සම්බන්ධව සිදුවීම් කිහිපයක් මුල් කරගෙන නිර්මාණය කෙරුණු මේ ටෙලිවෘතාන්තය අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර සම්මාන 13 කට නිර්දේශ වුණා. මේ මගේ තිස් දෙවැනි උපසිරැසිය වෙනවා.

දැන් අපි කතාව මොනවගේද කියල දැනගනිමු.

ජෝ මිලර් කියන්නේ අපරාධ පරීක්ෂකයෙක්, ඔහුට අවුරුදු අටක කුඩා දියණියක් ඉන්නවා. උකස් භාණ්ඩ සාප්පුවක අබිරහස් සහ ගුප්ත ලෙස සිදුවුණු ද්විත්ව මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් පැවැත්වීමට ජෝ ට බාරවෙනවා. ඝාතනයට ලක්වුණු දෙදෙනාම දරුණු ලෙස පිළිස්සිලා. එහෙත් ඔවුන් ඇඳ සිටි එකම ඇඳුමක් වත් පිළිස්සී නැහැ. මේ සිද්ධියේ එකම ඇසින් දුටු සාක්ෂිකරු වියහැකි ඉගී නම් තරුණයා අපරාධ ස්ථානයට ඇතුළු වුණත් ඔහු කිසිවිටෙක එයින් පිටවී නැහැ. ඔහු අතුරුදන් වෙලා.පසුව විමර්ශනය ඉදිරියට ගෙනයන අතරේ අර තරුණයා, ඉගී සොයාගැනෙනවා. අනතුරුව ඉගී සාහසිකයෙකුගේ වෙඩිතැබීමකින් ඝාතනයට ලක්වෙනවා.එම අවස්ථාවේ දී ඔහු ජෝට යතුරක් භාරදෙන්නේ “මෙයින් හැම දොරක් ම ඇරෙනවා!” කියමින්.

එය සන්ෂයින් තානායමේ කාමර අංක 10 හි යතුර. මේ යතුර පසුපස හඹා එන කල්ලි කිහිපයක් තියෙනවා. යතුර ජෝ සතුවූ බව දැන මේ කල්ලි ජෝ පසුපස හඹා එනවා. වීසල් එවැනි එක් අයෙක්. ඔහු ජෝ සමඟ යතුර ලබාගැනීමට අරගල කරන අවස්ථාවේ දී විසල් විසින් ජෝගේ දියණිය ඇනාව, කාමර අංක 10 තුළට යවා කාමරය ප්‍රත්‍යාරම්භ කරනවා. යළිත් යතුරෙන් දොර විවර කළත් ජෝගේ දියණිය එතුළ නැති බව ජෝ දකිනවා. ඇය අතුරුදන් වෙලා. ජෝ, වීසල් භාවිතා කරමින් තම දියණිය සොයාගැනීමට උත්සහ කරනවා.

ඉන්පසු රාජකාරි සියල්ල පසෙක දමන ජෝ තම දියණිය ආපසු ලබාගැනීමේ අරමුණෙන් මේ අද්භූත කාමරයත්, යතුරත් ඒ හා බැඳුනු ‘වස්තුන් (The Objects)’පිළිබඳවත් තොරතුරු ගවේෂණය කරනවා. පියවරෙන් පියවර මේ අබිරහසේ ඉදිරියට යන ඔහුට තම දියණියට වුණු දෙය හොයාගන්න හැකි වෙයිද? ඇයව ආපසු ලබාගන්න හැකි වෙයිද?

කතාව බලලා ම ඇයට වුණු දෙය දැනගන්න එහෙනම්!
මුල සිට අගටම එකහුස්මට නැරඹිය හැකි මේ කතාව මොහොතින් මොහොත කුතුහලය වඩා තීව්‍රකරන අන්දමින් ගොඩනගා තිබෙනවා.

මෙහි පැය එකහමාරකට ආසන්න ධාවන කාලයකින් යුත් කතාංග තුනක් තිබෙනවා. අද පටන් ඉදිරියට මේ කතා වල සිංහල උපසිරැසි ඔබ වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ දිගහැරේවි.
01 “The Key and the Clock”
02 “The Comb and the Box”
03 “The Eye and the Prime Object”

මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙන්නේ..
Peter Krause – ජෝ මිලර් ලෙස
Elle Fanning – ඇනා මිලර් ලෙස
Chris Bauser – ලූ ඩෙස්ටෆනෝ ලෙස
Julianna Margulies – ජෙනිෆර් බ්ලූම් ලෙස
Peter Jacobson – වොලී ලෙස
Dennis Christopher – ආචාර්ය මාර්ටින් රූබර් ලෙස
April Grace – ලී බ්‍රිජ්වෝටර් ලෙස
Kevin Pllak – කාල් ක්‍රයිට්ෆෙල්ඩ් ලෙස
Benjamin Petry – අයිසැක් ක්‍රයිට්ෆෙල්ඩ් ලෙස

අද පළවෙන කොටස ගැන:
පළමු කොටස : “The Key and the Clock”
IMDb ratings: 8.5/10
අධ්‍යක්ෂක : Craig R. Baxley
මුල්වරට විකාශය වූ දිනය : 2006 දෙසැම්බර් 11

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

1,514 downloadsDownload The.Lost_.Room_.S01E01.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,514 downloadsDownload Subtitles82 KB

18 comments

  1. Panther

    Thanz saho

  2. raveenfdo94

    Thanks bro

  3. raveenfdo94

    download link please

    1. ප්‍රබුද්ධ කේසර විතානගේ

      The Lost Room S01 Season 1 Complete 1080p WEB-DL x264 AAC2.0-KiMO නමින් google සර්ච් කරලා බලන්න. :) :)

  4. tharindu gunarathna

    THANKS

  5. M.R.Insaf

    Thank you saho..

  6. Hetti

    ela ela...

  7. Dushan Tharuka

    Thank you !!!

  8. Udara Damith Dissanayaka

    උපසිරසට ස්තුතියි
    වෙබ් එකක් හොයා ගන්ඩ නෑ නෙ
    පුලුවන්නම් සෙට් එකේම ලින්ක් එකක් දෙන්ඩ
    හෙවුවා හෙවුවා නෑ

    1. ප්‍රබුද්ධ කේසර විතානගේ

      The Lost Room S01 Season 1 Complete 1080p WEB-DL x264 AAC2.0-KiMO නමින් google සර්ච් කරලා බලන්න. :) :)

    2. Udara Damith Dissanayaka

      hari gaththa 4 gb ne .balala ayin karanda wenawa.

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. kasun@rko

    Elama saho digatma sub denna

  13. kasun@rko

    Elama saho digatma sub denna ..

  14. Thisara13

    The lost viking
    Film eke sub eka dapallako

  15. Nirosha Nirosha

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.