Watch Trailer

Flatliners (2017) Sinhala Subtitles | හදවත නිමේශයකට නතර කරමින්, මරණින් මතු ජීවිතය කරා… [සිංහල උපසිරැසි සමග]

කවුරුහරි කෙනෙක් මගේ අතින් අල්ලගෙන, මාව එක්කගෙන යනවා වගේ හැඟීමක් මට දැනුණා. මුලින්ම මං දැක්කේ ආලෝකයක්. ලොකු ආලෝක කදම්බයක්. දීප්තිමත්ව. එක සැරේටම, මං හිටියෙ වෙනස්ම තැනක. පිරිසිදු ශක්තිය. මං අත්විඳපු දේ විස්තර කරන්න මං ළඟ වචන නැහැ. මේකෙදි, ශරීරයෙන් පිටවීමේ අත්දැකීම ලබාගන්න මට පුළුවන් වුණා. මාව පිටිපස්…

කවුරුහරි කෙනෙක් මගේ අතින් අල්ලගෙන, මාව එක්කගෙන යනවා වගේ හැඟීමක් මට දැනුණා. මුලින්ම මං දැක්කේ ආලෝකයක්. ලොකු ආලෝක කදම්බයක්. දීප්තිමත්ව. එක සැරේටම, මං හිටියෙ වෙනස්ම තැනක. පිරිසිදු ශක්තිය. මං අත්විඳපු දේ විස්තර කරන්න මං ළඟ වචන නැහැ. මේකෙදි, ශරීරයෙන් පිටවීමේ අත්දැකීම ලබාගන්න මට පුළුවන් වුණා. මාව පිටිපස්සට ඇදගෙන යනවා වගේ හැඟීමක් මට මතකයි. හරියට, වතුර දිගේ ඇදිලා යනවා වගේ. මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. පිළිතුරු, පණිවිඩ මං හරහා ආවා. පාට එහෙම හරිම වර්ණවත්. මේ විදියට පාට මං කවදාවත් ජීවිතේටම දැකලා තිබ්බේ නැහැ. උඩ ඉඳගෙන මට මගේ ශරීරය ඇත්තටම බලාගන්න පුළුවන් වුණා. ඒක හරියට අප්‍රාණික වෙලා වගේ තිබුනේ. මං පාවෙලා ගියා. මට මේක දැනුනේ හරියට අදිනවා වගේ. බලයක් විසින් මාව මේ අඳුරු උමගකට අදින්න හදනවා වගේ. මේක මේ මාව කොහාටද අරගෙන යන්නේ? මං දන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා. මං හිතන්නේ, මට පිස්සු හැදීගෙන එනවද මන්දා. මට එක එක දේවල් පේනවා. මම කරපු දෙයක්. අනේ මට සමාවෙන්න!

මරණය කියන්නේ සකල ලෝක වාසි සියලු සත්වයන් හටම පොදු වූ ධර්මතාවයක්. ඉපදුනු කෙනෙක් අනිවාර්‍යයෙන්ම මිය යනවා. මේ තමයි ලෝක ධර්මතාවය. නමුත්, මේ මරණය කියන දේ කවදා, කොයි වෙලාවේ, කවුරු හොයාගෙන ඒවිද කියලා නම් නිශ්චිත කරලා කියන්න අපහසුයි. නමුත්, අනිවාර්‍යයෙන්ම කවදාකමහරි හොයාගෙන එන එක නම් සක්සුදක් සේ පැහැදිලියි. ජීවත්වෙන ඕනෙම සත්වයෙක් මියයන්න බයයි. මේ මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ? මරණයෙන් පස්සේ අපිව කොහාටද යොමුවෙන්නේ? මරණයෙන් පස්සේ අපේ ආත්මයට නැවත උප්පත්තියක් තියෙනවද? පොත් පත් වල තියෙනවා මරණය කියන්නේ තවත් චාරිකාවක ආරම්භයක් පමණයි කියලා. තවත් සමහර තැන් වල සඳහන් වෙලා තියෙනවා මරණය කියන්නේ තාවකාලික නින්දක් පමණයි කියලා. මොකක්ද ඇත්ත? විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන් මෝහන නිද්‍රාවට පත්කිරීම මගින් ඔවුන්ගේ පෙර භවයන් කරා ගමන්කිරීමට පවා හැකියාව ලැබී තිබෙනවා. නමුත්, විද්‍යාව කෙතරම් දියුණු වුවත්, ජීවතුන් අතර සිටියදීම මරණයට පත්වී ඉන්පසු සිදුවන්නේ කුමක්දැයි සොයාබැලීමට තරම් තාක්ෂනය තවමත් දියුණු වී නැහැ. කවුරුහරි හිතාවි මොකක්ද මේ විකාර කතාව කියලා. කොහොමද ජීවත්ව ඉන්නකොටම මැරෙන්නේ? එහෙනම් මේ කියන්න හදන්නේ ඔබ විකාරයක් කියලා හිතපු ඒ දේ විද්‍යාත්මකව විදහාපාන චිත්‍රපටියක් සමගින්. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, ජීවතුන් අතර සිටියදීම මරණින් මතු ජීවිතයේ අත්දැකීම් ලබාගැනීම!

කොර්ට්නි, රේ, මාර්ලෝ, ජේමි සහ සොෆියා කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයන් පස් දෙනෙක්. කොර්ට්නිගේ අදහසක් අනුව මේ පස් දෙනා අමුතුම ආකාරයේ වෛද්‍ය අත්හදා බැලීමක නියැලෙනවා. ඒ තමයි, තමන්වම පරීක්ෂණයට යොදාගෙන, තමන්ගේම හදවත විනාඩි කීපයකට නවත්වලා, මරණින් මතු ජීවිතේ අත්දැකීම් ලබාගෙන නැවත හදවත ප්‍රාණවත් කරගැනීම. හැමෝටම තේරෙන විදියට කියනවා නම්, ජීවත්වෙලා ඉන්න කෙනෙක් ටික වෙලාවකට මැරිලා, ආපහු ජීවතුන් අතරට එනවා. අමුතුයි වගේ තමයි. නමුත්, කතාවක් තියෙනවනේ මේ ලෝකේ කරන්න බැරි දෙයකුත් නැහැ කියලා. හැමෝටම හොර රහසේ, අතිශය දියුණු වෛද්‍ය තාක්ෂනය යොදාගනිමින්, වෛද්‍ය ශිෂ්‍යයන් පස් දෙනෙකු මරණය පරාජය කිරීමට දරන්නා වූ මෙම උත්සාහය සාර්ථක වේවිද? මරණින් මතු ජීවිත අත්දැකීම කුමන ආකාරයක් ගනීවිද? ඒ වගේම, සොබාදහම කියන්නේ කවදාවත් ඉක්මවා යන්න හොඳ දෙයක් නෙමෙයි. මේ ලෝ තලය නිර්මාණය වෙලා තියෙන්නේ හැමදෙයක්ම සමබරව පවත්වාගෙන යා හැකි ආකාරයට. මොනයම් හෝ ආකාරයකින් මේ සමබරතාවය බිඳී යන ආකාරයේ ක්‍රියාවක් සිද්ධවුවහොත්, අදාළ සමබරතාවය පවත්වාගෙන යෑමට සොබාදහම ගන්නා ක්‍රියාමාර්ගය අතිශය දරුණු විය හැකියි. මරණයේ සමබරතාවය බිඳ හෙලීමට උත්සාහ දරන්නාවූ වෛද්‍ය ශිෂ්‍යයන් පස් දෙනෙක්. සොබාදහම මොන අන්දමේ තීරණයක් ගනීවිද? ඔවුන් පස්දෙනා මේ පියනගන්නේ කුමන අන්දමේ ව්‍යසනයක් කරාද?

Sci-Fi, Medical, Horror, Drama. අවුරුදු ගාණකට පස්සේ තමයි මේ කාණ්ඩ හතරම එකට නියෝජනය කරන චිත්‍රපටයක් නිකුත්වුනේ. මේ සටහන ලියන මොහොත වෙනකොට අටදහස ඉක්මවූ මනාප සංඛාවකින් IMDB දර්ශකය 5.0 ක් වැනි අගයක් දක්වා කරකවන්න හැකියාව ලැබිලා තියෙනවා. රේටින්ග් අගයවල් යකාට ගියාවේ කියලා මේ චිත්‍රපටය නැරඹුවොත් නම්, කාලෙකට අමතක නොවෙන සිනමා අත්දැකීමක හිමිකරුවෙක්/හිමිකාරියක් වෙන්න වරම් ලැබේවි. චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වෙන්නේ 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වෙනිදා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 19ක් වැනි මුදලකින්. හැබැයි, ඇමරිකානු ඩොලර් මිලියන 43.5ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්න මේ සිනමා නිර්මාණයට හැකියාව ලැබුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ, Dead Man Down (2013) සහ The Girl with the Dragon Tattoo (2009) යන චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් වගේම, Midnight Texas, Under the Dome, Unforgettable, Mr. Robot වැනි රූපවාහිණි කතා මාලාවන් සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වූ Niels Arden Oplev විසින්. X-Men: Days of Future Past (2014) සඳහා රංගනයෙන් දායක වූ Ellen Page, Rogue One (2016), Elysium (2013) චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ Diego Luna, xXx: Return of Xander Cage (2017) හි රංගනයෙන් දායක වූ Nina Dobrev, Rush (2013) හි රංගනයෙන් දායක වූ James Norton සහ, Neighbors 2: Sorority Rising (2016) හි රංගනයෙන් දායක වූ Kiersey Clemons මෙම සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායකවනු ලබනවා. කොලොම්බියා පික්චර්ස් ආයතනයේ නිෂ්පාදන දායකත්වය මත, මෙම චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේ, සුප්‍රකට සෝනි පික්චර්ස් චිත්‍රපට ආයතනය මගිනි.

ඒ වගේම කියන්න ඕනේ, චාමර සහෝ තමයි මේක කලින් බාරගෙන තිබ්බේ. ඒත්, චාමර සහෝ මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා හසන්ත අයියගේ ඉල්ලීමට තමයි මේක බාරගත්තේ. කරන්නම් කියලා බාරගත්තා වගේ නෙමෙයි. චිත්‍රපටියේ මුල් අර්ධයේ බොහොමයක් තැන් වල භාවිතා වෙන්නේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන වචන, යෙදුම් සහ විද්‍යාත්මක වචන. අදාළ වචන සහ යෙදුම් පුළුවන් උපරිමයෙන් හැමෝටම තේරුම් යන විදියට පැහැදිලි කරන්න උත්සාහ ගත්තා. ඒ උත්සාහය සාර්ථකද අසාර්ථකද කියලා තීරණය කරන එක ඔයාලටම බාරයි. ඒ වගේම, චිත්‍රපටියේ “කර්මය” සහ “පව්” ගැන සඳහන් වෙනවා. චිත්‍රපටය ගැන හොඳට විමර්ශනය කරලා බැලුවොත් තේරේවි, මේ තේමාව බුදුදහම සමගිනුත් යම් ආකාරයක සම්බන්ධයක් තියෙනවා කියලා.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. පූර්ව ප්‍රචාරක පටයත් බලලා හිටියොත් හොඳයි. මොකද, පූර්ව ප්‍රචාරක පටය බැලුවොත් නම් ගොඩක් දෙනෙක්ට අනිවාර්‍යයෙන්ම චිත්‍රපටය ගැන කුතුහලයක්, ආශාවක් ඇතිවේවි. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

7,902 downloadsDownload Flatliners-2017.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

7,902 downloadsDownload Subtitles49 KB

41 comments

  1. asitha

    elama saho thanks

  2. විදුෂාන් සජිත්

    :-) බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට. දිගටම යමු, ජය වේවා!.. :-)

  3. Viraj Harsha

    Thanks..elama

  4. Kavi

    මචෝ මේ කරගෙන යන වැඩේ පට්ටම පට්ට.අපි ෆිල්ම් එකක් බලන්නවත් වේලාව වෙන් කරගන්නේ බොහොම අමාරුවෙන්.ඒ අතර ඔයාල හැමෝම ලොකු කැප කිරීමකින් මේ කරගෙන යන වැඩේට ලොකු අගය කිරීමක් ලැබෙන්න ඕනා.ලංකාවේ තියෙන එකම සහ හොදම සිංහල උපසිරස වගේම ෆිල්ම් ගන්න පුළුවන් එකම තැන.පොඩියට පටන් අරගෙන ලොකු තැනකට ඇවිත්.සිරාවටම ඔය සෙට් එක ගැන ගොඩක් සතුටුයි මචන්ලා….දිගටම කරගෙන යමු.සුභ පතුම හැමෝටම…

  5. mindika

    Thanks !!!!!!!!!!!!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. prabodha

    Thank u sisila sub ekata....

  8. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  9. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  10. Helili

    උපසිරැසියට තුති අයියන්ඩි, ඉතුරු 10 ත් ඉක්මනට දෙන්න.

  11. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ...!!
    ජයෙන් ජයම වේවා...!!

  12. Chinthaka

    Thank U bro.............

  13. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ.වෙලාවක් ලැබුණු ගමන් ඊළඟට බලන පලවෙනි ෆිලුම තමයි මේක.මේකේ ට්‍රේලර් එක මීට මාස කීපයකට කලින් අහම්බෙන් දැක්කට පස්සේ මේකේ හොඳ පිටපතක් නිකුත්වෙනකල් ඇහැ ගහගෙනමයි හිටියේ.ඒ මේකට සබ් කරන්න ඉඩක් ලැබෙයිද කියලා බලන්නත් එක්ක.කොහොමහරි අන්තිමේදී සබ් කරන්න බලන්න තියා ෆිලුම බලන්නවත් වෙලාවක් හොයාගන්න බැරිවුනා,දැන් තියෙන වැඩත් එක්ක.ලොකු පරිශ්‍රමයක් යොදලා මේ වගේ ෆිලුමකට සිංහල සබ් එකක් අරගෙන ආවට ආපහු සැරයක් ස්තුති කරනවා.ජය!

  14. asitha

    thank you bro.

  15. Chanuka

    ela bro

  16. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.
    සුපිරියටම පැහැදිලි කරපු විස්තරයකුත් තියෙන්නේ.
    සිසිල සහෝගේ සබ් නම් ඉතින් කියන්න දෙයක් නෑනේ.
    ජයෙන් ජය...

  17. w A Thilak

    හොද පැහැදිලි කිරීමක් සමගින්ම උපසිරසියට තුති...

  18. Amanda

    thanks for the subtitles

  19. Dhammika prasad

    Amuthu ekak. Thanks upasirasiyt shoo

  20. Isuru

    Thanks මචන්…......

  21. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට ස්තුතියි සිසිල අයියේ!

  22. lakmal

    Ela sisila aiya.patta film ekak wage.thanks sub ekata .jaya wewa.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Nipun Tharuka

    Thanks for the subtitle. Keep it up....

  25. Lahiru Lakshan

    Thanks machn...

  26. umesh madushan

    ස්තූතියි සහෝදරයා

  27. Ashan@96

    Thankz mcn

  28. nilantha7

    thanks

  29. isuruBhashana

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.

  30. Malith55

    1990 ekatath denna ko

  31. Suu

    Thanks saho sub ekata. ......jayen jaya. ...

  32. Mahesh ruwan

    bohoma sthuhti

  33. Hashan M. Priyadarshana

    Thanks bro

  34. Nadeesha rox alahakoon

    Tnx bro. Meka aniwa balanna hithuna wistharaya dakkahama

  35. nuwanduleeka

    Supiri wadak....thx godak

  36. Nidi

    සබ්ස් කරද්දී හොඳටම STUDY කරලා වැඩේට 100% ක්ම අවංක වෙලා තිබීම ගැනයි, සිසිල ඔයාට ඉස්සෙල්ලාම ස්තුති කරන්නේ. නියමෙට සබ්ස් දීලා! හැබැයි, සැරෙන්-සැරේ ෆිල්ම් එක නවත්වමින් තමයි, ඔයා දීලා තිබුණු අර්ථකතන කියෙව්වේ.
    නියමයි. හැඩයි. රහයි. ස්තුතියි!!!

  37. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  38. Kaazz_bat

    Thanx saho sub ekat,. jayawewa

  39. Anushka

    Bohoma sanyamayen saha onakamakin yuthuwa baliya yuthu film ekak sub thiyennama one nattan therum ganna amarui godak mahansi wela thiyenwa aiye mekata sub eka hadaddi jaya wewa විස්තරයත් පංකාදුයි

  40. Anonymous

    machan me film eka apahu danna barida? kohenwath meka hoyaganna barriuna.loku udawwak bn.

  41. THISANGA

    supiriyt lipiy liyla thibb
    blla eNNAn