Watch Trailer

Camp Rock 2: The Final Jam (2010) Sinhala Subtitles | ගිම්හානයේ සංගීත කඳවුර 02 (අවසන් තරගය) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පොරොන්දු දුන්න විදිහටම Camp Rock 02 ෆිලුමේ සබ් එකත් අරගෙන ආවා බයිස්කෝප් අඩවියට. මේ මගේ දෙවෙනි උපසිරිසි ගැන්වීම .ඉතින් වෙනදා වගේම මේකෙ හොඳ නරක අහන්න ආසයි. අඩුපාඩු මොකුත් තිබුනොත් සමාවෙන්ටෝනෙ. ෆිල්ම් එක ගැන කිව්වොත්, Camp Rock 1 (2008) පලමු ෆිලුමට වඩා IMDB අගය නම් 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා.පල…

ඔන්න පොරොන්දු දුන්න විදිහටම Camp Rock 02 ෆිලුමේ සබ් එකත් අරගෙන ආවා බයිස්කෝප් අඩවියට. මේ මගේ දෙවෙනි උපසිරිසි ගැන්වීම .ඉතින් වෙනදා වගේම මේකෙ හොඳ නරක අහන්න ආසයි. අඩුපාඩු මොකුත් තිබුනොත් සමාවෙන්ටෝනෙ.

ෆිල්ම් එක ගැන කිව්වොත්, Camp Rock 1 (2008) පලමු ෆිලුමට වඩා IMDB අගය නම් 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා.පලමු විත්‍රපටය වගේම රොක් ආරේ ගීත තොගයක් තියෙන කම්මැලි හිතෙන්නෙ නැති ෆිල්ම් එකක් තමයි මේකත්. හැබැයි Camp Rock 1 ෆිල්ම් එකේ ගීත සිංහලයට නැගුවේ නැති වුනාට මේ Camp Rock 2(2010) ෆිල්ම් එකේ නම් විත්‍රපටයට අදාල කොටස් කීපයකුත් ගීතයක් විදිහට ගලාගෙන යන නිසා ඒ ගීතයේ සරල තේරුම සිංහලෙන් උපසිරස ගන්වන්න සිදු වුනා. මම හිතන්නේ ඒකෙන් ෆිල්ම් එකේ රස නැත් වෙන්නේ නැති වෙයි.

මේ ෆිල්ම් එක පුරාවටත් ලස්සන කතාවක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් Camp Rock 1 ෆිල්ම් එකෙන් අඳුනාගත්ත අපේ මිචි දැන් තරුණියක් එයා එයාගේ අම්මත් එක්ක ආයෙමත් ගිම්හාන නිවාඩුවකට Camp Rock කඳවුරට එනවා. එහෙදි එයාගේ පරන යාණවෝ ටෙස්, කේට්ලන්, පෙගීඒ හැමෝම හමුවෙනවා. ඒ වගේම මිචී ගේ යාළුවා රොක් තරුව“ ශේන් ග්‍රේ“ වත් . ඇත්තටම එයාලා පෙම්වතුන් වෙන්නයි යන්නේ මේ ෆිල්ම් එකේදි . ඩතින් බලන්නම වටිනවා නේද? Camp Rock කඳවුර ලඟම පිහිටවපු අළුත් කඳවුරක් නිසා Camp Rock කඳවුරුකරුවන්ගෙන් කොටසක් එයාලට අහිමි වෙනවා. මේ කියන Camp Star අළුත් කඳවුරේ හිමිකරු කෑම්ප් රොක් කඳවරුරේ හිමිකරු බ්‍රව්න් මහත්තයගේ පරණ හතුරෙක්. ඒ කඳවුරේ ඉන්න ඩේනා කියන ගැහැණු ළමයෙක් ශේන් ග්‍රේ ගේ යාළුවා නේට්ගේ හිත අරගෙන. බලන්න වටිනවා ඒ දෙන්නගේ කතාවක්. Camp Star අළුත් කඳවුරේ කැත වැඩ නිසා මිස්ටර් බ්‍රවුන් එයාගේ Camp Rock කඳවුර වසා දාන්න තීරණයකලා. ඒත් ඒ වෙනුවෙන් මිචී එයාගෙ යාළුවොත් එක්ක ලොකු අභියෝගයකට මුහුණ දෙන්නයි යන්නේ. ඉතින් අපේ මිචී ගේ උත්සාහය සාර්ථක වෙයිද? Camp Star හා Camp Rock කණ්ඩායම් අතර සටනෙන් කවුරු අවසන් තරඟයෙන් ජය ලබයිද? මේ සේරම දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම බලනවනම් . ඉතින් මේ චිත්‍රපටය Camp Rock පලවෙනි ෆිල්ම් එකට වඩා ගොඩක් ලස්සනයි කියලා හිතුණා මට නම්.. සහය දුන්න හැමදෙනාටම ස්තූතියි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

2,101 downloadsDownload Camp-Rock-2-The-Final-Jam-2010.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Shalini-Malsha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,101 downloadsDownload Subtitles56 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Helili

    උපසිරැසියට තුති නංගි. දිගටම උපසිරැසි දෙන්න.

  3. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශලිනි.
    ජයෙන් ජය...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. ශලිනි මල්ෂා

    thank you very much all of my friends <3

  7. malithmadhushan45

    thanx for the sub

  8. MAALnath

    thanks ...................good luck ......................

  9. Ashka Lakshan

    Thank you so much for the subtitle!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.