Watch Trailer

Garudan (2023) Sinhala Subtitles | රාජාලියා. [සිංහල උපසිරැසි]

Garudan (2023) Sinhala Subtitles මෙන්න 2023 වසර අවසන් වෙනකොට මලයාලම් සුපිරියක් ඇවිත්. IMDB අගය7.4 ක්. කොටින්ම මලයාලමේ උණුසුම්ම ත්‍රිලර් ඝණයේ චිත්‍රපට නිකුත් වෙන්න පටන් ගන්නේ ශීතල දෙසැම්බර් මාසේ වගේයි පේන්නේ. මේකත් එහෙම හිතා ගන්න බැරි සුපිරිම කතාවක්. Garudan (2023) Sinhala Subtitles මේකටත් පොලිසිය ස…

Garudan (2023) Sinhala Subtitles

Garudan (2023) Sinhala Subtitles

මෙන්න 2023 වසර අවසන් වෙනකොට මලයාලම් සුපිරියක් ඇවිත්. IMDB අගය7.4 ක්. කොටින්ම මලයාලමේ උණුසුම්ම ත්‍රිලර් ඝණයේ චිත්‍රපට නිකුත් වෙන්න පටන් ගන්නේ ශීතල දෙසැම්බර් මාසේ වගේයි පේන්නේ. මේකත් එහෙම හිතා ගන්න බැරි සුපිරිම කතාවක්.

Garudan (2023) Sinhala Subtitles

මේකටත් පොලිසිය සම්බන්ධයි. ප්‍රධාන චරිත දෙක. නියෝජ්‍ය පොලිස් කොමසාරිස් හරිෂ් මාධවන් සහ මහාචාර්ය නිශාන්ත්.එක් වැසි බර රාත්‍රියක සිදුවන අතවරයක්. ඊට ලක් වෙන සරසවි සිසුවියක්. ඇය තෙරේසා දීර්ඝ කාලීන කොමාවක. මෙය සොයා යන හරිෂ් ප්‍රමුඛ පොලිසියට සැක කරුවෙකු හමු වන්නේ මාස හතකට පසුව. ඒ ඇයගේම සරසවියේ මහාචාර්‍ය නිශාන්ත්. සිය බිරිඳ සහ දරුවා සමග සුන්දර පවුල් ජීවිතයක් ගෙවන ඔහුගේ ලෝකය කඩා වැටෙන්නේ මේ නඩුවෙන් වරද කරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක් වීමෙන්.

Garudan (2023) Sinhala Subtitles

වසර හතක් යනවා, තෙරේසා තවමත් කොමාවක. ඇගේ පියා ඇයව වෙන්ටිලේටරයෙන් ගලවන්න දෙන්නෙ නෑ.කෙසේ හෝ නිශාන්ත් වසර හතකින් නිදහස් වෙලා එනවා. ඔහුගෙ ලෝකයම කඩා වැටිලා. සියල්ලෝම ඔහුව ප්‍රතික්ෂේප කරනවා.නිකරුණේ සිර දඬුවම් විඳි තමාගේ නම නිර්දෝශී කර ගැනීම ඔහුගේ උවමනාව. ඒ සඳහා සිර ගෙය තුල සිටම ඔහු සූදානම්. එහි මූලික අදියර එහි සිට ඔහු නීති උපාධිය ලබා ගැනීම. ඔහු සිය නඩුව නැවත විමර්ෂණය කිරීමට අවසරය ලබා ගන්නවා. අවසානයේ නිර්දෝශී භාවය ඔප්පු කර නිදහස් වෙනවා.

Garudan (2023) Sinhala Subtitles

නීති ගරුක පොලිස් නිළධාරියෙකු වන හරිෂ්ගේ විශ්‍රාමය සිදුවන දවස වෙන කොට ඔහුගේ නිකළැල් පොලිස් දිවියට විශාල කළු පැල්ලමක් එකතු වෙන්නේ මෙම නඩුව නිසා.නිකරුණේ වරද කරුවකු කිරීම හේතු කොට ගෙන ඔහුට නිශාන්ත් හට විශාල වන්දියක් ගෙවීමට සිදු වෙනවා.නිශාන්ත් අළුත් ජීවිතයක් පටන් ගනිද්දී හරිෂ්ගේ පුංචි කැදැල්ල කඩා වැටෙනවා. කොතනද වැරදුනේ? හරිෂ් එහෙම හිතන කොට, ගරු කටයුතු ප්‍රසිද්ධ නීතිඥයෙක් බවට පත් වෙමින් සිටින මහාචාර්‍ය නිශාන්ත් තවදුරටත් පළි ගනීද? නිශාන්ත්ගේ මෙන්ම නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට යාම නිසා ඇමති වරයෙකුගේ ද වෛරයට පාත්‍ර වෙන හරිෂ්ගේ ඉරණම මෙය නරඹා බලා ගන්න.

Suresh Gopi, Biju Menon, Siddique ප්‍රධාන චරිත මවන මෙය Arun Varma ගේ අධ්‍යක්ෂනයක්. නැවත උණුසුම් උපසිරැසියකින් හමුවෙමු

Garudan (2023) Sinhala Subtitles

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

15,841 downloadsDownload Garudan-2023.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Garudan (2023) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

15,841 downloadsDownload Subtitles62 KB

15 comments

  1. Netflix පිස්සා

    Ado ela ban supiriyak thamai, tawa malayalam.ewa oni ban aluth ewa, adarei bro ❤❤

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Achintha Udayanga

    උපසිරැසිය වෙනුවෙන් බොහෝම ස්තූතියි.
    හිතුවෙ නැති විදිහට 'මරු' කීවත් වගේ මේක නම්..

  4. Naveen Mbr

    අවුරුද්දෙ හොඳම චිත්‍රපටියක්. මම මාර විදියට ස්ප්‍රයිස් වුණා. ආයෙත් ඔයාගේ සබ් එකත් එක්ක බලනවා. බොහොම ස්තූතියි සහෝදරයා! ජයෙන් ජයම වේවා!

  5. Netflix පිස්සා

    Adooo supiriyak thamai, tawath me wage patta malayalam oni broo adareiii ❤❤

  6. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි BANDULA සහෝ උපසිරැසියට..

  7. Kasun Widusha

    Tnx sahoo digatama Malayalam walata sub karanda..........

  8. Kasun

    උපසිරැසියට බොහොම ස්තූතියි. සහෝ නිසා බලන්න බැරුව හිටපු ගොඩක් මලයාලම් චිත්‍රපටි බලන්න පුලුවන් වුනා. ❤️

  9. ප්‍රදීප්

    අම්මෝ මේ කතාව නම් පිස්සුවක්.හිතාගන්න බැරි අවසානයක් තියෙන්නේ.කරකවලා අත ඇරියා වගේ.
    බොහොම ස්තුතියි සහෝ සබට.

  10. Akash

    මලයාලම් ත්‍රිලර් වැඩිපුර දෙන්න
    ජය වේවා

  11. rana

    pattafiluma
    jayawewa

  12. Anonymous

    ELAZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ

  13. Chanaka Sangeeth

    Jaya wewa

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.