හසා කියනවා #50 වෙනි උපසිරැසියත් ඇවිල්ල ෆිල්ම් එකක් කරමුලු. එතකොටනේ මාත් බැලුවේ ෆිල්ම් කීයක් කරලා තියෙනවද කියලා. හුටා….. ආඩම්බරයි පින්වතුනි #01ම එකක් විතරයි කලින් කරලා තියෙන්නේ. [TAU] ඒකත් සමීර කරුණාරත්න සහෝදරයාගේ පෙරැත්තට කලේ. අද වුනත් කරන්න වුනේ හසාගේ නොසැළෙන පෙරැත්තටයි.😉. #50 වෙනි ගුණකථනය කෙටියෙන…

හසා කියනවා #50 වෙනි උපසිරැසියත් ඇවිල්ල ෆිල්ම් එකක් කරමුලු. එතකොටනේ මාත් බැලුවේ ෆිල්ම් කීයක් කරලා තියෙනවද කියලා. හුටා….. ආඩම්බරයි පින්වතුනි #01ම එකක් විතරයි කලින් කරලා තියෙන්නේ. ඒකත් සමීර කරුණාරත්න සහෝදරයාගේ පෙරැත්තට කලේ. අද වුනත් කරන්න වුනේ හසාගේ නොසැළෙන පෙරැත්තටයි.😉.
#50 වෙනි ගුණකථනය කෙටියෙන් කරන්න ඒ කලේ ඉඳන් ආසවක් නොතිබුනාම නොවේ. මෙහෙමයි ඉතිං ඒක වෙන්නේ. උපසිරැසි කරන්න හීනෙකින්වත් හිතුවේ නැති වෙලාවකම The Shannara Chronicle බලන්න ලැබුනා. ඒකත් විමාගේ පොඩි මිස්ටේක් එකක් නිසා කිව්වොත් මං නිවැරදියි. ඉතිං මුල්ම උපසිරසිකරණයට යොමු වුනේ 2018 මාර්තු 30 වනදා. එතැන් පටන් HUMANS, The Handmaid’s Tale, Arrow, Blacklist, 13 Reasons Why, Cloak and Dagger, The Money Heist, BBC Bodyguard යන කතා මාලා සියල්ල ඔස්සේ 2018 නොවැම්බර් මාසය වෙන විට #50වන කඩඉමට එන්න ලැබුනේ රොයිලි අයියා, හසන්ත වික්‍රමරත්න, සමීර කරුණාරත්න, අශාන් විමුක්ති , චාමර සම්පත් , ලහිරු ප්‍රසාද්, උදයංග සම්පත් , ඉසුරු සම්පත් , රවිඳු රුක්ෂාන් , අචින්ත උදයංග, නුවන්ත , නිලුපුල් , ප්‍රණීත් චින්තක , දිල්ශාන් සචින්ත, කවිශාල් මලයා, සුරේනි අක්කා යන සහෝදර සහෝදරියන්ගේ උදව්වෙන්. ඒ වගේම මුල්ම උපසිරැසියේ පටන් මා සමඟ සිටි ප්‍රේක්‍ෂක ඔබයි, ඉතිං හැමෝටම ස්තුතියි. 😉✌

මොහොතකට සිතින් මවාගන්න, ඔබ මේ මොහොතේ සිටින්නේ සියල්ල පෙර සැළසුම් වූ, නමුත් එය ඔබ නොදත්, මෙහෙයුමක් අතර මැද කියා නම්. ඔබ ඉන් පලා යනවා ද? නැතිනම් පෙරලා සටන් කරනවාද ? තීරණය ඔබට බාරයි…. ඉතින් මෙදා පාර ඔයාලට අරගෙන ආවේ, අති වේගවත් දර්ශණ රාමු ඇති, එමෙන්ම අති බිහිසුණු සටන් ජවනිකා වලින් සමන්විත පැයකුත් විනාඩි 40කුත් පුරා දිව යන ක්‍රියාදාම, අපරාධ, ආදරය හා විශ්මය සපිරුණු ආරම්භයේ පටන් අවසානය තෙක් ඔබව අතරමං කරවන චිත්‍රපටියක් රැගෙනයි.
ඒ Mark Wahlberg රංගනයෙන් දායකත්වය සපයන, මේ වසරේ ගොඩක් දෙනා නරඹන්නට අසාවෙන් හිටිය Mile 22 චිත්‍රපටයයි. මෙය Peter Berg ගේ නවතම චිත්‍රපටි අධ්‍යක්ෂණය වන අතර මෙහි තිර රචනය Lea Carpenter හා Graham Roland ගේ. ඉතා දක්ෂ රංගන ශිල්පින් රැසක් මෙම නිර්මාණයට දායකත්වය සපයනවා.
- Mark Wahlberg ජේම්ස් සිල්වා ලෙස.
- Iko Uwais ලී නුර් ලෙස.
- John Malkovich බිශොප් ලෙස.
- Lauren Cohan ඇලිස් ලෙස.
- Ronda Rousey සෑම් ලෙස.
- Carlo Alban ඩග් ලෙස.
මේ මෙහි ප්‍රධාන චරිත කිහිපයක් වන අතර විශාල රංගන ශිල්පින් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා. ඔවුන් සෑම දෙනාගෙම විශිෂ්ට රංගනය මෙහි සාර්ථකත්වයට හේතුවයි. මෙහි ඇති බොහෝ දර්ශණ වේගවත් වේවි. එය මෙම චිත්‍රපටියට වේගවත් බවක් එක් කරනවා කිව්වොත් මං නිවැරදියි. IMDb දර්ශකයේ 6.1ක අගයක් ගන්නටත්, 2018 වර්ෂයේදි $ මිලියන 65.6ක ආදායමක් උපයන්නට මෙම චිත්‍රපටයට හැකියාව ලැබිලා තියෙනවා.
කතාව ගැන කෙටියෙන් ඔයාලට කියනවා නම්, ජේම්ස් සිල්වා ප්‍රමුඛ සත් දෙනෙකුගෙන් යුතු CIA කණ්ඩායමක්, මේ වන විට ඔවුන්ට ලැබුන ඔත්තුවක් ඔස්සේ අස්ථානගත වූ සීසියම්-139 නම් වූ විකිරණශීලි බෝම්බ තැනිය හැකි මුල ද්‍රවයක් සොයමින් සිටිනවා.
ඒවගෙම මෙම ඔත්තුව ලබාදුන් තැනැත්තා මේ වන විට අතුරුදහන්.ඔහු නමින් ලි නුර්. සීසියම් සඟවා ඇත්තේ කොහෙද කියා දන්නේද ඔහු පමණයි. හදිස්සියේම ලි නුර් තානාපති කාර්යාලය අසලින් මතුවෙන්නේ අගුලු දැමු හාර්ඩ් ඩිස්ක් එකක් අතැතිවයි. ගතවන සෑම තත්පරයකම හාර්ඩ් ඩිස්ක් එකේ තොරතුරු විනාශවෙමින් පවතිනවා. පැය 8කින් ඒ සියල්ල විනාශ වෙන්න නියමිතයි. එහිදී ඔහු යටත් වීමක් සමගම ඔහුගේ කොන්දේසි ඉදිරිපත් කරනවා. එතැන් පටන් කුමකින් කුමක් සිදුවේවිද ? මහා සංග්‍රාමයක ඇරඹුම එය වනවා.
ඉතිං කවුද මේ ලි නුර්? ඔහුගේ යටත් වීමේ කොන්දේසි මොනවද ? හාර්ඩ් ඩිස්ක් එකේ අගුලු දමා තිබෙන්නේ මොනවාද ? සීසියම් වලට මොකද වුනේ ? ජේම්ස් සිල්වා ප්‍රමුඛ CIA කණ්ඩායම සමඟ ලි නුර්ට ඇති හුටපටේ මොකද්ද ? එතකොට මොකද්ද මේ පෙර සැළසුම් ගත මෙහෙයුම ? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න සූදානම් වෙන්න කියමින්, නොනවතින කුතුහලයෙන් සපිරුණු පැය එකාහමාරක් ගෙවන්න ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. 🚩 ජය…!!! 😉✌
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HD / BR පිටපත් සඳහා අදාළ වේ.
26,524 downloadsDownload Mile-22-2018.zip93 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
161 comments
sashindramax
උදයංග සම්පත් හතරසිංහ
අඩේ මෙන්න බැංකු හොරා පනහ ගහල. :D මූ බැංකුවේ වැඩට ගත්ත විතරයි රටත් බංකොලොත් වෙලා ගියා.. ඒකට කාරි නෑ.. උඹ මට ලබන ආත්මෙ කොණ්ඩෙ එන්න කියල ප්‍රාර්ථනා කරල තිබ්බ නේ.. (කාටද යකෝ කොණ්ඩෙ නැත්තෙ.. )
ඉතිං කියන්න ඕනෙ මුල් කාලෙ මං හිතාගෙන හිටියෙ උඹ හෙන ගැට්ටෙන් ඉන්න කොල්ලෙක් කියල. පස්සෙ බැලින්නම් ගැට්ට තිබිල තියෙන්නෙ මගේ. උඹ සුපිරි කොල්ලෙක්. බයිස්කෝප් තුළින් හමුවුණු තව එක නියම යාළුවෙක්. සීරීස් වලින්ම සබ් 48ක් කරල ෆිල්ම් 2යි. ඒකත් මරු ආහ්. එහෙනම් මිත්‍රයා ලෙසටම 100 ගහමු.. අර හොරාකාපු සල්ලි ආයෙ බැංකුවට දීපං බං.. ඒව රටේ සල්ලි.. ජය වේවා මා පුතා.. !තරිඳු ගමගේ
අනේද කියන්නේ මගේ මිත්‍රයා ,දෙන්නත් එක්කනේ ගේම ගැහුවේ, ජය සහෝ උඹටත් !!!
Prabodha Madhusankha Hettiarachchi
59th sub ekata congratulations bro..
Prabodha Madhusankha Hettiarachchi
50 ta
තරිඳු ගමගේ
ස්තුතියි සහෝ, ජය..!!!
Helili Hemamali
පළමු කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ! ජය වේවා!
තරිඳු ගමගේ
ජය..!!!
wnrodrigo
Good work friend, thanks!
කවිශල් රසින්ත (කවී)
පලමු කඩයිමට උණුසුම් සුභ පැතුම් අයියේ... මාවත් මතක් කලාට ඉස්තූතියි ඈ... සිරීස්ම 48ක් ඒකත් හොදයි ඉතින්... එහෙනම් 100ත් ලෙසටම ගහන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව. ඒ වගේම ඉදිරි හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල සුභ පතනව. ජය වේවා...!!!
තරිඳු ගමගේ
ස්තුතියි සහෝ, ජය..!!!
Ashoka
tnanks bro
kavintha
thanks!!!!!!!!!!
Kasun A.
50 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් තරිදු සහෝ! උපසිරැසියට තුති, ජය!
aks
Thanks...
oshanda
thanx sahoo
KalharaHansaka
thanks' malli
බොබී
ටීවී සීරීස්ම හොඳයි. නොනැවතී 100 දක්වා යන්න සුභ පතනවා. මේ උපසිරැසියටත් ස්තූතියි, සහෝ.
තරිඳු ගමගේ
ස්තුතියි සහෝ, ජය..!!!
Eranda Malith 2.0
බොහොම ස්තූතියි උපසිරසියට ජයවේවා
albus98
තෑන්ක්ස් බ්‍රෝ සුභ පැතුම්..
ලොවෙත් නෑ බානව ජයsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඒවගේම 50 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා...
ජයBobby
Thank you very much Tharindu
geeganagamage
බොහොම ස්තුතියි සුපිරිම වැඩක්
SAjith Anthony
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!Panther
Thanz saho
Hashan M. Priyadarshana
Thank you broo sub ekata..
Jaya wewa!Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!තරිඳු ගමගේ
ස්තුතියි සහෝ, ජය..!!!
AyeshDushmantha
Thanks bro
Pramukmili
congratzz & thanxxx bro..........
Nadun Prakash
Suba pathum saho 100 th karamu ikmanata..
තරිඳු ගමගේ
ස්තුතියි සහෝ, ජය..!!!
Uvindu Dilshan
Thankx bro sub ekata
iMacz
ඒලම
ynd
Thanks for sub
madawaththa
Tnx broh..
JF6996
Thank You
Kulanjana Maduranga
niyamai subata thanks...
Kulanjana Maduranga
hat off respect bro...great work & lot of thanks...THARINDU
Kulanjana Maduranga
saho...wish u'r great future...
තරිඳු ගමගේ
ස්තුතියි සහෝ, ජය..!!!
Ayesh Prashan
50ta Subha Pathum!!! Thank You
Ayesh Prashan
Thank You
Rashmika dumidu
Thanks
duminda0991
PATTA
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
ජයෙන් ජය.la_hirumadu_shan
Sub eka fattah bro......
ඉසුරු සම්පත් සිරිසේන
උබත් විගහටම පනහ ගැහුව නෙහ්..
50*ට සුබපැතුම් මචෝ...
ඔය ගැම්මෙන්ම 100ත් යමු එහෙනම්..
~ඔබට ජය~Amilperera
50 වෙනි දිනුම් කණුවට සුබ පැතුම්..
ආසිරි ප්‍රියන්ත
අඩේ, බි ආරුත් ඇවිත්ද? ඊයේ බලද්දී තිබ්බේ නෑ නේ.
මේකනම් අනිවා බැලිල්ලක් තමා ඉහින්..
මෙන්න ගන්නවා මචෝ,
50 ස වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් ආ..
ජයවේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
ඒ වගේම පලමු කඩඉමටත් සුබ පැතුම්.....!රොයිලි
උණුසුම් සුබපැතුම් තරිඳූ මලේ 50 වෙනි කඩ ඉමට. මේ ආවටත් වඩා ඉක්මනින් 100 ටත් යන්න ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
තරිඳු ගමගේ
ජය රොයිලි අයියේ !!!
Suranjan
Thanks machan.....jayawewa......!
AsithaDilruwan
Ela saho thanks
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා.......!!!!!!!!!!!!
Ishan007
thanx bro
යුරාන් ධනුක
50* කඩයිමට සුභ පැතුම් සහෝ...
බොහෝම ස්තූතියි ....!!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Thisara karunanayaka
බොහොම ස්තුතියි සහෝ
නියමෙට කරලා තියනවාthusitha Premarathna
Thanks sub akata
Advertisement


සබ් එකට ස්තූතියි සහෝ