Watch Trailer

#Pellichoopulu (2016) Sinhala Subtitles | කසාද බැලිල්ල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් තෙලුගු චිත්‍රපටයකට උපිසිරැසියක් අරගෙන ආවා. මේ කාලයේ නැගීගෙන එන තෙලුගු නළුවා කවුද කියලා ඇහුවොත් දෙකක් නෑ කවුරුත් කියන්නේ විජේ දේවරකොන්ඩා කියලා. අද ආවේ ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය අරගෙනයි. 2016 ජූලි 29 නිකුත් වුන මෙම චිත්‍රපටය Romantic, Comedy කියන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නේ. ප…

ඔන්න තවත් තෙලුගු චිත්‍රපටයකට උපිසිරැසියක් අරගෙන ආවා. මේ කාලයේ නැගීගෙන එන තෙලුගු නළුවා කවුද කියලා ඇහුවොත් දෙකක් නෑ කවුරුත් කියන්නේ විජේ දේවරකොන්ඩා කියලා. අද ආවේ ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය අරගෙනයි. 2016 ජූලි 29 නිකුත් වුන මෙම චිත්‍රපටය Romantic, Comedy කියන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නේ. පිටපත හා අධ්‍යක්ෂණය Tharun Bhascker Dhaassyam විසින් සහ නිෂ්පාදනය Raj Kandukuri සමගින් Yash Rangineni විසින් සිදු කර තිබෙනවා. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වන්නේ Vijay Deverakonda (ප්‍රශාන්ත් ලෙස) සමගින් Ritu Varma (චිත්‍රා ලෙස). මේ චිත්‍රපටය National Film Awards සම්මාණ උළෙලේ හොඳම තෙලුගු චිත්‍රපටය සහ හොඳම තිර රචනය යන සම්මාණ දිනා ගත්තා. Filmfare සම්මාණ උළෙලේ දී හොඳම තෙලුගු චිත්‍රපටය සහ හොඳම තෙලුගු නිළිය යන සම්මාණ හිමි වුනා. Nandi Awards සම්මාණ උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා රන් සම්මාණයත් හොඳම නිළිය සම්මාණයත් හිමි වුනා. ඒ වගේම SIIMA Awards සම්මාණ උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාණයට පාත්‍ර වුනා. විචාරකයන්ගෙනුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වුන චිත්‍රපටය ආදායම් අතිනුත් ඉතාමත් සාර්ථක වුනා. තුන් දහසකටත් වඩා මණාප සංඛ්‍යාවක් අතුරින් මේ වන විට IMDb දර්ශකයේ 8.4 ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙනවා. තෙලුගු චිත්‍රපටයකට ඒ ගාන කියන්නේ ඇත්තටම ඉතාම හොඳ අගයක්. ඉදිරියේදී Mitron යන නමින් මෙම චිත්‍රපටය හින්දි ප්‍රති නිර්මාණයක් ලෙසින් දැකගන්නටත් ලැබේවි. ඉතින් ඔය ටිකම ඇති වෙයි කියලා හිතෙනවා චිත්‍රපටය නරඹන්න.

දැන් කතාව ගැන බලමු. ප්‍රශාන්ත් කියන්නේ හරිම කම්මැළි චරිතයක්. උපාධියත් අවුරුදු පහක් තිස්සේ කරලා යන්තමින් ගොඩදාගෙන ගෙදරට වෙලා ඉන්න කෙනෙක්. යාළුවොත් එක්ක සෙට්වෙලා අම්බානට බීලා දවල් වෙනකල් නිදාගෙන ඉඳලා තාත්තගේ කෑගැහිල්ලට නැගිටින, තාත්තවත් රවට්ටගෙන ඉන්න හදන චරිතයක්. උපාධියක් ගත්තට මොකද එයාගේ වචනෙන්ම කියනවනම් ඒක නමට ගත්ත එකක්. මෙයාගේ කැමැත්ත තියෙන්නේ චෙෆ් කෙනෙක් වෙන්න. සල්ලි හොයා ගන්න එකේක දේවල් උත්සහ කරනවා. කෑම හදන වීඩියෝස්, ෆනී වීඩියෝස් කරලා යූටියුබ් දාලා සල්ලි හොයන්න යනවා. ඒවා තරන්න ගිහිල්ලා හරි හරි අලකලංචි තමයි ඉතින් සිද්ද වෙන්නේ. 😛 මුගේ කරදරෙන් නිදහස් වෙන්න ඕන කියලා තාත්තා මෙයාට කසාදයක් බලන්නයි සූදානම් වෙන්නේ. ප්‍රශාන්ත් ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් දවසක් ගෙදර වැඩකාරයා කියනවා බලන්න යන මනමාළිව බඳිනවනම් කෝටියක දෑවැද්දක් ලැබෙනවා, ඒක ස්ථාවර තැන්පතුවක දැම්මත් මාසෙකට ලක්ෂයක් හොයන්න පුලුවන් කියලා. නිකන්ම ඉඳන් හම්බකරන්න පුලුවන් නිසා මෙයා එකෙන්ම කැමති වෙනවා. කැමති වෙලා මනමාළිව බලන්න යනවා. බොහොම අමාරුවෙන් ගෙදරට ගියාට පොඩි වැරැද්දක් සිද්ද වෙනවා. ඒ සිද්දියත් එක්ක තමයි මේ කතාවට චිත්‍රා සම්බන්ධ වෙන්නේ. එතනින් එහාට ඉතින් කතාව හරි හරි අලකලංචි අස්සේ ගලාගෙන යනවා. චිත්‍රා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? ප්‍රශාන්ත්ගේ ජීවිතේ මොන වගේ පැත්තකට යොමු වෙයිද? මේ ලස්සන ආදර කතාව කොහොම ගලාගෙන යාවිද? මේ දේවල් චිත්‍රපටය රස විඳින ගමන් දැනගන්න කියලා ආරාධනා කරනවා.

ප.ලි. : අවසාන වශයෙන් කියන්න ඕන මේකට ඉංග්‍රීසි උපසිරැසි ගොණුවක් තවම අන්තර්ජාලයේ නැහැ. වෙනත් භාෂාවක ගූගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක් තමයි තියෙන්නේ. අසා ලිවීමක් කරගෙන යනකොට (බාගයක් විතර කරාට පස්සේ) අන්තර්ජාලය අස්සේ හැංගිලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසි සහිත වීඩියෝවක් හම්බවුනා. ඉතින් ඒකත් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ උපසිරැසිය අරගෙන ආවේ. ඇත්තම කිව්වොත් ගොඩක්ම මහන්සි වුන උපසිරැසියක්. ඒහෙනම් ඔබේ වටිනා අදහසකුත් පළ කරගෙන යන්න කියලා මතක් කරමින් අදට සමුගන්නවා.

තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි True HDRip පිටපත් සඳහා අදාළ වේ.

22,551 downloadsDownload Pellichoopulu-2016.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,551 downloadsDownload Subtitles74 KB

103 comments

  1. [email protected]

    thanks bro sube ekata .(pantham 2018) (nela ticket 2018) film valatath ekmanin sube dando jayawewa....

  2. madushrmh

    nice keep up the good work

  3. THE NEW FOLDER

    thanks brooooooo............

  4. Soori

    බොහෝම ස්තුතියි සඳේ....
    ජය...!!!

  5. malshika

    thanks saho!!!!jaya wewa!!!!!

  6. PasinduBuddhipriya

    Thanks mcn

  7. widuranga

    thanx mcn denakan balan hitapu ekak... thanx again

  8. shehandilshan

    thnx machn

  9. rasanga

    Thanks bro

  10. Ayesh Prashan

    Thank You..aniwa balano

  11. avishkasrimal

    Thanks Download link na ne baiscopedowload ake

  12. Bokka98

    Thanx....
    meke download link ekk ndda sahoo....

  13. Kulanjana Maduranga

    subata thanks saho....keep it up....

  14. malshika

    link eka na bd eke..
    upasirasata thanks saho!!! JAYA WEWA!!!!

  15. Ranga Heshan

    Video link eka biscopedownlode eke nehe eka danna,sub eka thibbata wadak nehene

  16. Ranga Heshan

    කෝ බන් ඩවුන්ලොඩ් ලින්ක් එකඑක ඩාන්න

  17. Dayalrw

    Thanks

  18. yassa

    download link eka dapanko kollo

  19. diyashan

    Sinhala sub nathi nisa atha harala dala thibbe...godaaariyak isthuthii machan vijay devarkonda ge dwaraka movie 1th try krpn bn..

  20. yassa

    ane daownload link eka kohewath nane ban

  21. suna

    thnx Sadhe....

  22. TharakaWAS

    Subata Gdak godak Thanks sande...!!!
    Digatama karan yamu...
    Jaya wewa....!!!

  23. Madhu_Akarsha

    Thank you sub ekata....!

  24. harshani11112

    ස්තුති සහො ....

  25. dhaneera

    සුපිරි සහෝ....ඉස්සරහටත් හොද films ,කරන්න...

  26. Piyananda 97

    Hello baiscope... උපසිරසයි චිත්‍රපටයි වෙබ් දෙකක නේ තියෙන්නේ... සබ් එක දාන කොට ෆිල්ම් එකෙ ලින්ක් එකත්... baiscopedownload එකෙන් ෆිල්ම් ගන්න තැනින් සබ් එක ගන්නත් හදන්නකෝ....

    1. chamika ddd

      Me movie ekata subtitle eka genawata godk pin...lassana movie eka thawa me wage lassana movies walata subtitles genna

  27. sldharmasena

    thank u very much

  28. shehan prathapasinghe

    thanks sade

  29. K.D.L.C.Dayathilake

    Supiri wadak....

  30. Lahiri

    thankz saho

  31. Achi

    එලම බන් ෆට්ට

  32. dinusha

    thanx bro sub akata

  33. Nilush Angana

    Sub ekata thanx

  34. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  35. vatupelage

    superb bro

  36. kumaradasa

    film eka baluwa.harima lassana katawak yanna nikan malayalam filumak wagamai.bohoma stutie ma waga film walata sub danawata

  37. Chathura_Wasala

    Great mchn...

  38. Chathura_Wasala

    Great machn..

  39. Crytek Wand

    thankx mcho
    supiri wedak

  40. Udaya Saman

    සබ් එකට ස්තූතියි සදේ අයියේ.....

  41. Kanchaka

    Thanks bro pattama.....

  42. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  43. James DC

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  44. saduhiru1

    sub ekata thanks saho................

  45. hirushadeshan

    thankz

  46. Tharindu_Vidusha

    Elama jaye wewa...!!!digatma sub karamu..

  47. himaruwan

    THANKS...JAYAWEWA...!
    Issarahatath hondama de denna....

  48. Amal_indika

    thanks bro...
    ela...

  49. Eranda Malith 2.0

    Ela mcn sub ekta thanks

    Godachari 2018
    Dongata 2015
    Thamizh padam 2010
    Thamizh padam 2.0 2018

    Puluwannam mcn Me film tkikatath sub denna.
    Jayawewa

  50. hasiya

    sub eka hadanna hena gemak gahlanee ban. thanks. kammali kamata filmak balnna hoyanakota ahamben dakke. jaya!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.