"අවවාදයයි.. අධි සංවේදී කතාවකි. කඳුළු වලට වග කියනු නොලැබේ"
"සමහර චිත්‍රපට අපිව action එකෙන් උද්දීපනය කරනවා. තවත් සමහරක් suspense එකෙන් අපිව තිරයට ඇද බැඳ තබනවා. Heart of the Beast (2026) ඒ දෙකම කරන අතරේ, ඊටත් වඩා ගැඹුරු දෙයක් අපිට මතක් කරලා දෙන චිත්‍රපටයක්. ඒ තමයි මිනිසෙකු සහ ඔහුගේ බල්ලා අතර ඇති වචනවලින් විස්තර කරන්න බැරි බැඳීම."
ආයුබෝවන් එහෙනම්. Mutiny (2026) වලින් පස්සේ ආපහු අපි මුණ ගැහුනා මාසයකට විතර පස්සේ. එහෙම නේද? අද නම් මේ චිත්‍රපටය අරන් එන්නේ කැමරා කොපි එකකට අදාලවයි. හදිසි අය ඉන්නවා නම් විතරක් බලන්න. අනිත් අය ඔහොමම ඉන්නකෝ හොඳ කොපි එකක් එනකල්.
කතාව කෙටියෙන්
විශ්‍රාමික Special Forces නිලධාරියෙකු වන James Belmont (Brad Pitt) සහ ඔහුගේ දක්ෂ බල්ලා වන Odin ගුවන් අනතුරකින් පසු අතිශය දුෂ්කර Alaska වනාන්තරයක තනි වෙයි.
ඉදිරියේ ඇත්තේ හිමෙන් වැසුණු කඳු, දැඩි සීතල, ආහාර හා ජලය සොයාගැනීමේ අරගලය සහ ඕනෑම මොහොතක ජීවිතය උදුරාගත හැකි අනතුරුය.
නමුත් මෙහි විශේෂත්වය වන්නේ James තනිවම ඒ සටනට මුහුණ නොදීමයි. ඒ ඔහු සමඟ Odin සිටින නිසාවෙන්.
මිනිසෙකුට කතා කරලා “මට උදව් කරන්න” කියන්න බැරි වෙලාවක, ඔහු වෙනුවෙන් අවදියෙන් සිටින, අනතුරක් දැනුණොත් පළමුව ප්‍රතිචාර දක්වන, අවශ්‍ය මොහොතේ තම ජීවිතය පවා අවදානමට දමන සගයෙක් ලෙස මේ Odin හඳුන්වන්න පුළුවන්.
ඒ නිසා මේක සරලව “ගුවන් අනතුරකින් පසු වනාන්තරයක අතරමං වූ මිනිසෙකුගේ survival story එකක්” විතරක් නෙවෙයි. තමන්ගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කරන මිනිසෙකු සහ තම මිනිසා තනි නොකරන බල්ලෙකුගේ කතාවක්.
චිත්‍රපටයේ සැබෑ හදවත
චිත්‍රපටයේ Odin ලෙස පෙනී සිටින්නේ Uber නම් German Shepherd බල්ලෙක්.
මෙහිදී විශේෂම දෙයක් තිබෙනවා. Uber කියන්නේ camera එක ඉදිරියේ රඟපාන්න හුරු කරපු සාමාන්‍ය movie dog කෙනෙක් නොවෙයි. ඌ මීට පෙර search-and-rescue dog කෙනෙකු ලෙස කටයුතු කර තිබූ German Shepherd කෙනෙක්.
ඒ නිසාම Odin ගේ චරිතය චිත්‍රපටය තුළ එතරම් ස්වභාවිකව දැනෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන්.
German Shepherd කියන්නේ intelligence, loyalty, courage සහ trainability සඳහා ප්‍රසිද්ධ breed එකක්. Police, military, search-and-rescue සහ service work වැනි කාර්යයන් සඳහා උන්ව යොදාගන්නේත් මේ ගුණාංග නිසාමයි. ඒ වගේම තමන්ගේ මිනිසුන් සමඟ දැඩි බැඳීමක් ඇති කරගන්නා බල්ලන් වර්ගයක් ලෙසත් ඔවුන් ප්‍රසිද්ධයි.
Heart of the Beast (2026) මේ German Shepherd ගතිලක්ෂණ screen එක මත ඉතා ලස්සනට පෙන්වනවා.
Odin ගේ බැල්ම, ඌ James දිහා බලන ආකාරය, අනතුරක් දැනෙන විට උගේ හැසිරීම කියන මේ හැම දෙයක්ම dialogue එකක් නැතුවම කතාව කියනවා.
තවත් අපූරු දෙයක් තමයි Brad Pitt පවා Uber ව චිත්‍රපටයේ “තරුව” ලෙස හැඳින්වීම. රූගත කිරීම් අතරතුර Brad Pitt සහ Uber අතර ඇති වූ බැඳීම ඔහු “surprisingly special experience” එකක් ලෙස විස්තර කර තිබෙනවා.
ඒ නිසා Heart of the Beast (2026) බලනකොට Brad Pitt ව බලන්න යනවා වගේම, Odin ව බලන්නත් සූදානම් වෙලා යන්න.
Brad Pitt මෙහිදී අතීත අත්දැකීම් සහ මානසික පීඩනය සමඟ පොරබදින Special Forces veteran කෙනෙකු ලෙස රඟපානවා. ඔහුගේ චරිතය action hero කෙනෙකුට වඩා, තමන්ගේම දුර්වලකම් සමඟ සටන් කරන මිනිසෙකු ලෙස ඉදිරිපත් කිරීම චිත්‍රපටයට emotional depth එකක් ලබා දෙනවා.
හැබැයි මේ චිත්‍රපටයේ casting එක ගැන කතා කරන විට අමුතුම දෙයක් කියන්න පුළුවන්.
Brad Pitt වගේ Hollywood superstar කෙනෙක් සිටියත්, චිත්‍රපටයේ “call sheet” එකේ ඉහළම තැනට ආසන්න වෙන්නේ බල්ලෙක්.
Uber, Odin ලෙසත්, ඔහුගේ පුතුන් වන Seeka, Ryker සහ Hondo වෙනත් physical/stunt shots සඳහා භාවිත කර තිබෙන බව වාර්තා වෙනවා.
Alaskan wilderness එකේ විශාල කඳු, හිම, ගංගා සහ නිමක් නැති වනාන්තරය James සහ Odin ගේ සටන තවත් දැඩි කරනවා. චිත්‍රපටය රූගත කර ඇත්තේ නවසීලන්තයේ වුවත්, තිරය මත එය Alaska හි දැඩි සහ හුදෙකලා පරිසරයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
විශේෂයෙන්ම action scenes වලට වඩා නිහඬ අවස්ථාවල James සහ Odin අතර ඇති බැඳීම ඉස්මතු කිරීම අධ්‍යක්ෂණයේ හොඳ තේරීමක් ලෙස විචාරකයන් පෙන්වා දී තිබෙනවා.
Heart of the Beast (2026) කියන්නේ survival movie එකක් විතරක් නෙවෙයි. මේක විශ්වාසය, loyalty, friendship, trauma සහ companionship ගැන කියවෙන කතාවක්.
මිනිසෙකුට ලෝකයේ හැම දෙයක්ම අහිමි වුණත්, තමන් අසල සිටින එක් විශ්වාසවන්ත ජීවියෙකු නිසා නැවත නැගී සිටින්න පුළුවන් බව මේ චිත්‍රපටය මතක් කරලා දෙනවා.
Action වලට කැමති කෙනෙක්ට action තියෙනවා.
Survival movies වලට කැමති කෙනෙක්ට survival තියෙනවා.
Brad Pitt රසිකයන්ට Brad Pitt ඉන්නවා.
ඒත් බල්ලන්ට ආදරය කරන කෙනෙක් නම්, Odin නිසා මේ චිත්‍රපටය ටිකක් වෙනස් විදිහට හදවතට දැනෙන්න පුළුවන් ❤️ 🐶
Brad Pitt රඟපාන මේ Heart of the Beast (2026) කියන survival thriller චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Fury (2014) වැනි යුධමය චිත්‍රපට හරහා තමන්ගේම ශෛලියක් ගොඩනගාගත් David Ayer විසින්. චිත්‍රපටය විනාඩි 101ක් පමණ දිවෙන අතර IMDb හි දැනට 7.3/10 ක rating එකක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම Rotten Tomatoes හි විචාරක rating එක 85% ක් වෙනවා.
"සමහර වෙලාවට හොඳම සහකාරයා කියන්නේ ඔබ ළඟ ඉඳගෙන කතා කරන කෙනා නෙවෙයි. ඔබට කිසිම දෙයක් කියාගන්න බැරි වෙලාවක පවා, ඔබව අතහැර නොයන කෙනායි"

Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
Advertisement
![Heart of the Beast (2026) Sinhala Subtitles | සුනඛ හදවත [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-c777770f047b20ae19670850.webp)