Watch Trailer

Legend of the White Dragon (2026) Sinhala Subtitles | ධවල මකරාගේ පුනරාගමනය! [සිංහල උපසිරසි]

Wikipedia

සුබ දවසක් හැමෝටම!

Power Rangers විශ්වයේ "Green / White Ranger" ලෙස ලොව පුරා අතිශය ජනප්‍රිය වූ Jason David Frank ගේ අමරණීය රංගන දායකත්වය රැගත්, Sci-Fi සහ Action අංශයෙන් නිකුත් වූ දැවැන්තම සිනමාපටය තමයි Legend of the White Dragon (2026). Bat in the Sun නිෂ්පාදනයක් ලෙස Aaron Schoenke ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම සිනමාපටය, Power Rangers රසිකයන්ට මෙන්ම Superhero සහ Martial Arts ඇක්ෂන් චිත්‍රපට ප්‍රිය කරන සැමටම අමතක නොවන සිනමා අත්දැකීමක් ගෙන එනවා.

රංගන දායකත්වය :


මෙහි ප්‍රධාන චරිතය වන "එරික් රීඩ්" (Erik Reed / White Dragon) ලෙස අභූත රංගනයක නිරත වන්නේ Jason David Frank විසිනි. ඊට අමතරව ප්‍රධාන ප්‍රතිපක්ෂ චරිතය වන "Dragon Prime" ලෙස අධ්‍යක්ෂ Aaron Schoenke මෙන්ම, Martial Arts චිත්‍රපට හරහා ප්‍රකට Mark Dacascos, Michael Madsen සහ පැරණි Power Rangers කථා මාලාවල රඟපෑ Amy Jo Johnson, David Yost, Jason Faunt සහ Ciara Hanna ඇතුළු තරු පිරිසක් මෙහි රංගනයෙන් එක්ව සිටිනවා.

කතාව ගැන:


මහා පරිමාණයේ බියකරු සටනකින් පසුව (Decimator Battle) මුළු නගරයම විනාශ වී යන අතර, එම ඛේදවාචකයේ සම්පූර්ණ වරද පැටවෙන්නේ නගරය ආරක්ෂා කිරීමට සිටි "සුදු ඩ්‍රැගන්" හෙවත් එරික් රීඩ් (Erik Reed) පිටපතයි. තමන්ගේ සියලු සුපිරි බලයන් සහ නිලය අහිමි වන එරික්ට, වසර තුනක් පුරා රහසිගතව නගරයෙන් පිටව සැඟවී සිටීමට සිදුවේ.

නමුත් වසර තුනකට පසු, "Dragon Prime" නමැති අතිදරුණු නව සතුරෙකු නගරය මුළුමනින්ම විනාශ කිරීමටත්, එරික්ගේ පවුල නැසීමටත් නැගී සිටියි. තමන්ගේ නැතිවූ ගෞරවය නැවත ලබාගැනීමට, පවුල ආරක්ෂා කිරීමට සහ තමන්ගේ නගරය වෙනුවෙන් සටන් කිරීමට එරික්ට නැවතත් තමන්ගේ පැරණි "White Dragon" බලයන් අවදි කරගැනීමට සිදුවේ.

එතන ඉඳන් ඉඅස්සරහට ඔයාලට බාරයි...

IMDB - 4.2/10
Rotten Tomatoes - 8%
Duration - 1h 38mins

Superhero, Sci-Fi සහ Martial Arts චිත්‍රපට බලන්න ආස කරන අයට බලන්න නියම චිත්‍රපටයක්.
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු!

Subtitles by

යොහාන් සම්පත්

Rank: SilverSilver
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

18 downloadsDownload Subtitles37 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.