ඔන්න මම ආයෙත් ආවා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන. 1993 වසරෙ තිරගත උනු මේ චිත්‍රපටිය 1958 වර්ශයේ තිරගත වූ Houseboat නම් වූ හොලිවුඩ් චිත්‍රපටිය ඇසුරින් නිපදවූවක්. මෙහි IMDb අගය 7.5ක් ලෙස සටහන් වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Duplicate, Raaz ත්‍රිත්වය, Gangster, Tum Mile, Murder, Murder 2, Jism 1,2, Murde…

Hum Hain Rahi Pyar Ke (1993)

ඔන්න මම ආයෙත් ආවා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන. 1993 වසරෙ තිරගත උනු මේ චිත්‍රපටිය 1958 වර්ශයේ තිරගත වූ Houseboat නම් වූ හොලිවුඩ් චිත්‍රපටිය ඇසුරින් නිපදවූවක්. මෙහි IMDb අගය 7.5ක් ලෙස සටහන් වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ  Duplicate, Raaz ත්‍රිත්වය, Gangster, Tum Mile, Murder, Murder 2, Jism 1,2,  Murder 3 වැනි චිත්‍රපටි අද්‍යක්ශනය කල Mahesh Bhatt විසිනුයි. නිශ්පාදනය කරල තියෙන්නේ Tahir Hussain. ඒ වගෙම Nadeem-Shravan ගේ මියුරු සංගීතයෙන් හැඩවුනු ලස්සනම ලස්සන සිංදු 6කුත් මෙහෙ ඇතුලත් වෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Juhi Chawla සහ Aamir Khan.මෙහි රංගනය වෙනුවෙන් Juhi Chawla එම වර්ශයේ  හොඳම නිලියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තා. හොඳම ගී පද රචනය වෙනුවෙන් (Sameer) සහ හොඳම චිත්‍රපටිය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන හිමි උනා. මෙහි එන Goonghat Ki Aad Se ගීතය වෙනුවෙන් Alka Yagnik හට ජාතික සම්මානයද හිමි උනා.

කතාව ගැන කියනව නම්, රාහුල් කියන්නෙ ලස්සන කොල්ලෙක්. පිටරට ඉගෙන ගන්නෙ. හදිසියේම ඉන්දියාවට එන්න වෙනව තමන්ගෙ අක්කගෙ සහ මස්සිනාගෙ මරනෙ ආරංචි වෙලා. එයාලගෙ ගාමන්ට් එකයි එයාල දෙන්නගෙ ලමයි තුන් දෙනා බලා ගන්න වෙන්නෙ රාහුල්ටම තමයි. ලමයිනුත් හරිම දග ලමයි. ගෙදරට ගේන එක වැඩ කාරයෙකුටවත් ඉන්න දෙන්නෙ නෑ. ඔක්කොම පන්නනවා. දවසක් මේ ලමයි හොරෙන් යනව කානිවල් එකක් බලන්න. එහෙදි හම්බ වෙනවා තව ගෑනු ලමයෙක්. ඒ තමයි, වෛජයන්ති. මේ ලමයි වෛජයන්ති ගෙදරට එක්කගෙන එනවා. ඒ ගෙනල්ල තමන්ගෙ මාමාට ඒ කියන්නෙ රාහුල්ට හොරෙන් හංගලත් තියනවා. දවස් දෙකකට පස්සෙ රාහුල් දකිනව වෛජයන්තිව. ගොඩක් තරහ ගියත් ලමයින්ට ආදරේ නිසා එයාව තියා ගන්නවා ලමයින්ව බලා ගන්න. ඒත් රාහුල් ටිකෙන් ටික  වෛජයන්තිට කැමති වෙන්න පටන් ගන්නවා.

රාහුල්ට ඕඩරයක් ලැබෙනව බිජ්ලානිගෙන් ශර්ට් ලක්ශ 2ක් මහන්න. ඒකත් මහන්න ඕනෙ දවස් 15කින්. නැත්නම් එ ගාමන්ට් එකයි, ගෙදරයි බිජ්ලානිට අයිති වෙනවා. බිජ්ලානිගෙ දුව රාහුල්ගෙ පරන යාලුවෙක්. රාහුල්ට පිස්සු වැටිල එයා හදන්නෙ රාහුල්ව කසාද බඳින්න. ඒ අතරෙ බිජ්ලානි හදන්නෙ මේ දෙන්නව කසාද බන්දල ගාමන්ට් එක අයිති කර ගන්න.

මෙතනින් එහාට නම් කියන්න යන්නෙ නෑ. රාහුල් කසාද බදින්නෙ කාවද? බිජ්ලානිගෙ ශර්ට් ඕඩරේ දෙන්න පුලුවන් වෙයිද? ගාමන්ට් එකටයි ගෙදරයි බිජ්ලානිට අයිති වෙයිද? වෛජයන්තිට මොකද වෙන්නෙ කියල දැන ගන්න වෙන්නෙක් කතාව බලලම තමයි. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් හොඳට හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක්. මම මේ සබ් එක ඉවර කලේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්. ඒ නිසා වැරදි නම් ඇති. එහෙනම් කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. ඕන් අපි ගියා. ඒස්වාහ් පොඃ!

Hum Hain Rahi Pyar Ke (1993) on IMDb

 

 

692 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

14f0a78cc485eaacc9759f815f90f9b2fc0822ec ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,204 downloadsDownload Hum_Hain_Rahi_Pyar_Ke_1993_baiscopelk.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,204 downloadsDownload Subtitles65 KB

38 comments

  1. L c Demel

    Sub ekata thanks

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Yenu

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝදරිය.........ඇත්තටම කවුරු මේකට සබ් දෙයිදෝ කියලා බල බල හිටියේ...............

  4. නලින්

    ස්තුතියි අමා නංගි..

    ජය වේවා!

  5. sandun

    Niyamai sahodari,Digatama me wage parana film walata sub demu.
    puluwannam aamir khange "Mann 1999" Ekatath sub denna balanna.
    Obata jaya.

  6. samee

    Maree maru. Me download karanawa. Thankzzz.

  7. දගකාර හුරතලා (koba)

    podi kale baluwata mataka na sindu set ekanam gathi aye balamu :* tnQ sabata saho jaya dugatama sub demu

  8. කැලුම් ගුණසේකර

    මේක නම් බැලුව ඒ දවස්වල ම. ආයේ බලන්න ඕන. ස්තුතියි උපසිරැසියට.

  9. Mihiraj

    Thanks, නියමයි නියමයි. :)

  10. Madusunk

    Niyamay Thanks

  11. Madusunk

    Shah Rukh Khan, Divya Bharti, Rishi Kapoor inna deewana film 1t th sub daannakoo

  12. Nishantha

    Meka man 3 parak balala thiyenawa. Sindu niyamai . Dan aye balanawa. tnx............

  13. Nishantha

    "One two ka 4" Film ekath denna puluwannam Niyamai...........

    1. Kulanjana Maduranga

      ow puluwan nm One 2 ka 4 filumatath sub denn....

  14. නයන

    බොහොම ස්තූතියි දහරා.... ඔන්න එහෙනම් මමත් බාගත්ත.

  15. Kulanjana Maduranga

    niayamai…thanks DAHARA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  16. Jack

    නියමයි නංගි.
    පරණ උනාට ලස්සනම බයිස්කෝප් එකක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය

  17. thisal

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි muthu

  18. Jamson

    Thanks Nangi...

  19. Anonymous Person

    සබට තුති අමා අක්කේ...
    :)

  20. Amalka

    සබට තුති සහෝදරී

  21. kavinda

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  22. තිලිණ නදීෂාන්

    ස්තුතියි යාලු...පුලුවන් නම් "ta ra rum pum" movie 1e sub දෙන්නකො....

  23. කේ.යූ.ජී. උදාර

    මාත් මේක කලින් ම බාගෙනයි තිබුණේ. ඔන්න එහෙනම් මාත් සබ ගත්තා. බොහොම ස්තූතියි අමා..............

  24. gayan

    ලස්සන ෆිල්ම් එකක්...තෑන්ක්ස්. පුලුවන්නම් Jaanam, Baazi, Ghulam ෆිල්ම් වලටත් සබ් දෙන්න

  25. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  26. mahesh silva

    බොහොම ස්තූතියි...
    පරන වුනාට ලස්සන Film එකක්
    ඉදිරියටත් මෙවැනිම Film වලට උපසි‍රැසි දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ජයවේවා...

  27. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි අමා අක්කේ සබට !
    තව එකක් ඉක්මනට දෙමු.
    ජය !

  28. “චූටී මල්ලි”

    tx

  29. DeeX

    thanks

    patta.........................

  30. roshan

    hoda film ekath thawa hindi ekak danako maachan, hamadama site ekata log unama me hindi film tika witharai thiyenne . huga kalakin damma nahane,,

  31. රොයිලි

    බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  33. රැවන් චාමර

    ඔන්න මමත් බෑවා........
    සුපිරි story වගේ
    පුළුවන් නම් Mela කියල හිංදි ෆිලුමක් තියේ...
    ඒකත් සුපිරියි
    පුළුවන් නම් සබ දෙන්න බලන්න
    ජය වේවා.....
    මුතූ සහෝදරී.....

  34. විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

    කවදත්, පවතින උපසිරසියක් කරන ඔබට මාගේ ස්තූතිය!

  35. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි මුතු නංගියෝ.....ලස්සන film වලට තව තවත් sub දෙමු. ...ජයවේවා!!

  36. මයිකි

    තැන්ක්ස් දාහාරා. දෙතුන් දෙනයි හිංදි ෆිල්ම් පරන එවාට දෙන්නේ. එයින් කෙනෙක් ඔයත්. බොහොම ස්තුතියි එකට. මං ආසම පරන හිංදි ෆිල්ම් වලට. තව නොදිපු ගොඩක් පරන එවා තියෙනවා. පරන කියන්නේ 1990 - 2004 වගේ කාල සිමාවේ චිත්‍රපට නම් ගොඩක් හොදයි. එවගේ ෆිල්ම් ලින්ක් හොයන්න අමාරුයි එත් කමක් නැ. එවට සබ් දෙන්න.

  37. Kavindu

    ඔයල මේ කරන වැඩේටනම් ගොඩක් පින්
    මට පොඩි ඉල්ලීමක් කරන්න තියනව
    Dil tera aashiq (1993) movie එකටත් උපසිරසි
    හදල දෙන්න පුලුවන්ද ?❤❤