ඔන්න ඉතිං මගේ පලවෙනි උපසිරැසිය විදියට මුලින්ම අරන් එන්නෙ සුපිරි action film එකක්. මේක වාර්තා තියපු Hong Kong චිත්‍රපටයක්. විදේශ භාෂාවකින් තිරගත උනත් United States වලදි එහෙම මේ film එකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිල තියනවා. මට මේකට සබ් කරන්න idea ඇවිල්ලා ටිකක් කල්. සබ් එක පරිවර්තනය කරගෙන යද්දී මේකට සබ් හ…

ඔන්න ඉතිං මගේ පලවෙනි උපසිරැසිය විදියට මුලින්ම අරන් එන්නෙ සුපිරි action film එකක්. මේක වාර්තා තියපු Hong Kong චිත්‍රපටයක්. විදේශ භාෂාවකින් තිරගත උනත් United States වලදි එහෙම මේ film එකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිල තියනවා. මට මේකට සබ් කරන්න idea ඇවිල්ලා ටිකක් කල්. සබ් එක පරිවර්තනය කරගෙන යද්දී මේකට සබ් හරියට තිබුනේ නෑ. ඉතිං තව sub file බලන්න උනා. එහෙම නොකලානම් හරි තේරුමක් නැතිව යනවනෙ.ඉතිං Admin එක එක්කත් කථා කරල සබ් එක අරගෙන ආව.
මේ චිත්‍රපටය release වෙලා තියෙන්නෙ 1993 සැප්තැම්බර් 3 වෙනිදා තමයි. චිත්‍රපටය අයත් වෙන්නෙ Action/Crime කියන කාණ්ඩ වලට. මේකට IMDB එකේ 7.6 අගයකුත් Rottan Tomatoes දර්ශකයෙ 90% ක අගයකුත් ලැබිල තියෙනවා. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Yuen Woo-ping. මෙයාගෙ බොහොම ජනප්‍රිය වුනු අදායම් වාර්තා තියන්න සමත් ගොඩක් චිත්‍රපට තියෙනවා. Crouching Tiger Hidden Dragon 2016, Drunken Master 1978, Snake in the Eagle’s Shadow 1978, Last Hero in China (1993) සහ තවත් ඒවා. දැන් film එකේ චරිත පැත්තට හැරෙමු.
යකඩ වදුරා – Yu Rongguang
මාස්ටර් වොං කී යිං – Donnie Yen
මේ දෙන්නා තමයි ප්‍රධාන චරිත. තව ඉන්නවා. ගොඩක් සටන් චරිත තමයි තියෙන්නෙ.ඩොනී යෙන් නං දන්නවනෙ ඉතිං. කියන්න දෙයක් නෑ. IP Man 2008 මෙයාගෙ ගොඩක් ජනප්‍රිය චිත්‍රපටයක්. Yu Rongguang ගැන කියනවනම් The Karate Kid 2010, The Myth 2005, New Police Story 2004, Police Story 2013 වගේ තව චිත්‍රපට බොහොමයක මෙයාව දැකගන්න පුළුවන්. චිත්‍රපටයෙ කථාව ගැන කිව්වොත්,
1858 වර්ෂයෙදී චීනයේ පිටිසර පලාත්වල ජනතාව දූෂිත රාජ්‍ය නිලධාරීන්, වෙළෙන්දන් සහ ගංවතුර නිසා දැඩි පීඩාවට පත්වෙලයි ඉන්නෙ. ඔවුන් පිහිට සොයාගෙන නගර වලට පැමිණෙනවා. ඒකෙන් ඔවුන් වැටෙන්නෙ ඊටත් වඩා අන්ත අසරණ තත්වයකට. මොකද නගරෙ අය ඊටත් අන්තයි.
එත් චීකිං නගරෙ ජනතාවට එහෙම වෙන්නෙ නෑ. මොකද එහෙ යකඩ වදුරා ඉන්නවා. ඔහු අසාධාරණයට විරුද්ධව නැගී සිටින අති ශූර සටන්කරුවෙක්. දුප්පතුන්ට උදව් කරනවා. මේ යකඩ වදුරව අල්ලගන්න ආණ්ඩුකාරයා හැමදෙයක්ම කරනවා. ෂැඕලින් පුජකයොත් ගෙන්වනවා.යකඩ වදුරා කියලා හිතෙන හැමෝම ඔහේ අත්අඩංගුවට ගන්නවා. මේ වලාවෙ මාස්ටර් වොං කී යිං නගරෙට එනවා. මෙයත් මේකට පැටලෙනවා. ඒ අතරෙ රාජකීය ඇමති යකඩ වදුරා අල්ලන්න නගරෙට එනවා. මෙයා බිහිසුණු සටන් කරුවෙක්. දරුණු පුද්ගලයෙක්. ඉතිරි ටික ඔයාම බලන්නකො.
අවසාන වශයෙන් කියන්න ඕනි මේක සටන් වලින් පිරුණු චිත්‍රපටියක්. පරණ උනාට කම්මැලි නැතුවබලන්න පුළුවන්. මේකෙ video පිටපත baiscopedownloads.com සයිට් එකෙන් download කරගන්න පුළුවන් වෙයි ඔයාලට. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම තමයි. එහෙනං Admin එකත් මතක් කරන ගමන් සියලු දෙනාටම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින්ම සමුගන්නවා. නැවත හමුවෙමු. සුභ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,865 downloadsDownload Iron-Monkey-1993.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “R-TJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
R-TJ
Subtitles
21 comments
Ruwankumara
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Soori
බොහෝම ස්තුතියි R-TJ සොයුර...
ජය...!!!kavinuweerakkody
Elah saho!!!
Bobby
Thank you very much
kelumchathuranga
thanks
Kulanjana Maduranga
subata thanks.........
Sword_Fish
Meka mama Hoya hoya hitiya sub ekak machan. E kale asaven balapu film ekak. Thanks bro.
Udara Damith Dissanayaka
ela
Udara Damith Dissanayaka
මන් ඉවදුන අවුරුද්දේ නිසා අනිවාර්යෙන් බලනවා
kodagoda
tnx sahoo
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kantha_DLA
YTS 720p ekata sub match wenne nehe..
hadala denna plz.......SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kodagoda
720 br ekata sub eka match nane sahoo
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්........!saduhiru1
thanks saho sub ekata................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
bLack_sNow
Thanks Shaho sub ekata
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

meka supirima film ekak ayeth balanna ona. sinhala sub nathuwa e dawas wala VCD ekakin beluwe =D dan ayeth balanna ona. thank you broo sinhala sub ekata. jaya wewa.!