Watch Trailer

Sudani from Nigeria (2018) Sinhala Subtitle | දේශසීමා නොතැකූ මිනිසත්කම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්! යාළුවෝ කට්ටියට බලන්න අළුත් චිත්‍රපටියකට සබකුත් අරන් ඔන්න මං ආවා. මේ මගේ පස්වැනි උපසිරැසිය. කළින් උපසිරැසි වලට කමෙන්ටුවක් එහෙම දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතිවෙන ගමන් පොඩ්ඩක් චිත්‍රපටිය දිහාට හැරිලා බලමු. 2018 අවුරුද්දේ මාර්තු මාසේ තිරගත කිරීම ආරම්භ කරලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය…

හැමෝටම ආයුබෝවන්! යාළුවෝ කට්ටියට බලන්න අළුත් චිත්‍රපටියකට සබකුත් අරන් ඔන්න මං ආවා. මේ මගේ පස්වැනි උපසිරැසිය. කළින් උපසිරැසි වලට කමෙන්ටුවක් එහෙම දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතිවෙන ගමන් පොඩ්ඩක් චිත්‍රපටිය දිහාට හැරිලා බලමු.

2018 අවුරුද්දේ මාර්තු මාසේ තිරගත කිරීම ආරම්භ කරලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සකාරියා මොහොමඩ් . කොමඩි – ඩ්‍රාමා ගණයට වැටෙන මේ චිත්‍රපටිය ඇත්තටම අඩු වියදමින් කරපු එකක්. නළු නිළියෝ වුණත් අපි වැඩිය දැකල නැති අය. හැබැයි කවුරුත් නොහිතපු විදිහට ලෝකේ පුරාම මලයාලම් චිත්‍රපටි බලන ප්‍රේක්ෂකයින් අතරේ ඉමහත් ජනප්‍රියත්වයක් ලබන්න මේ චිත්‍රපටියට හැකි වුණා. පරවා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු සුබින් ෂහීර් සමඟ නයිජීරියානු නළු සැමුවෙල් රොබින්සන් තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපාන්නේ. IMDB දර්ශකයේ 8.4ක අගයක් ගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා.

මුළු ඉන්දියාවෙම ඉන්නෙ ක්‍රිකට් පිස්සෝ කියලා අපි හොඳටම දන්නවා. ඒත් කේරලෙදී ඒ කථාව ටිකක් වෙනස්. මොකද කේරලේ ඉන්න අය ක්‍රිකට් වලට වඩා පාපන්දු වලට ගොඩක් ආදරය කරන නිසා. ඉතින් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන පාපන්දු නෙමෙයි සත් සාමාජික පාපන්දු තරඟාවලියක කණ්ඩායමක් නියෝජනය කිරීමට කේරලේට පැමිණෙන විදෙස් ක්‍රීඩකයෙක් සහ එම කණ්ඩායමේ කළමණාකරුගේ ජීවිත වල වෙන සිදුවීම් පෙලක් තමයි මේ චිත්‍රපටියට ඇතුලත් වෙලා තියෙන්නේ. ආදරය, කරුණාව, කුසගින්න, දුප්පත්කම,පාළුව, තනිකම මෙකී නොකී බොහෝ දේ පිළිබඳව පුරා පැය දෙකකුත් මිනිත්තු හතරක් පුරාවට මේ චිත්‍රපටියෙන් කථා කරනවා.

සුපුරුදු පරිදි මේ චිත්‍රපටියටත් අන්තර්ජාලයේ හමුවූ ඉංග්‍රීසි උපසිරැසියේ නම් බොහෝමයක් තැන් අඩුයි. කොහොමහරි පුළුවන් තරම් ඒ ටිකත් අමුණලා තමයි මේ සිංහල උපසිරැසිය හැදුවේ. ඒක රසවින්දනයට බාධාවක් වෙන්නේ නැතිවෙයි කියලා මං හිතනවා. පෞද්ගලිකව මම නම් බලපු ලස්සනම මලයාලම් චිත්‍රපටි වලින් එකක් තමයි මේක. ඉතින් මට මේ අවස්ථාව ලබා දීපු සිසිල සහෝදරයාට ස්තූතියි කියන ගමන් මම සමුගන්නවා නැවත හමුවෙන බලාපොරොත්තුවෙන්. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

4,874 downloadsDownload Sudani-from-Nigeria-2018.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,874 downloadsDownload Subtitles58 KB

27 comments

  1. Achi

    තැන්ක්ස් බොක්ක...ඕන් ඩව්න්ලොඩ් වෙන්න දැම්ම..තව හොද එකකට සබ් දෙන්න

  2. Pravidufdo

    Thanq Menaka Herath Bro.. & Gd Luck n May God Bless You!! For Future Works

  3. Hemantha De Silva

    Thanks Menaka...
    නියමයි...

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Chanmatara

    Thanx bro

  6. Kulanjana Maduranga

    subata thanks saho....

  7. Malithsank

    මේකනම් බලන්නම ඕනේ ෆිලුමක් තෑන්ක්ස් මචාන්ස්

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  9. wnrodrigo

    Good work friend, Thanks!!

  10. Kasun Jeewantha

    name search karanna amarui lock nisa search eka wath unlock karanna tnx

  11. Samadi

    ස්තූතියි....

  12. Nuwandika Dil

    Ela bro. Good luck

  13. suna

    thnx saho sub ekata

  14. rangika Kariyawasam

    ෂා ෆටිටම ෆිලුමක් ගෙනාවේ මේනකයා. ෆිලුම ඩවුන්ලෝඩි කරලා බලං හිටියේ සිංහල සබ එනකං.නියමයි සහෝ.දිගටම සබ් ඔිනා.

  15. harshani11112

    ස්තුති මේනක සහො .....

  16. nishannw

    Thanx mcn jaya wewa

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  18. supun bro

    බොහොම ස්තුතියි ...!!!
    තවත් මලයාලම් ෆිල්ම් එකකට සබ් එක ඉක්මනටම දෙන්න //,,,,
    ❤❤❤❤

  19. ශසිත් සඳරුවන්

    බොහොම තුති සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  20. Lahiri

    thankz saho

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට

  23. Menaka Herath

    බොහෝම ස්තූතියි දිරිගැන්වීම් වලට.
    ගොඩක් වටිනවා...
    හැමෝටම ජයවේවා ......!!!

  24. Kiw3rd

    thanx mcn. ✌✌✌

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  26. podisira

    meka E-sub ekkna bn

  27. ricadodamien

    Thank U menaka brother & baiscope team for the sub, love it. All the best to baiscope team............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.