ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 ආයතනයේ නවතම චිත්‍රපටය. මෙයාලගේ චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ, මෑතකදි නිකුත් වුණ X(2022), everything everywhere all at once (2022) බැලුවා නම් තේරෙනවනේ එයාලගේ වැඩ ගැන. ඊට අමතරව A24 ලගේ Hereditary, midsommar වැනි චිත්‍රපට නම් ඔබ අනිවාරෙන් නරඹලා ඇති හොල්මන් චිත…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 ආයතනයේ නවතම චිත්‍රපටය. මෙයාලගේ චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ, මෑතකදි නිකුත් වුණ X(2022), everything everywhere all at once (2022) බැලුවා නම් තේරෙනවනේ එයාලගේ වැඩ ගැන. ඊට අමතරව A24 ලගේ Hereditary, midsommar වැනි චිත්‍රපට නම් ඔබ අනිවාරෙන් නරඹලා ඇති හොල්මන් චිත්‍රපට රසිකයෙක් නම්. ඉතිං මේ චිත්‍රපටයත් ඒ වගේම සුපිරිම මට්ටමේ එකක්. වෙනස්ම විදිහේ කතා තේමාවක්. ඒ වගේම මේකට ලැබිල තියෙන්නේ මිශ්‍ර ප්‍රතිචාර. සමහරුන්ට මේක A24 ලගේ බලපු වැඩක්ම නැති ෆිල්ම් එකලු, සමහරුන්ට හොඳම ෆිල්ම් එකක්ලු. ඒත් මගේ අදහසට අනුව නම් මේක මං බලපු වෙනස්ම විදිහේ Horror ෆිල්ම් එකක්. ඔයාලත් මේ වගේ කතා තේමාවක් තියෙන Horror ෆිල්ම් එකක් බලලා නැතුව ඇති කියලා මට විශ්වාසයි. මේ චිත්‍රපටයට IMDb දර්ශකේ 6.3 සහ කුණු තක්කාලි 69% අරන් තියෙනවා. මට හිතෙන විදිහට මෙහෙම රේට් එකක් ඇවිත් තියෙන්නේ බලපු අයට මේකෙ අවසානය ගැන පැහැදිලි අවබෝදයක් නැති නිසා වෙන්න පුළුවන්. ඒත් මේකෙන් හොඳ පණිවිඩයක් දෙනව කියලා නම් බලන කොයිකාටත් තේරේවි.
මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ 2022 මැයි 20 වෙනිදා සහ මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Alex Garland විසින්. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට ගැන කියනවා නම් Annihilation, Ex Machina වැනි චිත්‍රපට පෙන්වා දිය හැකියි. මෙයට රංගනයෙන් දායක වන්නේ Jessie Buckley(හාපර්)/ Rory Kinnear(ජොෆ්රි)/ Paapa Essiedu(ජේමිස්)/ Gayle Rankin(රයිලි) වැනි අයයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
හාපර් සහ ජේමිස් කියන්නේ විවාහ වූ දෙපලක්. ඒත් මේ දෙන්නගේ විවාහයේ තිබුන නොයෙක් අඩුපාඩුකම් නිසා හාපර්ට මේ කසාදෙ එපා වෙලා තියෙනවා. ඒත් ජේමිස් නම් දික්කසාද වෙන එකට නම් තදින්ම විරුද්දයි. මොකද ජේමිස් හාපර්ට තදින්ම ආදරේ කරනවා. ඒත් හාපර් නම් තමන්ගෙ තීරණේ වෙනස් කරන්නෙම නෑ දික්කසාද වෙන්න ඕනෙ කියන තැනම ඉන්නවා. පස්සෙ බැරිම තැන ජේමිස් කියනවා කාපර් එයාව දික්කසාද කලොත් තමන්ගෙ ජීවිතේ නැති කරගන්නවා කියලා. ඒකත් හාපර්ට තදින්ම වදිනවා. එවෙලෙ වුණ බහින් බස් වීමක් නිසා හාපර් ජේමිස්ට බැනලා ගෙයින් පන්නනවා. පස්සේ ජේමිස් ජීවිතේ නැති කරගන්නවා. ජේම්ස් තමන්ගෙ නෝනට ගොඩක් ආදරේ කළා ඒකට ලැබුන දඩුවම තමයි මේ. එයා තමන්ගෙ නෝනට එච්චර ආදරේ කරපු එකට මරණීය දඩුවමක් දෙන්න තරම් වටිනවාද? මේකට හාපර් වැරදීද?
ඉතින් එකෙ කම්පනයට හාපර් පිටිසර සුන්දර ගම්මානෙකට යනවා සති දෙකක නිවාඩුවකට. එතනින් තමා කතාව පටන් ගන්නේ සහ හාපර්ගෙ ජීවිතේ අමුතු දේවල් වෙන්න පටන් ගන්නේ. එතන ඉදන් ඔයාලම බලලා දැනගන්න. මොකද මේ කිව්ව ටික ඇතිනේ වැඩිපුර කිව්වාම ගතියක් නෑනේ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකල් මං සමුගන්නවා. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
5,685 downloadsDownload Men-2022-BR-update.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
24 comments
Anonymous
nrjayasinghe
Thanks
Sub නම් ගත්තා...
ලිංක් එක හොයාගන්නේ කොහොමද?Bimsara Yashan(ඔලිව)
baiscopedownloads.co සයිට් එකේ ලිංක් තියෙනවා.
හිෂාන් සමරසිංහ
Telegram Link: https://t.me/randomxvideofiles/14467 (High Quality PSA Copies Available here)
Lakshansilva18
Thanks for Subtitles
Anonymous
The Adventures of Sherlock Holmes S5 S6 S7 denna puluwanda? Last sub eka dila tiyenne 2016 di. eturu tika denava nao watinawa.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Request :
The Man from Toronto (2022)
Noise 2022 [JAPANESE] Action-{YIFY}
Crimes of the Future (2022) - IMDb
The Man from Toronto (2022) - IMDb
Spiderhead (2022) - IMDbSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Harindu Anujitha
Thanks bokka vachana na bn kiynna
Anonymous
Emergency 2022
Umbrella academy
Oya film ekei siries ekei sub dennkolakmal
ow bn oya dekta sub nam onemai
Anonymous
Thanks jayawewa....!
Richee
The man from toronto
Doctor strange
Murder at yellowstone
The medium(thai-2021)
Crimes of the future sub plz baiscope teamහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
Janaka
Balanna ona thank u
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
ΜΑΓΟΣ ΓΙΑ ΠΑΡΤΥ
Brilliant information here! Hopefully you won"t stop the flow of such magical material!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Udara Damith
ela
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!!!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Doctor strange sub dennako