අපි කැමති ඕනිම නිර්මාණයක් පළ කරන්න ඉඩදෙන, තිසර නියෝ සහෝදරයා ඇතුළු අපේ බයිස්කෝප් මඬුල්ලට මුලින්ම ස්තූතිවන්ත වෙමින්, අදත් මම ආවේ මෙතෙක් අපේ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ ඇහැ නොගැහුණු, ටිකක් පරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මුලින්ම මේ චිත්‍රපටයේ කතාව ගැන කියලා හිටියොත් හොඳයි කියලා හිතෙනවා. මේ කතාව ගලා…

අපි කැමති ඕනිම නිර්මාණයක් පළ කරන්න ඉඩදෙන, තිසර නියෝ සහෝදරයා ඇතුළු අපේ බයිස්කෝප් මඬුල්ලට මුලින්ම ස්තූතිවන්ත වෙමින්, අදත් මම ආවේ මෙතෙක් අපේ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ ඇහැ නොගැහුණු, ටිකක් පරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මුලින්ම මේ චිත්‍රපටයේ කතාව ගැන කියලා හිටියොත් හොඳයි කියලා හිතෙනවා. මේ කතාව ගලා යන්නේ පොඩි නගරයක ජීවත්වෙන, ලාර්ස් කියන අමුතු තරුණයා වටායි. ලාර්ස් කියන්නේ වැඩිය සමාජශීලී නැති, කුලෑටි, ඒත් කාටවත් චවනයකින්වත් හිරිහැරයක් නොකරන හාදයෙක්. නගරයේ හැමෝම එයාට කැමතියි. තමන්ගේ අයියයි, නෑනයි දෙන්නා ඉන්න ගෙදර ගරාජයේ තමයි ලාර්ස්ගේ පදිංචිය. හැමෝම කැමතියි ලාර්ස් ඉක්මනට පෙළවහක් කරගන්නවා නම්. ඒත් ලාර්ස්ගේ ලැජ්ජාශීලී ගතිය තමයි මේ හැමඑකටම හරහට හිටලා තියෙන්නේ. ඔහොම යනකොට දවසක් ලාර්ස් තමන්ගේ අයියාගේ ගෙදරට ඇවිත් කියනවා, තමන්ට මිතුරියක් ඉන්නවා කියලා අයියලට අඳුන්වලා දෙන්න. මල්ලිට කසාදයක් හරියන්නයි යන්නේ කියලා හිතන අයියයි, නෑනයි සෑහෙන්න සතුටු වෙනවා. ඒත් මේ ලාර්ස්ගේ මිතුරියව දැක්කට පස්සේ…. මේකෙන් පස්සේ එයාලගේ විතරක් නෙවෙයි, මුළු නගරෙම වැසියන්ගේ ජීවිත කණපිට පෙරළෙනවා. ඉතින් මොකක්ද මේ අමුතු කතන්දරේ කියලා හොයාගන්න එක ඔබටම බාර කරලා, මම චිත්‍රපටයේ පසුබිම් තොරතුරු ටික කියලා දාන්නම්.
Drama, Comedy ගණයට අයත් වන මේ චිත්‍රපටය, 2007 ඔක්තෝබර් 12 වෙනිදා එළිදැක්වුනා. ඒ Fright Night, Million Dollar Arm, The Finest Hours කියන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Craig Gillespie ගේ අධ්‍යක්ෂණ දායකත්වයෙන්. මෙහි ලාර්ස්ගේ චරිතය නිරූපණය කරන්නේ La La Land, The Nice Guys, First Man, Gangster Squad වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දුන් Golden Globe සම්මානලාභී Ryan Gosling. නිතරම රිදී තිරයේ ආදරවන්තයාගේ චරිතය නිරූපණය කරන ඔහු, මේ චිත්‍රපටයේ කරන චරිත නිරූපණය සුවිශේෂී එකක් වනවාට සැකයක් නෑ. Emily Mortimer, Paul Schneider, Kelli Garner, සහ Patricia Clarkson මෙහි සෙසු චරිත නිරූපණයෙන් දායක වෙනවා. ඉහළ ආදායමක් උපයන්න සමත් නොවුණත් මෙම චිත්‍රපටය 7.3 ක IMDb අගයකුත්, 81% ක Rotten Tomatoes අගයකුත් ලබාගෙන, විචාරක සම්භාවනාවට පාත්‍ර වුනේ 2008 Golden Globe සම්මාන උළෙලේ හාස්‍යෝත්පාදක චිත්‍රපට අංශයේ හොඳම නළුවා ලෙස Ryan Gosling ව නිර්දේශ කරමිනුයි. මේ ලිපිය ලියන්නේ හදිසියෙන් නිසා මේකට ලැබුනු සම්මාන හා නිර්දේශවීම් දාලා ලිපිය පුරවන්න, අද නම් මගේ අදහසක් නෑ.
විශේෂයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටයේ කිසිම තැනක නරක දෙබසක් හෝ දර්ශනයක් අඩංගු නොවුනට, මේකේ තියෙන කතා තේමාව වැඩිහිටියන් වඩාත් සුදුසු එකක්. ඒ නිසා මේක පවුලේ සැමට නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක් නෙවෙයි. අනික කොමඩි කියලා දඟලගෙන රඟපාන කතාවකුත් නෙවෙයි මේක. හැමදාම ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ බලන අතරේ, නිස්කලංක කතාවකුත් බලන්න කැමති අපේ ප්‍රේක්ෂකයන්ට මේක හොඳ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඕනි නම් පූර්ව ප්‍රචාරක පටයත් බලලාම තීරණය කරන්නකෝ. පුළුවන් අය කමෙන්ටුවකුත් දාලා යන්න. මේ එක්කම පසුගිය බෝම්බ ප්‍රහාරවලින් විපතට පත් අපේ හිතවතුන් ගැන ශෝකය පළ කරන අතර, අපට රටේ බියෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් වාතාවරණයක් ඉක්මනින් ඇතිවේවා කියලා ඉත සිතින් පතනවා. එහෙනම් තවත් නිර්මාණයකින් හමුවන තුරු සමුගන්නම්.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,978 downloadsDownload Lars.and_.the_.Real_.Girl_.2007.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බොබී
Subtitles
15 comments
Udaya Saman
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
Thank you bro sub ekata....
Jaya wewa.!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Thilina Jayarathna
machan pulvnm menna mekta dipan
The Kid (2019 film) patta filumak meka
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
Nivom
thanks machan sub ekata
Dewadithya
Thanks for Sub!
MAALnath
Thanks ......................good luck ........................
indika75
thanks..
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sahoo upasirasiyata bohoma thuthi...