උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ගොඩ දෙනෙක් ආස කරන කතාවක සින්හල සබ් එකක් තමයි.ජොෂ් සැෆ්ඩි (Josh Safdie) අධ්‍යක්ෂණය කරපු Marty Supreme (2025) කියන්නේ 1950 ගණන්වල නිව්යෝක් නගරය පසුබිම් කරගෙන හදපු, පටන් ගත්ත වෙලාවේ ඉඳන් කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක්. ඇත්ත ජීවිතේ හිටපු ටේබල් ටෙනිස් ශූරයෙක් වුණු මාර්ටි රීස්මන්ගේ කතාවෙන් ආභාසය අරන් තමයි මේක හදලා තියෙන්නේ. මේකේ ප්‍රධාන චරිතය වෙන 'මාර්ටි මවුසර්' විදිහට රඟපාන්නේ අපි කවුරුත් දන්න ටිමති චැලමේට් (Timothée Chalamet). සපත්තු කඩේක වැඩ කරන සාමාන්‍ය කොල්ලෙක්, ඒ කාලේ කවුරුත් වැඩිය ගණන් ගත්තේ නැති ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙන් ලෝක ශූරයා වෙන්න දරන පිස්සුම උත්සාහයක් ගැන තමයි මේකේ කතා වෙන්නේ.
හැබැයි මේක නිකන්ම නිකන් ක්‍රීඩා චිත්‍රපටයක් විතරක් නෙමෙයි; තමන්ගේ හීනේ වෙනුවෙන් ඕනම කට්ටක් කන, ඕනම අවදානමක් ගන්න කපටි සහ ආත්මාර්ථකාමී තරුණයෙක්ගේ ජීවිතේ ගැන කියවෙන කතාවක්. ජපානේ තියෙන ලෝක ශූරතාවලියට යන්න සල්ලි හොයාගන්න මාර්ටි නොකරන දෙයක් නෑ. ඔට්ටු අල්ලලා, බොරු කියලා, හොරකම් කරලා එයා තමන්ගේ ජීවිතේ ලොකු අවුල් ජාලාවක් කරගන්නවා. මේ අධ්‍යක්ෂකවරයාගේම කලින් ආපු Uncut Gems ෆිල්ම් එක වගේම, මේකෙත් තියෙන වේගවත් කැමරා කෝණ සහ එඩිටින් නිසා මාර්ටි ඉන්න පීඩනය සහ කලබලේ බලන අපිටත් හොඳටම දැනෙනවා.
ෆිල්ම් එක මේ තරම් සාර්ථක වෙන්න ලොකුම හේතුව තමයි ටිමති චැලමේට්ගේ සුපිරි රඟපෑම. මාර්ටි කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න අනිත් අයව රවට්ටන, වැරදි තීරණම ගන්න කෙනෙක් වුණත්, තමන්ගේ හීනේ වෙනුවෙන් එයාට තියෙන පුදුම උනන්දුව නිසාම අපිටත් නොදැනීම එයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඒ වගේම ග්විනෙත් පැල්ට්රෝ (කේ ස්ටෝන් විදිහට) සහ ඔඩෙසා ඒ'සියොන් (රේචල් විදිහට) දෙන සපෝට් එකත් ෆිල්ම් එකට ලොකු එළියක් ගේනවා. හීන පස්සේ පන්නද්දී මනුස්සයෙක්ට මොන වගේ කැපකිරීම් කරන්න වෙනවද, සහ අන්තිමේදී ජීවිතේ ඇත්තම වගකීම් ඉස්සරහ කොහොමද හැදෙන්නේ කියලා පෙන්නන Marty Supreme, මුල ඉඳන් අගටම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක්

- Ratings
- Reviews
- 0
- Subtitles
- 24
- Downloads
- 25.2K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
