Watch Trailer

Pagglait (2021) Sinhala Subtitles | කනවැන්දුම් පෙම්බරීද මං..? [සිංහල උපසිරසි]

අලුත් දෙයක්, වෙනස් දෙයක් එක්ක හෝරා දෙකක් රසවත් වෙන්න කැමති හින්දි රසිකයෙක් නම් මේ පැත්තට ආවට පාඩු නැහැ. මට නම්, 2021ට දැනට ආපු හොඳම හින්දි නිර්මාණය තමයි මේ. විශේෂයෙන්ම OTT මාධ්‍ය ඔස්සේ පහුගිය වසරේ ඉඳන් එලියට දාපු චිත්‍රපටි එක්ක බැලුවම මේක ඇවිල්ලා දාහෙන් සම්පතක්. විඳින්න තියෙන සිනමාපට වලට කැමති කෙනෙ…

අලුත් දෙයක්, වෙනස් දෙයක් එක්ක හෝරා දෙකක් රසවත් වෙන්න කැමති හින්දි රසිකයෙක් නම්
මේ පැත්තට ආවට පාඩු නැහැ.
මට නම්, 2021ට දැනට ආපු හොඳම හින්දි නිර්මාණය තමයි මේ.
විශේෂයෙන්ම OTT මාධ්‍ය ඔස්සේ පහුගිය වසරේ ඉඳන් එලියට දාපු චිත්‍රපටි එක්ක බැලුවම
මේක ඇවිල්ලා දාහෙන් සම්පතක්.
විඳින්න තියෙන සිනමාපට වලට කැමති කෙනෙක් ඉන්නවා නම්
අනිවාර්යෙන් එන්න.
හිනස්සන අඬවන ගමන්
හිතන්නත් දෙයක් ඉතුරු කරලා යන බවට
මේ “පිස්සු එකී” වගබලාගනියි.

මේ තියෙන්නේ දැනටමත් චිත්‍රපටිය ගැන බලපු අය කියන කතා ටිකක්

මෑතකදී බලපු චිත්‍රපට අතරින් හොඳම එකක්.
අනපේක්ෂිත විදිහට ඔබ පුදුම වෙනවාට සැකයක් නෑ.
හරිම ස්වභාවික විදිහට ගලාගෙන යන්නේ.
සංගීතයත් හරිම අපූරුයි,
මට Queen සහ Ludo මතක් වුණා.
ඒත් මේක වෙනස්ම අත්දැකීමක්.
(sarangbrahme : Rating 9/10)

අනිවාර්යෙන් බැලිය යුත්තක්.
තමන්ගේ පණිවිඩේ බෙරිහන්දීලා, සමාජගත කරන්න හදන කාලෙක
Pagglait තමන්ගේ පණිවිඩය දීලා යන්නේ සීතල හුළං පොදක් වගේ
හැමදාමත් වගේ සාන්‍යාගේ රංගනය නැවුම්.
(pulse-anurag : Rating 10/10)

කලාතුරකින් දකින්න ලැබෙන විදිහේ කතාවක්.
ඒ කතාව ඉදිරිපත් කරලා තියෙන හැටිත් අදහන්න වටිනවා.
හීන් නූලෙන් දෙන හාස්‍ය රසය ගැන මොනා කියන්නද?
අනිවාර්යෙන්ම මේක බලන්න.
නෙට්ෆ්ලික්ස්, තව මේ වගේ ඒවා තමා ඕනා.
(abhijitN : Rating 8/10)

චරිතයට ගැලපෙනම අයව තෝරගෙන තියෙනවා.
ඒ අයගේ රඟපෑමත් මරු.
චිත්‍රපටිය ඉවර වෙනකම්, මං ඇලිලා වගේ හිටියේ.
2021ට ආපු හොඳම අධ්‍යක්ෂණයක්, හොඳම ලියවිල්ලක්.
(ecatlasvegas : Rating 9/10)

දැනට නෙට්ෆ්ලික්ස් එකෙන් දීපු හොඳම ඉන්දියන් චිත්‍රපටිය
මහා ලොකු දෙයක් නොතිබ්බත්
හරි තැනට හරි විදිහට හරි වෙලාවට ගහල තියෙනවා.
හාස්‍යය දුන්නු විදිහ ගැන කියන්න දෙයක් නෑ.
( josheelkumar : Rating 10/10)

මම නම් මහ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.
ඒත් බලලා ඉවර වෙද්දි මේක මාව පුදුමකරවලා තිබුණා.
ලොකුම පැසසුම යන්න ඕන සාන්‍යා මල්හෝත්‍රාට.
ඇය දැන් පරිණත නිළියක් ගානයි.
අනිවාර්යෙන්ම සම්මානනීය වෙයි කියලයි හිතෙන්නේ.
(jkt2006 : Rating 8/10)

ඔයාව අඬවයි, හිනාගස්සයි. ඒ වගේම බය කරවයි
මොකද සමාජ යතාර්ථය ඒ තරම් කටුක නිසා.
නියම කණ්ඩායම් වැඩක්.
අර්ජිත් සිං, ඔයාගේ සංගීතය නම්…
(anuragsharmaj : Rating 10/10)

Comedy|Drama අංශය නියෝජනය කරගෙනම, පහුගිය මාර්තු 26වෙනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ දිගහැරුණු මේ කතාවට ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නේ සාන්‍යා මල්හෝත්‍රා. Dangal, Pataakha, Badhaai Ho, Photograph, , සකුන්තලා දේවි, Ludo වගේ වෙනස් නිර්මාණ වලින් අපිව පිනවපු සාන්‍යා Pagglait එක්කත් ඒ සහතිකය නියමෙට රැකගන්නවා. මීට අමතරව කවදත් ස්වභාවික රංගනයකට උරුමකම් කියන ආශුතෝෂ් රානා, ශීබා චඩා, සයනි ගුප්තා වගේ අයත් සහය චරිත වලින් දකින්න පුළුවන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ උමේෂ් බිස්ට් විසින්. නම මතක තියාගන්න. මිනිහා වැඩකාරයෙක් වගෙත්. එතකොට මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ කවුරුත් දන්න බලාජි ෆිල්ම්ස් එහෙමත් නැත්තම් එක්තා කපූර් විසින්. Pagglait මේ වෙද්දි ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.1ක අගයක් සටහන් කරගෙන තියෙන්නේ මනාප 2500+ සංඛ්‍යාවකින්. ඒ වගේම තමයි කවුරුත් දන්න අර්ජිත් සිං මේ චිත්‍රපටියත් එක්ක Music Composer කෙනෙක් විදිහට කලඑළි බහිනවා. ඔන්න, ඒ කියන්නේ මේ ඇල්බම් එක ගැනම වෙන මුකුත් කියන්න ඕන නෑනේ නේද? ඉතින් මේ කවුරු කවුරුත් එකතු වෙලා කිසිම විචාරකයෙක්ට මේ චිත්‍රපටිය වෙනුවෙන් තමන්ගේ අප්‍රසාදය දක්වන්න නම් ඉඩක් තියලා නැති බව තමා පේන්නේ. කාලෙකින් හැබෑ ඉන්දියන් රසය දුන්නු නිර්මාණයක්. අන්තිමට කියන්න තියෙන්නේ මේ ආරාධනාව පිලිඅරගෙන බලන්න කියලයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

8,063 downloadsDownload Pagglait-2021.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

8,063 downloadsDownload Subtitles43 KB

52 comments

  1. හෙළිලි

    මේ ෆිල්මෙක ගැන එෆ්බී පෝස්ට් එකක් දැකලා හිතුවා මයුර මේක දෙයි කියලා. ඔන්න ඊට පස්සේ එෆ්බී බයිස්කෝප් සිංහලෙන් පේජ් එකේ "කනවැන්දුම් පෙම්බරීද මං" කියලා එකකට සබ දාලා කියලා පෝස්ට් එකක් දැක්කා. ඒ ටයිට්ල් එක දැක්කම හිතුනා මයුරගෙ සබක් වෙන්න ඕන කියලා. ඉතින් බාගන්නයි යන්නේ. සබට තුති!

    1. පොරින්ජු මරියම් ජෝසේ

      ස්තූති හෙලිලි, හැමදාම වගේ දිරිගන්වන කමෙන්ට් එකක් දානවට.

    2. Anonymous

      දැන් ඔයා සබ් කරන්නේ නැත්ද???

    3. ශාමල් මනෝජන්

      හෙළිලි හේමමාලි,

      පුලුවන් නම් ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.

      Hero No. 1 - 1997
      Before Sunset - 2004
      Before Midnight - 2013
      Pinocchio - 2019

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Deshan

    අඩේ මයුරය දැන් එකදිගට පහරවල් දෙනෝ නේ
    නියමයි සහෝ මේ දවස් වල අලුත් ෆිල්ම් එකක් කියන්නේ ඉතින් ඉඩෝරයට පොද වැස්සක්ද මොකක්ද කියන්නේ ආන් ඒ වගේ
    දිගටම වැඩේ කරන් යමු

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  5. ram

    supiriyak wage
    jaya wewa

  6. Anonymous

    Thanks brother
    Keep it up

  7. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Anonymous

    Godzilla vs. Kong(2021) sub plzzz

  10. Mahesh

    Thanks bro

  11. yohan

    thanks...thawath hindi ewata sub karamu.

  12. palitha de silva

    thankyou verymuch..

  13. Sachith

    ලිපිය කියෙව්වම නොබල කොමෙයි
    ලිස්ට් එකට දාගත්තා ඕන්

  14. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  15. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    තව නොදීපු හින්දි ෆිල්ම් වලටත් සබ් දෙන්න.

    90s හින්දි ෆිල්ම් වලටත් සබ් දෙන්න.

    Coming 2 America - 2021
    Godzilla vs. Kong - 2021 ෆිල්ම් දෙකටත් කවුරුහරි සබ් දෙන්න.

    1. Nalaka

      Ane ow bn oya 2ta sub dennko
      Godzila vs kong ekta wena site walin sub dunnth baiscope denkn bln inne

  16. Anonymous

    Thanks Sub ekata.
    Eth kathawa gana podi wicharayak demmanam hondai neda?, oya anan manan reviews daanawata wadaa.
    Ethakota thamai minissu meka download karagena balanne. wena wena site den baicope ekata wadaa hondata wichara dena welawal thiyenawa. poddak balanna eka ganath.

    1. මයුර

      මගෙ අදහස තමා උඩින්ම දැම්මේ. ඊට පස්සෙ imdb userලගෙ අදහස් ටිකක් දැම්මා. මගෙ පුද්ගලික අදහස විතරක් දැම්මොත් හරි මදි වගේ හින්දයි බහුතර අදහස් ටිකක් දැම්මේ. ගන්න ඉන්න කෙනාට පොඩි අයිඩියා එකක් ගන්න වගේ ☺️

  17. Anonymous

    ස්තුතියි මචන් උබලගෙ මහන්සියට
    උබල නිසා තමයි අපි ෆිල්ම් එකක් රස කර කර බලන්නේ

  18. Sandaru

    Thanks brother

  19. Anonymous

    Uda kiyla thyna film tika dakkma nobala kohomda ithin....thanks saho

  20. samith

    මයුරයා මලයාලමක් දුන්නේ නෑ නෙ කාලෙකින්

  21. Anonymous

    Thanks machi

  22. Nuwan

    ස්තුතියි උපසිරසියට

  23. Priyantha Dayakeerthi

    මයුර සුරාජ් සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය! මෙය හොඳ ෆිල්ම් එකක් වගේ.

  24. Kasun

    නියම ෆිලුම බන්
    ස්තුතියි බන් මේ කරන මෙහෙයට

  25. kavinu

    අද පාන්දර Irul එනවලු මයුරයියේ,
    නෑ නෑ! මේ නිකන් මතක් කළේ ඕං...

    1. Supun

      ඇයි සහෝ දැන් සබ් කරන්නෙ නැත්තේ???
      දෙන්නකෝ සුපිරි මලයාලමක්

  26. Supun

    සිරාවටම වෙනස් ෆිලුමක් සහෝ
    කස්ටිය හැමෝම බලන්න

  27. කෙවන්

    මාරම ලස්සනයි...කීවත් වගේ වෙනස් විදිහෙ කතාවක්..බොහෝම ස්තුතියි සහෝ

  28. Nimesh

    Thanks bokka❤️

  29. Anonymous

    Thankz bn

  30. Anonymous

    Thanks kollo

  31. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  32. Gihan

    Thanks brother……….
    Podi request ekak, awurudu sathiye puluwn nm film tikak wadipura denna khomth gedra inna eke kammali neh ekai,mkow ara tv eke yana malakolam wadasatahan blnna appiriyai

  33. Red

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  34. තාරක නුවන් දිල්හාර

    ඔබතුමා සබ් කරපු එකක් නිසාම ඇස් පියාගෙනම ඩවුන්ලෝඩ් වෙන්න දානවා.
    ස්තුතියි.
    ජය..!!!

  35. සියන්ත

    ලිපිය උඩ දකිද්දිම දන්නව කවුද කියල..එ නිසා නම දකින්නත් කලිම් සබ් එක ඩැහැගත්ත.....

  36. Kushan

    Thankz sub akta

  37. Sahan

    thanks a lot saho

  38. lakmal

    thanks bro

  39. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  40. Anonymous

    Thanks a lot

  41. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  42. සාරංග ජේ. ලියනගම

    Thanks

  43. Pramukmili

    Thanx bro......................

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Anonymous

    Thnx for sub...❤

  46. Nethini123

    අද තමා චිත්‍රපටිය බලන්න වෙලාවක් හම්බුණේ. ඔන්න සබ් එකත් ගත්තා. බොහොම ස්තූතියි මහන්සි වෙලා කරන මේ වැඩේට...