බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබෝවන්.!!! මාගේ 07 වෙනි සිංහල උපසිරසියත් අරගෙන ඔබ හමුවට ඉක්මනට එන්න හිතන් හිටියත් වෙසක් මාසයේ සියළුම දේ අනිත්‍යයයි කියන බුදු වදන පසක් කරන කරදරයකට මුහුණපාන්න උන හින්දාත් ඒ වගේම විවිධ බාධක රාජකාරි මධ්‍යයයේ උපසිරැසිය රැගෙන ඒමට සැහෙන දිනක් ප්‍රමාදවීම ගැන ඔබ සැම…

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබෝවන්.!!! මාගේ 07 වෙනි සිංහල උපසිරසියත් අරගෙන ඔබ හමුවට ඉක්මනට එන්න හිතන් හිටියත් වෙසක් මාසයේ සියළුම දේ අනිත්‍යයයි කියන බුදු වදන පසක් කරන කරදරයකට මුහුණපාන්න උන හින්දාත් ඒ වගේම විවිධ බාධක රාජකාරි මධ්‍යයයේ උපසිරැසිය රැගෙන ඒමට සැහෙන දිනක් ප්‍රමාදවීම ගැන ඔබ සැමගෙන් සමාව ඉල්ලනවා. මුලින්ම මෙම චිත්‍රපටය සදහා සිංහල උපසිරැසිය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් වෙබ් අඩවියේ සංස්කාරකවරයකු වන හසන්ත වික්‍රමරත්න සොයුරාටත් මෙම සිනමා සිත්තම සදහා සිංහල උපසිරැසියක් කරන ලෙස මා හට මඟපෙන්නු මගේ හිතමිත්‍ර MTR තරිදු රුක්ෂාන් පෙරේරා සොයුරාටත් ගෞරව පුර්වක ස්තුතිය පිරිනමන ගමන් මෙම සිනමා සිත්තම ගැන තොරතුරු කීපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්.
දේශපාලන ක්‍රියාදාම ඝනයට ගැනෙන මෙම Mudhalvan (1999) Tamil සිනමා සිත්තම ටිකක් පරණ ඒත් බොහෝ දෙනාගේ කතාබහට පාත්‍ර උන බොක්ස් ඔෆිස් වාර්ථා තැබු දමිළ සිනමා පටයක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කර ඇත්තේ Kadhalan 1994, Indian 1996, Anniyan 2005 , Enthiran 2010, I 2015, 2.0 2018 යන සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂනය කළ S. Shankar මහතායි. ඒවගේම මෙම චිත්‍රපටයේ අන්තර්ගත රසවත් ගීත සංගීතවත් කර ඇත්තේ ඉන්දියාවේ සිටින මහා සංගීතඥයා වන A. R. Rahman මහතායි. ඒවගේම මෙහි ආකර්ශනීය රංගනයක යෙදෙන දමිල සිනමාවේ Action King ලෙස හදුන්වනු ලබන Arjun පුගල් ලෙසත් සුරූපි නිළියක් වන Manisha Koirala තෙන්මෞලි ලෙසත් Raghuvaran අරන්ගනාතර් ලෙසත් දමිළ සිනමාවේ විකට නළු Vadivelu පලවේසම් ලෙසටත් තම රංගන කෞශල්‍යය ඔප් නංවමින් ප්‍රධාන චරිතවලට පණපොවනවා.මේ චිත්‍රපටය ලද සාර්ථක්වය හේතුවෙන් මෙහි අධ්‍යක්ෂක S. Shankar විසින් Anil Kapoor, Rani Mukerji සහ Amrish Puri මෙන්ම Johnny Lever යන නළු නිලියන් යොදාගෙන හිංදි භාෂාවෙන්ද ප්‍රතිනර්මාණය කෙරුනා එයද ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් බවට පත්වුනා.
චිත්‍රපටයේ කතාව ගැන විස්තර ඉදිරිපත් කිරිමට මත්තෙන් තවත් යමක් ප්‍රේ්ක්ෂක ඔබ සැමට කිව යුතුයි. මුලින්ම මෙම චිත්‍රපටය සඳහා මෙහි අධ්‍යක්ෂක Shankar විසින් රජිණි කානත් සහභාගිකොට ගෙන නිර්මාණය කිරිමට සැලසුම්කර තිබුණු අතර මෙහි තිබෙන දැඩි දේශපාලන අන්තර්ගතය නිසාවෙන් රජිණි කාන්ත් විසින් මෙහි රඟපෑම ප්‍රතික්ෂේප කර ඇත. පසුව ඒ සඳහා දමිළ සුපිරි නළු විජේයිට ආරාධනා කර ඇතිමුත් ඔහුද දේශපාලන අන්තර්ගතය නිසාවෙන් ප්‍රතික්ෂේප කර තිබිණ. මෙහි ඇති මහ ඇමතිගේ චරිතය බොහොමයක් දුරට එවකට තමිල්නාඩුවේ මහ ඇමතිව සිටි කරුණානිධිට සම්බන්ධ බවද පැවසුන නිසාවෙන්. කෙසෙ නමුත් මෙහි දෙවැන්නක් නිර්මාණය කිරීමට සූදානම්ව ඇති අතරම එහි ප්‍රධාන චරිතය සඳහා දමිළ සුපිරි නළු විජේ යොදාගෙන නිර්මාණය කිරිමට සාකච්චා කර ඇති බවද පැවසෙනවා.
එසෙ නම් වැඩිකාලයක් නොගෙන සිනමාපටයේ කතාව දෙසට හැරෙන්නම්, පුගල් කියන්නේ රූපවාහිනි නාලිකාවක කැමරාකරුවෙක් විදිහට රැකියාව කරන සාමාන්‍යය ජීවිතයක් ගතකරන්න කැමති අයෙක්. තෙන්මොලී හරිම දගකාර ගම්බද තරුණියක්. තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිගේ සංචාරයක් ආවරණය කිරීමට තෙන්මොලිගේ ගමට යන පුගල්ට තෙන්මොලිව දකිනවා පස්සේ මේ දෙන්නා ආදරයෙන් බැදෙනවා. මේ සුන්දර ආදර අන්දරය අතරතුර මහඇමති එක්ක සම්මුඛ සාකච්ඡා යෙදෙන්නට පුගල්ට සිදුවීමත් සමග ඔහුගේ සාමාන්‍යය ජීවන රටාව උඩුයටිකුරු වෙන්නේ මහඇමතිගේ අරුම පුදුම අභියෝගයක් හින්ද. මේ අභියෝගය භාරගත්ත පුගල්ට ගොඩක් දේවල් ලැබුණා වගේම ජීවිතේ වටිනාම දේවලුත් නැති උනා. පුගල් තෙන්මොලි ආදර අන්දරය ඉස්සරහට මොනවා වෙයිද? මහ ඇමතිගේ අභියෝගය මොකක්ද? පුගල්ට අහිමිවෙන වටිනාම දේවල් මොනවද? මේ දේවල් දැනගන්න මේ සිනමා සිත්තම නරඹා සිටින්නයි ආරාධනා කරමින් මගේ විස්තර කිරීම මින් අවසන් කරනවා.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
2,650 downloadsDownload Mudhalvan-1999.zip89 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික මධුෂාන්
Subtitles
16 comments
Kasun Lakshan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
තාරක නුවන් දිල්හාර
ශංකර් යනු ගීත රූපකරණයේ මහා මොළකාරයෙක්...
මේ චිත්‍රපටයේ එන Kurukku Sirithavale ගීතයට ගොඩක් ආසයි..
හින්දි එක නම බලල තියෙනවා පොඩි කාලෙම.. මේකත් අරගෙන බලන්න ඕන හෙමිහිට.
ස්තුතියි උපසිරැසියට..
දිගටම උපසිරැසිකරණයේ යෙදෙමු..
ජයෙන් ජය..!!!තාරක නුවන් දිල්හාර
https://info.baiscopelk.com/?p=30204
මේ ලිපිය පරිශීලනය කරන්න. ශංකර්ගේ ගීත සිනමාකරණය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකියි..
Anonymous
බොහොම ස්තුතියි .. මෙවැනි පැරණි ෆිල්ම් වලට සබ් දෙනවාට..ජය වේවා ❤️
indika75
thanks..
Mahesh
Arjun ගේ 2005n පස්සේ ආපු ෆිල්ම් වලට sub දෙන්නකෝ
Arjun විතරක් නෙවෙයි ගොඩක් නලුවන්ගේ 2005-2015 අතර ආපු ෆිල්ම් ගොඩක් අපිට මගහැරිලා තියෙන්නේ
ඒවටත් sub දෙන්න පුලුවන්නම් සුපිරියි
ජය වේවා!!!Anonymous
Arjun ගේ 2005n පස්සේ ආපු ෆිල්ම් වලට sub දෙන්නකෝ
Arjun විතරක් නෙවෙයි ගොඩක් නලුවන්ගේ 2005-2015 අතර ආපු ෆිල්ම් ගොඩක් අපිට මගහැරිලා තියෙන්නේ
ඒවටත් sub දෙන්න පුලුවන්නම් සුපිරියි
ජය වේවා!!!isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට !!
pasindu1990
meke film eka download karanna bene
Mastang
පට්ටම ෆිල්ම් එක. සබ් එකට බොහෝම ස්තුතියි. තව තවත් මේ වගේ සබ් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Anonymous
Thamks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
A r perera
කලින් බලලා අමතක උනු ෆිල්ම් එකක් .ආය් සබ් එක්කම බලන්න පුළුවන් .ස්තුතිය බ්‍රෝ සබ් එකට
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!jagath55
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mudhalvan (1999) Sinhala Subtitles | සුපිරි අභියෝගය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Mudhalvan-1999.jpg)
පට්ට Film එක, උපසිරස ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි !!!!!
Thank You So Much!!!!!