ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු ෆිල්ම් එකක් අරං තමයි ආවෙ. මේක මම බාරගත්ත එකක් නම් නෙවෙයි. පූස තමයි බාර අරං තිබ්බෙ. එයාට සනීප නෑ කියල වැඩේ මම බාරගත්ත. මට දෙද්දීත් ලයින් 600ක් විතර කරල තිබ්බෙ. මම මේක කරගෙන යද්දි හදිසියේම ලැප් එකේ අවුලක් නිසා සේව් කරගන්න බැරුව සබ කැන්සල් කරන්න වුණා. ඒ නිසා ලයින් […]
ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු ෆිල්ම් එකක් අරං තමයි ආවෙ. මේක මම බාරගත්ත එකක් නම් නෙවෙයි. පූස තමයි බාර අරං තිබ්බෙ. එයාට සනීප නෑ කියල වැඩේ මම බාරගත්ත. මට දෙද්දීත් ලයින් 600ක් විතර කරල තිබ්බෙ. මම මේක කරගෙන යද්දි හදිසියේම ලැප් එකේ අවුලක් නිසා සේව් කරගන්න බැරුව සබ කැන්සල් කරන්න වුණා. ඒ නිසා ලයින් 200ක් විතර ආයෙත් ටයිප් කරන්න වුණා.
1953 – එවරස්ට් කඳු මුදුනට ළඟා වුණ පළමු කඳු නගින්නන් වුණේ එන්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නෝගායි කියන දෙන්න. ඊළඟ වසර 40 පුරාවටම, වෘත්තීමය, ප්‍රවීණ කඳු නගින්නන් ඒ වික්‍රමයම කරන්නට වෑයම් දරුවා. එයින් හතරෙන් එකක් මරණයට පත් වුණා.
1992 – නවසීලන්ත ජාතික, රොබ් හෝල් නවක කඳු නගින්නන් වෙනුවෙන්, එවරස්ට් කන්දට මගපෙන්වීම නම් සංකල්පය නිර්මාණය කළා. ඊළඟ වසර හතර පුරාවට, ඔහුගේ කණ්ඩායම වන “ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස්”(වීරක්‍රියා උපදේශකයින්) සාර්ථක ලෙස සේවාදායකයින් 19 දෙනෙකුව කන්ද මුදුනටම ගෙනිච්ච කිසිම අනතුරක් නැතුව.
1996 – ස්කොට් ෆිෂර් විසින් ඇතිකරපු “මවුන්ටන් මෑඩ්නස්” නම් සමාගමද ඇතුළුව අනෙකුත් ව්‍යාපාරික ක්‍රියාකරුවන් රොබ් හෝල්ගෙ නිදසුන අනුගමනය කරනව. එම සති දෙකක කාලය තුළම ගවේශනකණ්ඩායම් 20කට වඩා වැඩි ගණනක් එවරස්ට් කඳු මුදුනට යාම සඳහා තරඟ කළා.
ඔතනින් පස්සෙ තමයි මේ කතාව පටන්ගන්නෙ. මේ ෆිල්ම් එක සත්‍ය කථාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ කියන්නෙ 1996 සිදු නේපාලයේ එවරස්ට් කන්දට සිදු වුණ ආපදාව ගැන ලියවිලා තියන පොත් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. IMDB අගය දැනට 7.3ක් අරං තියනව. මේක Jason Clarke, Martin Henderson, John Hawkes වගේ නළුවන් ප්‍රධාන වශයෙන් රංගනයට දායක වෙන ගොඩක් ලස්සන සංවේදී චිත්‍රපටියක් කියන්න පුළුවන්. ඇමරිකාවට චිත්‍රපටිය නිකුත් වුණේ සැප්තැම්බර් 25 වෙනිදා. එංගලන්තය, ඉතාලිය, නේපාලය වැනි රටවල් වල රූගත කිරීම් කරල තියෙන්නෙ. තවත් ලස්සනම දෙයක් තමයි මේ චිත්‍ර පටියෙ රොබ්ගේ චරිතය කරන Jason Clarke නළුවා Terminator Genisys චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනව. ඒකෙදි තමන්ගෙ අම්මගෙ නම වන සාර කියන නම තමයි මේ චිත්‍රපටියේදී තමන්ගෙ දුවට පාවිච්චි කරන්නෙ. මම එහෙනම් දැන් කතාව ගැන ටිකක් කියන්නං.
1996 මැයි මාසේ ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සමාගම සහ තවත් සමාගම් කිහිපයක් එවරස්ට් කන්ද තරණය කරන්න එකතු වෙනව තරඟෙට. රොබ් තමයි ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් කණ්ඩායමට නායකත්වය දෙන්නෙ. එයාගෙ නෝනට දරුවෙකුත් ලැබෙන්න ළඟයි මේ කාලෙදි. ඒවගේම තවත් කෙනෙක් තමයි බෙක්. මෙයාට දැනට ළමයි දෙන්නෙක් ඉන්නව. තව මේ වගේ කිහිප දෙනෙක් ඉන්නව කන්ද නගින්න ආපු. මෙයාල බාගයක් දුර නගිනකොට මුහුණ දෙන්න වෙන ගැටළු නිසා ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සහ තව කණ්ඩායම් කිහිපයක් තරඟෙට නැතුව එකට එකතු වෙලා කන්ද නගින්න සැලසුම් කරනව. හැබැයි මෙයාලට මුහුණ දෙන්න වෙන බාධක නම් එමටයි. ඒ වගේම මේ දින වලම කුණාටුවක් එනව එවරස්ට් කන්දට. සමහරු කන්දෙ මැද හරියේ නගින්න බැරුව නැවතෙද්දී කිහිප දෙනෙක් එක්ක රොබ් කන්ද මුදුනට ළඟා වෙනව. ඔතනින් පස්සෙ තමයි ඉතිං කුණාටුව ඇවිල්ල මෙයාල එක්ක හැප්පෙන්නෙ. කට්ටිය මේවට මුහුණ දෙන්නෙ කොහොමද? ජීවිත අහිමි වෙන්නෙ කොහොමද? ඒවගේම මේක ඇත්ත කථාවක් නිසා ෆිල්ම් එක නිසා දැනෙන හැඟීම් වුණත් ටිකක් වැඩි. අන්තිම වෙද්දි රොබ් කොහොමද එයාගෙ ජීවිතයත් මරණයත් එක්ක සටන් කරන්නෙ කියල බලන්න පුළුවන් ලස්සන, භයානක වික්‍රමයක්. එහෙනම් හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනව.
මේ දීල තියෙන්න කොපියේ කොරියන් සබ් තියනව. හදිසි නැති කට්ටිය හොඳම කොපියක් ආවම බලමු. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!
910 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
9F0D74459CBF0C5C14266D61B43A31E321AC71F81.78 GB (1080p BR ) කොපිය මෙතනින් බාගන්න
A9161831D3346F31C7F3B512294A548FC7302420 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
26,313 downloadsDownload Everest.2015.br_.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල් හා සමන් ප්‍රසාද් [පූසා]” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
48 comments
තිසල්
“චූටී මල්ලි”
අනිවා අප්ඩේට් කරපන් මචෝ
අනිවා බලනවා
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය..............nalinda
thanks
සමන් ප්‍රසාද් [පූසා]
අඩෝ සිරාවටම පිං අචින්තයෝ මාව බේරලා දුන්නට...
තාමත් මේ හරියට කෙළින්වත් ඉන්න බෑ බං... :/
සිරාවට පිං බං...
ජය වේවා කොල්ලෝ...!!!ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝලා දෙන්නම..
ජය වේවා...Jack
නියමයි මචෝ.
පට්ට ස්ටෝරියක්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Ravindu T Thenabadu
තැන්කූ කිව්ව බං. බාන්න ඕනි වෙලාවක. :-D
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචංලා!!!
ජය!!!!!!!!Hasitha
Ela saho..! Jaya :-D
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝලා දෙන්නම.
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට දෙන්නටම ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !Aditha Praween
දෙන්නාටම බොහොම ස්තුතියි සබ වෙනුවෙන් !
Chami
Thanks
Mithun Wijethunga
Thnxx saho...Great work
Sajeevi
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!WADAK NE
CHATER 1K WAGE
Rasia
Ela brother niyamai
Kasun Tharaka
Ela....
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA & SAMAN sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Global
ගොඩක් ස්තුතියි දෙන්නටම..අන්න එහෙම එකතුවෙලා වැඩකරමුකො.
එතකොට ගොඩක් Films වලට විජහට sub දෙන්න පුලුවන්වෙයි නේද....
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Danuka
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…Yashiru Shehan Yazi
tnxx saho... 720p ETRG eka nn daala tibunaaa. tnx
Nishan Sameera
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
menaka
gdk thanx me karana sewayata jayawewa....................
Buddika
Thank u brother.....gd work.....
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadun
Pusata ikman suwaya parthana krnwa.... subata thnq wewa.... jaya....
තිලිණ නදීෂාන්
saho yify kopiyath avilla.... sthuthi :)
Tharindu Wanasinghe
බොහෝම ස්තුතියි උපසිරසියට...!!!
Anymouse
Thanks Bro ..
sajiya
patta filuma thnx bro dennatama
Agent of Shield
thanks bro! jAYA
nidi
thanks Achintha, thanks Saman. niyama wedak!
Dilusha Nuwan
තෑන්ක්ස් සහෝ මේ වගේ ඇත්ත කතා වලට හදපු ෆිල්ම් මාර ගති. ආයේ මේ වගේ ෆිල්ම් එකකින් හම්බෙමු
Wayantha Sandaruwan
ela kiri wadak godak pin sub ekata
Asitha
elama thanks
sherlock galle
Thanks jack reacher 2016 ta sub 1 k fannakao
Chandika Fdo
Ela sub ekta thanks
Sandun buddhapriya
ස්තූතියි සහෝ...
Rajapakshaa
Elm bro
Madhusanka25
Ado patta a
Sumedha Alwis
Thnz bro
Udaya Fdo
Thank you
Ashen
Thank you very much brother
Roshan
Tnx bro...Great job...
sub not working.file empty
sub not working.file empty
Sanupa Ranmeth - Admin
ෆික්ස් කළා සහෝ.
Anonymous
Thank you
Advertisement
![Everest (2015) with Sinhala Subtitles | එවරස්ට් කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Everest-2015.jpg)
තැන්ක්ස් බන් බ්ලුරෙයි ආවම බලමු