Watch Trailer

Police Academy: Mission to Moscow (1994) with sinhala subtitles | මොස්කව් ගිය ලසාර්ඩ් [සිංහල උපසිරසි සමඟ]

අපේ වීරයන්ගෙ අවසාන වික්‍රමය. රුසියාවෙ පාතාල නායක කොන්ස්ටන්ටීන් කොනාලි කුමක් හෝ මහා වැඩකට අර අදින බව දැනගත්තත් ඒ මොකක්ද කියන එක රුසියන් පොලිසිය දන්නෙ නෑ. කොනාලිට විරුද්ධව කිසිම පැමිණිල්ලක් හෝ සාක්ෂියක් නැති නිසා අත් අඩංගුවට ගන්නත් බෑ. ඒත් ඇමරිකාවෙදි දීපු ගේම් නිසා අල්ලග්න්න ඔන්න මෙන්න තියෙද්දි තමා ම…

Police Academy 7-Mission to Moscow (1994)

අපේ වීරයන්ගෙ අවසාන වික්‍රමය.

රුසියාවෙ පාතාල නායක කොන්ස්ටන්ටීන් කොනාලි කුමක් හෝ මහා වැඩකට අර අදින බව දැනගත්තත් ඒ මොකක්ද කියන එක රුසියන් පොලිසිය දන්නෙ නෑ. කොනාලිට විරුද්ධව කිසිම පැමිණිල්ලක් හෝ සාක්ෂියක් නැති නිසා අත් අඩංගුවට ගන්නත් බෑ. ඒත් ඇමරිකාවෙදි දීපු ගේම් නිසා අල්ලග්න්න ඔන්න මෙන්න තියෙද්දි තමා මිනිහ රුසියාවට පනින්නෙ. ඇමරිකන් පොලිසිය මිනිහත් එක්ක ගනුදෙනු කරල තියෙන නිසා එයාලගෙන් උදවු ගන්න රුසියාව තීරණය කරනව. කොනාලිව අල්ලගන්න තමා ලසාර්ඩ්ගෙ කණ්ඩායමයි කැප්ටන් හැරිසුයි රුසියාවට එන්නෙ.

වැරදි සන්නිවේදනය නිසා ලසාර්ඩ් වැරදි වාහනයටයි නගින්නෙ. කණ්ඩායම බාරවෙන තලින්ස්කි මේක දැක්කත් නවත්ත ගන්න කලින් වාහනේ යනව. ලසාර්ඩ් හිතන්නෙ මේ තලින්ස්කිගෙ පවුලෙ අය කියල. භාෂාව නොදන්නව උනත් ලසාර්ඩ්ට අවුලක් නෑ. ලසාර්ඩ් නැති නිස ලොක්ක වෙන්න හදන හැරිස්ට තමා ඔක්කොම වෙන්නෙ. තලින්ස්කි ගානට වැඩේ ශේප් කරගන්නව. කට්ටිය හිතන්නෙ ලසාර්ඩ් හෝටල් කාමරේ ඉන්නව කියල. තලින්ස්කිට දැන් කොනාලි අල්ලගන්න විතරක් නෙමේ ලසාර්ඩ්වත්හොයන්න වෙලා. ඒත් ලසාර්ඩ් බොහොම සංතෝසෙන් ඉන්නව.

කොනාලි කියන්නෙ රුසියාවෙ ගෞරණීය පුද්ගලයෙක්. නියමිත සාක්ෂි නැතුව මෙයාව අත් අඩංගුවට ගන්න බෑ. දෙතුන් වතාවක් උත්සහත් කරනව. එතෙන්දි දැනගන්නව ඇමරිකන් පොලිසිය තමන්ගෙ පස්සෙ වැටිල කියල. තමන් අහිංසකයෙක්ය, ඇමරිකන් පොලිසිය තමන්ට අපහාස කරන බව ඔප්පු කර ඔවුන්ව රුසියාවෙන් පිට කිරීමට කොනාලි සමත් වෙනව. කොනාලිගේ ඉලක්කය කුමක්ද යන්න දැනගත්තත් රුසියන් පොලිසිය එය පිළිගැනීමට ප්‍රතිකේෂ්ප කරනව.

නමුත් කොනාලිගෙ අවාසනාවට පරීක්ෂණය අතරෙදි වෙස්වලාගෙන හිටපු කැලහැන්ට කොනාලි පිස්සු වැටෙනව. කැලහැන් ඇමරිකන් පොලිසියෙ කියල දැන දැනත් කැලහැන්ව පැහැරගෙන යනව. යාලුවො ටික කැලහැන්ව බේරගන්න ගිහින් තමා රුසියන් පොලිසියට බඩුත් එක්ක හොරු අල්ලල දෙන්නෙ. ඒත් හැරිස්ට මාංචු දාල කොනාලි පැනගන්නව. දෙවනිපාර කොනාලිගෙ අවන්හලේදි ලසාර්ඩ් ට කොනාලිව මාට්ටු උනත් ලසාර්ඩ් ට මතක නෑ මේ කවුද කියල. මාලුව නහින්නෙ කට නිසා කියනව වගේ කොනාලි නහින්නෙත් කට නිසා. චිත්රපටය yifi torrent එකේ තියෙනව ඔන්න.

ඔන්න චිත්‍රපට හතම උපසිරසි  කරල දුන්න. තවත් මේ වගේම පරණ චිත්‍රපට එකතුවකින් හම්බ වෙමු. මේ උපසිරසි වල අඩුපාඩු තියෙනවනම් කියන්න. ගල් මුල් ,මල් කොල ගෙඩි ඕන දෙයක් සතුටින් බාරගන්නව.

Police Academy 1 (1984)

Police Academy 2: Their First Assignment (1985)

Police Academy 3: Back in Training (1986)

Police Academy 4: Citizens on Patrol (1987)

Police Academy 5: Assignment: Miami Beach (1988)

Police Academy 6: City Under Siege (1989)

Police Academy: Mission to Moscow (1994) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි YIFY පිටපත සඳහා වලංගු වේ.

416 downloadsDownload Police-Academy-7-1994.Baiscopelk.com_.rar29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

416 downloadsDownload Subtitles29 KB

6 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    මේ ෆිල්ම් සෙට් එකටම සබ් දුන්න එකට ස්තූතියි
    වේලාවක් ලැබුන හැටියෙම බලනවා
    ෴෴ජය වේවා෴෴

  2. Dilan

    sub ekata Thax macho.

  3. the first commentor

    elm brow ;) thankz zub 1kata :D

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sanju MW

    Film set ekanam patta....Sub ekatath thankz...good luck bro....twa me wge athal parana film set ekak krpnko