හොඳයි එහෙනම් ඔන්න ගොඩක් අය එනකන් බලාගෙනම හිටපු සුපිරිම දමිල සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඇත්තටම කියන්න ඕන මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳ පිටපතක් නිකුත් වෙලා දැනට දවස් ගානක් උනත් මේ සබ් එක කරන්න බාරගත්තු පුද්ගලයාට මේක කරන්න වෙන්නේ නෑ කියලා අපිට දැනගන්න ලැබුනේ ඊයේ දවසේදී. ඉතින්, මේක බාරගත්ත ක…

හොඳයි එහෙනම් ඔන්න ගොඩක් අය එනකන් බලාගෙනම හිටපු සුපිරිම දමිල සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඇත්තටම කියන්න ඕන මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳ පිටපතක් නිකුත් වෙලා දැනට දවස් ගානක් උනත් මේ සබ් එක කරන්න බාරගත්තු පුද්ගලයාට මේක කරන්න වෙන්නේ නෑ කියලා අපිට දැනගන්න ලැබුනේ ඊයේ දවසේදී. ඉතින්, මේක බාරගත්ත කෙනා කරන්නේ නැහැ කිව්වා කියලා සිසිල සහෝදරයාගේ පණිවිඩයත් එක්ක වහාම ක්‍රියාත්මක වුනු මමයි අපේ තරිඳු රුක්ෂාන් සහෝදරයයි දත් විකාගෙන මේකේ සබ් එක කරන්න පටන් ගත්තා ඊයේ හවස ඉදන්. ඉතින් අමතක කරන්න බෑ මේ වෙලාවේ අපිට හොඳ සහයක් ලබාදුන්නු ඉන්ද්‍රජිත් අයියව සපෝට් එකක් ඉල්ලුව සැනින් තමන්ගේ වටිනා කාලය කැප කරලා දුන්නු සපෝට් එකට. ඔයාලා අපි හැමෝම දන්නවා වික්‍රම්ගේ ෆිල්ම් එකක් කිව්වම මිනිස්සුන්ට ඒක බලන්න තියෙන හදිසිය කොච්චරක්ද කියලා. ඉතින් අපි දන්නවා මේකේ පිටපත නිකුත් වෙච්ච වෙලාවේ ඉඳන් බයිස්කෝප් එකේ සබ් එක දානකන් මොනතරම් නොයිවසිල්ලෙන්ද බලන් උන්නේ කියලා. දවසක් දෙකක් නම් කමක් නෑ. ඒත් ගොඩක් පරක්කු උනා. හැමදේටම කලින් මුලින්ම ඔයාලගේ බලාපොරොත්තුව ඉටුකරන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් ඔබෙන් සමාව අයැද සිටිනවා.
වික්‍රම, නැතිනම් චයියාන් වික්‍රම් කියන්නේ දෙමල සිනමාවේ ඉන්න ඩයල් එකක් කිව්වොත් මං හිතන්නේ මං වැරදි නෑ..මං හිතන්නේ ඊයේ පෙරේද ඉපදුනු බබෙක් ඇරෙන්න වික්‍රම් ගැන නොදන්න සිනමා ප්‍රේක්ෂකයෙක් නැති තරම්. වික්‍රම් කිව්වම I, Kanthaswamy, Deiva Thirumagal, Bheemaa, Gemeni කියන නම් ඉබේම දිවේ නලියන වචන ටිකක්. ඒ වගේම, මෑත කාලේ ආපු Iru Mugan, Sketch එහෙමත් තවම මතකයෙන් ඉවත් වෙලා නෑ මිනිස්සුන්ගේ. ඒ විතරක් නෙවෙයි ඔය ලිස්ට් එකේ අඩුවක් තියෙනවා තේරුනාද දන්නේ නෑ.. වික්‍රම් කිව්වම තවත් අමතක නොවන වචනයක් තමයි සාමි. බලපු අය ඉන්නවනම් මතක ඇති වික්‍රම්ගේ Saamy (2003) චිත්‍රපටිය. ඉතින් ඔන්න ඔය සාමි චිත්‍රපටිය නිකුත් වෙලා වසර 15කට පස්සේ එනම් 2018 වර්ෂයේ සාමි චිත්‍රපටියේ දෙවන කොටසක් නිකුත් වෙනවා වික්‍රම්ගේ මේ වසරේ නිකුත් වෙච්ච දෙවැනි චිත්‍රපටිය විදිහට. ඉතින් පරණ සාමි අධ්‍යක්ෂණය කරපු Harikrishnan විසින්ම තමයි මේ සාමිත් අධ්‍යක්ෂණය කරන්නේ වසර 15කට පස්සේ. Shibu Thameens ගේ නිෂ්පාදනයෙන් සහ දකුණු ඉන්දියානු සංගීතයේ වර්තමාන පරම්පරාව නියෝජනය කරන තරුව Devi Sri Prasad ගේ සප්ත ස්වරයෙන් හැඩවුණු සාමි දෙවන චිත්‍රපටිය මේ වසරේ සැප්තැම්බර් 21 වෙනිදා මිනිත්තු 156 ක ධාවන කාලයකින් යුතුව තිරගතවීම ආරම්භ වූවා..වික්‍රම්ට අමතරව Prabh, Bobby Simha, Keerthy Suresh, Aishwarya Rajesh, John Vijay එහෙමත් මේකේ අනෙකුත් චරිත සඳහා තම රංගන දායකත්වය සපයල තියෙනවා.
දැන් හැමෝම හිතනවා ඇති මේක සීරියල් එකක් නිසා පලවෙනි එක බලන්නේ නැතුව මේක බලලා තේරුමක් වෙන එකක් නෑ කියල. එහෙම කේස් එකක් නෑ මොකද පලවෙනි චිත්‍රපටිය නිකුත් උනේ 2003 දී මේක නිකුත්වෙන්නේ 2018 දී ඒ කියන්නේ අවුරුද් 15 කට පස්සේ ඉතින් මීට අවුරුදු පහළොවකට කලින් බලපු එකක දෙවනි කොටස පොල්ලෙන් ගහන්න වගේ එයි කියල හිතනවද.? නෑ එහෙම එකක් නෑ. මේ චිත්‍රපටිය පටන් ගනිද්දී විනාඩි කිහිපයක් තුල පලවෙනි චිත්‍රපටියේ කතාව සාරාංශයගතව සංක්ෂිප්ත අයුරෙන් පෙන්වනවා. ඒ හොඳටම ඇති ඒක තේරුම් ගන්න. ඉතින් පලවෙනි එක බැලුවේ නෑ කියලා අවුල් ඔලුව කචල් කරගන්නේ නැතුව චිත්‍රපටිය බලන්න කියලා මුලින්ම කියල ඉන්නම්. ආරුසාමි කියන්නේ අවංක නිර්භීත පොලිස් නිලධාරියෙක්, හරියට කිව්වොත් සිංහම් වගේ කෙනෙක්. සාමි පලවෙනි කොටසේදී යන්නේ මෙන්න මේ ආරුසාමිගේ කතාන්දරය. ඉතින් දෙවැනි කොටසට එද්දී මේ ආරුසාමි මැරිලා එයාගේ පුතා ලොකුවෙලා එයත් පොලිස් නිලධාරියෙක් වෙලයි ඉන්නේ. ආරුසාමි ඇත්තටම මැරෙන්නේ නෑ.. එයාගේ පවුල පිටින් ඝාතනය කරනවා. ඉතින් මේ ඉතුරු වෙච්ච පුතාගේ නම තමයි රාමසාමි. එයා වටා ගෙතුණු කතාවක් තමයි අද මේ අරගෙන එන සාමි දෙවන කොටසේ ඔයාලට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ රාමසාමිටත් එයාගේ තාත්තව මරපු මිනීමරුවන්ව කොටු කරන්න ගහන ගේම පිලිබඳ තමයි මේකේ කතාව ගෙතිලා තියෙන්නේ..
කතාව ගැන වැඩි විස්තර කරන්න යන්නේ නෑ මම. මොකද මේකේ නම දැක්ක සැනින් ඇවිත් මේ චිත්‍රපටිය ඔයාලා අරගන්නවා කියලා මට විශ්වාසයි. ඉතින් අවසාන වශයෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ඉන්ද්‍රජිත් සහෝදරයට සබ් එක ඉක්මනින් අවසන් කරන්න ලබාදුන්නු සහයෝගය සම්බන්ධව.මටයි තරිදු අයියටයි භාර උනේ දවස් දෙකකටත් වැඩිය පරක්කු වෙච්ච දෙබස් 2300 කින් විතර පිරුණු දැවැන්ත චිත්‍රපටියක සබ් එකක්. ඉතින් ඉන්ද්‍රජිත් අයියගේ සහයෝගයත් අරගෙන ඔයාලට මේ උපසිරැසිය ඉක්මණින්ම ගෙනල්ල දෙන්නයි අපි දත කෑවේ. ඉතින් එහෙනම් යන්නට අවසරයි. යන්න කලින් මතක් කරනවා ඇඩ්මින් මණ්ඩලයේ සහෝදරයින්වත්, බයිස්කෝප් උපසිරසි කණ්ඩායමේ සියලුම උපසිරැසිකරුවන්වත්, හැමෝටම දිගටම සබ් කරගෙන යන්න වගේම සියලුම වැඩ කටයුතු සඳහා අවශ්‍ය කාලය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම වෙබ් අඩවියට පිවිසෙන ඔබ සැමටත් කරන සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න වගේම නිරෝගී සුව ප්‍රාර්ථනා කර සිටිනවා. ජයෙන් ජය…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
25,665 downloadsDownload Saamy-2-2018.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “තාරක නුවන් දිල්හාර” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
98 comments
පැතුම් ඉෂාර
sasindu rathsara kariyawasam
sub denkn blgen hitiye thnks bro
sashan
Thanks bro hemadamath sub eka ekmanatama denawata thanks
Jaya weva oyalata. Ela baiscopelk innakan Apita sub ekka film balanna puluwan
Ela jaya weva thanks.Dilshan
thanks bro denakam hitiye
indika75
thanks..
isurugunawardana
thanks ogollo apen smawa ganne ai cochchara amaruda sub ekak karanna kalaya kapakarala apita meka dunnata thanks
gihan perera
ස්තුතියි සහෝ....මං හිතුවා මචෝ ඔයා තමයි මේකට උපසිරැසි කරන්නේ කියලා...ඒ වගේම හරි..ඔයාගෙ tamil උපසිරැසි super..දිගටම උපසිරැසි කරන්න සහෝ...Vijay ගෙ අලුත් ෆිලුමක් තියෙනවා නේද...ඒකට ත් උපසිරැසි දෙන්න බලන්න සහෝ...ජය වෙිවා මචෝ...
ranga11112
Thanks tharidu saho....
dsdkavishka
Thenks aiyala sub ekata
sureshes
Thanks Bro
PaSindu MaDumal
නියමයි තරිඳු අයියා & තාරක අයියා..දිගටම සබ් දෙමු...!
සබට තුති.IndunilN
සුපිරියි සහෝ
naveenlakshitha
thanks dennatama niyama wedak elma
Nuwandika Dil
Tanks kastiyatama. Elamawewa
thilz
Thank you all
kelumchathuranga
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
තවත් උපසිරැසි නිර්මානයකින් නැවත හමුවෙමු...
ජයGihan Lakmal
ela machooooooo
Lasantharathnasirirox
MTR සහෝදරයා ඔබට සදා ණයගැතී.......
roshan1992
Thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chamindu Madhushan
Sub ekata thanks machan.
Geetha govindam film ekatath sub eka puluwan nam karannako machoosampath n perera
thanks
namika
thank you brothers!
Lahiri
thankz saho
Praveen
Thankyou brother ✌
Ranjan195
නියමයි සහෝදරවරුනි, ඔයාලා ඔයාලගේ වටිනා කාලය උපරිමයෙන් අප වෙනුවෙන් වැය කරනවාට ගොඩක් ස්තුතියි.
පුංචි ඉල්ලීමකුත් තියනව කරන්න The Last Ship කථා මාලාවේ සබ් එක එන්න කල් යන නිසා හැම වෙලේම නිකන් බලනව ඒ වගේ ගොඩක් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න කථා මාලාවක් සබ් එක එනකන්වත් බලාගෙන ඉන්න අමාරුයි. ජයෙන් ජයwnrodrigo
Good work friend. Thanks!
nisala_d
Thank you bro..!!!
Amila Roshan
Saho qwwa wage dakapu gaman lipiya kiyewwa me dan filumat bagannawa
thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
jaya wewa sahoo
thawa illimakuth thiyenawa puluwan nam Govinda Inna "Shola Aur Shabnum - 1992"Film ekata sub karala denawadaoshanda
thanx sahoo
Kavinda
Sub ekata thanks saho
Reckman
English sub neh enneh brodha
Rumesh dhanushka
Thanks brother
rangika Kariyawasam
සබ දෙනකම් බලන් හිටියේ ජය වේවා සහෝදර වරුණි... බෝම තුති
jogy isuru
thanks!
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝලා දෙන්නටම .............
ජයවේවා .........දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දෙන්නටම.
ජයෙන් ජය.Haritha245
THANK YOU SAHO
DBMadhushan
nice broooooooooooooooooo Thanks
chanaka47
Sub eka download karannath kalinma thanks kiyanna ona ban. Tamnge weda passeka dala wasiyak netuwa deyak karanne ehemath ekek. Bokkenma suba pathanawa BAISCOPELK Team ekata.
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය ..!!
sasala
thanks
Kulanjana Maduranga
elazzz...subata thanks sahola...keep it up...
gayan215
bohoma sthuthi saho...
Shenin007
Thankyou
Amilperera
Romba nandry bro..
Dilruk lahiru
Thanks to both of you
max.mlk
Tanks bro
dusmantha
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Saamy² (2018) Sinhala Subtitles | ඊළඟ සාමි (දෙවියන්) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/saamy-2-2018.jpg)

සබට තුති!!! ඔබට ජය!!!