ජලය, ව්‍යාපාරික භාණ්ඩයක් හෝ නිෂ්පාදිතයක් විදියට නොබලා ශක්තියක්, ආධාරයක් විදියට බලන්න පුරුදු වෙන්න. ඉන්ස්පැක්ටර් විජයි ප්‍රකාෂ්. විජී නිතරම ජනතාව එක්ක මිත්‍රශීලීව කටයුතු කරන පොලිස් නිලධාරියෙක්. විජීගේ තාත්තා දේශද්‍රෝහියෙක්. පුංචි කාලේ ඉඳන්ම දේශද්‍රෝහියගේ පුතා කියලා විජීව හංවඩු ගැහුවා. විජී පොලිසියට…

ජලය, ව්‍යාපාරික භාණ්ඩයක් හෝ නිෂ්පාදිතයක් විදියට නොබලා ශක්තියක්, ආධාරයක් විදියට බලන්න පුරුදු වෙන්න.
ඉන්ස්පැක්ටර් විජයි ප්‍රකාෂ්. විජී නිතරම ජනතාව එක්ක මිත්‍රශීලීව කටයුතු කරන පොලිස් නිලධාරියෙක්. විජීගේ තාත්තා දේශද්‍රෝහියෙක්. පුංචි කාලේ ඉඳන්ම දේශද්‍රෝහියගේ පුතා කියලා විජීව හංවඩු ගැහුවා. විජී පොලිසියට බැඳිලා තාත්තා රටට කරපු ද්‍රෝහිකම වෙනුවෙන් ට්විට්ටර් එකේ තමිල්නාඩු පොලිසිය නිතරම ට්‍රෙන්ඩින් අරගෙන ආවා. එක එක පරීක්ෂණ විසඳුවා. විජී මොනවා කලත් වටේ මිනිස්සු එයා දේශද්‍රෝහියාගේ පුතා කියන එක අමතක කලේම නැහැ. මේ නිසාම විජී එයාගේ තාත්තා ගැන පුදුම වෛරයකින් හිටියේ. දවසක් විජී ගෙදර ඉඳන් රාජකාරියට යන්න ලැහැස්ති වෙද්දි අවසර නොලත් මිනිස්සු ඒකරාශී වීමක් විසුරුවා හරින්න කියලා නියෝගයක් ලැබෙනවා. එතැන ඔඇසිස් නම් ජල ව්‍යාපාර සමාගමකට විරුද්ධව උද්ඝෝෂණයක් සිදුවෙමින් තිබුණා. මේ උද්ඝෝෂණයට නායකත්වය දුන්නෙ සමීරා නම් කාන්තාවක්. ඇය ජලය ව්‍යාපාරයක් කිරීමට විරුද්ධව සටන් කලා. විජී සමීරා එක්ක කතා කරලා සුහදශීලීව සෙනඟ එතැන් ඉවත් කරනවා. පිරිස එතැනින් ඉවත් කරලා පැය කීපයකට පස්සෙ තවත් පොලිස් නිලධාරියෙක් කලබලෙන් ඇවිත් උද්ඝෝෂණයට ආව අයගෙ විස්තර ඉල්ලනවා. උද්ඝෝෂණය තිබුණ තැන ගොඩනැගිල්ලේ ඉස්සර ඉඳන්ම හමුදා රහස් හංගලා තිබුණා කියලත්, අද උද්ඝෝෂණයට ආව කෙනෙක් ඒ ගොඩනැගිල්ලට හොරෙන් ඇතුල්වෙලා ෆයිල් එකක් හොරකම් කරලා කියලත් ඒ නිලධාරියාගේ මාර්ගයෙන් දැනගන්න ලැබෙනවා. ඒ වගේම හමුදාවෙ රහස් හොරකම් කරපු නිසා ඒ කෙනා දේශද්‍රෝහියෙක් වෙනවා කියලත් කියනවා. මේ නිසා විජීට මේ ගැන උනන්දුවක් ඇති වෙනවා.
උද්ඝෝෂණය වෙලාවෙදි අරගත්ත පොටෝ ටිකක් පරීක්ෂා කරලා බලද්දි තමයි දැක්කෙ මේ ෆයිල් එක හොරකම් කරලා තියෙන්නෙ සමීරා කියලා. විජී සමීරාව හොයාගෙන එයාගේ ගෙදරත්, ආ ගිය හැම තැනටමත් ගිහින් සෝදිසි කරලා බලනවා. අවසානයේදි ඊට පහුවදා උදේ පාන්දරම සමීරා වෙරළෙ මැරිලා ඉද්දි හොයාගන්න ලැබෙනවා. සමීරා හොරකම් කරලා තියෙන්නෙ ‘රතු ලියුමක්’. ඒ ලියුම දැන් තියෙන්නෙ කොහෙද කියලා පොලිසිය පවා කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ. විජීට සමීරාගේ මරණය ගැන සැකයක් තිබුණත්, මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණට පස්සෙ ඒක තහවුරු වුණා. මරණ පරීක්ෂණ වාර්ථාවේ විදියට සමීරා ක්ලෝරින් මිශ්‍ර වතුර පෙවිලා මැරිලා තියෙන්නෙ. විජී තවත් මේ ගැන් හොයද්දි දැන්ගන්න ලැබෙනවා ‘සර්දාර්’ කියන නමක් ගැන. ඇත්තටම කිව්වොත් සමීරා මැරිලා තියෙන්නෙ සර්දාර් හින්දයි. හමුදාවේ රහස් වාර්ථා කාමරයෙන් හොරකම් කරපු රතු ලියුම යවල තිබුණේ සර්දාර්ට. ඒ වගේම සමීරා, එයා මැරෙනවා කියලා දැන දැන තමයි මේ දේවල් කරලා තියෙන්නෙ. සර්දාර් ගෙන්නන්න කෙනෙක්ට ජීවිතය පවා අතාරින්න තරම් සර්දාර්ගේ විශේෂත්වය මොකක්ද? ඇත්තටම සර්දාර් කියන්නෙ විජීගේ දේශද්‍රෝහි තාත්තා.
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂක කලේ පී. එස්. මිත්‍රන් කියන අධ්‍යක්ෂකවරයා. එයා මීට කලින් Irumbu Thirai (2018), Hero (2019) චිත්‍රපට රචනා කර, අධ්‍යක්ෂණය කලා. මෙයාගේ කතාවල විශේෂත්වය වෙන්නේ වීරයා විදියට පෙන්වන චරිතය යට කරගෙන නැගී ඉන්න දුෂ්ඨ චරිතයක් නැත්නම් තවත් වීරයෙක්ව ඉස්මතු කර පෙන්වීමයි. ඉරුම්බු තිරයි, හීරෝ චිත්‍රපටවල අර්ජුන් තමයි මේ විදියට ඇත්තම වීරයාව පහු කරගෙන දෙවෙනි වීරයා හෝ දුෂ්ඨ චරිතය නැගී සිටිනවා. මුලදි මමත් හිතුවෙ මිත්‍රන් අර්ජුන්ගෙ රසිකයෙක් කියලා. මේ වතාවේ ඒ චරිත දෙකම ඉදිරිපත් කරන්නෙ කාර්තිම තමයි. ඒ වගේම Kaashmora (2016) චිත්‍රපටයෙන් පස්සෙ කාර්ති ද්විත්ව චරිත මවන්නේ මේ චිත්‍රපටයෙදියි. මෙහිදී කාර්ති ඔත්තුකරුවෙක්ගේ චරිතයක් ඉදිරිපත් කරනවා. මේ ඔත්තුකරුවාගේ චරිතය වටා මේ කතාව ගොඩනැගෙනවා. ඔත්තුකරුවෙක්ට වෙස්වලාගෙන තමන්ගේ රාජකාරිය කරන්න සිද්ද වෙනවා. Cobra (2022) චිත්‍රපටයේ වික්‍රම්ගේ වෙස්මාරු කිරීම් ඔක්කොම සින්දුවකින් ඉවර කරලා දානවා වගේ නෙවෙයි. ඒ ඒ තැන් වලට අවශ්‍ය කරන විදියට තරමක් දිග කොටසක් මෙහි අන්තර්ගතයි. මේ ලඟදිම නිකුත් වුණ පොන්නියින් සෙල්වන් : පාට් I (2022) චිත්‍රපටයේදිත් කාර්ති වන්දියදේවන් කියන ඔත්තුකරුවා නැත්නම් චරපුරුෂයෙකුගේ චරිතය ඉදිරිපත් කරනවා.
අවුරුදු 16ක විරමයකින් පස්සෙ ආයෙමත් සිනමාවට ඇතුල් වන ලයිලාවත් මෙහිදී දකින්න පුළුවන්. මෑතදී තිරුචිත්‍රම්බලම් චිත්‍රපටයෙන් හමුවුණ රාශි කන්නාත් මීට ඇතුලත්. Karnan (2021) චිත්‍රපටයෙන් දෙමළ සිනමාවට ප්‍රවේශ වුණ මලයාලම් නිලි රජීශා විජයන් මෙහි දැකගත් හැකියි. බොලිවුඩයෙන් චන්කි පාණ්ඩිද ප්‍රථම වරට දෙමළ චිත්‍රපටයකට මෙයින් ප්‍රවේශ වෙනවා. යූටියුබ් නාලිකාවක් ඔස්සෙ ජනප්‍රියත්වයට පත් පුංචි තරුව රිත්වික් මෙහි ඉතා අගනා රගපෑමක් ඉදිරිපත් කරනවා. මුනිෂ්කාන්ත්, යුගි සේතු, අවිනාශ්, ස්වාමිනාදන්, ඉලවරසු යන අයද මෙහි චරිත ඉදිරිපත් කරනවා.
G.V. ප්‍රකාෂ් කුමාර් මේ චිත්‍රපටයට සංගීතය සැපයුවා. අලංකාර ගීත තුනක් මීට ඇතුලත්. “ඒරිමයිල් ඒරි” ගීතය ගායනා කරන්නෙ නළු කාර්ති විසින්මයි. සර්දාර් චිත්‍රපටියේ සාර්ථකත්වය සැමරීමේ හමුවේදි මේ චිත්‍රපටයේ දෙවෙනි කොටසක් එන බවට නිවේදනය කලා. මෙහි පසුතල නිර්මාණයට කෝටි 4ක් අමතරව වැය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් අධ්‍යක්ෂක මිත්‍රන්ට නිෂ්පාදකවරයා විසින් මෝටර් රථයක් තෑගි කරනු ලැබුවා.

මේ වසරේ දීවාලියේ ජයග්‍රාහකයා වූ මේ චිත්‍රපටය කාර්තිගේ කෝටි සියය ඉක්මවූ තෙවන චිත්‍රපටයයි. මේ වසරේ කාර්තිගේ චිත්‍රපට තුනේම බොක්ස් ඔෆිස් ආදායම් ඉතා සාර්ථක වුණා වගේම මේක කාර්තිට Hat-Trick ජයග්‍රහණයක්. ඉතින් කාර්ති නම් ප්‍රේක්ෂකයින්ව කලකිරීමට පත්කරන නළුවෙක් නම් නෙවෙයි. විචාරක, ප්‍රේක්ෂක හැමෝගෙන්ම ඉහල ධණාත්මක ප්‍රතිචාර ලබාගැනීමට මෙය සමත් වෙනවා. ඉන්දියාවට විතරක් නෙවෙයි අපේ රටටත් කාලෝචිත ප්‍රශ්නයක් ගැන මෙයින් කතා කරනවා. සර්දාර් නරඹන්න ෆිල්ම් හෝල් එකට ගිය හැමෝටම නොමිලේ වතුර බෝතලයක් ලබා දුන්නා. වතුර විකිණීමට නොවේ කියන පණිවිඩයක් එක්කම. මේ වතුර ප්‍රශ්නය ගැන පුළුල්ව සවිස්තරාත්මකව ලොකු පොඩි කාටත් චිත්‍රපටය බලලා අවබෝධයක් අරගන්න පුළුවන්. ඒ නිසා වෙනම මේ ලිපියේ සඳහන් කරන්නෙ නැහැ. මඟ නොහැර බලන්න කියලා අනිවාර්යයෙන්ම නිර්දේශ කරන්න පුළුවන්.
ලබන වසරේ පෝංගල් වලට අජිත්ගේ Thunivu වගේම විජේගේ වාරිසු නිකුත් වීමට නියමිතයි. ඇත්තටම මීට කලින් මේ චිත්‍රපටවල අධ්‍යක්ෂකවරුන් දෙන්නා කාර්ති එක්ක චිත්‍රපටයක් කරලා තියෙනවා. ඒ එච්. විනෝද් විසින් Theeran Adhigaram Ondru (2017) චිත්‍රපටයත්, වම්සි විසින් Thozha (2016) චිත්‍රපටයත්. අධ්‍යක්ෂකවරයෙක් එක්ක කාර්තිගේ සංයුතියෙන් වෙනස්ම ආකාරයෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. ඉන් පස්සෙ වෙනත් නළුවන් යොදාගෙන කරන සමහර නිර්මාණ නම් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. කොහොම හරි කාර්තිගේ ඊලඟ චිත්‍රපටය වුණ පපාන් චිත්‍රපටයේ නිෂ්පාදන වැඩ මේ ලඟදීම අරම්භ කලා.
මගේ උපසිරැසියකින් චිත්‍රපටි බලන අය දන්නවා(මුල් කාලයේ උපසිරැසි 10 – 15ක ඇරුණම.) අනිවාර්යයෙන්ම මම උපසිරැසියේ කොතැනකවත් මගේ නම, සයිට් එකේ නම, වෙනත් කිසිම අමතර දේවල් දාලා නැහැ කියලා. මොකද මට ෆිල්ම් එක රසවිඳින්නයි සලස්වන්න ඕන කරන්නෙ.එව් වගේම මගේ සබ් එකක් වෙන මොන විදියේ සයිට් එකක දැම්මත් කමක් නැහැ කියන අදහසෙන්. ඒත් පහුගිය දවස්වල මම දුන්න ලයින් 2300කටත් එහා ගිය උපසිරැසි ඉතාමත් සුළු වෙනස්කමක් කරලා, ගෙඩිපිටින් වෙනත් කෙනෙක්ගෙ උපසිරැසියක් විදියට පල කරලා තිබුණා. තවත් බොහෝ හේතු කාරණා නිසා සිත් රිදවීමට පත් වීම නිසා මින් ඉස්සරහට idx ෆයිල් එකක් විදියට උපසිරැසි දෙන්න අපි තීරණය කලා. අපහසු වෙයි, ඒත් බොහෝම කාලයක් තිස්සෙ කල්පනා කරලා තමයි මේ තීරණය අරගත්තෙ. ඒ ගැනත් කැමති නම් ඔයාලගෙ අදහස් දක්වන්න. වෙනදා වගේම කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!
27,770 downloadsDownload Sardar-2022-HD.7z3.9 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
- #Avinash
- #Chunky Panday
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Laila
- #MaxxA
- #Munishkanth
- #Must Watch
- #Offbeat
- #Raashii Khanna
- #Rajisha Vijayan
- #Rithvik
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #You Decide
- #Yugi Sethu
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
85 comments
Tharindu
Naveen Mbr
ගොඩක් ස්තූතියි ඔයාටත්. ;-)
H.A දසුන් දිල්හාර
windows 22H2 ekta oya balan player ekta iskolaptha font ek add karanna ethkota srt hari
මම නුවන් තුෂාර
sub eke font size loku karala kaha pata dannko. sub eka yatata yana nisa kali kapila penne. mn gaththe 1080p ekata font eka size madi
Naveen Mbr
මම ඒකට අපේ අය එක්ක කතා කරලා විසඳුමක් දෙන්නම්.
Minol Perera
Kmp vlc kohomda hadagannee
Naveen Mbr
VLC ප්ලෙයර් වලට අවුලක් නැහැ. වෙනදා වගේම සිලෙක්ට් කරලා ගන්න.
Minol Perera
බොහොම ස්තුතියී
Kmp playr වලට කොහොමද හදාගන්නෙ
Ravindra
Thanks sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥oshanda
thanks malli... hemadama wage loku wistharayak ekka
Naveen Mbr
ස්තූතියි අයියේ. මේක නම් ලොකු විස්තරයක් නෙවෙයි. මීට වඩා ලියන්න තිබුණා. හදිස්සියට දැම්මෙ. ;-)
Rasanga
ටොරන්ට් Link එකක් නැද්ද ?
Lakshan
Srt karaganne kohomada
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Kantha_DLA
Api wenuwen unu mahasiyata
godak pin.........!
Lakshan
Sub eke srt karaganne kohomada
Naveen Mbr
Srt කරන්න බැහැ. කන්ටෙන්ට් එක වෙනස් කරන්න බැරි විදියට හදලා තියෙන්නෙ.
Lakshan
Kmplayer eken balanna barida??balanna puluwan hoda player ekak kiyannako
Naveen Mbr
VLC, Pot Player වලට මේ සබ් හොඳට වැඩ කරනවා. කොහොමත් මේ බ්‍රවුසර් දෙකෙන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න එක හොඳයි. අපි ඉස්සරහට මේ ෆෝමැට් එකෙන් සබ්ටයිටල් දෙන්නෙ. ;-)
nimsa
Thanks for sub
ලිපිය පොඩ්ඩක් spoil හොදේ
lakmal
thanks bro uba nisa tamil film industry eka gana api godak update. uba nattan mewa danneth na. subu ekta thanka.
Anonymous
Patta
Kushan
Sub akta thanks
Anonymous
Sinam (2022) request
Naveen Mbr
ඒක අපේ ඔෂධ සහෝදරයා ලඟදීම දේවි.
Anonymous
Rorschach (2022) Malayalam
හරි මචං එහනං මේකට සබ් දෙන්න ප්ලීස්Naveen Mbr
සමාවෙන්න සහෝ. මම නම් මලයාලම් කරන්නෙ නැහැ. කොහොමත් මට විභාගයක් තියෙන නිසා දෙසැම්බර් මාසේ වෙනකල් උපසිරැසි හදන එක නතර කලා. අපේ කෙනෙක් ඉස්සරහට කරන්නත් පුළුවන්. මලයාලම් කරන අයත් කාර්‍යබහුල වෙලා ඉන්නෙ.
Anonymous
මලයාලම් ෆිල්ම් සෙට් එකක්ම ඇවිත් තියෙනවා , මලයාලම් කරන්න පුලුවන් අය දෙනවද?
Naveen Mbr
බලමුකෝ. පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම දේවි.
Rasanga
Link එකක් නැද්ද ?
Naveen Mbr
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකට යන්න.
Samith
Thanks brother
Hashan
Thnx bro
Anonymous
Wena site walin sub dala thibunath nobala hitye uba sub dena bawa dnna nisa mcho
Thanks mchnvk sindurage
brother sinam 2022 movie eke sinhala sub eka denawda???mekath thanks....ikmnta denawda sinam 2022 eke sub eka
Naveen
උපසිරසියට තුති
Anonymous
Elaz
Anonymous
Sub eke front size wenas karanna puluwn widyata hdnnko
Eka eka gotha gobilo sub ussala unge wge dmmta ewath oyalage bawa blna un okkoma dnnwa
E nisa owata react krnna ynna epaIsuru
මන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරලා tv එකේ බලන්නෙ. නමුත් idx sub එක tv එකේ play වෙන්නෙ නෑ. Sardar and sinam 2ම මට බලන්න විදියක් නෑ.
Melon
Srt ona bro
Naveen Mbr
srt දෙන්නෙ දෙන්නෙ නැහැ සහෝ. මේක අපේ කණ්ඩායමේ තීරණයක්.
Anonymous
meke sub ganna therenne nea bro
Naveen Mbr
අපි දුන්න මේ සබ් එකට idx එකයි sub එකයි තියෙනවා. මේ 7z එක(දැන් තියෙන ෆෝමැට් එක.) වෙනම ෆෝල්ඩර් එකකට Extract කරගන්න. ඒකටම ෆිල්ම් එකත් දාගෙන ඔක්කොම ඔයාට ලේසි ක්‍රමයකින් Rename කරගන්න. ඉංග්‍රීසි සබ් එක පෙන්නනව නම් load subtitles වලට ගිහින් මේ ෆෝල්ඩරයෙන්ම සිලෙක්ට් කරගන්න.
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Anton priyahantha
Thank you!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Thanks for sub
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lahiru
තෑන්ක්ස්! Proper HDRip ආවම ඒකටත් අප්ඩේට් එකක් දෙන්න. ඔයාගේ සබ් කොලිටියි. SRT තමා හොද. ඔයාට වන අසාධාරණයත් දන්නවා. පුලුවන්නම් SRT වලින් දෙන්න බලන්න.
Anonymous
Front size eka wadi krpn mchn
Podi akuru blnna amarui ekaiKasunRe
බොහොම ස්තූතියි සහෝ......
Madhawa Priyankara
IDX අවුලක් නෑ. ටිකක් සයිස් එක ලොකු කරන්න... ෆෝන් එකෙන් බලනකොට පොඩ්ඩක් අවුල්... PLEASE....
Naveen Mbr
මේකේ Proper HDrip එකට ෆොන්ට් එක ලොකු කරලා දෙන්නම්. තව ඉස්සරහට එන ඒවටත් ලොකු කරලා දෙනවා.
thusitha
Thanks brother ....jaya wewa.....
සුජිත්
ඇයි බං SRT වලින් සබ් එක දෙන්නේ නැත්තේ,4n එකෙන් බලද්දි IDX file type එක හෙන අවුල් බං.....
Chanaka Sangeeth
Idx sub eka wada nane. Kohomada balanne. srt denna barida
Naveen Mbr
Idx විතරක් නෙවෙයි. Sub ෆයිල් එකත් තියෙනවා. ඔයාට අපහසුයි වගේ නම් ෆෝල්ඩරයකට idx & sub දෙකයි, ෆිල්ම් එකත් සබ් ෆයිල් එකේ නමින් Rename කරලා දාලා බලන්න.
ලියෝන්
ස්තුතියි සබ් එකට
dulan
ස්තුතියි !
ඇස්කොට්
කන්නාඩි දාන් බලන අපිට හෙන අමාරුයි බන් ඇස් වලට ඔහොම සබ් එක පොඩිකරාම ඊලග ෆිල්ම්වලවත් අකුරු ලොකුවට දෙන්න බලන්න සහෝ නැත්නම් අකමැත්තෙන් උනත් ගොන් සයිට් එකක යන්නේ කොහෙද මල්ලේ පොල් සබ් එකක් තමයි බලන්න වෙන්නේ
Naveen Mbr
ඔව්. සයිස් එක ලොකු කරලා දෙන්නම්.
Lahiru
Proper HDRip පිටපතට අප්ඩේට් එකක් දෙන්නකෝ.
nalaka
idx dila wadak na owa srt karanna puluwan
sub ekata thanxAnonymous
Phone eke vlc eken sub eka pennanne nehene bn folder eke
sachee
original ekata update karaada bro
Naveen Mbr
දීලා තියෙන්නෙ. අපඅප්ඩේට් කරාවි.
Anonymous
Machan hq wlata sub update karalda thiyebne
Naveen Mbr
ඔව්.
Naveen Mbr
Proper HD HDrip එකට අප්ඩේට් කරලා තියෙන්නෙ. HC - Esub එක අයින් කලා.
Anonymous
Phone eken vlc eken sub eka open kalama sib fike eka pennanneh nehene bn
Naveen Mbr
ෆොන් වල Vlc එකට වැඩ කරන්නෙ නැහැ කියනවා සහෝ. Mx player එකට හොඳට වැඩ කර්නවා. MB පොඩි ගාණයි යන්නෙ. ඒක අරගෙන බලන්න. ගොඩක් අය ෆෝන් වලින් බලන්නෙ ඒ ප්ලෙයර් එකෙන්.
sandun
machan man 2.9 file eka download kala baiscopedownloads site ekan... eke file ekata sub ekata time set wenna ne macho
Naveen Mbr
ඉංග්‍රීසි සබ් එක යන කොපියද? Proper HDrip කොපියට තමයි මේක ගැලපෙන්නෙ. කලින් තිබුණ සබ් එකත් ආයේ අප්ලෝඩ් කරනවා. එතකොට පොඩ්ඩක් බලන්න.
sudath
sinhalen sabtitles ganna puluwanda.....
විමුක්ති
සුපිරිම action,thriller ෆිලුමක්,බොහොම ස්තුතියි සහෝ sub එකට,මේ අවුරුද්දේ සුපිරිම ටැමිල් ෆිල්ම් ටිකක් බැලුවා ඔයා ඇතුලු බයිස්කෝප් එකේ උපසිරසි කරුවන්ට පිං සිද්ධ වෙන්න,ජය වේවා!
Maduwa
KUMARI Malayalam Movie 1ta sub dennko plz
Supiri horror film ekakluGayan
Sub eka timineg wenas bro srt sub denna film balana ekath epa wela thiyanne den me idx magula nisa
Anonymous
මේක කොහොමද player එකට add කරන්නෙ
Nipun Deewantha
Thank You
gihan
බොහෝම ස්තුති උපසිරසියට
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
well done. namai gamai reta kala hitapuwai dapuwama sub epa wenawa.mn sub ekak gaththama notepad dala e dewal ain karala thamai balanna patan ganne .mn samannayen comment karanne .ubata witharai comment karanne upasiresiya quality nisa.Thank you very much.
* windows 22H2 update eken passe SRT render kranna be.idx hondai