ඔන්න ඉතිං කාලෙකට පස්සේ තවත් චිත්‍රපටයකින් තමයි මේ මුණගැහෙන්න සූදානම. Angry Birds කිව්වට පස්සේ ෆෝන් එකක් පාවිච්චි කරන නොකරන හැම කෙනෙක්ම වගේ දන්නවා කතාන්දරේ මොකද්ද කියන එක. චිත්‍රපට කියන්නේ ඉතිං මේ වෙබ් අඩවියේ ඉන්න අයට කියලා දෙන්න ඕනේ අමුතු කන්සෙප්ට් එකක් නෙමෙයිනේ. ඒත් චිත්‍රපට හදන්න ගත්තාම ඒක පාදක ව…

ඔන්න ඉතිං කාලෙකට පස්සේ තවත් චිත්‍රපටයකින් තමයි මේ මුණගැහෙන්න සූදානම. Angry Birds කිව්වට පස්සේ ෆෝන් එකක් පාවිච්චි කරන නොකරන හැම කෙනෙක්ම වගේ දන්නවා කතාන්දරේ මොකද්ද කියන එක. චිත්‍රපට කියන්නේ ඉතිං මේ වෙබ් අඩවියේ ඉන්න අයට කියලා දෙන්න ඕනේ අමුතු කන්සෙප්ට් එකක් නෙමෙයිනේ. ඒත් චිත්‍රපට හදන්න ගත්තාම ඒක පාදක වෙන කතාවක් තියෙන්නත් ඕනේ. මුලින් කතා ගොතලා තිර රචන ලියලා චිත්‍රපටයටම කැපවුනු කාලයක් තිබුනා. ඒත් දැන් චිත්‍රපට හදන්න පුලු පුලුවන් හැමදේම වගේ පාදක කරගන්නවා. කොටින්ම කිව්වොත් පෑගෙන්න තියෙන කෙහෙල් ලෙල්ලත් මොකක් හරි අට්ටටෝත්තරයක් ගහලා පැයක් හමාරක් ඇදලා කතාවක් ගොතන කාලයක් තමයි මේ. ඉතිං ඒ වගේ චිත්‍රපටි නිර්මාණය සඳහා කතා පොත්, කොමික්, සත්‍ය සිදුවීම් පාදක කරගෙන මෙතෙක් කාලයක් චිත්‍රපට නිර්මාණය කරගෙන ආවත්, චිත්‍රපට නිශ්පාදකයින්ට අලුත්ම නොවුනත් සිනමා ඉතිහාසයත් එක්ක සලකා බලද්දී අලුතින්ම එකතු වෙච්ච තුරුම්පුවක් තමයි මේ වීඩියෝ ගේම් කියන්නේ. ලිස්ට් එකක් දාන්නං ලිපිය පොඩ්ඩක් පිරිලා පේන්නත් එක්කලා.
- Warcraft (2016)
- Assassin’s Creed (2016)
- Resident Evil: The Final Chapter (Franchise) – Based on (sweet home (1989) – The Game)
- Prince of Persia: The Sands of Time (2010)
- Hitman: Agent 47 (2015)
- Wreck-It Ralph (2012)
- Silent Hill (2006)
- Tomb Raider (Franchise)
ඔය වගේ තවත් සඳහන් නොකල බොහෝමයක් කතා අතරට එකතු වෙන තවත් කතාවක් තමයි මේ Angry Birds 2 කතාවත් එකතු වෙන්නේ. ඉතින් මේක බලන්න සූදානම් වෙන අය අනිවාර්යෙන්ම පලමු කතාවත් බලන්න ඇති කියලා හිතනවා. බලලා නැතිනම් අනිවාර්යෙන්ම බලලා ඉන්න එක නම් හොඳයි. එතකොට දැනගන්න පුළුවන් වෙයි උරොන්ගෙයි කුරුල්ලොන්ගෙන් විරසකය ඇතිවෙන්නේ කොහොමද කියලා. ඒ වගේම එක එක කුරුල්ලොන්ට තියෙන විවිධ හැකියාවන් ගැනත් දෙවනි කතාවට වඩා පලවෙනි කතාවෙන් දැක බලාගන්න පුළුවන්.
පලමු කතාව ගැන කිව්වොත් හැම ආරවුලක්ම පටන් ගන්නේ ලෝකෙන්ම හුදකලා වුනු කුරුලු දූපතක් වටා. ලෝකෙන්ම හුදකලා වෙලා කියලා හිතාගෙන හිටියත් ටික කාලයකට පස්සේ අලුත් අලුත් විච්චූරණ අරගෙන කුරුලු දූපතට අමුතු ජාතියේ කොලපාට සත්තු වගයක් එනවා. මේ සත්තු කුරුල්ලොත් එක්ක බොහෝම ඉක්මනට කුලුපඟ වෙනවා. මේ අතරේ කුරුල්ලෝ අතරින් කාගේවත් ඇහැ නොගැටුනු, කාගේවත් අවධානයට වැඩිය ලක්වුනේ නැති පොඩි රතු කුරුල්ලෙක් ඉන්නවා. ස්වභාවිකවම රතුපාට නිසා මෙයාට කියන්නේ රෙඩ් කියලා. මෙයා ඉතිං අනිත් අය සතුටු සාමීච්චියේ හිටියත් ඒ අයගේ පිලිගැනීමක් නැති නිසා ඒ අතරට යන්නේ නෑ. පැත්තකට වෙලා තමුන්ගේ පාඩුවේ ඉන්නවා. ඒත් මේ කුරුල්ලෝ මේ කොලපාට සත්තු, එහෙම නැතිනං ඌරෝ එක්ක විනෝද වෙන අතරේ කුරුලු ගමේ ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. සාදයට ගිහිල්ලා විනෝද වෙන්නේ නැති රෙඩ්ට තමා මේ ගැන ඉව වැටෙන්නේ. රෙඩ්ට රෙඩ් වගේම සමාජයෙන් කොන් වුනු තවත් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි චක්. අනිත් කෙනා තමයි බෝම්බ්. චක් වේගවත් වගේම තමයි බෝම්බ්ට පුළුවන් තරහට හෝ ඉක්මන් තිගැස්සීමක් වුනු ගමන් පුපුරන්න. ඉතිං රෙඩ් මේ කුමන්ත්‍රණය ගැන හොයා බලලා ගමේ අය දැනුවත් කරන්න ගියත් හරිහමං දෙයක් හොයාගන්න බැරිවෙන නිසා රෙඩ් තවත් කොන් වෙනවා. ඒ්ත් අන්තිමට ඌරෝ ටික කුරුලු දූපතෙන් යන්නේ කුරුලු ගමේ තිබුනු බිත්තර ටිකත් හොරාට උස්සගෙනයි. එතකොට තමයි හැමෝටම රෙඩ් කියපු දේ ඇත්ත කියලා තේරෙන්නේ. ඉතිං එතැන් පටන් රෙඩ් හැම කුරුල්ලෙකුගේම විශේෂ හැකියාවන් පාවිච්චි කරලා සැලැස්මක් අනුව කැටපෝලයක් හදලා ඌරෝ ඉන්න දූපතට ගිහිල්ලා ලොකු කාලගෝට්ටියක් කරනවා. ඒක තමයි Angry Birds කියලා ගේම් එකකට කියලා ගහන්නේ.
කොහොමහරි මේ කාලගෝට්ටියෙන් පස්සේ බිත්තරත් අරගෙන ගමට ආපු රෙඩ් ගමේම වීරයා වෙලා තමයි කතාව නතර වුනේ. කොහොම වුනත් වීරයා වුනත් කාලයක් යද්දී කාටත් ගානක් නැතුව යනවා. නමුත් සැරින් සැරේට ඌරෝ ඌරෝ දූපතේ ඉඳන් කුරුලු දූපතට පොඩි පොඩි ප්‍රහාරයන් එල්ල කරනවා. මේ ප්‍රහාර වලින් ගම බේරගන්න කටයුතු කරන්නේ රෙඩ් ප්‍රමුඛ කණ්ඩායම. ඉතිං මේ ප්‍රහාර වලින් ගම බේරගන්නවා විතරක් නෙමෙයි, ඒ ප්‍රහාර වලට ගැලපෙන ප්‍රතිප්‍රහාර එල්ල කරන්නත් රෙඩ් අමතක කරන්නේ නෑ.
කොහොම නමුත් කාලයක් ඔහොම තිබිලා එකපාරටම අමුතු දෙයක ඌරු දූපතට ලඟට අහසින් කඩන් වැටෙනවා. මේ අහසින් කඩන් වැටෙන දේ මොකක්ද කියලවත් ඌරු රජා හරියට දන්නේ නෑ. ඉතිං මේ ගැන වැඩිදුර හොයලා බලද්දී එයා දැනගන්නවා කුරුලු දූපත සහ ඌරු දූපත යන දෙකම විනාශ කරන්න තවත් සතුරෙක් සූදානම් වෙන වග. ඉතිං මෙතනදී රජ ඌරා රෙඩ්ට ආරාධනා කරනවා සටන් විරාමයක් පවත්වලා තියෙන ප්‍රශ්ණෙට විසඳුමක් හොයන්න. හැබැයි රෙඩ් හිතන්නේ නම් සටන් විරාමය ඌරන්ගේ තවත් උප්පරවැට්ටියක් කියලයි.
ඉතිං අපි බලමු ඇත්තටම මෙතන මොන වගේ දෙයක් වෙයිද කියලා. සටන් විරාමය සාර්ථක වෙයිද? කවුද මේ අලුත් සතුරා? මේ සතුරා දූපත් දෙක විනාශ කරයි ද? සිද්ධ වෙන දේ දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනං ඔන්න තවත් සුපිරි කතාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD | WEB | Blu-Ray පිටපත් සඳහා පමණක් ලබා දි ඇත
27,714 downloadsDownload The-Angry-Birds-Movie-2-2019-Update2.zip334 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
89 comments
parindyabopage
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
ශශී ඩී.ජාගොඩ
අම්මෝ, මේක එනකම් හිටියේ
බොහොම ස්තුතියි.randikatharindu
Film 1 dwnlod krnne kohenda..
සනිඳු ලක්ඛිත
අප්පේ ප්‍රණීත් අයියව දැක්ක කල්..මමනම් හිතුවෙම මේ පැත්ත අමතක වෙලා කියලා. රොයිලි අයියානම් 500ට ආවා. ඊලගයා ඔයා තමා ඉතිං. කෝමහරී 500ට එමු හොදේ අනිවාර්යයෙන්..BR එකක් ආව ගමන් අනිවා මේකත් බලනවා..ජය වේවා! බුදුසරණයි..!
Shamal manojan
තෑන්ක්ස් සබ් එකට.
Request :
Rocky Balboa - 2006
namalanu123
thankzz sub ektaa
harshana tutu
moko bn m akurata unee?
Supunmahaoya
ස්තූතියි...
dsdkavishka
Thenks bro
AnjanaMadushan
THXXX
YasasPerera
thank you very much bro..
කවිනු වීරක්කොඩි
ස්තූතියි ප්‍රණීත් අයියේ..
tharindudhh12
එලම
sahansudeera
Thank You...............
Gathsara Umesh
හම්මෝ.අයියේ...කාලෙකින් නේද..?
බොහෝම ස්තූතියි සබ් එකට...❤️Shehan putha
Thanks bro..
Ayubo wewa!Sachintha sri
Thnx broo..
ranga11112
thanks bro
lakmal26
Thanks
nish47
ස්තූතියි සහෝ
IreshSampath
thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sanjeewa2010
Thnxxxxxxx
Denuthu
Thank you....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata ..
harris
Thnks bro sub ekata
yeshu
tnx
Kavishna
thnx bro..
dragonhero
thanks
pubba_samen
Thnx bn
hasitham
WEBRip.x264-[YTS.LT] sub file eka dendo
wajira
Thanks for sub
Sithumaaa
Blueray eka ewillaaa
Kantha_DLA
Blueray update plzzzzzz........
Udaya srikantha
Blueray update please
arawindasunimal
thanks update ekata jayawewa...............
Naveen Rangana
Thanks for Subtitle............
Jayawewa..........!!!!!!!!!!!!!!!!Dewadithya
Thanks for Sub!
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
subodha
Thanks
chanuka_rox
Me subtitles eka bohoma sthuthi
Ravindu Rukshan
thx
Tpmax
Thanks bro.........
Hiran Eranda
thanks for the sub
Asitha.pramoth
ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
D.Chamara
BR eka enakam balagena gena hiya bohoma sthuthi jaya ..
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Bluray update එක දෙනකම් හිටියේ....i87o87l978
pissuda?
Sajithlakshan
thanks ..........................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks aiye