එවරස්ට් කිව්වම කව්ද නොදන්නෙ? එවරස්ට් චීන භාෂාවෙන් ගත්තොත් Zhumulangma. ලෝකෙ උසම කන්ද මේක තමා. වර්ථමාන ගණනය කිරීම්වලට අනුව උස මීටර 8848ක් වෙනවා. අද අරගෙන ආපු සිනමාපටයේ කතාවත් එවරස්ට් එක්ක බැඳිච්ච එකක්. The Climbers එහෙමත් නැත්තන් කඳු නගින්නො. Everest (2015) ආපු ෆිල්ම් එකට සමාන කතාවක් යන මේ ෆිල්ම් එක…

එවරස්ට් කිව්වම කව්ද නොදන්නෙ? එවරස්ට් චීන භාෂාවෙන් ගත්තොත් Zhumulangma. ලෝකෙ උසම කන්ද මේක තමා. වර්ථමාන ගණනය කිරීම්වලට අනුව උස මීටර 8848ක් වෙනවා. අද අරගෙන ආපු සිනමාපටයේ කතාවත් එවරස්ට් එක්ක බැඳිච්ච එකක්. The Climbers එහෙමත් නැත්තන් කඳු නගින්නො. Everest (2015) ආපු ෆිල්ම් එකට සමාන කතාවක් යන මේ ෆිල්ම් එක චීනේ 1960දී ප්‍රථම වරට උතුරෙන් එවරස්ට් තරණය කරපු එක ගැන කියවෙන කතාවක් යන්නෙ. සත්‍ය සිදූවීමක් මත පදනම් වෙච්ච කතාවක් කියලා කියන්න පුළුවන්. දැන් කතාව පැත්තට හැරෙමු. කතාව කෙටියෙන් කියන්නම්.
Three Steps of Everest
North Col of Everest
1960දී චීනය මුල්වරට උතුරෙන් එවරස්ට් කන්ද තරණය කරන්න යනවා. ඒක සාර්ථකව නිමකරත් පොටෝ ගහන්න අරන් ගිය කැමරාව දාලා එන්න වෙනවා කෙනෙක්ගෙ ජීවිතයක් බේරගන්න ඕණ හින්දා. ඉතින් ලෝකෙට කිව්වත් අපි උඩට නැග්ගා කියලා ඡායාරූප සාක්ෂි නැති හින්දා පිළිගන්නෙ නෑ. ඊටපස්සෙ චීන්නු ලේසියෙන් අතඅරින ජාතියක් නෙමේනෙ. ඒ හින්දා ආයෙ ආයෙ මේ කට්ටිය මුදුනට යන්න උත්සාහ කරනවා. හැබැයි මුල්වරට නැග්ග අයගෙන් එක්කෙනෙක් විතරයි දෙවනි පාර උඩට යන්නෙ. කොහොමින් කොහොමහරි අවුරුදු 15ක් ගෙවිලා යනවා. 1975දී මේ කට්ටියට එවරස්ට් තරණය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ ගමනෙදි ජීවිත කීපයකුත් නැතිවෙනවා. මාරාන්තික අභියෝගවලට මුහුණ දෙද්දි ජීවිත අවදානමක් ගන්න වෙනවානෙ. කතාවෙ සාරාංශය ඔන්න කිව්වා. මං වැඩිය ලොකුවට මුකුත් කියන්න යන්නෙ නෑ. එතකොට ඉතින් බලන්න දෙයක් නෑනෙ. ඔය අතර මුහුණ දෙන අභියෝග මුකුත් කිව්වෙ නෑ ඒවා ෆිල්ම් එක අරගෙනම බැලුවනම් හරි.
දැන් අපි කතාව නිෂ්පාදනය වෙච්ච හැටි ගැන පොඩ්ඩක් බලමු. 2019 වර්ෂයේ නිකුත් කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Dragon Blade (2015), Time Raiders (2016) වැනි විශිෂ්ට සිනමාපට නිර්මාණය කරපු Daniel Lee විසිනුයි. ඊට අමතරව ඇමරිකන් ඩොලර් මිලියන් 154ක ආදායමකුත් ලබලා තියනවා. 2019 සිනමාපටයක් උනත් කතාව 1960 – 1975 අතර වෙච්ච කතාවක් හින්දා ඒ කාලෙට ගැලපෙන්න කතාව නිර්මාණය කරල තියන දෙයත් විශේෂත්වයක්. ඊට අමතරව සුප්‍රසිද්ධ නළු Jackie Chan මේ චිත්‍රපටයේ විශේෂ රංගනයකට දායක වෙලා තියනවා. ඒ 2019 කොටසකට. Shanghai Film Group ඔස්සේ බෙදාහරින ලද මේ චිත්‍රපටයට Wolf Warrior (2015), Wolf Warrior 2 (2017), The Wandering Earth (2019) වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක උන Wu Jing සහ Choenyi Tsering, Hu Ge වැනි නළු නිලියන්ද රංගනයෙන් දායක වෙලා තියනවා.
෴ බුදු සරණයි! ෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
4,716 downloadsDownload The.Climbers.2019.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
28 comments
Hashan M. Priyadarshana
rockz2020
බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
Prabodha20
Godak sthuthi sahooo ..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!arawindasunimal
thanks sub ekata (C R Jayalath) jayawewa...........
manul
sub ekata thankyouu dunnata
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Suranjan
Thanks jayawewa......!
Dewadithya
Thanks for sub!
indika75
thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
Malaka prasad
ගොඩක් ස්තූතියි කරන්නා වූ සේවයට..... ❤✌️
Samith Vithanage
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathuranga
ela bro thanks
D.Chamara
bohoma sthuthi
Danuka0522
Subata thanks
priyan99
Thanks bro sub ekata
Anonymous
thx
gmpgmp
THE UNTAMED 2019 DRAMA EKE SUB TIKA DENNAKO
thanks mchan
Rumesh Asanka
thank you
Anonymous
Thanks machan
MAALNATH
Thanks .................good luck ..................
akihsed
thx..
Supun_no
Thanks
නිමල් දිසානායක
හිරි වට්ටන ඇඟම සීතල ෆිලුමකට
සිංහල සිරැසි සපයාලා ගැලපෙන්ට
කැන්දන් යන අපත් එවරස්ට් මුඳුනතට
ස්තුතියි 'ජයේ' ඔබ කළ මෙහෙවරට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
ජය වේවා.!