මේ අවුරුද්දෙත් හොල්මන් චිත්‍රපට වලින් නම් අඩුවක් වුණේ නැහැ. ඉතිනේ මේ අරගෙන එන්න හදන්නෙත් ඒ වගේ තවත් ගුණාත්මක මට්ටමක තියෙන, horror කැටගරිය මුල් කරගෙන නිර්මාණය වුනු චිත්‍රපටයක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඔයාලා බලාගන්න ලැස්ති වෙලා ඉන්න සාමාන්‍ය කතාවක් නම් මේකෙන් බලාගන්න වෙන්නේ නැහැ. එහෙම අදහසක් තියෙනව…

මේ අවුරුද්දෙත් හොල්මන් චිත්‍රපට වලින් නම් අඩුවක් වුණේ නැහැ. ඉතිනේ මේ අරගෙන එන්න හදන්නෙත් ඒ වගේ තවත් ගුණාත්මක මට්ටමක තියෙන, horror කැටගරිය මුල් කරගෙන නිර්මාණය වුනු චිත්‍රපටයක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඔයාලා බලාගන්න ලැස්ති වෙලා ඉන්න සාමාන්‍ය කතාවක් නම් මේකෙන් බලාගන්න වෙන්නේ නැහැ. එහෙම අදහසක් තියෙනවනම් දැම්මම අදහස අත්හැරගන්න. මොකද එහෙම දෙයක් වෙන්නේ නැහැ. අනික් කාරණේ තමයි මේකේ පිටපතක් නිකුත් වුණේ ගියේ සතියේ. ඒත් ඉතින් සතියක් කාලයක් විතර ගත වුණා මේ ටිකේ ඉවරයක් නැතිව වහින වැස්ස නිසායි, කරමින් හිටිය උපසිරැසි ටික ඉවරයක් කරලා ඒවා මුලින් ලබාදෙන්න ඕන වුන නිසා.
මමම අරගෙන ආව The Exorcist ටෙලිකාතාමාලව මතක ඇති. හරි හරි දැන් ඉතින් මේකේ දෙවැනි කතාසමය විකාශය වෙනවා කියලා ඒක ඉල්ලන්න නම් එපා මොකද ඇදගෙන කතා දෙකත් හරිම අමාරුවෙන් කරන්න ඕන නිසා කරගෙන යනවා මිසක් හිතේ ලොකු ආසාවකින් කරගෙන යනවා නෙවෙයි. මතකයි නේද ඒකෙ ඩීමන්ලා මිනිසුන්ව ධාරකයෝ කරගන්න හැටි? විශේෂයෙන්ම වයසින් අඩු ගෑනු ළමයින්ව? අන්න ඒ කතාවලට සමාන විදිහේ කතාවක් මේකේ ගලාගෙන යන්නේ. ඒ කියන්නේ ඩීමන්ලගේ ආවේශ වීම් වගේම යාතුකර්ම සිද්ද කිරීම් සම්බන්ධවයි.
චිත්‍රපටය තුල අනතර්ගත වෙන දේ ගැන කියනවනම්, ඇඩේලීනා කියලා දේවස්ථානයක සහෝදරියක් මිය යනවා යාතුකර්මයක් අතරතුරේදී. ඇයගේ මිය යාමත් එක්ක මේ යාතුකර්මය කරපු ඩුමිතෘ පියතුමන් වගේම එයාට සහය දක්වපු මෙහෙණින්ලා හතරදෙනෙක්ව සිරගත කරනවා. ඉතින් මේ සිද්දිය ගැන හොයන්න පුවත්පත් ලේඛිකාවක් ඉදිරිපත් වෙනවා. නිකෝල් රොව්ලින්ස් කියලා. නිකෝල් ගැන සරලවම කියනවනම් එයා දෙවියන් වහන්සේව කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. යටගිය සිද්දීන් කිහිපයක් නිසාවෙන්. ඒ නිසාම එයා මුලදී විශ්වාස කරන්නෙම ඩුමිතෘ පියතුමන් කියන්නේ පිස්සෙක් කියලා. හැබැයි නිකෝල්ට ඩුමිතෘ පියතුමන් එක්ක හිරේදී කතාකරන්න ලැබුණු අවස්ථාවේදී එයා කියන්නේ ගෝ(ර්)මික් කියන බිෂොප් මේ යාතුකර්මය අතරතුර ඇවිත් බාධා කරපු නිසා තමයි ඇඩේලීනා සහෝදරිය මිය ගියේ කියලා. නිකෝල් මේ ගැන හොයාගෙන තවත් ගැඹුරටම යනවා. එහෙදි තමයි දොස්තරලාගෙන් පටන් ගත්තම වෙනින් මෙහෙණින්ලා, ඇන්ටන් කියලා පියතුමෙක් වගේම ගෝ(ර්)මික් කියන බිෂොප්ගෙන් මේ හැමොගෙන්ම එකිනෙකට වෙනස් විස්තර තමයි දැනගන්න ලැබෙන්නේ. නිකෝල් මේ දේවල් ගැන ගැඹුරටම අධ්‍යනය කරන්න යත්ම එයත් මේ අදුරු බලවේගවල කොටස්කාරියක් බවට පත්වෙනවා ඇයට නොදැනීම. දෙවියන් වහන්සේ ගැන පොඩි විශ්වාසයක්වත් නොතිබුණු නිකෝල්ට මේ දේවල් වලට මුහුණ දෙන්න සැහෙන්න අමාරු වෙනවා. ඒ නිසාම එයා මේක අතහැරලා දාලා යන්නත් හදනවා. එතකොට අන්තිමේදී තමයි දැනගන්නේ මේ හැමදේම පටන් ගත්තේ ටනෑකුවල ගොවිපලක් කරගෙන යන අමනාර් කියන පවුලට ගේබ්‍රියල් නම් පියතුමෙක් කල යාතුකර්මයදී කියලා. ඉතින් දෙවියන් වහන්සේ ගැනවත් විශ්වාස නැති නිකෝල්ට මුහුණදෙන්න වෙන කරදර වලට කොහොමද මුහුණ දෙන්නේ වගේම අන්තිමට හැම ඇත්තක්ම හොයාගන්නේ කොහොමද කියලා පැයකුත් විනාඩි 29 කුත් පුරාවටම කිසිම කම්මැලි කමක් නැතුව බලා ඉන්න පුලුවන් කමක් ලැබෙනවා. මොකද මේකේ හැම පැටලුමක්ම ලෙහෙන්නේ අවසාන හරියට ලං වෙද්දී. මේකේ සදහන් වෙන ඇතැම් වචන තියෙනවා සමහර තැන්වල සිංහලෙන් කියන්න බැරි, ඒත් ඒ වචනම ඉංග්‍රීසියෙන් නොකියා සිංහලෙන් කියන්න වෙන. ඒකට හොදම උදාහරණය තමයි ඩීමන් කියන්නේ. මොකද හැම තැනම යක්ෂයා කියලා කියන එක එච්චර සුදුසු නැහැ. එහෙම කලේ බලන කෙනාට රසයක් එන්න මිසක් වෙන අරමුණකින් නම් නෙවෙයි.
මේ චිත්‍රපටය ඔයාලා සැහෙන්න දෙනෙක් ආසාවෙන් බලපු Hitman (2007), The Divide (2011) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Xavier Gens තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. එතකොට හොරර් කැටගරිය කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන The Conjuring (2013), The Conjuring (2016) හා San Andreas (2015) වගේ සුපිරි නිර්මාණය කිරීමට දායක වූ Chad Hayes වගේම Carey W. Hayes නම් ඇමරිකානු තිරපිටපත් රචකයෝ දෙන්නා තමයි අද ගෙනාපු චිත්‍රපටයේ පවා තිරපිටපත් පවා ලියලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන අය ගත්තොත් Kingsman: The Secret Service (2014) චිත්‍රපටය වගේම මෑතකදී තිරගත වීම ආරම්භ කල Kingsman: The Golden Circle (2017) යන චිත්‍රපට ද්ව්ත්වයෙහි අප අතරට ආව “රොක්සිව” මතක ඇති කියලා විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි The Huntsman: Winter’s War (2016) චිත්‍රපටයේ පවා රංගනයෙන් දායක වූ Sophie Cookson ව මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන “නිකෝල් රොවිල්න්ස් ‘ගේ චරිතයෙක් දකගෙන්න ලැබෙනවා. මිට අමතරව Corneliu Ulici, Brittany Ashworth, Matthew Zajac මේ අයවත් දැකගන්න ලැබෙනවා. IMDb දර්ශකයේ මේ වෙද්දී 5/10 ක් වැනි මාධ්‍ය අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් පැයකුත් විනාඩි තිහක් පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Horror, Mystery, Thriller කියන කැටගරි වලට අයත් වීමක් වෙනවා. ඉතින් හොරර් චිත්‍රපටි රසිකයෙක් නම් මේක අරගෙන බැලුවට පාඩුවක් වෙන්නේ නැහැ කියලා හිතේවි මුලින් පුර්ව ප්‍රචාරක පටයත් නරඹලා හිටියා නම්.
එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL සහ HD පිටපත් සඳහා ගැලපේ.
6,185 downloadsDownload The-Crucifixion-2017.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
26 comments
Gathsara Umesh Kumara
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි සහෝ,
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........sandaru hasith
baiscopdownload wada nane wena download karnda vidiyak tiyeds
Chämàrá Sâmpáth
ඔව්. ඒ සයිට් එකෙ අලුත්වැඩියා කිහිපයක් සිද්දවෙනවා. ඔය දීලා තියෙන උපසිරැසියෙ නම කොපි කරලා ගූගල්වල සෙවුමක් කරන තැන පේස්ට් කරලා බලන්න. ඕන තරම් පිටපත් හොයාගන්න පුලුවන්. එහෙම නැත්තම් torrentz2(ඩොට්)eu වලට ගිහින් කෙලින්ම සර්ච් කරන්න.
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.... ජය!
Ara
Thanks Kolla. Trailer eka check karalai baanna hithune....Ela ovie eka wage...IMDB rate ekath shape..
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan.........jayawewa........!
asitha
elama saho thanks
malitha sajith
meka truestoryekak nisa base story eka hoyala danna puluwannam hondai
Amila Mudalige
Sub ekta Thanks
muditha gayan
Thankzzzzzzzz
WDL සඳරුවන් ....
Tnkz brother..
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Kingdomd
Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Supun Srimal
Thnq brthr
Anonymous
Patta Machan...Thanks Sub Ekata
Chandima Herath
Subtitle downlod kaanna ba 404 error
විමා
ෆික්ස් කරන්නම් සහෝ, පොඩි කාලයක් දෙන්න අපට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Bhooom sthuthiui ayyee..
Me mkd ayye BAISCOPEDOWNLOAD wdkrnththe..dn ek ndda....