ඔන්න ඉතින් ටිකක් නිවාඩු ලැබිච්ච නිසා තවත් සලරුවකට උපසිරැසියක් අරන් එන්න හිතුනා. හැමදාම එකම විදියෙ කතා බලන්න අකමැති අයට ටිකක් වෙනස් කතාවක් තමයි මේ පාර අරන් එන්නෙ. මේ කතාව ඇත්තම කතාවක්.. ඇත්තටම ඉදපු චරිත පදනම් කරන් තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ කතාව යන්නෙ ලෝකයේ ඉඳපු උසම මිනිසෙක්ගෙ ජීවිත කතා…

ඔන්න ඉතින් ටිකක් නිවාඩු ලැබිච්ච නිසා තවත් සලරුවකට උපසිරැසියක් අරන් එන්න හිතුනා. හැමදාම එකම විදියෙ කතා බලන්න අකමැති අයට ටිකක් වෙනස් කතාවක් තමයි මේ පාර අරන් එන්නෙ. මේ කතාව ඇත්තම කතාවක්.. ඇත්තටම ඉදපු චරිත පදනම් කරන් තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ කතාව යන්නෙ ලෝකයේ ඉඳපු උසම මිනිසෙක්ගෙ ජීවිත කතාව වටා.

Miguel Joaquin de Eleicegui- (10 July 1818- 20 November 1861)
දැනට නම් ලොව උසම මිනිසා කියලා ගැනෙන්නෙ 272cm උස ඇමරිකානු ජාතික Robert Waldlow කියලා කෙනෙක්. ඒ වුනත් මේ කතාවට පදනම් වෙච්ච Miguel Joaquin de Eleicegui කියන කෙනාගෙ උස 233.5cm ක අගයක් තමයි. (ඒ කියන්නෙ අඩි 7යි අඟල් 8ක් ) මේ සලරුව නිර්මාණය වුනේ Aitor Arregi සහ Jon Garno කියන දෙදෙනාගේ ද්විත්ව අධ්‍යක්ෂණයෙන් . 2017 වසරේ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 55ක් පුරා දිව යනවා. IMDb අගය 6.9 ක්ද Rotten Tomaoes අගය 71% ක්ද ලෙස සටහන් වන මෙම චිත්‍රපටය 2017 වසරේ විශේෂ ජූරි සම්මානයෙන්ද පිදුම් ලබනවා.

මේ කතාව දිවෙන්නෙ අපිට හුරුපුරුදු භාෂාවකින් නම් නෙමෙයි. ස්පාඤ්ඤයත් ප්‍රංශයත් අතර සීමාවෙ තියෙන, Basque කියලා රටක තමයි මේ පුද්ගලයා ජීවත් වුනේ. ඒ නිසා ඒ රටේ Basque කියන භාෂාව යොදාගෙන තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ Basque කියන රටේ Altzo කියලා පොඩි ගමක පොඩි දුප්පත් ගොවි පවුලක තමයි මෙයා ඉපදෙන්නෙ. ඒ පවුලෙ මෙයාට අයියලා 3 දෙනෙකුත් මල්ලිලා තුන් දෙනෙකුත් ඉදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොඩි නංගිලා දෙන්නෙකුත් ඉඳලා. ඔක්කොම 9 දෙනාගෙන් හතරවෙනි දරුවා විදියට තමයි මේ අපේ චරිතය ඉපදිලා තියෙන්නෙ. මේ කෙනාට වයස අවුරුදු 10දි එයාගෙ අම්මා නැතිවෙනවා. මෙයා ගොඩක් සමීප එයාගෙ Martin කියලා අයියා කෙනෙක්ට තමයි. එයත් එක්ක තමයි මෙයා ගොඩාක්ම විනෝද වුනේ. මෙයා වයස 20 වෙනකන් සාමාන්‍ය කෙනෙක් වැඩෙන විදියට තමයි ලොකු වෙලා තියෙන්නෙ. ඒත් 20න් පස්සෙ මෙයාට දරුණු රෝගයක් හැදෙනවා ඉක්මනින් ශරීරය වර්ධනය වෙන. කෙටියෙන් කියනවනන් ඔය ටික තමයි එයාගෙ පවුල් පසුබිම .කතාව පැත්තට හැරෙමුකො එහෙනන්..

ඒ කාලෙ යුරෝපයේ ටිකක් යුධ කාලයක්. ඉතින් ඒ රටේ හමුදාවට මෙයාගෙ අර සමීපම අයියව අරන් යනවා . එයා යුද්දෙ ඉවරවෙලා එන්නෙ අතකුත් නැති කරගෙන. ඉතින් අච්චර ගොඩක් ඉන්න පවුලක් එක තාත්තා කෙනෙක්ට නඩත්තු කරන එකත් ලේසි වැඩක් නෙමෙයිනෙ. ඒ මදිවට පස්සෙ ගොවිපලට වැඩක්වත් කරගන්න අමාරු එයාගෙ ලොකු දරුවත් ආවාම ඒක දරුණුවටම යනවනෙ. ඉතින් ඔහොම යනකොට එයාලට ආදායමක් හොයාගන්න විදියක් හම්බවෙනවා. ඒ තමයි මේ අපේ අසාමාන්‍ය විදියට ලොකු වෙන “ජොවාකින්” කියන කොල්ලව පාවිච්චි කරලා. ඉතින් මෙයාලා කොහොම සල්ලි හොයයිද, මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා.

සලරුව කරන්න උදව් කරපු සිසිල ප්‍රසාද් සහෝදරයා ප්‍රමුඛ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මාගේ ස්තූතිය පුද කරනවා. ඉතින් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් වෙනස්ම ආකාරයේ සලරුවකින් හම්බවෙමු එහෙනන්… ජය වේවා හැමෝටම.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,252 downloadsDownload The-Giant-2017.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,252 downloadsDownload Subtitles34 KB

16 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  2. niwanthaka

    බොහොම ස්තූති

  3. Mayura

    මේ අපේ විමාගෙ බයෝපික් එකද?

    සබට තුති වේවා

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  6. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Dewadithya

    Thanks for Sub!

  8. ranga11112

    ස්තුතියි සහෝ‍……….
    සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
    තෙරැවන්සරණයි

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. SanjulaJeter

    thanks

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
    ජයෙන් ජය.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. AsithaDilruwan

    Ela saho thanks

  15. jagath55

    Thanks

  16. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.