බාරගත්ත චිත්‍රපටයක හිතපු නැති වෙලේක නිකුත් වුන වීඩියෝ පිටතක උපසිරැසියක් අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. හරිහමං කොපියක්වත් නැතිව එක සැරේම තමයි මේකෙ බ්ලුරේ පිටපතක් නිකුත් වුණේ. බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණු මේ වගේ චිත්‍රපටයක මේ තරම් ඉක්මණට හොද පිටපත් නිකුත් වෙච්ච එක ඒ හැටි පුදුමත් නෑ ඉතින්. මුලින්ම කිය…

බාරගත්ත චිත්‍රපටයක හිතපු නැති වෙලේක නිකුත් වුන වීඩියෝ පිටතක උපසිරැසියක් අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. හරිහමං කොපියක්වත් නැතිව එක සැරේම තමයි මේකෙ බ්ලුරේ පිටපතක් නිකුත් වුණේ. බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණු මේ වගේ චිත්‍රපටයක මේ තරම් ඉක්මණට හොද පිටපත් නිකුත් වෙච්ච එක ඒ හැටි පුදුමත් නෑ ඉතින්. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකෙ නම බැලු බැල්මට කවරෙන් නම් මනින්න යන්න එපා. මොකද “The Kitchen” කියලා තිබුනට මේක ගෑණු තුන්දෙනෙක් කෑම උයන පිහන කතාවක් නම් නෙවෙයි ඈ. එහෙම හිතන කෙනෙක් ඉන්නවනම් පහල තියෙන ට්‍රේලර් බට්න් එක ක්ලික් කරලා සිංහල උපසිරැසි ගැන්වු ට්‍රේලර් එක මුලින්ම බලලා හිටියා නම් හොදයි මේ ලිපිය කියවලා ඉවර උනාට පස්සේ.
ඔයා කොමික් ෆිල්ම් වලට විතරක් සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි නම් හොදාකාරවම දන්නවා ඇති කොමික් කිව්වම ලොකු පරාසයක් පුරාවටම මේක විහිදෙනවා කියලා. මං හෙල්බෝයි චරිතේ ගැන මංසලේ ලිපියක කිව්වා වගේ බොහෝ දෙනා කොමික් කිව්වම දන්නේ නිතරම මරාගන්න සුපිරි වීර ඩිසි හා මාවල් කොමික් චිත්‍රපට ගැන. හැබැයි මේ මං කියන ඒවා සුපිරි වීර වර්ගීකරණය ආවරණය නොවුනත් අමුතුම රසයකට මේ කොමික් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා බලන The Walking Dead කතාමාලාව නිර්මාණය වෙන්න පදනම් වුන Image Comics වගේ. Riverdale කතාමාලාව නිර්මාණය වෙන්න පදනම් වෙච්ච Archie Comics වගේ. තව නම් උදාහරණ දෙන්න යන්නේ නැහැ මොකද කියන්න ගියොත් දඩාර ලිස්ට් එකක් හැදෙනවා. මට කියන්න ඕන වුන කාරණාව තමයි මේවායේ තියෙන විවිධාංගීකරණය වෙච්ච අමුතුම රසවින්දනයයි. ඉතින් අද අරන් ආව චිත්‍රපටයත් මේ වගේම අමුතුම රසයක් තියෙන කොමික් චිත්‍රපටයක් කිව්වොත් පිළිගන්නවාද?
Vertigo Comics

1993 වසරේදී ප්‍රකාශනය ආරම්භ වෙච්ච DC Comics යටතේම මුද්‍රණය කෙරෙන තවත් කොමික් වර්ගයක් තමයි “Vertigo” කියන්නේ. වර්ටිගෝවල Karen Berger තමයි ප්‍රාරම්භක විදිහට සැලකෙන්නේ. ඕනම පොඩි ළමයෙක්ට කියවන්න පුලුවන් කොමික් වලින් වෙනස් විදිහට තමයි වර්ටිගෝ නිර්මාණය වෙන්නේ. නිතරම වගේ මේ කොමික් වලින් වුනත් ඉලක්ක කලේ වැඩිහිටි පරම්පරාවයි. මොකද කිව්වොත් මේ කොමික්වල වැඩිපුර ග්‍රැෆික් හෝ වැඩිහිටියන්ට ගැලපෙන විදිහට දේවල් ඇතුලත් වෙනවාමයි. ඒ කිව්වේ ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය, ලිංගිකතාව, නිරුවත පෙන්නීම වගේ හුගාක් දේවල් අන්තර්ගත වෙනවා. හරියට ඔය ගොල්ලෝ R-rated චිත්‍රපට, කතාමාලා වලින් දකින්න ලැබෙන විදිහේ දේවල් තමයි කොමික් කතා වලින් නිකුත් කලේ. මුල් කාලේ හොරර්, ෆැන්ටසි වගේ වර්ගීකරණ යටතේ තමයි නිකුත් කලේ. ඊටපස්සෙ අපරාධ, සමාජ විවරණ, විචාරාත්මක ප්‍රබන්ධ, ජීවීත කතා වගේ වර්ගීකරණ වලටත් ආරම්භයක් ගත්තේ. වර්ටිගෝ කොමික් යටතේ නිර්මාණය වෙච්ච බොහොමයක් උප-මුද්‍රණ වගේම වර්ගීකරණ තියෙනවා. ඒවා තමයි,
- Vertigo Visions
- Vertigo Voices
- Vertigo Vérité
- V2K
- Vertigo Pop!
- Vertigo X Vertigo Crime
ඔය විදිහට නිර්මාණය වුන කොමික් තුලින් පසුකාලීනව Vertigo Comics ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපට විදිහට Constantine (2005), A History of Violence (2005), V for Vendetta (2005), The Fountain (2006), Stardust (2007) හා The Losers (2010) සලකන්න පුලුවන්. ඒවගේම රුපවාහිනී කාතාමාලා විදිහට Constantine, iZombie, Lucifer, හා Preacher වගේ නිර්මාණත් වර්ටිගෝ කොමික් ඇසුරින් නිර්මාණය වෙලා තියෙනවා.
වර්ටිගෝ කොමික්වල අනාගතය
- වර්ටිගෝ කොමික් රසිකයන් ලොකු කණගාටුවකට පත්වෙන විදිහේ නිවේදනයක් DC Comics සමාගම විසින් 2019 ජුනි 22’වැනිදා කලා. ඒ DC Vertigo, DC Zoom ගා DC Ink වැනි මුද්‍රණ ඉදිරි වසර තුලදී නවතා දමා නැවත වර්ගීකරණයක් කරන්න හදනවා කියලා. මේ සම්බන්ධ සම්පුර්ණ විස්තරය මෙතැනින්.
- 2019 ජූලි 01’වැනිදා Netflix සමාගම නිවේදනය කලා වර්ටිගෝ කොමික් ඇසුරින් “Sandman” පදනම් වූ කතාමාලාවක් නිර්මාණය කරනවා කියලා. මේ සම්බන්ධ සම්පුර්ණ විස්තරය මෙතැනින්.
The Kitchen – Vertigo Comics
මීට වසර හතරකට කලින් වර්ටිගෝ කොමික් යටතේ නිර්මාණය වුන කොමික් පෙළක් තමයි “The Kitchen” කියන්නෙ. 2015 ජනවාරි මාසයේදී Shelly Bond සංස්කාරක විදිහටත්, Becky Cloonan විසින් සිතුවමට නැගීමත් එක්ක The Kitchen පළමු මුද්‍රණය නිකුත් වෙලා තියෙනවා. 1970 කාලයේ හෙල්ස් කිචන් වටා නිර්මාණය වුනු මේ අපූරු කතාවේ මේ වෙද්දී මුද්‍රණ අටක් දක්වා නිකුත් වෙලා තියෙනවා.

– 1970 තුලදී නිකුත් වූ මුල්ම “The Kitchen” කොමික් කලාපය –
The Kitchen Movie (2019)
2017 වසරේ නිකුත් වූ Sleepless නම් සිනමාපටයෙ චිත්‍රපට රචනයෙන් එක් වූ Andrea Berloff අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය 2019 අගෝස්තු 09’වැනිදා තමයි නිකුත් වෙන්නෙ. ප්‍රධාන චරිත සදහා Melissa McCarthy, Tiffany Haddish, හා Elisabeth Moss යන තිදෙනා රංගනයෙන් එක්ව තිබෙනවා. Action, Crime, Drama කියන වර්ගීකරණ යටතේ තමයි මේ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නෙ.
කොමික් ගැන කියද්දී සදහන් කලා වගේම 1970 කාලේ හෙල්ස්කිචන්වල හිටිය අයර්ලන්ත අපරාධකරුවන් තුන්දෙනෙක්ට දවසක්දා මේ අය කරපු මුදල් මංකොල්ලයක් වරදිනවා FBI එකේ මැදිහත් වීමක් නිසා. අත්අඩංගුවට පත්වෙන මේ අපරාධකරුවන් තුන්දෙනාට උසාවි නියෝගය මත වසර තුනක සිර දණ්ඩනය නියම වෙනවා. තමන්ගේ මහත්තුරු ටික හිරේ ගියාට පස්සෙ මේ තුන්දෙනාගේ බිරින්දෑවරුන්ට සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්දවෙනවා තවදුරටත් තමන්ට යැපෙන්න කෙනෙක් නැති නිසා. ගෙවල් කුලී ගෙවාගන්න බැහැ, හරියට කන්න බොන්න නැහැ, ඒ මදිවට එක් කෙනෙක්ට ළමයි දෙන්නෙක් ඉන්නවා. කොටින්ම මේ තුන්දෙනාට රස්සාවක් අරගන්නවත් බැරි තත්වයක් තියෙන්නෙ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකුත් එක්ක මේ අය හරිම අපූරු තීරණයක් ගන්නවා. ඒ මොකක්ද කියලා පැයකුත් විනාඩි 42 කුත් පුරාවට මේ චිත්‍රපටය නරඹලාම රසවිදින්න පුලුවන්කම තියෙද්දී මම කියන්න යන්නේ නැහැ ඒ මොකක්ද කියලා නම්.
එහෙනම් ඉතින් කැමති අයට නරඹලා රස විදින්න කියන ගමන් මම අදට සමුගන්නවා. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
8,446 downloadsDownload The-Kitchen-2019.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
40 comments
Kantha_DLA
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට :)
D.Chamara
bohoma sthuthi sahoo
Ravindu Rukshan
තැන්ක්ස්
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Download කරලා තිබ්බේ සබ් එක දෙනකම්...
ඉක්මනටම සබ් එක දීලා...Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ...
ranga11112
thanks bro
arawindasunimal
thanks sub ekata - jayawewa...............
gihan perera
පට්ට බං සහෝ.....ස්තුතියි මචෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....
wajira
Thanks for sub
Bandara76
Good letter about comic..very useful.Thanks Chamara,,,,
Suranjan
Thanks jayawewa.....!
Dewadithya
Thanks for Sub!
chinthaka_priyadrshana
Thank u very much
ridmal
Thanks bro....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
jagath55
Thanks
ruchiralakmal
Thanks for the sub!!!!!!!!!!
Sanjeewa2010
Pattaaaaaaaaaaaaa
Udara Damith Dissanayaka
elaaaaaaaaa..............................
harris
Thnks bro sub ekata
wnrodrigo
Good work friend, Thanks for sub.!
neelanethra
ස්තූතියි .
sameeradj77
tanq
chandika1975
thank you for the subtitle.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
raviz
Thank you....!
nish47
ස්තූතියි සහෝ
Pramukmili
Thanxx broooo.................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nithin
muchas grasias por subtitulo......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
MAALnath
Thanks ...............good luck ..............
kent parker
thanks
Farmchemie_Roshan
Sub ekata thanks bro.jaya wewa!!!
indika75
thanks..
Shaggie
Watchmen එකෙන් සෙට් උනේ..තව ටිකෙන් මිස් වෙනව..සබට බොහොම ස්තූතියි සහෝ
malithmadhushan45
චාමර අයියේ බොහොම ස්තුතියි සබ් එකට
රිශාන්ත
Thanx chamara bro
Sahan Gayantha
thanks a lot Chamara saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!