Watch Trailer

American History X (1998) | සාමය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ආපහු මේ පැත්තට එන්න ලැබීම ලොකු සතුටක්. පහුගිය දවස්වල ටිකක් කාර්ය බහුල වුණා. ඉතින් වැඩෙත් ටිකක් පස්සට ගියා. ඔන්න ඉතින් අන්තිමේදී ඔයාලාව හමුවෙන්න ආවා. වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන බලමු එහෙනම්. අද මං ඔයාලට ගේන්නේ පැරණි ඒත් විශිෂ්ට චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 8.6/10 ක ඉහළ අගයක් මේකට හි…

American-History-X-(1998)

ආයුබෝවන් යාළුවනේ! ආපහු මේ පැත්තට එන්න ලැබීම ලොකු සතුටක්. පහුගිය දවස්වල ටිකක් කාර්ය බහුල වුණා. ඉතින් වැඩෙත් ටිකක් පස්සට ගියා. ඔන්න ඉතින් අන්තිමේදී ඔයාලාව හමුවෙන්න ආවා. වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන බලමු එහෙනම්.

අද මං ඔයාලට ගේන්නේ පැරණි ඒත් විශිෂ්ට චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 8.6/10 ක ඉහළ අගයක් මේකට හිමිවෙනවා. ඒ අනුව එම දර්ශකයේ හොඳම චිත්‍රපටි 250 අතුරින් 31 වන ස්ථානය ලැබෙන්නේ මේ චිත්‍රපටයටයි. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ලෝකෙටම විසඳගන්නට දුෂ්කර වෙලා තියෙන බරපතල ගැටළුවක් වන ජාතිවාදය කියන කරුණයි. එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්වල සුදු-කළු බේදය පදනම් කරගත් කතාවක් තමයි මේකේ යන්නේ. එක්සත් ජනපදයේ කලු ජාතින්ගේ වහල්කම අවසන් වුණත් මේ දෙගොල්ලගේ බෙදීම නම් වෙලාවකට මතු වෙනවා. පේනවනේ මේ දවස්වල එක්සත් ජනපදයේ කළු ජාතික තරුණයන් කීප දෙනෙක්ව සුදු ජාතික පොලිස් නිළධාරින් අතින් ඝාතනයට ලක්වීමෙන් වෙලා තියෙන කලබගෑනිය. කොහොමහරි මේ චිත්‍රපටයෙන් ජාතිවාදයේ ඇති හිස් බව ගැන වැදගත් පාඩමක් උගන්වනවා. Crime drama වර්ගයේ චිත්‍රපටයක් වෙන AMERICAN HISTORY X අධ්‍යක්ෂණය කර ඇත්තේ Tony Kaye විසින්. රංගනයෙන් Edward Norton, Edward Furlong නළුවන් දෙදෙනා ප්‍රධාන වශයෙන් දායක වෙනවා. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා සඳහා Edward Norton මේ චිත්‍රපටයේ රංගනය නිසා නිර්දේශ වුණා.

කතාව යන්නේ මෙහෙමයි: ඩෙරක් (Edward Norton) හා ඔහුගේ මල්ලී ඩැනී (Edward Furlong) එක්සත් ජනපදයේ කළු ජාතින්ට විරුද්ධව දැඩිව මත දරන විප්ලවකාරි පුද්ගලයන් දෙදෙනෙක්. මේ දෙන්නාට එක්වුණ ඒ වගේම කළු ජාතින්ට විරුද්ධව මත දරන කල්ලියක් ඉන්නවා. සංවිධානාත්මකව රහසිගතව කළු ජාතීන්ට විරුද්ධව ප්‍රචණ්ඩකාරි ක්‍රියා දියත් කිරීමට නායකත්වය ගන්නේ ඩෙරක් විසින්. මේ කල්ලියම නිහඬව මෙහෙවන්නේ කැමරන් ඇලක්සැන්ඩර් නම් වර්ගවාදියෙක්. ඇලෙක්සැන්ඩර් තම කල්ලියේ සාර්ථකත්වයට ඉත්තා කරගන්නේ ඩෙරක්වයි. ලොස් ඇන්ජලිස්වල ඇති බාස්කට් බෝල් පිටියක සුදු කළු කල්ලි දෙපිරිසම ක්‍රීඩා කරනවා. දවසක් ක්‍රීඩා කරමින් ඉද්දී ඩෙරක්ගේ යාළුවෙක් වන සෙත් හා කළු ජාතික තරුණයෙක් අතර වූ ගැටුමක් නිසා ඩෙරක් කළු ජාතික තරුණයාට අභියෝග කරනවා සුදු-කළු බාස්කට් බෝල් තරඟයකට. හැබැයි තරඟයෙන් කළු ජාතින් පැරදුණොත් ඔවුන්ට යළි කිසිදාක මේ පිටියට ඒමට නොහැකි බවත් සුදු ජාතීන් පැරදුණොත් ඔවුන්ට ඒ ඉරණම අත්වන බවත් දෙපිරිස ගිවිස ගන්නවා. තරඟය සුදු ජාතීන් දිනන අතර කළු ජාතීන්ට ඒ මොහොතේදීම පිටිය අත්හැර යන්නට වෙනවා. මේකට පළිගැනීමක් ලෙස ගැටුම ඇතිකර ගත් කළු ජාතික තරුණයා මිතුරෙක් සමඟ දිනක් රාත්‍රියේ ඩෙරක්ගේ කාරය පැහැරගෙන යාමට හදනවා. එහිදී ඩෙරක් අතින් කළු ජාතීන් දෙදෙනාවම ඝාතනයට ලක් වෙනවා. ඩෙරක් වසර 3 කට සිරගෙයට යවනවා. ඩැනී ඩෙරක් ගිය පාරෙම දිගටම යනවා. දවසක් ඩැනීගේ පාසලේ ඉතිහාස ගුරුවරයා වන මරී මානව අයිතීන් වෙනුවෙන් කල අරගල අරගලවලට සම්බන්ධව පල වූ ඕනෑම පොතක් ඇසුරින් පැවරුමක් කිරීමට දෙනවා. ඩැනී විසින් යුදෙව් විරෝධියෙක් වූ ඇඩොල්ෆ් හිට්ලර් සම්බන්ධ වූ විප්ලවකාරී ලිපියක් ලියනවා. ඒ නිසා පාසලේ විදුහල්පති වන බොබ් ස්වීනි ඩැනීට කියනවා මින් පසු ඩැනීගේ ඉතිහාස ගුරුවරයා තමන් බව. ඒ අනුව මුල්ම පැවරුම විදියට ඩැනීගේ අයියා වන ඩෙරක් සිරගෙට ගිය සිද්ධිය පාදක කරගෙන ඒ මඟින් ඩැනීගේ වර්තමාන දර්ශනයට, තම පවුලට වුණ බලපෑම ආදිය ගෙන විග්‍රහයක් කර අවසන් නිගමනයක් දීම භාර කරනවා. ඒ පැවරුම පසු දින උදෑසන විදුහල්පතිට භාරදිය යුතු බවත් එසේ නොවුණොත් පාසලෙන් ඩැනීව ඉවත් කරන බවත් ස්වීනි අනතුරු අඟවනවා. මේ ඉතිහාස පංතිය සතියකට වරක් පවත්වන්නට ස්වීනි තීරණය කරන අතර ඒ පංතිය AMERICAN HISTORY X ලෙස නම් කරනවා. මේ සිද්ධිය වෙන්නේ ඩෙරක් සිරගෙයින් නිදහස් වන දිනයේදීමයි. නිදහස් වුණ ඩෙරක් එළියට එන්නේ මුළුමනින්ම වෙනස් පුද්ගලයෙක් විදියටයි. කලින් තිබුණ ප්‍රචණ්ඩකාරී, හිට්ලර් අනුගාමික අදහස් මුළුමනින්ම සේදී ගිය සාමකාමී කෙනෙක් විදියටයි ඩෙරක් එළියට එන්නේ. නිවසට පැමිණි ඩෙරක්ට පෙනෙනවා තම සහෝදරයා තමන් ගිය පාරෙම යන හැටි. ඩෙරක් ඔහුව එයින් ඉවත් කරන්නට උත්සාහ ගන්නවා. එදින රාත්‍රියේ ඩෙරක්ව පිළිගන්නට කැමරන් ප්‍රමුඛ කළු විරෝධි කල්ලිය උත්සවයක් පවත්වනවා. ඩෙරක් කැමරන්ට අනතුරු අඟවනවා තම සහෝදරයාව මේ ප්‍රචණ්ඩකාරී කල්ලියෙන් ඈත් කර තියන ලෙසට. නමුත් ඒක කැමරන් විසින් ප්‍රතික්ෂේප කරන නිසා ඩෙරක් කැමරන්ට පහර දෙනවා. මේක දැන ගැනීමෙන් කල්ලිය ඩෙරක්ට විරුද්ධ වන අතර ඩෙරක් ඩැනීවත් රැගෙන පැන යනවා. තදින් කෝපයට පත්වුණ ඩැනී ඩෙරක්ට කඩා පනින අතර ඩැනී තම සහෝදරයාව සංසුන් කරවනවා. ඩෙරක්ගේ වෙලා ඇති වෙනස ගැන ඩැනී පුදුම වෙනවා. ඩෙරක්ට මොකක්ද වුණේ කියලා ඩැනී අහනවා. ඉතින් ඩෙරක්ගේ සිරගෙදර කතාව තමයි ඉන් පස්සේ චිත්‍රපටයේ යන්නේ.

ඩැනී තම පැවරුමේ අවසන් වශයෙන් නිගමනයක් දක්වනවා. එහිදී එක්සත් ජනපදයේ කළු ජාතීන්ව වහල් සේවයෙන් නිදහස් කල ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන්ගේ පළමු සමාරම්භක ආමන්ත්‍රණයේදී කල කතාවේ කොටසක්ද පල කරනවා. එහෙනම් මේ චිත්‍රපටයත් ඔයාලාට බලන්නට ආරාධනා කරමින් මම සමු ගන්නම්. ඔබට ජයෙන් ජය!!!

 

American History X (1998) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

9be7a9ce0ee9405678c2bb1631688ff541caf181 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,869 downloadsDownload American-History-X-1998.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,869 downloadsDownload Subtitles315 B

39 comments

  1. llaf

    1 tnx

  2. Dega

    subata thanx brrip nathdooooo?????

  3. kan

    mama kamathi ganaye fillm akka aiya
    thanks

  4. kasun

    Thank u machan......Godak kal balagena hitiye meka dei kyla....thwath imdb top list ake honda films tiynwa....awat ekmnatama denna pluwan wei kyla hithanawa...

  5. නිරෝෂ්

    නියමයි මචං.ස්තුතියි ගොඩක්.එඩ්වඩ් නෝටන් ඉන්න පට්ට ෆිල්ම් එකක්.ජයවේවා !

  6. Kulanjana Maduranga

    niyama film ekak..subata thanks VIRAJ saho.Great work. keep it up.jaya wewa…………..

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. asiri

    patta pattaa

  9. sidath

    thanks

  10. දමිත්

    මේකෙ BRrip එකක් නැද්ද සහෝ..තිබ්බ නම් මරු.
    මොකද wide screen monitor වල dvd rip බලනවා කියන්නේ,....
    කොටුවෙන් ෆිල්ම් තුන හතරක් තියෙන dvd එකක් ගෙනත් බලනවා වගේ.

    මොනව උනත් ස්තුතියි සහෝ..මෙන්න බෑවා.
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
    ජයෙන් ජය

  11. NIMA

    ela ..............onna mamath bawa..

  12. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි තෙලා...
    තෑන්ක්ස් වේවා...
    ඉදිරියටම යමු..
    ජය වේවා...!!!

  15. “චූටී මල්ලි”

    එල මචන්
    නියම එකක් වගෙ
    සබට තුති
    ඔබට ජය...........

  16. D CRAIZY

    thnx...:)

  17. wiki

    Thanks

  18. samee

    Thank you so much for your sub..........

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  20. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර සුපිරි එකක් නොබල කොහොමද. හැමෝටම බාගෙන බලන්න කියල මමත් කියනවා. ජය෴෴ :P :P

  21. prabhath

    thanks niayamai

  22. Naween

    මේක ගැන කලින් අහල තියේ..බලන්නම ඕන කතාවත්.උපසිරැසියට බොහොම ස්තූතියි.ඔබට ජයෙන් ජය…!

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. ශාක්‍ය

    බොහොම ස්තූතියි විරාජ් උපසිරැසියට. . හැමෝටම බාගෙන බලන්න .නියම ෆිල්ම් එකක්

  25. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  26. DilshanAbeykoon

    Thank you.... well done
    Keep it up

    1. Sasindu chamod

      Edward Norton innavanamithin nobala kohomada? IMDB list eka athule thiyenavanam katha ona nane. Mevani vatina usas nirmanayakata upasirasi labadunnata Viraj saho!

  27. Indika Ranaweerage

    ස්තූතියි උපසිරැසට.

  28. Lakshansilva18

    Plzz bluray update karannako bro

  29. ricadodamien

    Thank U Viraj Brother & baiscope team for the sub, all the best to baiscope team...........

  30. Tharindu Athukorala

    බැලීමට වටිනවා

  31. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  32. sathyajith

    thanks for the sub

  33. Bruce

    thans sub ekat,a. jayawewaa,.

  34. Waruna Kamalawansha

    නියමයි.... බොහෝම ස්තූති

  35. Shaggy

    බොහොම ස්තූතියි

  36. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි❤️❤️

    1. thilina

      movie eka ganna link ekak nadda bn

  37. thilina

    meke torrent link wada nane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.