Watch Trailer

The Whale (2022) Sinhala Subtitles | තල්මහ [සිංහල උපසිරැසි]

2023 වර්ෂයේ ඔස්කාර් සම්මාන දෙකක් එනම්, හොඳම වේශ නිරූපනය, හොඳම කොණ්ඩය සැකසීම සඳහා වන ඔස්කාර් සම්මානය සහ ප්‍රධාන චරිතය සඳහා වන හොඳම රංගනය වෙනුවෙන් වන ඔස්කාර් සම්මානය දිනාගත්ත The Whale චිත්‍රපටියට තමයි මේ පාර උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවේ. මෙම චිත්‍රපටිය සම්මාන සඳහා 112 වතාවක් නාම යෝජනා ලබාගෙන තියෙනවා…

2023 වර්ෂයේ ඔස්කාර් සම්මාන දෙකක් එනම්, හොඳම වේශ නිරූපනය, හොඳම කොණ්ඩය සැකසීම සඳහා වන ඔස්කාර් සම්මානය සහ ප්‍රධාන චරිතය සඳහා වන හොඳම රංගනය වෙනුවෙන් වන ඔස්කාර් සම්මානය දිනාගත්ත The Whale චිත්‍රපටියට තමයි මේ පාර උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවේ. මෙම චිත්‍රපටිය සම්මාන සඳහා 112 වතාවක් නාම යෝජනා ලබාගෙන තියෙනවා වගේම එයින් මෙම ඔස්කාර් සම්මාන දෙක ඇතුළුව සම්මාන 42ක් ලබා ගන්නත් මෙම චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ඒ වගේම IMDb අගය 7.8/10 ක් වැනි ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය 65%ක කුණු තක්කාලි අගයකුත් 95%ක ප්‍රේක්ෂක ලකුණුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

Darren Aronofsky විසින් අධ්‍යක්ෂණය කළ මෙම The Whale චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන චාර්ලි ගෙ චරිතයට පන පොවන්නෙ සුපිරි නළු Brendan Fraser විසිනුයි. ඒ වගේම සෙසු චරිත සඳහා Sadie Sink, Ty Simpkins, Hong Chau, Samantha Morton වැනි නළු නිළියන් තම රංගනයෙන් දායක වෙනවා. මනෝවිද්‍යාත්මක නාට්‍යය ගණයට අයත් වෙන මෙම චිත්‍රපටිය පැයකුත් විනාඩි 57ක් පුරා දිව යනවා. 2022.12.21දින ලොව පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වීම ඇරඹූ මෙය මේ වන විට ඩොලර් මිලියන 16.3 ක ආදායම් වාර්තාවක් තබන්නත් සමත් වෙලා තියෙනවා.

Brendan Fraser චාර්ලි විදිහට හැඩ ගන්වන අවස්ථාවක්

 

Brendan Fraser විසින් The Whale චිත්‍රපටියේ Best Performance by an Actor in a Leading Role සඳහා වන ඔස්කාර් සම්මානය ලබා ගත් මොහොත

ඉතිං ඉහත රූප බැලුවම ඔයාලට පේනවා ඇතිනේ ‍මෙම චිත්‍රපටියේ වේශ නිරූපනය සහ කොණ්ඩය සැකසීම කොච්චර ඉහළ මට්ටමක තියෙනවද කියලා. ඒ වගේම Brendan Fraser ගෙ රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

කතාව පැත්තට හැරුනොත් චාර්ලි කියන්නෙ අධික තරබාරුකමින් පෙළෙන පුද්ගලයෙක්. තරබාරුකම කොච්චරද කිව්වොත් ආධාරකයක් නැතුව නැගිටින්නවත් ඇවිදින්නවත් ඔහුට බැහැ. ඔහු රැකියාව විදිහට කරන්නේ විද්‍යාල සිසුන්ට රචනා ලියන හැටි ගැන මාර්ගගත විදිහට (Online) කියලා දෙන එක. රචනා ලිවීම සම්බන්ධයෙන් චාලි විශිෂ්ටයෙක් කිව්වොත් නිවැරදියි. හැබැයි චාර්ලි කවදාවත් තම සිසු සිසුවියන්ට තමන්ගෙ මූණ පෙන්නන්නෙ නෑ. චාර්ලි ගෙ උදව්වට චාර්ලිත් එක්ක නතර වෙලා ලිස් නමින් කාන්තාවක් ඉන්නවා. ඇය රෝහලක සේවය කරන හෙදියක්. චාර්ලි කසාද බැඳපු කෙනෙක්. හැබැයි පවුලවයි ළමයවයි අතඅරිනවා එක්තරා විශේෂ කෙනෙක් නිසා. චාර්ලි තමන්ගෙ ළමයා වන එලීව අන්තිමට දකින්නෙ එලීට වයස අවුරුදු අටේදි. ඉතිං එක දවසක් චාර්ලි ට පපුවෙ අමාරුවක් හැදෙනවා. මේ වෙලාවෙ කවුද කෙනෙක් චාර්ලිගෙ දොරට තට්ටු කරනවා.

ඉතිං කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ..චාර්ලි ට පපුවෙ අමාරුව හැදුන වෙලාවේ කවුද දොරට තට්ටු කරන්‍නෙ? චාර්ලි තමන්ගෙ ළමයවයි බිරිඳවයි අත අරින්නෙ කවුරු වෙනුවෙන් ද? ඇයි එයා විශේෂ වෙන්නෙ? චාර්ලි කොහොමද මෙච්චර තරබාරු උනේ? චාර්ලි ගෙ ළමයට මොකද උනේ? චාර්ලි සහ ලිස් අතර තියෙන සම්බන්ධය මොකද්ද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

3,736 downloadsDownload The.Whale_.2022.zip106 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

3,736 downloadsDownload Subtitles106 KB

22 comments

  1. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  2. Naveen Mbr

    බොහොම ස්තූතියි සහෝදරයා!

  3. විමා

    උපසිරසියට ගොඩක් ස්තුතියි.
    ඉස්සර නම් ඔස්කා නොමිනේෂන් ටික ප්‍රකාශ කරපු ගමන් බයිස්කෝප් එකෙන් ඒ ෆිල්ම් වලට උපසිරසි දෙනවා. දැන් ඒක සැහෙන අඩුවෙලා. හැමෝම යන්නේ ජනප්‍රිය සිනමාව පසුපස. :(
    ප්‍රේක්ෂකයින් වගේම උපසිරසිකරුවනුත් එහෙමයි.
    සයිට් එකේ ඉපැරණි පුරකක් විසින්ම මේක දුන්නු එක වටිනවා.

    1. Kasun

      ගොඩක් ස්තූතියි මේ විදියට ඔස්කාර් සම්මාන දිනපු ෆිලුම් වල සබ් දෙනවට ගිය අවුරුද්දෙත් මන් හිතපු ඒවට සබ් දාල තිබ්බා මේකත් බයිස්කොප් එකෙන් දෙයි කියල හිතුව.දිගටම මේ වගෙ දාන්න....

  4. අචින්ත

    කාලෙකින් නෙ. බොහෝම ස්තූතියි කිව්ව සබ් එකට.
    මේක දුන්න නම් වටිනවා.

  5. Subhash

    විමා කිව්ව වගේ මේ වගේ මේ වගේ අඩු පිරිසක් නරඹන විශිෂ්ට සිනමාපට වලට සබ් දෙන එක නම් ලොකු දෙයක් මචන් ❤️

  6. නිරෝෂ්

    ස්තුතියි දිනිඳු සහෝ.ජයවේවා!

  7. නිරෝෂ්

    ස්තුතියි දිනිඳු සහෝ.ජයවේවා!

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. lakmal

    thanks bro
    keep up good work

  10. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  11. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සම්පත් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  13. Bimsara Yashan(ඔලිව)

    මේ වගේ විශිෂ්ට නිර්මාණයකට උපසිරැසි ගෙනාවාට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  14. Lakshan Gunathilake

    Carnival row ithuru tika dennako

  15. Tharuka

    Sub ekata thanks bro.. Jaya wewa

  16. Anonymous

    Thanks Brother

  17. Manu

    Godak sthuthi..jaya wewa!

  18. Hasa

    ගොඩක් ස්තූතියි
    සබ් එක දෙනකම් දවස ගානෙ check කරා සයිට් එකට ඇවිත් ❤️

  19. Dewadithya

    Thanks for Sub!

  20. Akila Dilhara

    Thanks Brother...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.