ඔන්න මේ පැත්තට ගොඩවුණා අළුත් චිත්‍රපටයක් අරගෙන. චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි එකක්. නම Kuttey… කුත්තේ සිනමාශාලාවලට මුදාහැරුණේ මේ ජනවාරි මාසේ. OTT අවකාශයට මුදා හැරුණේ නෙට්ෆ්ලික්ස් හරහා පහුගිය 16 වෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආස්මාන් භාර්ද්වාජ් විසින්. මේ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය ආස්මාන් කියන්…

ඔන්න මේ පැත්තට ගොඩවුණා අළුත් චිත්‍රපටයක් අරගෙන. චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි එකක්. නම Kuttey… කුත්තේ සිනමාශාලාවලට මුදාහැරුණේ මේ ජනවාරි මාසේ. OTT අවකාශයට මුදා හැරුණේ නෙට්ෆ්ලික්ස් හරහා පහුගිය 16 වෙනිදා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආස්මාන් භාර්ද්වාජ් විසින්. මේ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය ආස්මාන් කියන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක මෙන්ම සංගීත අධ්‍යක්ෂක කෙනක් වන විශාල් භාර්ද්වාජ්ගේ පුත්‍ර රත්නය. මක්බූල්, හේදර්, ඕම්කාරා, රැංගුන්, සාත් කූන් මාෆ් වැනි චිත්‍රපට විශාල් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වේ.
කුත්තේ කියන්නේ හින්දියෙන් බල්ලා කියන අර්ථය. විශාල් විසින් 2009දී කමීනේ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. කමීනේ කියන්නේ කාලකණ්නියා වගේ තේරුමක් තියෙන වචනයක්. කමීනේ, කුත්තේ කියන වචන තවත් කෙනෙකුට පරිභව කිරීමේදී ළඟ ළඟ යොදාගන්නා වචන වේ.
අර්ජුන් කපූර්, තාබූ, නසෘදීන් ෂා, රාධිකා මදන්, කොන්කොනා සෙන් ෂර්මා, කුමුද් මිශ්‍රා වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මේක ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක් ලෙස වර්ග කරන්න පුළුවන්. බ්ලැක් කොමඩි කියන ශානරයටත් මේ චිත්‍රපටය වෙන් කරන්නත් පුළුවන්. විශාල් භාර්ද්වාජ්ගේ සිනමා කියැවීමට කැමති කෙනෙක්ට මේ චිත්‍රපටය ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන්.
විශාල් විසින් මෙහි සංගීතය නිපදවා ඇති අතර චිත්‍රපටය නිෂ්පාදනයට මෙන්ම කතාව සඳහා ඔහු දායක වී ඇත. ජනප්‍රිය අධ්‍යක්ෂක ලව් රන්ජන් ද මෙහි නිෂ්පාදනයට දායක වී ඇත.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මේක බල්ලන්ගේ කතාවක්, ඒ කිව්වේ බලු ගති තියෙන මිනිස්සුන්ගේ කතාවක්. එකිනෙකා ගැන විශ්වාස තැබිය නොහැකි මිනිසුන්ගේ කතාවක්. වැසිබර රාත්‍රියක සිදුවන මංකොල්ලයකට සහභාගී වන මිනිසුන් කිහිප දෙනෙකුගේ කතාවක්.. ඔවුන් එයට සම්බන්ධ වන්නේ කෙසේද, අවසන් ඉරණම විසඳෙන්නේ කෙසේ ද කියා බැලීමට චිත්‍රපටය නැරඹීමට සිදුවනවා.
එහෙනම් මේක නරඹන්න කියා ඉල්ලන ගමන් ගිහින් ආයේ සබක් එක්කම එන්නම්.
හම්හේ රාහී ප්‍යාර් කේ, ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති SRT උපසිරසි HQ HD පිටපත් සඳහා ගැළපේ.
9,286 downloadsDownload Kuttey-2023.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #Arjun Kapoor
- #Editor's Pick
- #Konkona Sen Sharma
- #Kuttey (2023) sinhala sub
- #Kuttey (2023) sinhala subtitles
- #Kuttey sinhala sub
- #Kuttey sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Naseeruddin Shah
- #Offbeat
- #Radhika Madan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Tabu
- #උපසිරැසි
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
24 comments
Buddhika laKMal
Naveen Mbr
බොහොම ස්තූතියි සහෝ!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
තැන්ක්ස් සිසියා
Anonymous
Patta
Kushan
Sub akta thanks
bunny
Thanks buddy
Anonymous
Elaz
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udaya Fdo
Thank you
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Anonymous
Srt sub deepu eka niyamai
Laka
ස්තුතියි සහෝ
Anonymous
Thnkz
රසික
මෙව්වනේ බන් ෆිල්ම් කියන්නේ
එල එල සහෝ සබටSahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
තෑම්ක්ස්
dulan
ස්තුතියි !
Anonymous
Thanks for sub
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Redrux
Thnkz bro
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Kuttey (2023) Sinhala subtitles | බල්ලන් වැනි මිනිසුන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Kuttey-2023-Cover-11384.jpg)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥