ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලු දෙනාට, ඔන්න ඉතින් බයිස්කෝප් ජීවිතයේ දෙවන කඩයිමට මමත් ළගා වුණා. අවුරුදු 4 ක් බයිස්කෝප් පවුලත් එක්ක සහයෝගයෙන් ගෙවාගෙන යන අතරතුර 100 වෙනි උපසිරැසියට පා තැබුවා. 50 වෙනි උපසිරැසිය කරද්දි, ඒ කියන්නේ මීට අවුරුදු 2 කට කලින් තිබුණ නිදහස අඩු වෙලා තනිකඩයා දෙන්නෙක් වෙලා ජීවිතය තරම…

ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලු දෙනාට, ඔන්න ඉතින් බයිස්කෝප් ජීවිතයේ දෙවන කඩයිමට මමත් ළගා වුණා. අවුරුදු 4 ක් බයිස්කෝප් පවුලත් එක්ක සහයෝගයෙන් ගෙවාගෙන යන අතරතුර 100 වෙනි උපසිරැසියට පා තැබුවා. 50 වෙනි උපසිරැසිය කරද්දි, ඒ කියන්නේ මීට අවුරුදු 2 කට කලින් තිබුණ නිදහස අඩු වෙලා තනිකඩයා දෙන්නෙක් වෙලා ජීවිතය තරමක් කාර්යය බහුල වෙලා නිදසහ අඩුවෙලා නිසා උපසිරැසියක් බාර ගත්තත් ඒක කරන්න කාලේ අඩු නිසා දෙන්න පරක්කු වෙනවා. කොහොම වුණත් 50 වෙනි තැන වෙනකොට හිටිය අපේ සහෝදර පිරිස ටිකක් ඈත් වෙලාදෝ කියලත් හිතෙනව. සිසිල සහෝදරයා, හසන්ත වික්‍රමරත්න, රොයිලි ප්‍රනාන්දු, චානක ඉදුනිල්, කවිෂල් රසින්ත, කවිනු වීරක්කොඩි, සසිත් සදරුවන්, යන අය උපසිරැසි වලින් ඈත් වෙලාද ඉස්සර ඒ තිබුණු බැඳීම ටිකක් අඩු වෙලා තියෙනව. මන් හිතන්නෙ ඒ හැම කෙනාගෙම ජීවිත දැන් කාර්යය බහුල වෙලා ඇති. ඒ වගේම හොද චිත්‍රපටයක් ආව ගමන් උපසිරැසිය දෙන අපේ M.T.R.තරිදු රුක්ෂාන් සොහොයුරාත් හිතන විදියට කාර්යය බහුල වෙලා. ඉතින් කොහොම වුණත් ඒ හැමෝම මතක් කරන ගමන් අපේ වර්ථමාන ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතිය පුද කරමින්, මගේ උපසිරැසියන්ට හොද හෝ නරක අදහස් දක්වන අපිව දිරිමත් කරන ඒ සොහොයුරන්ටත් ස්තූතිය පුද කරමින්, මගේ 100 වෙනි උපසිරැසිය විදියට මේ චිත්‍රපටය සතුටින් බාර දෙන්න කටයුතු කරපු නවීන් සොහොයුරාටත් ස්තූතිය පුද කරනවා, එයා තමයි මට මේ චිත්‍රපටයේ ගීත ටිකත් සිංහලට හරවල දුන්නෙ. ඒ වගේම උපසිරැසි කරන්න මට වෙලාව, නිදහස ලබාදෙන බිරිඳටත් ස්තූති වන්ත වෙනවා.

Kolamavu Kokila (2018) චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අත් පොත් තැබූ Nelson Dilipkumar ගේ දෙවන චිත්‍රපටය තමයි Doctor (2021). ඒවගේම ඔහුගේ 3 වන චිත්‍රපටය වන්නේ ඉදිරියෙදි තිරගත වීමට නියමිත Vijay ගේ Beast චිත්‍රපටයයි. 2021 වසරේ Sivakarthikeyan ප්‍රථම චිත්‍රපටය ලෙස Doctor (2021) තිරගත වීමට නියමිතව තිබුණත් මුළු ලෝකයේම පවතින වසංගත තත්වය නිසා එය ඔක්තෝබර් මස 09 වෙනි දින Sivakarthikeyan Productions යටතේ KJR Studios මගින් තිරගත වීම ආරම්භ වුණා. පළමු දින ඇමරිකානු ප්‍රදර්ශන ඉහළම ලාභ දර්ශකයේ පළමු දෙවන තුන්වන ස්ථානයේ සිටි විජයගේ Master, දනුෂ්ගේ Karnan හා කාර්තිගේ Sulthan චිත්‍රපට අභිබවා ප්‍රථම ස්ථානය ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනව. Anirudh Ravichander ගේ සංගීතයෙන් හැඩවුණ ගීත 3කුත් මෙහි අන්තර්ගත වෙනවා. Rajinimurugan (2016), Remo (2016), Velaikkaran (2017), Seemaraja (2018), Mr. Local (2019), Hero (2019) යන චිත්‍රපට වලින් ජනප්‍රිය නළුවෙක් බවට පත් Sivakarthikeyan ගේ Action, Comedy, Crime යන වර්ගීකරණයන් යටතේ පැයකුත් විනාඩි 23ක් පුරා දිවෙන 5.6k පිරිසක් අතරින් IMDb අගය 8.5/10 ක් බවට ගන්න සමත් වෙලා තියෙනව. ප්‍රධාන නිළිය වශයෙන් Priyanka Arul Mohan ද, ඊට අමතරව Vinay Rai, Yogi Babu, Milind Soman ඇතුළු තවත් විශාල පිරිසක් දායක වෙනවා. ඒ වගේම Sivakarthikeyan ගේ කෝටි 100 ක ආදායමක් ඉක්මවු ප්‍රථම චිත්‍රපටය ලෙසද මෙය වාර්තා වෙනවා.

වරුන් පද්මිණී සමඟ විවාහ ගිවිසගෙන සිටින හමුදා වෛද්‍යවරයෙක් . පද්මිණී හැඟීම්බර කෙනෙක් වන අතර වරුන් ප්‍රායෝගිකව හිතන වැඩ කරන පුද්ගලයෙක්. මෙහෙයුමකට ගොස් ආපසු එන අතරවාරයේදී වරුන්ට ඇයගෙන් හඬ පටයක් ලැබෙනවා විවාහ මංගල්‍යය නතර කරන එක හොදයි අපි දෙන්න ගැලපෙන්න නෑ කියල. පසුව වරුන් පද්මිණීගේ නිවසට යන්නේ තම දෙමාපියන් හමු වී මේ ගැන කතා කර ගැනීමට ගිය නමුත් පද්මිණී ප්‍රතිචාර දක්වන්නේ ඇය ස්වාමිපුරුෂයෙකු තුළ සොයන ගුණාංග වරුන්ට නොමැති බවයි. දෙමාපියන් පිටවගිය පසුව වරුන් පිටව යන විට පද්මිණීගේ ලේලිය වන චින්නු අතුරුදහන් වී ඇති බව පවුලේ අයට දැනගන්නට ලැබෙනව. වරුන් ඔවුන්ට පොරොන්දු වෙනවා චින්නුව කෙසේ හෝ බේරගන්නවා කියලා. ඔවුන් මුලින්ම පොලිසියට පැමිණිල්ලක් කරනවා. නමුත් ඔවුන් භාරව සිටියේ භගත් නම් එක් පොලිස් නිලධාරියෙකු පමණි. පසුගිය දින 45 තුළ තම දියණිය සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බව තම දියණිය පැහැරගෙන ගිය එක් ලොකෝ පයිලට් කෙනෙකුගෙන් වරුන්ට පොලිස් ස්ථානයේදී දැනගන්නට ලැබෙනව. භගත් පවසන ආකාරයට සහකාර පොලිස් කොමසාරිස්වරයාගේ දියණිය පැහැර ගත්තොත් තමා පොලීසිය ඉක්මනට සෙවීම් පටන් ගන්නේ කියපු නිසා වරුන් ඇතුළු පවුලේ අය සහකාර පොලිස් කොමසාරිස්වරයාගේ දියණියව පැහැර ගැනීමට සැලසුම් කර ඇයව පැහැර ගන්නව. පොලිසිය වගකිවයුත්තන් අත් අඩංගුවට ගන්නවා වෙනුවට ප්‍රතාප් ඇතුළු ප්‍රදේශයේ සියලුම කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන දැරිය සිටින ස්ථානය දැන ගැනීමට ඔවුන්ට නියෝග කරයි. පොලීසිය පසුව ඔවුන්ව නිදහස් කරන්නේ වරුන් දැරිය පැහැරගෙන ගිය ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කළ බැවිනි.

පැහැරගැනීම පිටුපස සිටින ප්‍රධාන වැරදිකරුවන් වන මෙල්වින් සහ ඇල්වින් යන නිවුන් සහෝදරයන්, චින්නු සහ අනෙකුත් ගැහැණු ළමයින් ගෝවට ප්‍රවාහනය කිරීමේ සැලැස්ම වරුන් සොයා ගන්නව. වරුන් ඇතුළු පවුලේ අය කොල්ලකරුවන්ට මුහුණ දී ඇල්වින්ව පැහැර ගන්නවා. මෙල්වින් චින්නුව නිදහස් කිරීමට එකඟ වන නමුත් පැහැරගත් සෑම ගැහැණු ළමයෙකුම නිදහස් කිරීමට අවශ්‍ය බැවින් වරුන් ඇල්වින්ව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරනව. මෙල්වින් පවසන්නේ කන්ටේනරය තම පාලනය යටතේ නොවන බවයි. එහිදී ඔවුන්ට පාතාල මිනිස් ජාවාරමක් පවත්වාගෙන යන සංචාරක නිකේතන හිමිකරුවෙකු සහ කන්ටේනරය ලැබුණු පුද්ගලයා ටෙරී හමුවෙයි. වරුන්ට ටෙරී හමුවන්නේ අයිස්ක්‍රීම් සාප්පු හිමියෙකු ලෙස පෙනී සිටීමෙනි. වරුන් ඔහුගේ බුද්ධිය යොදාගෙන පැහැරගැනීමේ නාට්‍යයක් රඟදක්වන අතර ටෙරීව මුණගැසී ඔහුට ගනුදෙනුවක් ඉදිරිපත් කරයි. ප්‍රතාප්ගේ උදව්වෙන් ඔහු ටෙරීගේ හෙංචයියෙකුගේ ඇඟිල්ලක් කපලා බයෝ මෙට්‍රික් ප්‍රවේශය ලබා ගන්නවා. මෙල්වින් සිටින වෙනත් පැහැරගත් අය සමඟ ගනුදෙනුව සාකච්ඡා කරන රැස්වීමකදී, වරුන් මෙල්වින්ව රවටා ටෙරීව මරා දමන නමුත් ටෙරීව බේරා ගැනීමට මවාපායි. ටෙරී මෙල්වින්ව මරා දමන අතර වරුන් මේ බව ඇල්වින්ට දන්වයි. ටෙරී චින්නුගේ පවුල නිවාස අඩස්සියේ තබා ඇති අතර පසුව වරුන්ගේ සැලැස්ම සොයාගෙන ඔවුන්ව මරා දැමීමට සැලසුම් කරනව.එහෙනම් ඉතින් ඊළගට මොකද වෙන්නෙ කියන එක Mega Blockbuster චිත්‍රපටයක් වුණ Doctor (2021) ව බලලම හොයාගන්න වෙනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

30,043 downloadsDownload DOCTOR-2021-Update.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

30,043 downloadsDownload Subtitles76 KB

95 comments

  1. Sheron

    Congrats brother

  2. Ck

    Congratulations brother.jai bhim(2021) film ekatath sub eka gemu.

  3. යුරාන් ධනුක (දනුවා)

    100* වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
    දිගටම උපසිරසි දෙමු

  4. Pasindu Madumal

    100* වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පතනවා අයියේ..!
    මේ දවස්වල සයිටේ වෙඩි වගේ, දෙමළ චිත්‍රපට වලට සබ් කරන පොරක් තමයි. 100කට සබ් කරා කියන්නේ ලේසි නෑ. එහෙනම් ඉදිරි කඩයිම්වලදී සෙට් වෙමු. SKගේ ෆිලුමක් අතාරින්නේ කොහොමද? සබට තුති ❤️✌️

  5. Anonymous

    සුබපැතුම් වේවා

  6. Kushan

    Sub akta thanks

  7. මයුර

    100ට උණුසුම් සුබ පැතුම් අයියේ.
    දමිල සෙක්ෂන් එකට කරන මෙහෙය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
    ඒකට ගොඩක්ම ස්තූතියි.
    තව තවත් කඩඉම් ගණනාවක් ගහන්න ලැබේවා.
    පුළුවන් නම් Jai Bhimඑකටත් සබ් දෙන්න බලන්න

  8. DILmin

    Congratulations! Sub ekata thanks!

  9. Anonymous

    Thank you for the subtitle

  10. Ashan

    Thank you ...!!!

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

  12. Anonymous

    සුබපැතුම් ඔසා
    දිගටම දෙමල ඒවා ඕන

  13. Hasitha

    දෙවන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ..!!
    සහෝගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

  14. Ravindu Rukshan

    දෙවැනි කඩයිමට සුබ පතනවා, මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.

  15. Bhanuka

    සුබපැතුම් සහෝ

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ 100වෙනි සබ් එකට සුබ පැතුම්

  17. Sammy

    සුපිරිරිරි ඇහ්හ්හ්
    දිගටම වැඩේ කරන් යමු

  18. Idunil weerasinghe

    Congratulation brother

  19. Redrux

    Congrats bro

  20. ගීත්

    100 වෙනි සබ් එකට සුබ පැතුම් සහෝ..

  21. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති
    100ට සුභපැතුම්

  22. Viraj

    100වෙනි උපසිරසියට හදවතින්ම සුබපැතුම් සහෝ
    ඊලග කඩයිම් වලටත් ඉක්මනින් යමු

  23. Anonymous

    thanks for sub

  24. Anonymous

    දෙවන කඩයිමටකඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ!!!
    ඉක්මනටම Jai Bhim එකටත් සබ් ගේමූ.......

  25. MTR Tharindu Rukshan Perera

    මුලින්ම සිංහල උපසිරැසි දිවියේ දෙවෙනි කඩඉමට උණුසුම් සුභපැතුම්! මාවත් මතක් කරලා තිබුණා! අවසාන වශයෙන් තමන්ගේ වටිනා කාලය කැපකර තවත් කෙනෙකුගේ සිනමා රසවින්ඳනයට තවත් අර්ථවත් යමක් එකතු කරන්නාවූ ඔබගේ අනාගත බලාපොරොත්තු සාර්ථකම වේවා!

  26. කවිෂල් රසින්ත

    සියවෙනි එනම් දෙවනි උපසිරසි කඩයිමට උණුසුම් සුභ පැතුම් අයියේ, සයිට් එකේ හුඟක්ම ඉන්දීය සිනමාව පැත්තෙන් හුඟක් ලොකු දායකත්වයක් සපයන කෙනෙක් වගේම දැකපු වේගවත්ම උපසිරසිකරුවෙක්. ඉතින් මාවත් මතක් කල එකට ස්තූතියි. දැන් තියෙන කාර්‍යබහුලත්වය එක්ක ඉස්සට වගේ උපසිරසි කරන්න හැකියාවක් නෑ. කොහොම හරි ආයෙ වතාවක් සුභ පැතුම් අයියේ කඩයිමට, ඊළඟ කඩයිම්වලටත් වේගයෙන් යන්න හැකියාව ලැබෙන්න ඕන. ජය...!!!

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 100 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  28. Buddhika Lakmal

    100වෙනි කඩඉමට සුබපැතුම් මචං... ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න කාර්යබහුල ජීවිතයෙන් වෙලාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා.... කොච්චර වුනත් බයිස්කෝප්එකේ සබ්තරං අනිත් සබ් සෙට් නෑ.. හරිම මීනින්ං එක දෙන්න බයිස්කෝප් විතරයි.. ජයවේවා....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  29. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  30. Nilush Angana

    Sub ekata thanx

  31. sanda

    Thank you bro...!

  32. Ashan

    100ට සුබපතනවා වගේම අපි වෙනුවෙන් මෙ කරන මෙහෙයට බොහොම ස්තුතියි

  33. Neo

    Congrats brother
    Keep it up

  34. Naveen

    100ට සුබපැතුම්
    උපසිරසියට තුති

  35. Anonymous

    Good luck brother!

  36. Anonymous

    පරක්කු නිසා ෆිල්ම් එකනම් කලින් බැලුවා
    කොහොමවුනත් සුබපැතුම් 100ට

  37. Rajitha

    දෙවන කඩයිමට සුබපැතුම් සහෝ
    ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙන්න

  38. S minula

    Saho sub deepu tamil film godak balala thye,hbai hama ekatama comment danna nm bariwuna hodai,ekata samawa bajanaya karanow
    200th ikmanin ghmu hodai
    Sahoge jewethe wadakatayuthuth saarthaka wenna prarthana karanawa

  39. Eranda

    Congrats brother

  40. dilly

    ටැමිල් නම් ඉතින් ඔයා තමයි
    ඉදිරියටත් ටැමිල් දෙන ගමන් තෙලුගු,මලයාලම්,කන්නඩ ඒවත් පුලුවන්නම් දෙමු(හොද ඒවා විතරයි)
    ඒවයිත් නියම ෆිල්ම් වැටෙනෝ

  41. Anonymous

    සුපිරියක්ම තෝරගෙන 100 ට
    නියමයි සහෝ

  42. chami

    elaga 100 di indian series tikakauth demu
    south indian thriller nm niyamai

  43. ජනා

    2වන කඩයිමට සුබපැතුම් සහෝ

  44. Kavindu

    කඩයිමට සුබපැතුම්
    සිංහල උපසිරසියටත් ස්තුතියි

  45. Anonymous

    සුබපැතුම් කොම්ලෝ

  46. Ovindu

    උනුසුම් සුබ පැතුම් අයියේ

  47. Lahiru

    ඊලග කඩයිම්වලටත් ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  48. bunny

    Congratz buddy

  49. දසුන් අබේසිංහ

    බොහොමත්ම ස්තුතියි අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට ඔබ ඇතුලු සියලුම උපසිරසිකරුවන්

  50. ශසිත් සඳරුවන්

    දෙවන කඩඉම වෙනුවෙන් සුබපැතුම් සහෝ...
    ඇත්තටම කලින් තිබ්බ බැඳීම නම් එහෙමමයි. ඒත් ඉතින් වැඩත් එක්ක සබ් කරන්න වෙලාව නැති තරම්.
    මේ දවස්වල සයිට් එකේ දමිල කැටගරිය ඇදගෙන යන්නේ ඉතින් ඔයා තමයි. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ.
    පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථකර කරගන්න ගමන් තව තවත් උපසිරැසි අරන් එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම සබ් දෙමු ආ... ජය!

Load more comments