මම තමා “Saver – බේරන්නා”. මම ඉතින් පළවෙනි පාරට තමයි චිත්රපට වලට උපසිරැසි යොදන මේ ‘ජාතික සේවයට’ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා චිත්රපටයේ අඩුපාඩු තිබුණට වැඩිය ගණන් ගන්න නම් එපා. හැබැයි බලලා ඉවර වෙලා ඒ ගැන ගුණ දොස් විචාරයක් මට දෙන්න හොඳේ. මොකද එතකොට මගේ වැරදි මට හදාගත්ත හැකි. තව එකක්, ඉංග්රීසි උදවිය ඇමරිකා…

මම තමා “Saver – බේරන්නා”. මම ඉතින් පළවෙනි පාරට තමයි චිත්රපට වලට උපසිරැසි යොදන මේ ‘ජාතික සේවයට’ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා චිත්රපටයේ අඩුපාඩු තිබුණට වැඩිය ගණන් ගන්න නම් එපා. හැබැයි බලලා ඉවර වෙලා ඒ ගැන ගුණ දොස් විචාරයක් මට දෙන්න හොඳේ. මොකද එතකොට මගේ වැරදි මට හදාගත්ත හැකි. තව එකක්, ඉංග්රීසි උදවිය ඇමරිකානුවෝ වගේ ඉංග්රීසි කථා කරන්නේ නැහැ නොවැ. එයාලා හුඟක් වේගයෙන් තමා කථා කරන්නේ. මේක “ෂර්ලොක් හෝම්ස්” චිත්රපටය නිසා, චිත්රපටයේත් හුඟක් තැන් වල ඔය දේ වෙනවා. ඒ නිසා උපසිරැසි මාරු වෙන වේගය වැඩියි. ඒ හින්දා බලනකොට ඉතින් හොඳ අවධානයෙන් බලන්ට. නැත්තං කථාව තේරෙන එකක් නෑ.
“ෂර්ලොක් හෝම්ස්” චිත්රපට හුඟක් අය බලන්න ඇති. පළවෙනි පාරට ආවට මම ගෙනාවෙ නම් දෙවනි කොටසක්. නමුත් මේ චිත්රපටයට මම උපසිරැසි යොදනකල් චිත්රපටය මේකට කවුරුත් අත තියලා තිබුණේ නෑ. (ලොකුකමක් කියවනවා නෙමෙයි) මේකට හුඟක් අය; කතාව තේරුම් ගන්නැතුව “වැඩක් නෑ” කියලා කියන නිසා මට හිතුණා මේකෙන් පටන් ගන්න. ඒකයි මම වැඩේට බැස්සේ. මගේ වරුණාව පැත්තකින් තියමුකෝ.
මේ චිත්රපටයේ ප්රධාන චරිතය වන “ෂර්ලොක් හෝම්ස්ගේ” චරිතයට සුප්රකට නළු “Robert Downey Jr.” (Iron Man, Due Date, Tropic Thunder) විසින් පණපොවන අතර “ශර්ලොක් හෝම්ස්” ගේ සහායක වන “දොස්තර වොට්සන්” ගේ චරිතයට සුප්රකට ඉංග්රීසි නළු “Jude Law” (Rise Of The Guardians) විසින් පණපොවනු ලබයි. “ෂර්ලොක් හෝම්ස්” ගේ පරම සතුරා වන “මහාචාර්ය මොරියාටි” ගේ චරිතයට ඉංග්රීසි නළු “Jared Harris” විසින් පණපොවනු ලබයි. චිත්රපටයේ තිර පිටපතට අනුව නිර්මාණය වූ “සිම්සා නෝනා” ගේ චරිතය සුප්රකට ස්වීඩන් නිළි “Noomi Rapace” (Prometheus, The Girl With The Dragon Tattoo) විසින් නිරූපණය කරනු ලබයි.
චිත්රපටය ගැන කියනවා නම් “ෂර්ලොක් හෝම්ස්” කතා මාලාවේ එන චරිත කිහිපයක් පමණ, අපිට මේ චිත්රපටය තුළින් බලාගන්න පුළුවන්.ව කථාවේ අරමුණු ඉෂ්ඨ කරගන්න මනඃකල්පිත චරිතත්, නිර්මාණය කරලා තියෙනවා. චිත්රපටයේ කථාව ගැන මම පොඩ්ඩක් කිව්වත් අගය නැති වෙන නිසා මම ඒ ගැන කියන්නේ නෑ. නමුත්, “ෂර්ලොක් හෝම්ස්” සියලු ම කථා මාලා වලින් චිත්රපටයට යොදන්න උවමනා පොඩි කොටස් විතරක් අරගෙන අළුත්ම විදිහේ කථාවක් හදලා තියෙනවා. ඒ නිසා චිත්රපටය වෙනස් ම විදිහේ කථාවකින් යුක්ත එකක්. ඒ නිසා ම වෙන්න ඇති, IMDB Ratings වල 7.4/10 තරම් අගයක් ලබා ගැනීමට මේ චිත්රපටය සමත් වෙලා තියෙන්නේ. මම චිත්රපටයේ සමහර ප්රංශ, ජර්මන් භාෂා දෙබස් වලට මගේ උවමනවට උපසිරැසි යෙදුවා. නමුත් කථාව අනුව, නොගැළපෙනවා කියලා හිතුණ නිසා සමහර ඒවා අයින් කළා. ඒ වගේ ම මේකෙදි දෙබසේ ‘පරිවර්තනය’ ට වඩා ‘අර්ථය’ ඉස්මතු වෙන්නයි මම උපසිරැසි යෙදුවේ. එතකොට කථාව තේරුම් ගන්න ලේසියිනේ. ඒ නිසා මේක බලන්න ම වටිනවා. එහෙනම් ඔබට ජය වේවා!
47,362 downloadsDownload Sherlock.Holmes.A.Game_.Of_.Shadows.2011.zip179 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවීන් පෙරේරා(SAVER)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සවීන් පෙරේරා
Subtitles
80 comments
Madhawa
mmw
Download wenne nethooooooooooooooooooooooo.
Siraj priyantha
Thanks saho
pawan
tnx bro
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි, නියමයි, බේරන්නෝ...
දිග්ටම අපිව බේරගෙනම ඉන්නකෝ...
අලුත්, පරණ පට්ටෆිල්ම් වලින් අපිව බේරන්නකෝ...
එහෙනම් ආයෙත් ඇවිත් බේරනකම් අපි බලන් ඉන්නවා...
මේ ෆිල්ම් දෙකම නම් බලල තියේ, ෆිල්ම් එකත් තියේ..
ඒ නිසා සබ විතරක් ගනිමි...
ජය වේවා!!!!“චූටී මල්ලි”
තව අළුත් සහෝ කෙනෙක්
කට්ටිය එනවා හිටු කියලා
එල එල
අපේ සයිට් එකෙ ලොකු හිඩැසක් පිරෙව්වා ඔයා
මේක දිලා
තව දෙන්න සබ්
ඔබට ජය...........lahiru
niyama wadak... super
රොයිලි
බොහොම ස්තූතියි සවීන් සහෝ සිංහල උපසිරැසියට. බයිස්කෝප් අඩවියේ තිබ්බ අඩුවක් පුරවගෙනම ඇවිල්ලා නේද එහෙනම්. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට. ජය෴෴ :P :P
සවීන් (බේරන්නා)
ඔයාලා වගේ මුල් කාලීන පරිවර්තකයින්ගේ ආභාශයෙන් තමයි අපි වගේ අය බිහි වෙන්නේ රොයිලි සහෝ.ස්තූතියි.
Uraj Deemantha
ගොඩ දවසකින් දැක්කේ..... :) කොහොමද ඉතින් රොයිලියෝ..... :)
යසෝ
palamu akata jaya!!!!!
quik
thanks
tharanga
පළමු සබ් එකට බොහොම පින්!!!
upali
ela ela ela ela
wow
wow... maru :D
amilatk
jayen jaya!!!!!!!!!!!
elakiri
එළකිරි කොල්ලෝ :)
බොහොම පින් ......
ositha
thnxz :) bro
shann
එලස් මැක්සා :) දිගටම සබ් දෙමු .... :)
naleen
patta patta :D
ccnp
Thanks
isuru
meyka patta film akak sub akkka aye balanawa
Harsha Lahiru
පළවෙනි සබ්එකම පටන්අරගෙන තියෙන්නෙ එසේ මෙසේ බයිස්කොප් එකකින් නෙමෙයි බොහෝම ස්තුතියි සහෝ දිගටම සබ් දෙන්න
uda
ෂාහ්! වැඩේනම් මරු SAVER සහෝ එහෙනම් ඉතින් REVAS -අකුරුනම් වැරදිද මන්දා? කමක් නෑ! අදහස තේරුණානම් මදෑ- එකට ගොහින් මේකේ මුල් එකටත් සබ් දුන්නනම් තමා හොද! හෙහ්? මොකෝ කියන්නෙ දෙමු නේද? ;)
මේකට තුති සහෝ! ජය!
ශාන් විමුක්ති [වීමා] 〠
උබට කියන්න කොල්ලෝ මේක මමත් ඇහැ ගහගෙන හිටපු එකක්
මේකෙ තුන් වැන්නත් එනව කියල ආරංචියක් තියන නිසා මෙ කතා මාලාවත් අපේ කොලෙක්ෂොන් එකට එක්කාසු කොරන්ට කියලයි අදහස් කොරන් උන්නට මේකට අතගහන්ට බයෙන් උන්නෙ බන්
උබ පලවෙනි එකටම මේ වගේ අභියෝගාත්මක එකක් අරන් ආපු එක ගැන මම ගොඩක් සතුටුයි බන්
එහෙමනම් කොල්ලෝ...
අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව
කලින් බලල තිබුනට අයෙ අනිව බලන්ව
ඔන්න එහෙනම් උපසිරස බාගත්ත
තව එකක් අරන් එමු නේද?
ජය :Dසවීන් (බේරන්නා)
කොමෙන්ට්ස් වලට පිං සිද්ධ වෙච්චාවේ!! වැඩි වැඩියෙන් ලැබිච්චාවේ!!
ඔයාලගේ දිරි ගැන්වීම අපි වගේ අයට ගොඩාක් වටිනවා." විකියා " සහෝටත් ස්තූති කරන අතර ම මාව දිරි ගන්වන ඔයාලා හැමෝටම සුභ පතනවා.ඒ වගේ ම මම හැමවෙලාවේම ඔයාලා එක්ක ඉන්නවා!!!!!
geeth
thnxz
දිනුක මධුශාන්
දැන් දැන් අපේ බයෝස්කොප් ඒකට නවකයන්ගේ ආගමනය වැඩි වෙලා.ඒක හොඳ ප්රවණතාවයක්, බොහොම ස්තුතියි සහෝ..මම මේක කලින් බැලුවා. අයෙමත් සබ් එක්ක බලතහැකි. බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!
me
Thanks
dev
maxxxxxxa..... .
bohoma stuti saho.. .නලින්
ස්තුතියි සවින්..
ජය වේවා!
Isuru Mahindarathna
නියමයි සහෝ බලන්න ඕනේ. සබ් එකට ගොඩක් තෑන්ක්ස්!!!
das
elzzzzzz
#ChalinduDeshan (කිනා)
පුලුවන්නම් පලවෙනි එකටත් සබ් දියංකෝ. ජයවේවා!!
indika
thnq,,..
dimuthu තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
Rohan
මේක මීට කලින් මේකේ දාලා තියෙනවානේ
kasun
sub dunnata godak sthuthui sub akkama ballana hitya film akk jaya wewa.............
Uraj Deemantha
ගොඩ දවසකින් මේ පැත්තේ එන්න බැරි උනා..... :(
මේ ෆිල්ම් එක නම් පට්ට..... :) සිංහල සබ් එක එක්ක ආයේ බලන්න ඕනා..... :D
දිනිඳු සම්පත්
නියම චිත්රපටියක්. ආපු ගමන් බැලුවා. වෙලාවක් ලැබුනම සිංහල උපසිරැසිත් එක්කම බලනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
සාරංග ලියනගම
Thanks
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.මේක බැලුවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍viraj
thank saho
madushanka
thank you...
ගමයා
Thanks macho...
kasun champika
thanks yaluuuuuuuuuuuu godaaaak thanks
Thisal
twq
JOHAN
hindi ne me :(
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Pulasthi Wijesinghe
මේ ෆිල්ම් එක 2011 දී ආවත් ළඟදී තමයි බැලුවේ.
උපසිරැසි ටික නම් සුපිරි මචං, බොක්කෙන්ම මහන්සි වෙලා හදලා තියෙන්නෙ.... ඉතින් තවත් මේ වගේ උපසිරැසි හදන්න කියලා ඉල්ලීමක් කරනවා.......
Amalka
suabata thuthi onna baana damma
lakshan
thanks.............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ගොඩක් තෑන්ක්ස්..ෆිල්ම් එක නම් මම ගාව තියෙනවා අයෙ සින්හල සබ් එකෙන්ම් බලන්ඩ ඔනෙ