අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | Armageddon මෙහෙයුම [සිංහල උපසිරැසි]

Rating: 8.0/10. From 16 votes.
Please wait...

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයේ මන් සබ් කරන්න ආවා. සබ් එකක් කරන් නැතුව හිටියේ හරිම අමාරුවෙන්. ඉතින් ඔන්න මම ආවා ආයේ මේ අවුරුද්දේ විකාශය වුණු Spy Kids: Armageddon චිත්‍රපටිය අරගෙන. විමා අයියට මුලින්ම ස්තූති කරනවා Welcome back කියලා ආයේ මාව පිළිගත්තට.

චිත්‍රපටිය ගැන දැනගන්න කැමතිත් ඇති නේද? ඉතින් මම ඒක කෙටියෙන් කියන්නම්. SPY KIDS චිත්‍රපටි ගොඩක් නිර්මාණය වුණානේ. ඉතින් මේක Spy Kids චිත්‍රපට මාලාවේ පස්වන කොටස. මුල් ටික බැලුවේ නැත්නම් Spy Kids, Spy Kids 2: Island of Lost Dreams, Spy Kids 3: Game Over, Spy Kids 4: All the Time in the World මුල් හතරත් බලන්න. හැබැයි මේක පස්වෙනි එක උනාට මුල් හතර බැලුවේ නෑ කියලා ගැටලුවක් නෑ. මේක අලුත්ම කතාවක් විදිහටයි යන්නේ. ඒ්ත් අනිත් ඒවත් බලන්න පුලුවන් නම්.

2023 ඇමරිකානු ඔත්තු බැලීමේ ක්‍රියාදාම ප්‍රහසන චිත්‍රපටයක් වන මේ චිත්‍රපටිය Racer Max සමඟ සම-රචනය කළ Robert Rodriguez විසින් සම-නිෂ්පාදනය, රූගත කිරීම, සංස්කරණය, සම-රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද පවුලේ හැමෝමත් එක්ක එකට නැරඹිය හැකි චිත්‍රපටියක්. Skydance Media, Spyglass Media Group සහ Troublemaker Studios විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ Miss Bala, Not Dead Yet. Awake වගේ ජනප්‍රිය චිත්‍රපටි කිහිපයක රඟපෑ Gina Rodriguez මවගේ චරිතයත්. Shazam! Fury of the Gods. Thor: The Dark World චිත්‍රපටිවල රඟපෑ Zachary Levi පුංචි spy kidsලගේ පියා විදිහටත් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ කතාවේ පුංචි වීරයෝ දෙන්නා ටෝනි සහ පැටිගේ චරිතයට පණ පොවන්නේ Connor Esterson සහ Everly Carganilla.

Spy Kids: Armageddon 2023 සැප්තැම්බර් 22 දින Netflix විසින් නිකුත් කරනු ලැබුවා. පැයයි මිනිත්තු 37ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB ශ්‍රේණිගත කිරීම් 4.3/10 අගයක් ලබා ගෙන තියෙනවා. කුතුහලයෙන් එක දිගට රසවිඳිය හැකි මෙම චිත්‍රපටිය Action, Comedy, Family ගණයට අයත් අතර Rotten Tomatoes අගය 60%කුත් අරගෙන තියෙනවා.

ඉතින් කතාව පැත්තට හැරුනොත්,

දක්ෂතම රහස් නියෝජිතයින්ගේ ළමයි දෙන්නා වන ටෝනි සහ පැටි නොදැනුවත්වම ප්‍රබල වීඩියෝ ගේම් හදන කෙනෙක්වන රේ කියන පුද්ගලයාට පරිගණක වෛරසයක් මුදා හැරීමට උදව් කරනවා. ඉතින් ඒ නිසා ඔහුට ලෝකයේ සියලුම තාක්‍ෂණයේ පාලනය ලැබෙනවා. මේ රේට ඕන කරන එකම දේ යහපත් ලෝකයක් ගොඩනගන්න එයාගේ විදිහට. ඒ බලෙන්. ඉතින් ඒක කරන්න එයා එයාගේ hyskor කියන ගේම් එක හරහා බලෙන්ම මිනිස්සුන්ගේ දෛනික ජීවිත පාලනය කරන්න හදනවා. ඒ හැම පරිඝණක උපාංගකටම පිවිසෙන්න කලින් hyskor ගේම් එක සෙල්ලම් කරලා පරද්දන්න ඕනේ. ඉතින් ඒකට එයා Armageddon කියන කේතයක් හොරකම් කරනවා ටොරන්ස් පවුල ඉන්න ගෙදරටම කඩා වැදිලා. ඉතින් ඊටපස්සේ ළමයි දෙන්නත් එක්ක මෙයාලා ආරක්ෂිත නිවසට යන්න රහස් උමඟකින් පැනලා යන්න හදද්දි අම්මවයි තාත්තවයි රේගේ කට්ටිය අල්ලගන්නවා. ඒත් පැටිටයි ටෝනිටයි පුලුවන් වෙනවා පැනගන්න.

කොහොමහරි එයාලව හිර කරගන්නවා. ඒත් ළමයි දෙන්නා පැනගන්නවා. පැටියි ටෝනිටයි තෙරේනවා අම්මවයි තාත්තවයි බේර ගත්තොත් මේ පැටලැවිල්ල ලිහන්න පුලුවන් වෙයි කියලා. ඉතින් අම්මවයි තාත්තවයි බේරගෙන රේව නවත්තන්න හිතාගෙන මේ දෙන්නා යනවා.

ඉතින් මොකක්ද මේ Armageddon කියන්නේ වගේම ඒක පාවිච්චි කරලා හතුරා මේ ලෝකේ පාලනය කලාම මේ ටෝනි සහ එයාගේ අක්කා පැටි මොනවා කරයිද? එයාලාට අම්මවයි තාත්තවයි බේරගන්න පුලුවන් වෙයිද? ලෝකේ බේරගන්න පුලුවන් වෙයිද?

තවත් කිව්වොත් කතාවේ රසය නැති වෙනවනේ. ඉතින් මේ රහස විසඳන්න ඔයාලට බාරයි. එහෙනම් හැමෝම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් පහළින් comment කරන්න.

මෙම චිත්‍රපටිය උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන වෙනස් ම චිත්‍රපටියකින් නැවත මුණ ගැහෙමු!

දෙවි පිහිටයි!
Stay Safe

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-03-11
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Spy Kids: Armageddon (2023) Sinhala Subtitles, Spy Kids: Armageddon (2023), Spy Kids

9 thoughts on “Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | Armageddon මෙහෙයුම [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • psarips webrip 720p ekata sync wen nane saho. wenas

    Reply
  • thanks a lot for the sub…

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි!
    වෙල්කම් බැක්, අගේන්. 🙂

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *