The Tag-Along 2 (2017) AKA Hong yi xiao nu hai 2 Sinhala Subtitles | අද්භූත පුරාවෘත්තයේ දෙවෙනි දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]
කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් කලින් පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. The Tag-Along චිත්‍රපට මාලාවේ පළවෙනි එක මීට කලින් මම ඔයාලට දුන්නා. මම අද ඔයාලට දෙන්නේ ඒකේ The Tag-Along 2 (2017) කියන ඒකේ දෙවෙනි චිත්‍රපටයයි. එතකොට කොටස් 3කින් සමන්විත මේ චිත්‍රපට මාලාවේ The Tag-Along: Devil Fish (2018) කියන චිත්‍රපටය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒකත් පුළුවන් ඉක්මනට දෙන්නම්. අද මම ගෙනාපු චිත්‍රපටය The Tag-Along (2015) චිත්‍රපටයට කෙලින්ම සම්බන්ධයි. ඒ නිසා මේක බලන්න කලින් අනිවාර්යයෙන්ම කලින් ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ ෆිලුම IMDb 5.5 ක අගයක් ලබගන්නත් 88% ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Horror/Thriller යන කාණ්ඩ වලට තමයි මේ චිත්‍රපටයත් අයත් වෙන්නේ. නව තායිවාන ඩොලර් 45ක වියදමින් නිෂ්පාදනය කල මෙය NT$ 105.7 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තබා තිබෙනවා. පළමු චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Wei-Hao Cheng තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. පළමු චිත්‍රපටියෙ රංගනයෙන් දායක උන Wei-Ning Hsu ශෙන් ලෙසත්, River Huang වෙයි ලෙසත්, නව චරිත ලෙස Francesca Kao ලින් මෙයි හුවා ලෙසත් Rainie Yang ලි ෂු ෆෙන් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම මේ ෆිලුම සම්මාන 3කට නිර්දේශ වෙලා තියෙනවා කියලත් මතක් කරන්න ඕන.
පෙර චිත්‍රපටය නරඹපු අය දන්නවනේ මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ නැගෙනහිර ආසියාවේ රටවල සුප්‍රකට පුරාවෘත්තයක් වෙන මොසීන් (Mosien) කියන අද්භූත බලවේගය පාදක කරගෙන කියලා. මොසීන් කියන්නේ කවුද කියලා දැනගන්න The Tag-Along (2015) චිත්‍රපටයේ මම දීලා තියෙන ලිපිය කියෙව්වනම් හරි. ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ “වෙයි”ගේ ආච්චි කඳුකරයට චාරිකාවක් ගිහින් එද්දි නොදැනුවත්වම අද්භූත බලවේගයකුත් එක්ක තමයි ආපහු නිවසට එන්නේ. ඒක නිසා ආච්චිට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා වගේම වෙයි අතුරුදහන් වෙනවා. වෙයිගේ ගැබ්බර පෙම්වතිය ශෙන්, වෙයිව හොයන්න කඳුකරයේ වනාන්තරයට ගිහින් අද්භූත බලවේග එක්ක සටන් කරන එක ඔයාලට මතක ඇති. ඒ සිදූවීමෙන් අවුරුද්දකට පස්සේ තමයි මේ කතාව පටන් ගන්නේ. සමාජ සේවිකාවක් වෙන ලින් ෂූ ෆෙන්ට දැනගන්න ලැබෙනවා තමන්ගේ දියණිය වෙන ලියා ගැබ් අරන් කියලා. ලියා බාලවයස්කාරියක් නිසා දරුවව නැති කරන්න කියලා ලින් ඇයට බල කරද්දි මේකට අකැමති වෙන ලියා ගෙදරින් පැනලා යනවා. ලියාගේ අතුරුදහන් වීම විමර්ශනය කරද්දි දැනගන්න ලැබෙන්නේ ඇය හැංගිලා ඉන්නේ මීට කලින් අද්භූත සිදූවීම් උන ඩාකෙන්ග් කඳුකරයේ කියලා. ඉතිං ලියාට ඇත්තටම මොකද උනේ ? පෙර චිත්‍රපටයේ ගැබ්බර ශෙන්ට මොකද උනේ ? අතුරුදහන් උන වෙයිට මොකද උනේ ? ඒ වගේම මෝසින් කියන අද්භූත බලවේගයේ උප්පත්ති කතාවත් ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.
චිත්‍රපටයේ කතාව ගැන මීට වඩා මුකුත් කියන්නේ නෑ. ඉතුරු චිත්‍රපටයත් ඔයාලගේ ප්‍රතිචාර අනුව ලබාදෙන්නම්. ඔයාලගේ කොමෙන්ට් එකෙන් තමයි තවත් වැඩකට අත ගහන්න ශක්තිය එන්නේ. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න සමන් ප්‍රසාද් සහෝටත්, නිතර ප්‍රතිචාර දක්වන සහෝදර , සහෝදරියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අපේ රට වගේම මුළු ලෝකයම Covid-19 උවදුරින් ඉතා ඉක්මනින් සුවපත් වේවා ! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!!
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3344 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..වෙනස් භාෂා වල තවත් ෆිල්ම් වලට සබ් ලබාදෙන්න..!!..ඔබට ජය..!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro sub ekata
Thanks for sub!
බොහෝම ස්තූතියි උපසිරැසියට…
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request…
The Tag Along 3: Devil Fish – 2018
The Crow: Wicked Prayer – 2005
Manhunter – 1986
Hannibal – 2001
Red Dragon – 2002
Hannibal Rising – 2007
තෑන්ක්ස් සහෝ මේකෙ තුන්වෙනි ෆිල්ම් එකටත් සබ් දෙන්න
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
The Christmas Chronicles 2 (2020)
බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!