යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සද…

යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ ඉරාක දේශය ආක්‍රමණය කරන ලද ඇමරිකානු සෙබළුන්, වැඩි කල් නොයාම ඉරාක භූමිය තුල වසර ගණනාවක් තිස්සේ පැවති සදාම් හුසේන් පාලන තන්ත්‍රය බිඳ හෙලමින්, ඇමරිකානු ධජය මහත් අභිමානයෙන් නගා සිටුවීමට සමත් වුණා. එනමුත්, ඉරාක භූමිය තුල සම්පූර්ණයෙන්ම බලය අත්පත් කරගැනීමට ඇමරිකාව සමත් වූවා යැයි පැවසුවා හොත් එය නිසැකවම මුසාවක්. තැනින් තැන හොර රහසේම ඒකරාශී වූ ගරිල්ලා ත්‍රස්තයින්, නොසිතූ නිමේෂයන් හිදී අතිශය දරුණු ප්‍රහාරයන් එල්ල කිරීමට සමත් වූවා. මේ නිසාම, ඉරාක භූමිය තුල තම ආධිපත්‍ය තවදුරටත් පවත්වාගෙන යෑමට නම්, කැරළි මර්ධනය කිරීම සඳහා තම හමුදා භටයින් යොදවනවා හැර වෙන විකල්පයක් ඇමරිකානු පාලන තන්ත්‍රයට තිබුනේ නැහැ.
මේ ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවක් පිළිබඳව ලැබුණු තොරතුරක් මත, අයිසැක් සහ මැතිව්ස් යන ස්නයිපර් සෙබළුන් දෙදෙනාව තොරතුරු නිරීක්ෂණය කර වාර්තා කිරීම පිණිස, අදාළ සිද්ධිය සිදුවූ හුදෙකලා ස්ථානය වෙත පිටත්කර හරිනවා. ඝාතකයා පිළිබඳව හරියාකාර තොරතුරු දැනගැනීම පිණිස ඔවුන් දෙදෙනා දවසකට ආසන්න කාලයක් සැඟවී, විමසිල්ලෙන් පසුවුණත්, ඝාතකයා පිළිබඳව අංශු මාත්‍රයක හෝ හෝඩුවාවක් සොයාගැනීමට ඔවුන් දෙදෙනා අසමත් වෙනවා. අවසානයේ ඉවසීමේ සීමාව ඉක්මවා යන සාජන් මැතිව්ස්, ඔහුගේ සහෝදර සෙබළාගේ අනතුරු ඇඟවීම නොතකා, ඝාතනය සිදුවූ ස්ථානය වෙත යෑම සඳහා සැඟවී සිටි ස්ථානයෙන් එළියට පැමිණෙනවා. නමුත්, ඉදිරියේ සිටින්නා වූ මාරයා පිළිබඳව අංශු මාත්‍රයක් හෝ ඔහු දැනසිටියා නම්, සැඟවී සිටි ස්ථානයෙන් එලියට පැමිණීමට නිකමට හෝ ඔහු නොසිතනු ඒකාන්තයි. කොහේදෝ සිට පියඹා ආ ස්නයිපර් උණ්ඩයකින් සාජන් මැතිව්ස් බිම ඇද වැටෙනවා. ඔහුගේ සහෝදර සෙබලා ඔහු වෙත පැමිණීමට උත්සාහ කළත්, නොනැවතී පියඹා එන්නා වූ මාරක ස්නයිපර් උණ්ඩ හමුවේ නෂ්ටාවශේෂ වී ගිය බිත්තියකට මුවා වී දිවි බේරාගනු හැර කිසිඳු විකල්පයක් ඔහුට ඉතුරු නොවෙනවා. තමා ඉදිරිපිට, අසරණව බිම වැටී, ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙන තම සහෝදර සොල්දාදුවා… හරියාකාර දිශාවක්, ස්ථානයක් සොයාගත නොහැකිව පියඹා එන්නා වූ මාරක ස්නයිපර් උණ්ඩ… කිසිඳු උපකාරයක් ලබාගත නොහැකිව බිත්තියකට වසන් වී තම ජීවිතය බේරාගැනීම හැර කිසිවක් කල නොහැකි තත්වයක සිටින්නා වූ හමුදා සෙබලා මේ සියල්ල කෙසේ නම් විඳ දරාගනීවිද…?
War, Thriller, Drama යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ මැයි මස 18 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, මේ සටහන ලියන මොහොත වන විට Imdb දර්ශකයේ 6.2 ක අගයකින්ද, Rotten Tomatoes හි 67% ක මනාප ප්‍රතිශතයකින්ද, ගූගල් පරිශීලකයන්ගේ 77% ක මනාප අගයකින්ද සමන්විත වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 3ක් විය පැහැදම් කරමින් නිෂ්පාදනය කරමින්ද, ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් ලබාගත්තා වූද, මෙම සිනමා සිත්තමෙහි ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩක සහ ක්‍රියාදාම නළුවෙකු වන John Cena සහ, Avengers: Age of Ultron (2015) සහ Captain America: The Winter Soldier (2014) යන මාවල් චිත්‍රපට තුල Quicksilver චරිතය සඳහා රංගනයෙන් දායක වූද, Nocturnal Animals (2016), Godzilla (2014), Kick-Ass 2 (2013), Kick-Ass (2010) යන චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණි Aaron Taylor-Johnson විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Edge of Tomorrow (2014), Jumper (2008), Mr. & Mrs. Smith (2005) සහ The Bourne Identity (2002) වැනි විශිෂ්ට චිත්‍රපට රාශියක් ලොවට දායාද කරන ලද Doug Liman විසිනි.
මේ චිත්‍රපටය මුලින්ම බාරගෙන තිබුනේ, ප්‍රනීත් මධූ සහෝදරයා විසින්. ඒත්, මේ දවස් වල ප්‍රනීත් සහෝ ටිකක් කාර්‍යබහුල වෙලා තියෙන නිසා මට මේ චිත්‍රපටය බාරවුනා. චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුනේ අගෝස්තු පළවෙනිදා. ඒත්, ඒ වෙද්දී අපේ බයිස්කෝප් සහෝදරයින් සමග විනෝද චාරිකාවක හිටියෙ. කොහොමහරි ගමන ගිහිල්ලා ඇවිල්ලා, හතරවෙනිදා තමයි මේ වැඩේ කරන්න පටන්ගන්න වුනේ. ඒ නිසා ලොකු පරක්කුවක් නැහැයි කියලා හිතනවා. හැබැයි ඉතිං වෙනදා නම් චිත්‍රපටයක හොඳ පිටපතක් ඇවිල්ලා දවස් 2-3 ක් වගේ යද්දී අනිවාර්‍යයෙන්ම දෙනවානෙ. 😀
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. ඔහොම්මම පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම ඉන්නකො. ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
ප. ලි. – මේ චිත්‍රපටයේ මේ වෙද්දී වර්ග දෙකක බ්ලූරේ පිටපත් නිකුත්වෙලා තියෙනවා. සාමාන්‍ය පිටපත සහ REPACK පිටපත වශයෙන්. REPACK පිටපතේ පොඩි කොටස් කීපයක් අඩුයි. ඒ නිසා සාමාන්‍ය පිටපතට තමයි මං උපසිරැසි දීලා තියෙන්නෙ. බාගත කරනකොට පොඩ්ඩක් සැලකිල්ලෙන් බාගත කරන්න. නැත්නම් උපසිරැසි ගැලපෙන්නේ නැතුව යාවි.
Due to copyright issues, we do not provide any torrent links.
The.Wall.2017.720p.BRRip.850MB.MkvCage
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
30,869 downloadsDownload The-Wall-2017.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
76 comments
prabodha
achintha
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....!!!
Lahiru
බොහොම ස්තුතියි ප්‍රසාද් අයියේ...... පුලුවන්ද අර HUMANS එකේ ඉතුරු එපි තුනට සබ් දෙන්න? අචින්ත අයියට වෙච්ච දෙයක් නෑ. සබ් එක දෙනකන් බලාගෙන හිටියේ මේකට. :D :D :D :D
chameera
sthuthi saho.....
Mithun
උම්බ්ව මතක් කාරා විතරය සහෝ මෙ ටිකෙ සබ් වල නම එහෙම ගියා සැහෙන හොරෙන්ම සබ් අරම් ගියාට ආපු ශෙනික, නිවාඩුව තම බලන්නෙ
සුපිරි සෙට් එකක් බැලුවා
මෙකටත් ගොඩක් ගොඩක් ස්තුතියි
වර් ෆිල්ම් එකක් හොය හොය උන්නෙ
නියම එකක් වගේ බලමුකො අරම්ම ස්තුතියි සහෝ ........අසිත
elama saho thanks
oshanda
thanx brother..
Dedunu
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Harsha
Ela bro
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Chanuka
ela bro
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.thisal
බොහොම ස්තූතියි
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ravin
උපසිරසට ස්තුතියි.
lakshyan
Thank u bro
Dulanga
Thanks
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Danushka Ranawaka
hjhjjhjj
Danushka Ranawaka
Thanks
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට..
ආමි එකක් නිසා මේක නම් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නෑ.
කොහෙන් හරි හම්බ වෙනවා ශුවර්. :P
එහෙම ආවම බලනවා.
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!roshan_st
ඔබ දැක්වූ සහයෝගයට බොහොම ස්තුති..
Sachintha Senarath
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා! බුදු සරණයි!චාරුක ඉඳුනිල්
Thanks mcn
Nelson
Good Work Friend, Thanks!
Roshan
Thanks macho
Chamith Mihiranga
Thanks Aiya.. Niyamayi. Jaya wewa..!
Bobby
Thank you sisila
Rajitha
Thanks machan.....jayawewa.....!
DG
bohoma sthuthi sahoo....
janitha
Thanks!!!!
lakshan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Jack
නියමයි මචෝ...
සුපිරි ෆිලුමක්නේ.....
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravindu Rukshan
thx
devinda
Ty bro...Gdk Pin...
Muditha
thanks sisila saho
obata jayen jaya
aliuth upsirask anakan balasitimi.Sohan Almeida
බොහොම ස්තූතියි
තවත් උපසිරැසි ගන්වන්නට ධෛර්ය ශක්තිය ලැබේවාසචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°Mine එකත් බැලුවා. මේකත් පට්ට වෙන්න ඕනි. ට්‍රේලර් එක එහෙම පට්ට. දෙනකන් බලන් හිටියේ.°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Tharindu Dasun Jayasinghe
මචන් YTS එකේ copy එකත් එක්ක සබ් ගැළපෙන්නෙ නෑ. ඒක පොඩ්ඩක් බලපන්.
Kasun Widusha
Tnx sahoo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Tharindu Viraj
ිිෝ... Thanks 4 subtitles.. ☺️☺️
Mithun
මෙක බලලා අයේ කමෙන්ට් එකක් දෙන්නම හිතුන සුපිරි ෆිල්ම් එකක් .
සබ් එකත් නියමයි මට දැනුන පොඩි දෙයක් කියන්න හිතුන ,සබ් එකෙ පරුෂ වචන වැඩියිදෝ කියල හිතුන,.#එව..පොඩි ,පොඩි සලකුනු,
එකෙන් රසයට ඔනාවටත් වැඩියෙ හනියක් වෙනවදො කියල මට පැනයක් නැගුන සරලව දානවනම් හොදයි කියල තම හිතෙන්නෙ ,කොහොම උනත් සුපිරි ෆිල්ම් එක දිගටම මෙවගෙ එව දෙන්න ගොඩක් ස්තුතියි සහෝ කරන සෙවෙටSisila Prasad
චිත්‍රපටයේ තිබ්බ වචන ඒ විදියටම පරිවර්තනය කරලා ඇති, සහෝ. චිත්‍රපටයේ තියෙන වචන අපි වෙනස් කරලා දැම්මොත්, ඒක චිත්‍රපටයට කරන අසාධාරණයක් කියලයි මං නම් හිතන්නේ. මොකද, චිත්‍රපටයද ඒ වචන අන්තර්ගත කරන්න අවශ්‍ය නිසයි නිෂ්පාදකයින් ඒ වචන අන්තර්ගත කරලා තියෙන්නෙ. උපසිරැසි ගන්වන අපි ඒ වචන වෙනස් කරලා, සරල තේරුමක් දැම්මොත් චිත්‍රපටයේ රසයට හානියක් වෙන්න පුළුවන්. මේකේ අසභ්‍ය වචන සෑහෙන තිබ්බ නිසා තමයි ටිකක් අමුතුයි වගේ හිතෙන්න ඇත්තේ :D
namika
මගෙත් පුද්ගලික අදහස ඕක තමයි. අපිට සබ නැතුව අහල තේරුම් ගන්න පුළුවන් නම් මෙච්චර කල් බලපු චිත්‍රපටි වල තියන වචනත් එක්ක චිත්‍රපටි බලන එක නවත්තන්න වෙනවා..
අපිට අසාමාන්‍ය වගේ උනාට සුද්දට ඕවා සාමාන්‍යයි.!Mithun
චිත්‍රපටයේ කොහෙත්ම එච්චර වචන තිබුන් නැ, .හු#පි# හු##ෆි.මම කිව්වෙ එවගෙ වචන හැමපදයකටම ගැලපුවොත් ඔනවටටත් වැඩියෙ රසයට බාදවක්. සරලව දාන්න කිව්වෙ කතාවවෙනස් කරල දාන්න නෙවෙ එක ඔබ තෙරුම් ගන්න අවශ්‍ය යි . මට දැනිච්ච දෙයක් කියන්න හිතුන .
සබ් එකෙ මැද හරියෙ ,අවසන් හරියෙ සබ් හරියට යන් නැ ,වචන ඉක්ක්මන් වෙනව සබ් mkvcage කොපි එකටත්
silent$
Thnxxxxxxxxxxxxx
ISURU LAKSHITA
'47 METERS DOWN' film aeke sinhala sub tiyanawada
sihina
Sub ekata film eka match wenne nane. Poddak link ekak deddi subtitles ekata match wenawada kiyala balala diyan bn. Film ekath ekkama English subtitle ekak nam awith tibba. Eeken baluwa ithing. Uba karana wade hndai bn. Aai sub ekak gahaddi eekata hariyana link diyan bro. Thanx and all the best..
Sisila Prasad
මං දන්නේ නැහැ මචං ඔයාලට ඇයිද කියලා සිංහල තේරෙන්නේ නැත්තෙ. අච්චර පැහැදිලිව කියලා තියෙනවා බ්ලූරේ පිටපත් දෙකක් තියෙනවා, ඒකෙන් repack පිටපත නැතුව අනිත් පිටපත අරගන්න කියලා. ගැලපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් අරගන්න කියලා අච්චර ලොකුවට පෝස්ටර් එකක් දාලා තියෙනවා. මීට වඩා තේරෙන්න කියන්නෙ කොහොමද කියලා නම් මට තේරෙන්නේ නැහැ.
Nishon Jey
Tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godak sthuthi saho. film download karala tibbe su dewi kiyala wishwasayak tibuna. Jayawewa....!